Clinical & Counseling Psychology with Psychotherapy

Clinical & Counseling Psychology with Psychotherapy Introducing Mental Health Research through Buddhist Psychotherapy with BACP Clinically.

The main purpose of this is to see whether productivity and mental happiness could be developed and doses of medicine could be reduced or completely omitted. Another specific purpose is to propagate and disseminate the method of treatment sans side-effects. Another specific purpose is to provide case study reports to our post graduate students and professionals, thereby to develop their counselling skills.

0725268490, 0112400246, 0777230490 (WhatsApp)

22/05/2026

Counseling Psychotherapy clinical Training program for Interns by Dr Kalyani Ruwanpathirana at NIIIBS Campus and Sanoseth Hospital .
0777230490.

14/04/2026

On this special occasion, I would like to extend my heartfelt wishes to all the wonderful individuals who inspire, support, and uplift others in their own unique ways. Your kindness, dedication, and positive impact on the lives of others are truly appreciated. Wishing you continued success, good health, and happiness always. It is a true honor to acknowledge such special people.

— Dr. Kalyani Ruwanpathirana

Senior Medical Officer
Head of Counselling & Psychotherapy Unit
Faculty of Buddhist Studies, NIIBS

https://www.facebook.com/share/p/1DwzDkhBS8/
10/04/2026

https://www.facebook.com/share/p/1DwzDkhBS8/

🔴“විරහ වේදනාවෙන් ICU එකට ගිය විශ්වවිද්‍යාල සිසුවිය…”

මම වැඩ කරන රෝහලට දවසක්
වයස 22ක් වු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න
හංසිකා කියන ගෑනු ලමයෙක් හදිසියේ ඇතුළත් වුණා

ඇය ඇවිත් තිබුණේ

1️⃣සිහිය අඩු වෙලා
2️⃣හුස්ම ගන්න අමාරු
3️⃣හෘද ස්පන්දනය (Heart rate) වැඩි වෙලා
4️⃣ඇඟට දුර්වලකම

විස්තර අහද්දි
හෙළි වුණා

👉 දින කිහිපයකට කලින්
ඇයගේ ආදර සම්බන්ධය බිඳිලා

ඊට පස්සේ
1️⃣ඇය හරියට කෑම අරන් නෑ
2️⃣නිදාගෙන නෑ
3️⃣දිගටම අඬන එක තමයි කරල තියෙන්නෙ

ඒ දවසේ
ඇය හදිසියේ සිහි නැතිව බිම වැටිලා

යාලුවෝ
ඇයව රෝහලට ගෙනාවා

වෛද්‍යවරු පරීක්ෂා කළා

1️⃣ලේ පරීක්ෂා (Blood tests)
2️⃣හෘද රේඛා පරීක්ෂාව (ECG)
3️⃣ඔක්සිජන් මට්ටම (Oxygen level)

රිපෝර්ට් බලද්දි
👉 ලොකු ශාරීරික ලෙඩක් නැහැ

හැබැයි
👉 දැඩි මානසික පීඩනය (Severe emotional stress) නිසා
ශරීරය collapse වෙලා

ඇයව දැඩි සත්කාර ඒකකයට (ICU) මාරු කළා

1️⃣සේලයින් දුන්න (IV fluids)
2️⃣ඔක්සිජන් දුන්න (Oxygen support)
3️⃣මානසික සහය දුන්න (Psychological support)

එක දවසක්
ඇය හොද මට්ටමකට ආවා

ඇයගේ අම්මා
ඇයගේ අත අල්ලගෙන අහනවා

“මගේ දුව… ඇයි ඔයාට මෙහෙම වුණේ…”

හංසිකා කඳුලු පිරුණු ඇස් වලින් කියනවා

“අම්මේ… මට හිතෙන්නේ මගේ ජීවිතේ ඉවරයි කියලා…”

කොහොමහරි
දින කිහිපයක් ප්‍රතිකාර (treatment) දීලා
ඇය ටික ටික හොඳ වෙන්න පටන් ගත්තා

🟢හැබැයි
ඇයගේ හිතේ තියෙන වේදනාව
ඉක්මනින් හොඳ වෙන එකක් නෙමෙයි

අදත් මට මතකයි
එක දවසක්
ඇය කියපු වචන

“මට කෙනෙක් නැති වුණා කියලා
මට මමම නැති කරගන්න හොඳ නෑ නේද…”

🟢මතක තියාගන්න

විරහ වේදනාව (Breakup pain)
ඇත්තටම හදවතට දැනෙන දෙයක්

හැබැයි
ඒක නිසා
ඔබේ ජීවිතය අහිමි කරගන්න හොඳ නෑ.
එහෙම කරගන්න ඕනිම නෑ..
ඔයා ඒ ක ඔයාගෙ ජීවිතේට ශක්තියක් කරගන්න

🔴Health education සහ හිත හදාගන්න විදිය

👉 මේ වගේ වෙලාවට ලක්ෂණ (symptoms)

1️⃣දිගටම අඬනවා
2️⃣කෑම කන්නෙ නෑ
3️⃣නිදාගන්න බැරිවෙනව
4️⃣ජීවිතේ එපා වෙනව

👉 මේවා දිගටම තිබුණොත්
මානසික ආතතිය (Depression / stress) වෙන්න පුළුවන්

👉 හිත හදාගන්න practical විදිය

1️⃣කෙනෙක් එක්ක කතා කරන්න
හිත ඇතුලේ තියාගෙන ඉන්න එපා

2️⃣දවසට කෑම ටිකක් හරි කන්න
ශරීරය ශක්තිමත් වෙන එක හිතටත් උදව් කරනවා

3️⃣නින්ද (Sleep) වැදගත්
නිදාගන්න උත්සාහ කරන්න

3️⃣social media ටිකක් අඩු කරන්න
මතක් වෙන දේවල් අඩු කරන්න

4️⃣ exercise (ව්‍යායාම) ටිකක් හරි කරන්න
හිතටත් සහනයක් ලැබෙනවා

5️⃣පවුලේ අය හෝ යාලුවෝ එක්ක ඉන්න
තනිවෙලා ඉන්න එපා

6️⃣අවශ්‍ය නම්
වෛද්‍යවරයෙක් හෝ උපදේශකයෙක් (Counsellor) හමුවන්න

👉 මතක තියාගන්න

“කෙනෙක් ඔබේ ජීවිතයෙන් වෙන් වෙලා යන එක
ඔබේ ජීවිතේ වටිනාකම අඩු කරන එකක් නෙමෙයි”

❤️මට ඔබට කියන්න තියෙන්නේ

“ඔබ නැති වුණොත්
ඔබව ආදරේ කරන අයගේ ලෝකයම හිස් වෙනවා”
මොකද,ඔයාව වටින,ඔයාට ආදරය කරන ගොඩක් අය මේ ලෝකෙ තව ඉන්නව.

ඔබ ශක්තිමත් වෙන්න

ඔබ පරිස්සම් වුණොත්
ඔබේ පවුල බේරෙයි.

🟢“මේක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනව නම් share කරන්න 👍”
“ තව කෙනෙක්ටත් කියන්න”

🟢“මේ ඔයගෙ අදහසත් comment එකක් දාන්න”

🟢“දිනපතා මෙ වගේ දේවල් කියවන්න "Page"එක "Follow"කරන්න”

́n

20/03/2026
📢 2026 අධ්‍යයන වර්ෂය - උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව - දැන් ලියාපදිංචි වන්න!සිස...
12/03/2026

📢 2026 අධ්‍යයන වර්ෂය - උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව - දැන් ලියාපදිංචි වන්න!

සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!

📌 පාඨමාලාවේ ස්වභාවය:
කාලය මාස 06
Credits 15
SLQF Level 2

🎓 පාඨමාලා මාධ්‍යය: (සිංහල) 50% මාර්ගගත දේශන (Online) හා 50% භෞතික දේශන (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)

🎓 පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා උසස් සායනික පුහුණු සහතික පත්‍රයක් පිරිනැමේ.

🎓 විශේෂ දේශන හා සායනික පුහුණුව විශ්ව විද්‍යාලීය මනෝ ප්‍රතිකාර ඒකකය හරහා.

🎓 උපදේශක මණ්ඩලය: සායනික විද්‍යාඥයින්, වෛද්‍යවරු හා ආචාර්ය, මහාචාර්යවරු විසින් මෙහෙයවනු ලැබේ.

🎓 සුදුසුකම්: GCE (O/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) හෝ උපදේශන පාඨමාලාවක් හදාරා තිබීම. වයස් සීමාවක් නොමැත!

🔘 පාඨමාලා ගාස්තුව රු: 35000. මාසිකව ගෙවීම් සිදු කළ හැක.

Benefits:

· Ability to study Counselling with Clinical training.
· Ability to complete the internship period of those who have MA, BSc, MSc, BA, and Scholars.
· Ability to develop knowledge attitudes, and skills of counsellors.
· Ability to study medical reports, Investigations, Diagnosis cord of patients.
· Ability to make your dream of clinical training of counselling.

📄 ලියාපදිංචි වීම සඳහා: මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.

https://drive.google.com/file/d/1A7yX9_tk-yTr9F9RhVKRUGFzk3jNRmNu/view

📧 ඊමේල්: [email protected]
📞 විස්තර: 077 723 0490 / 0112 400 246

🌼 වෘත්තිය උපදේශනය සඳහා ආරම්භයක්...!

#පන්ති ්ති #ආයුර්වේදරෝහල #ගුරුපැය #පාසල්ගුරුවරු #කළමනාකරුවන්ගේ_සංසදය #රැකියාසොයන්නන්ගේසංසදය

https://www.facebook.com/share/p/14WACYMpri9/
11/03/2026

https://www.facebook.com/share/p/14WACYMpri9/

අනුන්ගෙන් ආදරය යදින එක නවත්වන්න: ඔබ ඔබට ගරු කිරීමට පටන් ගත යුතුම ඇයි?

අපේ ජීවිතයේ අපි කොතරම් දේවල් හෙව්වත්, අපිට තියෙන වටිනාම වස්තුව වෙන්නේ අපි විසින්ම අපිට ලබාදෙන ගෞරවය, එහෙමත් නැත්නම් ස්වයං අභිමානයයි (Self-respect). ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම අනිත් අයගේ ආදරය, අවධානය සහ පිළිගැනීම බලාපොරොත්තුවෙන් අපිවම පහත් කරගන්නවා. නමුත් ඇත්තම කතාව මේකයි; ඔබ ඔබට ගරු කරන්නේ නැත්නම්, මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් ඔබට ගරු කරන්නේ නැහැ.

ස්වයං අභිමානය කියන්නේ කෑගහලා අනිත් අයට පෙන්විය යුතු දෙයක් නෙවෙයි. ඒක ඔබ එදිනෙදා ජීවිතයේදී ගන්නා නිහඬ, ඒත් ප්‍රබල තීරණ සමූහයක්. ඔයාගේ වටිනාකම තියාගෙන නිදහසේ ජීවත් වෙන්න නම්, මේ පුරුදු අදම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න.

🌱 ඔබේ තීරණ වල අයිතිය ඔබම ගන්න: අනිත් අයගේ ඕනෑ එපාකම් වලට අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න එපා. ඔබේ ජීවිතය ගැන තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ඔබේ අතටම ගන්න.

🚫 සීමා මායිම් පනවන්න: ඔබෙන් උදව් පමණක් බලාපොරොත්තු වෙන, ඔබෙන් ප්‍රයෝජන ගන්නා අය ඉන්නවා නම් හැමදාම "ඔව්" කියන්න යන්න එපා. අවශ්‍ය තැනදී "නැහැ" කියන්න පුරුදු වෙන්න. ඔබව මෙවලමක් කරගන්න කාටවත් ඉඩ දෙන්න එපා.

🛑 මෙහෙයවීම් වලින් (Manipulation) ප්‍රවේශම් වෙන්න: සමහරු තමන්ගේ වාසියට ඉතා සූක්ෂමව ඔබව හසුරවන්න උත්සාහ කරනවා. ඒ බව බුද්ධිමත්ව වටහාගෙන ඔබේ මානසික නිදහස ආරක්ෂා කරගන්න.

🔇 අගෞරවය හමුවේ නිහඬවම ඉවත් වෙන්න: යම් පිරිසක් මැද හෝ කවුරුන් හෝ ඉදිරියේදී ඔබව පහත් කර කතා කරනවා නම්, එතන වාද කරමින් රැඳී ඉන්න එපා. ඉතා සන්සුන්ව එතැනින් පිටවෙන්න. ඒක තමයි ඔබට දිය හැකි හොඳම පිළිතුර.

🚶‍♂️ අගය නොකරන තැන්වලින් පසුබසින්න: ඔබ රැකියාවේදී හෝ පවුලේ කටයුත්තකදී උපරිම කැපවීමෙන් වැඩ කරනවා ඇති. නමුත් කිසිවෙකු එය අගය කරන්නේ නැත්නම්, දිගින් දිගටම එහි රැඳී සිටිමින් තවත් වෙහෙසෙන්න එපා. ඔබේ අවධානය ඊට වඩා වටිනා දෙයකට යොමු කරන්න.

✋ අවසන් මොහොතේ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න: විශේෂ උත්සවයකට හෝ ගමනකට සියල්ලන්ම සූදානම් වී, අන්තිම මොහොතේ ඔබටත් "එන්න" යැයි කිව්වොත් කාරුණිකව එය ප්‍රතික්ෂේප කරන්න. ඔබ කාගේවත් ජීවිතේ 'අමතර' පුද්ගලයෙක් (Option එකක්) වෙන්න ඉඩ දෙන්න එපා.

🚷 බලෙන් ඇතුල් වෙන්න එපා: යාලුවන් පිරිසක් ගමනක් යන බව දැනගත්තත්, ඔවුන් ඔබට ඒ ගැන පවසා නැත්නම් "මටත් එන්නද?" කියා අසා බලෙන් එකතු වෙන්න එපා. ඔබට ආරාධනාවක් නැති තැන, ඔබේ වටිනාකමක් නැති බව තේරුම් ගන්න.

📱 නොසලකා හරින අය පස්සේ යන්න එපා: ඔබ කෙනෙකුට පණිවිඩයක් (message එකක්) යැවූ පසු ඔවුන් එය දැක දැකත් පිළිතුරු නොදෙන්නේ නම්, නැවත නැවතත් පණිවිඩ යවමින් වද දෙන්න එපා. ඔබේ කාලය සහ ගෞරවය ඊට වඩා වටිනවා.

🧠 ඔබව අමතක කළ අයට මතක් කරන්න යන්න එපා: බොහෝ කාලයකින් කතා නොකළ මිතුරෙකුට ඔබව අමතක වී ඇත්නම්, බලෙන් ඔවුන්ගේ මතකයට එන්න උත්සාහ කරන්න එපා. ඔබට ඇත්තටම ආදරය කරන, සැබෑ හිතවතුන්ට ඔබව කවදාවත් අමතක වෙන්නේ නැහැ.

🤝 නොමසුරුව දීම සීමා කරන්න: ඔබේ ආදරය සහ උදව් සුළු කොට තකන අයට, දිගින් දිගටම ඒවා ලබාදීම සීමා කරන්න. ඔබ ලබා දෙන වටිනා දේවල් ලැබීමට ඔවුන් ඇත්තටම සුදුසුද කියා දෙවරක් සිතන්න.

👁️ වචන වලට වඩා ක්‍රියාවන් විශ්වාස කරන්න: මිනිසුන් කොතරම් ලොකු පොරොන්දු දුන්නත්, ඔවුන්ගේ හැසිරීම් සහ ක්‍රියාවන් දෙස බලා තීරණ ගන්න. බොරු කියන මිනිසුන්ගේ වචන වලට රැවටෙන්න එපා.

🕊️ සමාව දීලා ඉස්සරහට යන්න: කවුරුහරි ඔබව රැවටූ විට හෝ ද්‍රෝහී වූ විට, ඒ ගැන වෛර කරමින් ඔබේ කාලය නාස්ති කරන්න එපා. ඔබේ සිතේ සාමය වෙනුවෙන් ඔවුන්ට සමාව දී ඈත් වෙන්න. ඔබේ දියුණුව වෙනුවෙන් පමණක් වැඩ කරන්න.

🛡️ සෘණාත්මක දේවල් වලින් ඈත් වෙන්න: හැම දෙයකම වැරැද්දක්ම දකින මිනිසුන්ගෙන් සහ එවැනි පරිසරයන්ගෙන් ඈත් වී සිටින්න. ඔබේ මානසික සුවයට එය ඉතාමත් වැදගත්.

💪 අඩු තක්සේරුවට වැඩෙන් උත්තර දෙන්න: "ඔයාට ඕක කරන්න බැහැ" කියා කවුරුන් හෝ පවසන විට, ඒ ගැන වාද කරන්න යන්න එපා. එය සාර්ථකව කර පෙන්වීමෙන් ඔබේ වටිනාකම ඔප්පු කරන්න.

🌟 අපහාස හමුවේ ඔබව දියුණු කරගන්න: යමෙකු ඔබේ පෙනුම හෝ හැකියාවන් ගැන අපහාස කරනවා නම්, ඒ වෙනුවට එම ක්ෂේත්‍රයෙන්ම උපරිමයට දියුණු වී ඔවුන්ට නිහඬවම පිළිතුරු දෙන්න.

අවසාන වශයෙන් කිව යුත්තේ, ජීවිතය කියන්නේ අනිත් අයව සතුටු කරන්න කරන රංගනයක් නෙවෙයි. ඔබ ඔබව අගය කරන්න පටන් ගත්තු දාට, ලෝකයත් ඔබව අගය කරන්න පටන් ගනීවි. අන් අයගෙන් ගෞරවය ඉල්ලනවා වෙනුවට, ගෞරවය ඉබේම ලැබෙන විදියට ඔබේ පෞරුෂය අදම ගොඩනගා ගන්න.

📢 2026 අධ්‍යයන වර්ෂය - උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව - දැන් ලියාපදිංචි වන්න!සිස...
19/02/2026

📢 2026 අධ්‍යයන වර්ෂය - උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව - දැන් ලියාපදිංචි වන්න!

සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!

📌 පාඨමාලාවේ ස්වභාවය:
කාලය මාස 06
Credits 15
SLQF Level 2

🎓 පාඨමාලා මාධ්‍යය: (සිංහල) 50% මාර්ගගත දේශන (Online) හා 50% භෞතික දේශන (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)

🎓 පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා උසස් සායනික පුහුණු සහතික පත්‍රයක් පිරිනැමේ.

🎓 විශේෂ දේශන හා සායනික පුහුණුව විශ්ව විද්‍යාලීය මනෝ ප්‍රතිකාර ඒකකය හරහා.

🎓 උපදේශක මණ්ඩලය: සායනික විද්‍යාඥයින්, වෛද්‍යවරු හා ආචාර්ය, මහාචාර්යවරු විසින් මෙහෙයවනු ලැබේ.

🎓 සුදුසුකම්: GCE (O/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) හෝ උපදේශන පාඨමාලාවක් හදාරා තිබීම. වයස් සීමාවක් නොමැත!

🔘 පාඨමාලා ගාස්තුව රු: 35000. මාසිකව ගෙවීම් සිදු කළ හැක.

Benefits :

· Ability to study Counselling with Clinical training.
· Ability to complete the internship period of those who have MA, BSc, MSc, BA, and Scholars.
· Ability to develop knowledge attitudes, and skills of counsellors.
· Ability to study medical reports, Investigations, Diagnosis cord of patients.
· Ability to make your dream of clinical training of counselling.

📄 ලියාපදිංචි වීම සඳහා: මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.

https://drive.google.com/file/d/1A7yX9_tk-yTr9F9RhVKRUGFzk3jNRmNu/view?usp=sharing

📧 ඊමේල්: [email protected]
📞 විස්තර: 077 723 0490 / 0112 400 246

🌼 වෘත්තිය උපදේශනය සඳහා ආරම්භයක්...!

#පන්ති ්ති #ආයුර්වේදරෝහල #ගුරුපැය #පාසල්ගුරුවරු #කළමනාකරුවන්ගේ_සංසදය #රැකියාසොයන්නන්ගේසංසදය

Address

Manelwatta Temple
Kelaniya
11300

Telephone

+94725268490

Website

Alerts

Be the first to know and let us send you an email when Clinical & Counseling Psychology with Psychotherapy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Clinical & Counseling Psychology with Psychotherapy:

Share