Ahimsa Aloki

Ahimsa Aloki Spreading compassion, peace, and kindness for all living beings. Ahimsa Aloki is a social mission rooted in the principles of true peace and compassion.

We are committed to giving a voice to voiceless and vulnerable street dogs in Sri Lanka and across the world, as well as all living beings who silently suffer without protection, care, or dignity. We believe that true peace is a world in which all beings, including humans, can live free from fear and uncertainty. Therefore, this is not merely a social media initiative, but a non-violent movement grounded in compassion, non-violence, and understanding. This platform is built as a collective foundation of individuals who act with kindness and responsibility toward all living beings - including trees, plants, sky, earth, water, and air.

*/**//***///***//**/* @ */**//***///***//**/* @ */**//***///***//**/*

Ahimsa Aloki යනු.. සැබෑ සාමය සහ කරුණාව මූලික කරගත් සමාජ මෙහෙවරකි.

ඔබ අප ශ්‍රී ලංකාව තුළත් ලෝකය පුරාත් හඬක් නැතිව අසරණව සිටින වීදි සුනඛයන්ට මෙන්ම, ආරක්ෂාවක්, සෙනෙහසක් හෝ ගෞරවයක් නොලැබී නිහඬව දුක් විඳින සියලුම ජීවීන්ට හඬක් ලබාදීම සඳහා කැපවී සිටිමු.

අපගේ විශ්වාසය වන්නේ සත්‍ය සාමය යනු මානවයන් ඇතුළු සියලුම ජීවීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ලෝකයක් බවයි.

එම නිසා මෙය හුදෙක් සමාජ මාධ්‍ය මෙහෙවරක් පමනක් නොව, කරුණාව, අහිංසාව සහ අවබෝධය මූලික කරගත් අවිහිංසාවාදී බලවේගයකි.

ගහ කොල අහස පොළොව ජලය වාතය ඇතුළු සියලුම ජීවීන්ට කරුණාවෙන් හා වගකීමෙන් සලකන පුද්ගලයින්ගේ සාමූහික පදනමක් ලෙස මෙම සමාජ මාධ්‍ය අඩවිය ගොඩනැගී ඇත.

සැබෑ සාමය යනු..මිනිසුන් ඇතුළු සියලු සතුන්ට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් විය හැකි ලෝකයකි.*/**//***///***//**/*කරුණාව සහ අ...
17/05/2026

සැබෑ සාමය යනු..
මිනිසුන් ඇතුළු සියලු සතුන්ට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් විය හැකි ලෝකයකි.
*/**//***///***//**/*
කරුණාව සහ අවිහිංසාව පදනම් වූ.. නිහඬ විප්ලවයට දායක වන..

" #ආලෝකාගේ" " #ආලෝකී"
" #අහිංසා"
*2026/05/17*

09/05/2026

පූජ්‍ය පඤ්ඤාකර හිමියනි..
ඔබ වහන්සේ ශ්‍රී ලංකාවෙන් පිටත් වෙන්න කලින් තව ඉතා වැදගත් කටයුත්තක් කරලා දීලා යන්න ඕන..

ඒ වෙනුවෙන් අවශ්‍ය #සාධක #සාක්ෂි #යෝජනා සියල්ල සූදානම්..

ඒවා අපේ ජනාධිපතිතුමාට බාරදීලා යන්න ඕනෙ..
*/**//***///***//**/*
In the Sacred Name of " " Liberation for Street Dogs..

" #ආලෝකාගේ" ශ්‍රී #නාමයෙන් #වීදි #සුනකයින්ට #සැබෑ #විමුක්තිය #උදාකරදෙමු.
*/**//***///***//**/*
..
a world where all living beings, including humans, can live without fear.

#සැබෑ #සාමය #යනු.. මිනිසුන් ඇතුළු සියලුම ජීවීන්ට බියෙන් තොරව ජීවත් විය හැකි ලෝකයකි.

(සිංහල) දිගුව..
https://www.facebook.com/share/p/1A18WgjNin/

(English) link..
https://www.facebook.com/share/p/1CP9bb9zbn/
*/**//***///***//**/*



..+© ..
🇱🇰 Srilanka 🇱🇰
*2026/04/19*
-26/5/9

 #අරගලයටයුක්තිය*/**//***///***//**/*https://www.facebook.com/share/p/1Gp4bQNo78/ස්තූතියි. #නිර්පාක්ෂික..  #ස්වාධීන.. #සත...
09/05/2026

#අරගලයටයුක්තිය
*/**//***///***//**/*
https://www.facebook.com/share/p/1Gp4bQNo78/

ස්තූතියි.
#නිර්පාක්ෂික.. #ස්වාධීන..
#සත්පුරවැසියා..
..
..+© ..
*2026/05/08*
-26/5/9

 #අහිංසා..  #ආලෝකී #අරගලයටයුක්තිය ඉල්ලා සිටීමට ගෝල්ෆේස් අරගල භූමියට පැමිණි වගයි.*/**//***///***//**/*https://www.faceboo...
09/05/2026

#අහිංසා.. #ආලෝකී
#අරගලයටයුක්තිය ඉල්ලා සිටීමට ගෝල්ෆේස් අරගල භූමියට පැමිණි වගයි.
*/**//***///***//**/*
https://www.facebook.com/share/p/1Gp4bQNo78/

ස්තූතියි.
#නිර්පාක්ෂික.. #ස්වාධීන..
#සත්පුරවැසියා..
..
..+© ..
*2026/05/09*

03/05/2026

(01)
How the concept of was born..
*/**//***///***//**/*
“True peace is a world where all living beings — including humans — can live without fear.”

This conversation begins with a peaceful reality inspired by the Global Peace Walk, a silent journey of tens of thousands of kilometers initiated in America by Venerable Pannakara Thero of Vietnam and a group of monks, with the intention of traveling across the world in the name of global peace.

At a time when the entire world was living under the fear of a possible Third World War, this silent peace walk gained global attention for one major reason...
During this journey, Venerable Pannakara Thero unexpectedly encountered a helpless street dog in India — a dog who would continue to become an inseparable part of this peace movement.

Today, the whole world knows that rare and sacred street dog as .
Later, this story reached Sri Lanka — our sacred island — where people from all religions, ethnicities, ages, and backgrounds embraced this peace journey with deep love and devotion.

Instead of writing long explanations about that emotional chapter which many of us already witnessed, allow me to tell you my own story..
*/**//***///***//**/*
Yes... I still remember that day.
February 21, 2026.
I had gone to a business place to repair something on my mobile phone. I was standing on the first floor, looking down at the main road through a window.

That was when I noticed an innocent street dog lying near the roadside on an area paved with interlocking stones.
Her fur was dirty.. but there was something deeply innocent about her.
I kept watching her carefully.

I whistled softly to get her attention.
She responded in a way that touched my heart. She looked up at me from below. Then she did something unforgettable...
She knelt down, stretched her front legs forward, and bowed as if she was greeting me with respect.

That innocent reaction moved me deeply. I also noticed certain markings on her forehead and features on her body that reminded me of Aloka.

Without even thinking, I called her Aloka.

At that time, Aloka’s story had not yet become as famous as it is today.
But now, two months later, as Aloka’s name echoes across Sri Lanka, I sometimes feel that meeting this dog was the beginning of a journey far greater than I could have imagined.
And yes... I recorded that entire moment on video.

That is why no one can say this story is fictional.
It truly happened.
Because of the emotional connection I felt with her, I wanted to find her a safe home.

It was her innocence that touched me deeply.

That same feeling later became the reason I gave her the name:
Aloki
However, there was one problem...
I could not bring her home. Why?

Because we already have two rescued dogs at home.
One of them is , nearly 15 years old, adopted through Embark after my daughter asked for a puppy as a gift after passing her O/L exams.
The second dog has an even longer story.
A family living near our home secretly abandoned their female dog — along with her eight newborn puppies — in our garden before moving away.
Perhaps they knew my wife always feeds and cares for street dogs.

We could never abandon those innocent animals the way they did.
So we raised them.
The mother dog would leave during the day but always returned morning and evening to feed her puppies.
Because motherhood exists even in animals.
My wife never forgot to feed her either.

With the support of Embark, we vaccinated and treated the puppies.
Eventually, we found homes for seven of them through Facebook.

But people rarely came to pick them up. We personally traveled long distances to deliver those puppies to their new homes.
And yes..

The most mischievous puppy stayed with us.
Her name is .
She may be small, but she acts like she owns the house.
She gets jealous whenever we give attention to our other dog.

People who raise dogs will understand exactly what I mean.
Our only daughter is now overseas after receiving a scholarship for higher education.
So now it is just my wife and me at home...
And these dogs fill that emptiness with love.

That is why I couldn’t bring this new dog home.
But I still wanted to help her.
So I decided to find her a loving home.
I created a video and shared it on Facebook.

That is the same video many of you are seeing now.
It is already past 1 AM as I write this...
And I realize this story cannot be finished tonight.
So I will continue this story in parts.
Please forgive me for stopping here today.
But let us all remember this forever..

True peace is not only about humans.
True peace means creating a world where all living beings can live without fear, pain, or uncertainty.

Let us dedicate ourselves to building that world through compassion and non-violence.
Don’t miss the next part of this story.

Thank you.

🇱🇰Sri Lanka🇱🇰
*2026/05/03*

03/05/2026

(01) #අහිංසා #ආලෝකී
නමැති
#සංකල්පය බිහි වූ හැටි..
*/**//***///***//**/*
"සැබෑ සාමය යනු මිනිසුන් ඇතුළු සියලුම ජීවීන්ට බියෙන් තොරව ජීවත් විය හැකි ලෝකයකි."

මෙම කතිකාවත ආරම්භ වන්නේ ගෝලීය සාම පා ගමන යන මැයෙන් වියට්නාමයේ අතිපූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් විසින් ඇමරිකාවෙන් ආරම්භ කොට ලෝකය පුරා ගමන් කිරීමට නියමිත කිලෝ මීටර දස දහස් ගණනකින් යුත් නිහඬ පා ගමනක් පදනම් කරගෙන ගොඩනැගුණු ශාන්තිමය යථාර්ථයකි.

මුළු මහත් ලෝකයම තෙවන මහා යුධ බියකින් වෙලාගෙන පැවති මෙවන් වකවානුවක ආරම්භ වුණු මෙම නිහඬ සාම පා ගමන ලෝක ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත වන්නට ප්‍රධාන වශයෙන් හේතු පාදක වූ වැදගත් කාරණාව වූයේ..

මෙම සංකල්පයේ නිර්මාතෘ අති පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ට ඉන්දියාවේ දී අහඹු ලෙස මුණගැසී තිබුණු අසරණ වීදි සුනඛයෙකු අනපේක්ෂිත ආකාරයට මෙම සාම පා ගමනට අඛණ්ඩව සහ මේ දක්වාත් දායක වී තිබීම බව ඔබ අපි කවුරුත් හොඳින් දන්නා කරුණකි.

ඒ මේ වන විට මුළු ලොවම දන්නා #ආලෝකා නමැති පූජනීය වූ අති දුර්ලභ වීදි සුනඛයා බව මතු මතුත් චිරාත් කාලයකට යථාර්ථයක් වී හමාරය.

ඊළඟට එම කතිකාවත අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ගම් නියං ගම් වීදි නගර පුරා ජාති ආගම් කුල මල, වයස, ස්ත්‍රී/පුරුෂ යන මේ භේද කිසිවක් නැතිව රටේ අති බහුතර ජනතාව ඉතාමත් ලෙන්ගතු භක්ත්‍යාදරයකින් සහ දැඩි ඕනෑ කමකින් යුතුව සජීවීවම වැළඳ ගනු ලැබුවේ ඉහත කී සාම පා ගමන ඇමරිකාවෙන් පසු සම්ප්‍රාප්ත වූයේ අපගේ මේ පූජනීය පින්බිම ශ්‍රී ලංකාව වෙත නිසාය.

එම නිසා පසු ගියදා අපි හැමෝම හෘද ස්පර්ශයෙන්ම අත්විඳි එකී සන්දර්භය පිළිබඳ තවත් අටුවා ටීකා ලියා මෙම ලිපිය දිගු නොකර මගේ ඒ කතාව කියන්නට දැන් අවසර දෙන්න..
*/**//***///***//**/*
ඔව් එදා මට මතකයි. දවස. 2026 පෙබරවාරි මස 21 වැනිදා..

මගේ ජංගම දුරකථනයේ යම් අලුත් වැඩියාවක් සිදුකර ගන්න මම යම් ව්‍යාපාරික ස්ථානයට ගිහින් හිටියා. මම හිටියේ එම ස්ථානයේ පළවෙනි මහලේ තිබූ කවුළුවකින් ප්‍රධාන මාර්ගය දිහා බලාගෙන.

ඒ අවස්ථාවේ මෙම ව්‍යාපාරික ස්ථානයේ බිම් මහලේ මහා මාර්ගයට යාබද ඉන්ටලොක් ගල් අසුරා තිබුණු ස්ථානයේ ශරීරයේ රෝම කිලුටු වුණු අහිංසක වීදි සුනඛයෙක් ඉන්නවා මම දැක්කා.

මේ සුනඛයා තුළ තිබුණු අහිංසක කම නිසා මම ටිකක් විමසිල්ලෙන් එයා දෙස බලාගෙන හිටියා.. පොඩි විසිල් එකක් ගහලා එයාට කතා කළා.. එයා මට ඉතාමත් සංවේදී විදිහට ප්‍රතිචාර දැක්වූවා. ඔලූව උස්සලා ඉහළ මාලයේ හිටපු මං දිහා බැලුවා.. ටිකක් වෙලා බලාගෙන ඉඳලා මගේ ප්‍රතිචාර වලට එයත් ප්‍රතිචාර දැක්වුවා.. මුලින්ම කළේ දන ගහල ඉදිරි දෙපාදය දික් කරලා මට නමස්කාර කරල වැඳපු එක..

එයාගේ ඒ අහිංසක ප්‍රතිචාරය මාව සංවේදී කළා.

මේ වන විට මෙයාගේ හිසේ නළල මැද තිබුණු යම් ලකුණක් සහ ගත පුරා තිබුණු යම් යම් ලක්ෂණ වලින් ආලෝකාගේ ලක්ෂණ වලට යම් යම් සමාන කම් මම දැක්කා.

ඒ නිසා මම මෙයාට ආලෝකා කියලා කතා කලා. එක සිදුවුණේ ඉබේටම වගේ. අනික ඒ වෙනකොට.. ආලෝකාගෙ කතාව අද තරම් උණුසුම් තත්වයක තිබුණෙත් නෑ.

ඒත් ඊට මාස දෙකකටත් පස.. මැයි මස මේ දිනවල ආලෝකාගේ නාමය අපේ රට පුරා රැව් පිලි රැව් දෙන විට.. එදා මෙයා අහඹු ලෙස මට පෙනී සිටියේ.. අපි නොසිතන යම් දුර ගමනක ඇරුඹුමක් ලෙස මට නිකමට වගේ දැන් හිතෙනවා.

කොහොමත් එදා ඒ වෙලාවේ මගේ අතින් මේ සිද්ධිය වීඩියෝ වෙමින් පැවතියා.

ඒ නිසා මේ සත්‍ය වීඩියෝ එක දකින ඔයාලට මම මේ කියන්නේ බොරුවක් කියලා කියන්න බැරුව යනවා.

එයා මේ බැල්ලිය ගැන මට දැනුණු සංවේදී කම නිසාම.. මෙයාට කොහේ හරි ඉන්නට ගෙයක් හොයලා දෙන්න ඕනේ කියන ආකල්පය මා හද තුල කිඳා බැස්සා..

ඒ වෙනත් වීදි සුනකයින්ට වඩා මම මෙයා තුළ දැකපු #අහිංසක කම නිසා.

ඒ වගේම අද වන විට මම එයාට #අහිංසා ආලෝකී කියලා නම තියන්න හේතු වෙලා තියෙනවා.

කෙසේ නමුත් එදා මට ප්‍රශ්නයක් වූයේ මෙයාව මගේ ගෙදර තියාගන්න ගෙනියන්න බැරිකමයි.

හේතුව දැනටමත් වීදි සුනකයින් දෙදෙනෙකු අපේ ගෙදර ඉන්න නිසා.

අවුරුදු 15 කට කිට්ටු වයස වන එක්කෙනෙක් ඉන්නවා #ඩික්සි කියලා ඔටාරා මහත්මියගේ සුනක සුභ සාධන ආයතනයක් වන එම්බාක් (Embark) එකෙන් ගෙනාපු.

එයාව ගෙනාවේ මගේ දුව ol. විභාගය සමත් වෙලා තෑග්ගට බලු පැටියෙක් ඉල්ලපු නිසා.

ඊළඟ එක්කෙනා ටිකක් දිග කතාවක්.. අපේ නිවස ආසන්නයේ කුලී නිවසක හිටපු යම් නූගත් පවුලක් ඒ නිවස හැර යන විට ඔවුන්ගේ ගෙදර සිටි බැල්ලිය සහ එම බැල්ලිය ඒ අවස්ථාවේ දමා තිබුණු ලේ කැටි පැටවුන් අටදෙනෙක් සමග හොර රහසේ අපේ වත්තට දමා ගොස් තිබුණා.

ඒ මගේ භාර්යාව කවදත් වීදි සුනකයින්ට සැලකිලි සත්කාර කරන ආහාර පාන ලබාදෙන කෙනෙක් කියල ගමේ ගොඩක් මිනිස්සු දැනගෙන සිටිය නිසා වෙන්න ඇති.

ඉතින් ඒ මිනිස්සුන්ගෙ තියෙන නූගත් කමට සහ අනුකම්පා විරහිත කමට කරපු දේ ඒ විදිහටම අපිට කරන්න බෑනේ.

ඒ කියන්නේ අපිට ගිහිල්ලා මේ සත්තුන්ව පාරට විසි කරන්න බෑනේ.

ඉතින් මොකද අපි කළේ.. මේ සත්තුන්ව බලා කියාගෙන හැදුවා.

හැබැයි මේ පැටවුන්ගේ අම්මා අපේ ගෙදර හිටියේ නෑ. එයා පාරට ගියා.. හැබැයි උදේ හවස ඇවිල්ල පැටවුන්ට කිරි දීලා යනවා. ඒ එයත් මේ ලෝකේ අනිත් අම්මලා වගේ අම්මා කෙනෙක් නිසා වෙන්න ඇති.

ඒ සෑම අවස්ථාවකම මගේ භාර්යාව එයාටත් කෑම ටිකක් දෙන්න අමතක කළේ නෑ. කොහේ හිටියත් කිරිදෙන අම්මා කෙනෙක්නේ.

ඉතින් අපි මේ බලු පැටව් 8 දෙනාට ගෙවල් හොයලා දෙනකම්ම මාස ගානක් අපි ළඟ හැදුවා.

බේත් හේත් එන්නත් කටයුතු වෙනුවෙන් #එම්බාක් ආයතනයේ සහයෝගය ලබා ගත්තා.

ඊට පස්සේ ෆේස්බුක් එකේ දාලා පැටව් හත් දෙනෙක්ට එක එක ගෙවල් හොයලා දෙන්න පුළුවන් කම ලැබුනා.

හැබැයි ඒ කවුරුවත් ගෙනියන්න ආවේ නෑ. කිලෝ මීටර් 20, 30 දුර ගෙනිහිල්ලා අපිට ඒ ගෙවල් වලට එයාලව දෙන්න සිද්ධ වුණා.

නමුත් ඉතින් මේ නඩුවෙන් ගැලවෙන්න ඕන නිසා අපි ඒකත් කලා.

හැබැයි ඒ 8 දෙනාගෙන් කැතම එක්කෙනා අපිට ඉතුරු වුණා.

එයා දැන් අපේ ගෙදර ඉන්න පරණ එක්කෙනාටත් බය නැති චණ්ඩියෙක් නෙමේ චන්ඩිච්චියක්.

හැබැයි මේ දෙන්නම බැල්ලියෝ. ඉතින් ඒ හින්දා එයාලව ඔපරේෂන් කරන්නත් අපිට සිද්ධ වුණා.

එම්බාක් එකෙන් දෙනකොට නම් කොහොමත් බැල්ලියන්ව ඔපරේෂන් කරලනෙ දෙන්නේ. ඒ නිසා අපේ මුල් එක්කෙනාට ඒ ප්‍රශ්න අපිට මතු වුණේ නෑ.

ඉතින් මේ සේරම කතා කිව්වේ මම දැකපු මේ #ආලෝකාගේ ආසන්න ලක්ෂණ තියෙන බැල්ලියව මට ගෙදර ගෙන යන්න බැරි හේතුව කියන්නයි.

මොකද අපේ ගෙදර ඉන්න ලොකු එක්කෙනා අහිංසක උනාට.. දෙවෙනිය පාරේ ඉදන් ආපු #චන්ඩිච්චි #රූබි බැල්ලි අපිට හොඳ උනාට හරි ඊරිසියාකාරි.

අපේ අවධානය අනිත් එක්කෙනා ගන්න හදනකොට එයාට හපනවා.

දෙන්නම තරගයට අපේ අවධානය තමයි ගන්න හොයන්නේ.

අපිට හිටපු එකම දුව දැන් උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබිලා පිටරට ගිහිල්ලා ඉන්න නිසා මායි භාර්යාවයි විතරක් තනිවෙලා ඉන්න ගෙදර අපේ පාළු මකන්නෙ මෙයාලා තමයි.

ඒවා ඉතින් දන්නේ බල්ලො ඇති කරන අය විතරයි.

ඉතින් කොහොම හරි ආපහු අර #ආලෝකා වගේ දැකපු බැල්ලිය ගැන කතාවට ගියොත්..

මම එදා හිතා ගත්තා.. මට මෙයා ගෙදර ගේන්න බැරි හින්දා.. එයාට කොහේ හරි හොඳ ගෙයක් හොයලා දෙන්න ඕනෙ කියල.

එහෙම හිතලා මම වීඩියෝ එකක් හදලා ෆේස්බුක් දැම්මා. ඒක තමයි දැන් මේ සමග ඔයාලා දකින්නේ.

කොහොම හරි දැන් වෙලාව රෑ එක පහු වුණා. කොහොමත් මේක රෑ දෙක වෙනකන් ලිව්වත් ලියල ඉවර කරන්න බැරි වෙයි වගේ පේන්නේ.

ඒ නිසා අදට මේ කොටස මෙතනින් නවත්තලා මම මේක කොටස් වශයෙන් ඉදිරියේදී ලියන්නම්.

ඔයාලා ඒකට මට සමා කරන්න.

හැබැයි.. මින් පසු හෝ අපි හැමෝම කිසිදා අමතක නොකරමු..

සැබෑ සාමය යනු.. අපට පමණක් නොවේ සියලුම සත්වයින්ට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ලෝකයකට බව.

ඒ උදාර ලෝකය බිහි කරන්න අවිහිංසාවාදයේ නාමයෙන් අපි හැමෝම සත්භාවයෙන් යුතුව කැප වෙමු.

මෙහි ඊලඟ කොටස බලන්න අමතක නොකරන්න.

ස්තූතියි.
Page Admin
🇱🇰Sri Lanka🇱🇰
.. *2026/05/03*

Ahimsa Aloki – A Voice for the VoicelessAhimsa Aloki, is a compassion-led movement created to stand for those who cannot...
01/05/2026

Ahimsa Aloki – A Voice for the Voiceless

Ahimsa Aloki, is a compassion-led movement created to stand for those who cannot speak for themselves - stray and abandoned dogs across Sri Lanka and the world, along with all living beings who endure suffering in silence without protection, care, or dignity.

This is a collective effort of individuals who understand non-violence and are committed to building a world rooted in compassion, awareness, and responsibility toward all life.

Stray dogs are not a problem limited to one place or one nation. They are a reality that exists across many societies in the world, especially in developing and underdeveloped regions.

Dogs have lived alongside humans for thousands of years as deeply loyal companions - symbols of love, trust, and gratitude. In many ways, they have remained closer to humans than any other species in history.

Yet in today’s so-called developed world, a heartbreaking reality exists: some humans abandon the very beings they once cared for, leaving them helpless on the streets.

These abandoned lives now survive among us in villages, towns, and cities. Yet their suffering often goes unseen and unheard.
They live without protection, without medical care, without proper food, and often even without a drop of clean water. Their pain remains unspoken, as they have no voice to express it.

Ahimsa Aloki exists to bring awareness to this reality and to inspire action through compassion. We believe kindness is not optional
it is a responsibility.

This is not a normal social media page. It is a collective voice raised for those who cannot speak.

We invite all who believe in non-violence, compassion, and responsibility toward life to join this movement.
Together, let us build a world where all living beings can exist without fear or uncertainty.

Let us prove that true peace is only possible when compassion becomes a way of life for all humanity.

Thank you.
Page Admin
Ahimsa Aloki
2026/05/01
Vesak Poya Day - Sri Lanka.

*/**//***///***//**/* @ */**//***///***//**/*

අහිංසා ආලෝකී (Ahimsa Aloki) සමාජ මාධ්‍ය අඩවිය යනු..
හඬක් නැතිව අසරණ වුණු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ගෝලීය වීදි සුනඛයින් ඇතුළු සියලු ජීවීන්ට සාමය, කරුණාව සහ ආරක්ෂාව වෙනුවෙන් හඬක් වීම උදෙසා අවිහිංසාව හඳුනන සියලුම මනුශ්‍යයින්ගෙන් සමන්විතව කැපවූ සමාජ මෙහෙවරකි.

සැබෑ සාමය පවතින්නේ මනුශ්‍යයින් ඇතුළු සෑම ජීවියෙකුටම බියෙන් තොරව ජීවත් විය හැකි ලෝකයක් තුල පමණක් බව අප විශ්වාස කරමු.

වීදි සුනඛයන් යනු එක් ප්‍රදේශයකට හෝ එක් රටකට පමනක් සීමා වූ ප්‍රශ්නයක් නොව, එය ලෝකයේ බොහෝ අවිදිමත් රටවල් පුරා පවතින යථාර්ථයකි.

සුනඛයින් යනු ශතවර්ෂ දහස් ගණනක ඉතිහාසයේ සිට මානවයා සමග ඉතාමත් සමීපවද, ඉතාමත් ලෙන්ගතුවද, ඉතාමත් කෘතගුණශීලීවද.. අපගේ මරණයෙන් පසුත් අපව අත් නොහැර ජීවත් වූ උතුම් සත්ව කොට්ඨාශයක් උවත්..

දියුණු යැයි සම්මත නූතන ලෝකය තුළ නොමිනිස් ගති ඇති සමහර පහත් මිනිසුන් කාලයක් තමුන් ආදරයෙන් ඇති දැඩි කළ සුනඛයා වීදියක අතහැර දමා අසරණ කරන්නට තරම් අකාරුනික කනගාටුදායක තත්වයකට පත්ව ඇත.

එවන් සෝචනීය ඉරණමක් අත්ව ඇති වීදි සුනකයින් සමාජය තුළ ගම් නියම් නගර පුරා අප සැරිසරන විට අප අතරම ජීවත් වෙමින් වුවත්.. බොහෝ විට ඔවුන්ගේ දුක අපට නොපෙනී, නොඇසී, කිසිදු ආරක්ෂාවක්, සෞඛ්‍ය පහසුකමක් වත් නැතිව කුසට කුමන හෝ ආහාරයක්වත් නැතිව.. විශේෂයෙන් පිපාසයට බීමට වතුර පොදක්වත් නැතිව.. ඔවුන්ගේ අසීමිත දුක කියා ගන්නට හඬක් නැතිව අන්ත අසරණව සිටින..

මානවයාගේ ඓතිහාසික කල්‍යාණ මිත්‍රයා පිළිබඳව අවිහිංසාව සහ කෘතගුණශීලීත්වය හඳුනන ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ දැනුවත්කම, කරුණාව සහ ක්‍රියාකාරකම් හරහා, හඬක් නැති ජීවීන්ට හඬක් ලබා දීමටත් කරුණාව ජීවිතයේ මාර්ගයක් වන ලෝකයක් ගොඩ නැගීමටත් අප උත්සාහ කරමු.

එහෙයින් "අහිංසා ආලෝකී" යනු කතා කළ නොහැකි ජීවීන් වෙනුවෙන් නගන සමාජ අඬහැරයක් බව වටහාගෙන මෙම ප්‍රවාහය වටා එක්රොක් වී ගෝලීය සාමය උදාකරමු.

සැබෑ සාමය යනු.. මිනිසුන් ඇතුළු සියලු ජීවීන්ට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් විය හැකි ලෝකයක් බව ඔබ අපි එක්වී ඔප්පු කර පෙන්වමු.

ස්තූතියි.
Page admin
AhimsaAloki
2026/05/01
Wesak Poya Day - Sri Lanka.

01/05/2026

Address

Biyagama
Kelaniya
11630

Website

Alerts

Be the first to know and let us send you an email when Ahimsa Aloki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share