GILS Computer- Kegalle

GILS Computer- Kegalle Gils Computer Kegalle
Computers | Laptops | Printers | CCTV
Computer Repair • Laptop Repair • Printer Repairing
Reliable Service in the Heart of Kegalle.

*අලුත් මාසේ පලවෙනි පෝස්ට් එක 😅 + ලැප් එකේ රස්නෙ ලෙඩේට බෙහෙතක් ❄️*අලුත් අවුරුද්දෙ කිරිබතුත් කාලා 🍚 කැවුම් කෝකිස් කාලා 🍪 න...
05/05/2026

*අලුත් මාසේ පලවෙනි පෝස්ට් එක 😅 + ලැප් එකේ රස්නෙ ලෙඩේට බෙහෙතක් ❄️*

අලුත් අවුරුද්දෙ කිරිබතුත් කාලා 🍚
කැවුම් කෝකිස් කාලා 🍪
නෑදෑයෝ බලලා 🏠
Game එකකුත් ගහලා 🎮
නිවාඩුව මාර ආතල් එකේ ගෙව්වා නේද? 😍

ඒ නිවාඩු මූඩ් එකත් එක්කම අපේ පේජ් එකත් පොඩ්ඩක් නිහඬ උනා 🙈
අලුත් මාසේ පලවෙනි පෝස්ට් එක පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න 🙏
*අපි ආයෙත් වැඩ! 💪🚀*

ආපු ගමන්ම හම්බුනා වැඩක් 👇

*Customer:* "අයියේ මගේ ලැප් එක 🥵 ගිනි ගොඩක් වගේ රත් වෙනවා... අත තියන්නත් බෑ!" 💻🔥

*අපි:* "බය වෙන්න එපා මල්ලී, අපි ඉන්නවනේ!" 😎🛠️

චෙක් කරලා බැලින්නම් Dust වලින් full block වෙලා 🕸️ Thermal paste වේලිලා 🧱 Fan එකත් හිරවෙලා 😵‍💫

ඉතින් අපි කලා *Full Service එකක්*:
✅ ඇතුල සම්පූර්ණයෙන්ම Clean කලා ✨
✅ අලුත්ම Thermal Paste දැම්මා 🧴
✅ Fan + Air vents Service කලා 💨

*Result:* ලැප් එක දැන් Ice වගේ! 🧊😍
"දැන් නම් Laptop එක අලුත්ම එකක් වගේ" කියලා Customer හරිම සතුටින් අරන් ගියා 🙌

ඔයාලගෙ ලැප් එකත් වැඩිපුර රත් වෙනවද? 🔥
ලෙඩේ වැඩි වෙන්න කලින් අදම ගෙනත් දෙන්න.
පොඩි සර්විස් එකකින් ලොකු ගානක් ඉතුරු කරගන්න පුළුවන් 💰

*අපිට Inbox කරන්න 📩 Call කරන්න 0763609926 📞*

🎁 GILS ඩිජිටල් අවුරුදු මංගල්‍යය - දැන්ම සෙල්ලම් කරලා වටිනා තෑගි දිනාගන්න! 🎁මචංලා, මෙදා පාර අලුත් අවුරුද්ද වෙනස්ම විදියකට...
14/04/2026

🎁 GILS ඩිජිටල් අවුරුදු මංගල්‍යය - දැන්ම සෙල්ලම් කරලා වටිනා තෑගි දිනාගන්න! 🎁

මචංලා, මෙදා පාර අලුත් අවුරුද්ද වෙනස්ම විදියකට සමරන්න අපි සුපිරි වැඩක් ලෑස්ති කළා. "GILS Avurudu Waasi 2026" ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව Gils Techno Solution (Pvt) Ltd වෙතින් පවත්වන මේ ඩිජිටල් අවුරුදු උළෙලේ ගේම්ස් ප්ලේ කරලා ඔයාටත් පුළුවන් නියම තෑගි දිනාගන්න!

🎮 සෙල්ලම් කරන්න තියෙන ක්‍රීඩා:
🥊 කොට්ටපොර | 🧗‍♂️ ලිස්සන ගහ | 🏺 කනා මුට්ටි | 🐘 අලියාට ඇස තැබීම

🏆 තෑගි දිනාගන්නේ කොහොමද?

පහත ලින්ක් එකෙන් ගේම්ස් සෙල්ලම් කරන්න:
🔗 https://gils.lk/games/index.html

ඔයා වැඩිම ලකුණු ගත්ත ගේම් එකේ Screenshot එකක් මේ පෝස්ට් එකේ කමෙන්ට් කරන්න.

මේ පෝස්ට් එක ඔයාගේ Timeline එකේ Public Share කරන්න.

අවුරුදු උළෙල අවසානයේ වැඩිම ලකුණු ගන්නා වාසනාවන්තයින්ට Gils Techno Solution (Pvt) Ltd වෙතින් වටිනා තෑගි පිරිනමනු ලැබේ! 🖱️🎧🎁

දැන්ම පටන් ගමුද? ලින්ක් එකට ගිහින් වැඩේ පටන් ගන්න!

🎉 🪔 කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔 🎉ගෙවී ගිය වසර පුරාවට Gils Techno Solution (Pvt...
14/04/2026

🎉 🪔 කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔 🎉

ගෙවී ගිය වසර පුරාවට Gils Techno Solution (Pvt) Ltd අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට අපගේ හදපිරි ස්තූතිය! උදාවූ නව වසරේත් ඔබේ සියලුම තාක්ෂණික අවශ්‍යතා — Computers, Laptops, Printers සහ CCTV වෙනුවෙන් වෙනදා වගේම ඉහළම සේවාවක් සහ වගකීමක් ලබා දෙන්න අපි සූදානම්.

අලුත් අවුරුද්දේ අලුත්ම තාක්ෂණයත් එක්ක ඔබේ වැඩ කටයුතු තවත් සාර්ථක කරගන්න, අදම අප වෙත පියනගන්න.

📍 Gils Techno Solution (Pvt) Ltd
අංක 01, පළමු මහල, ජුබිලි ෂොපින් කොම්ප්ලෙක්ස්, කෑගල්ල.
📞 076 360 99 22

📢 විශේෂ අවුරුදු නිවාඩු දැනුම් දීමයි! 🌾අපගේ ආදරණීය පාරිභෝගිකයන්ගේ දැනගැනීම පිණිස, Gils Techno Solution (Pvt) Ltd අප ආයතනය...
11/04/2026

📢 විශේෂ අවුරුදු නිවාඩු දැනුම් දීමයි! 🌾

අපගේ ආදරණීය පාරිභෝගිකයන්ගේ දැනගැනීම පිණිස, Gils Techno Solution (Pvt) Ltd අප ආයතනය අප්‍රේල් 12 සිට 19 දක්වා වසා තැබෙන බව කාරුණිකව දන්වා සිටිමු.

අපි නැවතත් අප්‍රේල් 20 වෙනිදා සිට සුපුරුදු පරිදි විවෘත කරනවා! 💻✨

📞 හදිසි අවශ්‍යතාවයක් සඳහා: 076 360 99 22 / 26

ඔබ සැමට සාමය, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️

🚀 කෑගල්ලේ අඩුම මිලට පරිගණක සහ CCTV! 💻📹ඔබගේ නිවසට හෝ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම තාක්ෂණික උපකරණ, කෑගල්ලේ අඩුම මිලට සහ ඉහළම ව...
10/04/2026

🚀 කෑගල්ලේ අඩුම මිලට පරිගණක සහ CCTV! 💻📹
ඔබගේ නිවසට හෝ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම තාක්ෂණික උපකරණ, කෑගල්ලේ අඩුම මිලට සහ ඉහළම වගකීමක් සහිතව මිලදී ගන්න අදම එන්න Gils Techno Solution (Pvt) Ltd වෙත!

අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන්:

✅ පරිගණක සහ ලැප්ටොප් (Desktop Computers & Laptops)

✅ ප්‍රින්ටර් සහ ස්කෑනර් (Printers & Scanners)

✅ CCTV කැමරා පද්ධති (විශ්වාසවන්ත සවිකිරීම් සමඟ)

✅ සියලුම පරිගණක අමතර කොටස් සහ උපාංග (All Computer Accessories)

මිල ගණන් ගැන වද වෙන්න එපා! කෑගල්ලේ ඕනෑම තැනකට වඩා අඩුම මිලක් අපෙන්. උසස්ම තත්ත්වයේ අලෙවියෙන් පසු සේවාව (After Sales Service) අප සතුයි.

📍 අපේ ලිපිනය: Jubilee Shopping Complex, කෑගල්ල.

🛒 Online ඇණවුම් කරන්න:
www.gils.lk හරහා දැන්ම ගෙදරටම ගෙන්වා ගන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: ☎️ 076 360 99 22 076 360 99 26

05/04/2026

මේ අනතුරේ වරද කාගේද? 🤔 වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙනම යමු. 👇

මහ පාරේ යද්දී කොයි වෙලාවේ මොනවා වෙයිද කියලා අපිට කලින් කියන්න බැහැ. මේ වගේ අනපේක්ෂිත අනතුරක් වුණාම ඇත්තටම වුණේ මොකක්ද කියලා හරියටම ඔප්පු කරන්න නම්, මේ වගේ ඉතා පැහැදිලි දර්ශන සටහන් වෙන CCTV කැමරා පද්ධතියක් තියෙන්නම ඕනේ.

ඔබේ නිවසටත්, ව්‍යාපාරික ස්ථානයටත් මේ වගේ පැහැදිලි දර්ශන ලබාදෙන විශ්වාසවන්ත CCTV පද්ධතියක් සවි කරගන්න අවශ්‍ය නම්, අදම අපිට කතා කරන්න.

Gils Techno Solution (Pvt) Ltd
අංක 01, පළමු මහල, ජුබිලි සාප්පු සංකීර්ණය, කෑගල්ල.
🌐 අපගේ වෙබ් අඩවි: gils.lk | gilstechno.com

🛑 ඔයාගේ ලැප්ටොප් එකට "ඩිජිටල් හොරෙක්" පැනලද? Virus Guard එකක් නැතුව Internet යන්න කලින් මේක කියවන්න!​ලැප්ටොප් එකක් ගත්තට...
03/04/2026

🛑 ඔයාගේ ලැප්ටොප් එකට "ඩිජිටල් හොරෙක්" පැනලද?

Virus Guard එකක් නැතුව Internet යන්න කලින් මේක කියවන්න!

​ලැප්ටොප් එකක් ගත්තට පස්සේ ගොඩක් අය කරන ලොකුම වැරැද්දක් තමයි ඒකේ ආරක්ෂාව (Security) ගැන නොසලකා හරින එක. හරියට "ගෙදර දොරවල් ඇරලා තියලා නිදාගන්නවා වගේ" වැඩක් තමයි Virus Guard එකක් නැතුව Internet පාවිච්චි කරන එක.
​අද කාලේ වයිරස් (Virus) කියන්නේ නිකන්ම මැෂින් එක ස්ලෝ කරන එකක් විතරක් නෙමෙයි, ඔයාගේ පෞද්ගලික තොරතුරු සහ සල්ලි හොරකම් කරන මාරක අවියක්! 👇
​🕵️‍♂️ "Free" ද "Genuine" ද? (නොමිලේ දෙන උගුලට අහුවෙන්න එපා!)
​ගොඩක් අය අන්තර්ජාලයෙන් නොමිලේ (Free Version) බාගත කරන Virus Guards පාවිච්චි කරනවා. හැබැයි මතක තියාගන්න, Free Guard එකකින් ලැබෙන්නේ ඉතාම මූලික ආරක්ෂාවක් විතරයි.
​Ransomware Protection: ඔයාගේ Files ඔක්කොම Lock කරලා, ඒවා ඇරගන්න සල්ලි ඉල්ලන (Ransomware) මාරක වයිරස් වලින් බේරෙන්න Free Guard එකකට බැහැ.
​Online Banking Security: බැංකු ගිණුම් වලට ලොග් වෙද්දී, ඔයාගේ Password හොරකම් කරන "Phishing" සයිට් අඳුනගන්න Genuine Guard එකක් අත්‍යවශ්‍යයි.
​Cracked Software Danger: සල්ලි ඉතිරි කරගන්න කියලා අන්තර්ජාලයෙන් බාගන්න "Cracked" Virus Guards ඇතුළෙම ලොකු වයිරස් එකක් තියෙන්න පුළුවන්.
​🚀 Genuine Virus Guard එකක් දැම්මම මැෂින් එක ස්ලෝ වෙනවද?
​නැහැ! 2026 අවුරුද්දේ තියෙන අලුත්ම Kaspersky, ESET, හෝ Norton වගේ Genuine Guards හදලා තියෙන්නේ මැෂින් එකේ Speed එකට බලපෑමක් නොවන විදිහට (Lightweight). ඇත්තටම වෙන්නේ වයිරස් නිසා ස්ලෝ වෙන එක Genuine Guard එකක් මඟින් නතර කරන එකයි.
​💡 GILS Smart Tips:
​පරණ Pendrive එකක් මැෂින් එකට ගහන්න කලින් දෙපාරක් හිතන්න.
​නොදන්නා Email ලිංක් (Links) ක්ලික් කරන්න එපා.
​අවුරුද්දකට රුපියල් කිහිපයක් වියදම් කරලා, ලක්ෂ ගණන් වටින මැෂින් එකේ සහ දත්තවල ආරක්ෂාව තහවුරු කරගන්න.
​🛡️ GILS Techno Security Solution!
​ඔයාගේ ලැප්ටොප් එකේ ආරක්ෂාව ගැන අපිට විශ්වාසය තියන්න පුළුවන්. අපේ කෑගල්ලේ ප්‍රදර්ශනාගාරයෙන් සහ සේවා මධ්‍යස්ථානයෙන් ඔයාට මේ සේවාවන් ලබාගන්න පුළුවන්:
​✅ Genuine Virus Guard License Keys: Kaspersky, ESET, Norton, Bitdefender ඇතුළු ලොව පිළිගත් ඕනෑම Guard එකක් සාධාරණ මිලකට.
✅ Virus Clean-up Service: දැනටමත් වයිරස් වැදිලා ස්ලෝ වෙලා තියෙන මැෂින් එකක්ද? අපේ Technical Team එකට දෙන්න, අපි ඒක පිරිසිදු කරලා දෙන්නම්.
✅ Installation & Support: ලයිසන් එක දාගන්න දන්නේ නැද්ද? අපි ඔයාට ඒක නොමිලේ කරලා දෙනවා.
​ඔයාගේ වටිනා දත්ත සහ මහන්සියෙන් හම්බ කරපු සල්ලි අනතුරේ දාන්න එපා. අදම ඇවිත් ඔයාගේ ලැප් එකට නියම ආරක්ෂාව (Digital Shield) ලබා දෙන්න.
​Shop Online: gils.lk
​Technical Inquiries: gilstechno.com
​📍 Gils Techno Solution (pvt) ltd - කෑගල්ල.
(විශ්වාසය සහ ගුණාත්මකභාවය එකම තැනකින්!)

🛑 8GB RAM එකක් 2026 අවුරුද්දේ ලැප්ටොප් එකකට ඇතිද? පස්සේ පසුතැවෙන්න කලින් මේක කියවන්න!​අලුතින් ලැප්ටොප් එකක් ගන්න ගියත්, ...
03/04/2026

🛑 8GB RAM එකක් 2026 අවුරුද්දේ ලැප්ටොප් එකකට ඇතිද? පස්සේ පසුතැවෙන්න කලින් මේක කියවන්න!
​අලුතින් ලැප්ටොප් එකක් ගන්න ගියත්, තියෙන ලැප් එක slow වුණත් ගොඩක් අය මුලින්ම අහන්නේ "RAM එක කීයද?" කියලා. ගොඩක් වෙලාවට සාමාන්‍ය පාවිච්චියට 8GB ඇති කියලා හිතුවට, ඇත්තම කතාව ඊට වඩා වෙනස්.
​Gils Techno Solution අපි අද ඔයාට කියලා දෙන්නේ ඇයි 16GB RAM එකක් ඔයාගේ ලැප්ටොප් එකට අත්‍යවශ්‍යම වෙන්නේ කියලා. 👇
​🚦 8GB RAM එකක් හරියට පටු පාරක් වගේ!
​ඔයා 8GB RAM එකක් තියෙන ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා කියන්නේ හරියට පටු පාරක ලොකු බස් එකක් පදවනවා වගේ වැඩක්. වැඩේ කරන්න පුළුවන්, හැබැයි හරිම අමාරුවෙන් සහ ලොකු ට්‍රැෆික් එකක් (Lag) එක්ක.
​🔍 ඇයි 8GB දැන් මදි වෙන්නේ?
​Windows 11 සහ System Usage: ඔයා ලැප් එක On කරපු ගමන් Windows 11 තමන්ගේ වැඩ වලට විතරක් 4GB විතර RAM එකෙන් ගන්නවා. එතකොට ඔයාට ඉතුරු වෙන්නේ තව 4GB වගේ පොඩි ඉඩක් විතරයි.
​Web Browsing (The Chrome Trap): කැම්පස් එකේ Assignment එකක් කරද්දී Google Chrome එකේ Tab 10-15ක් විවෘත කරගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ ටිකටම තව 2GB-3GB වගේ ඉවරයි.
​Multitasking: Zoom call එකක ඉන්න ගමන් PowerPoint එකක් හදලා, ඒ අස්සේ තව PDF එකක් කියවන්න ගියොත් 8GB මැෂින් එක "හිරවෙන්න" පටන් ගන්නේ ඔන්න ඔය වෙලාවටයි.
​SSD එකට දෙන බර: RAM එක මදි වුණාම ලැප්ටොප් එක කරන්නේ SSD එකේ ඉඩ RAM එකක් විදිහට පාවිච්චි කරන එක (Virtual Memory). මේකෙන් වෙන්නේ ඔයාගේ වේගවත් SSD එකත් ටික කාලෙකින් ස්ලෝ වෙලා ලැප් එකේ ආයු කාලය අඩු වෙන එකයි.
​🚀 16GB RAM එකක වාසි:
​Peace of Mind: කිසිම හිරවීමකින් තොරව ඕනෑම Software එකක් (AutoCAD, Photoshop, VS Code) පාවිච්චි කිරීමේ හැකියාව.
​Smooth Performance: එකවර වැඩ කිහිපයක් (Multitasking) ඉතාම වේගවත්ව කරගන්න පුළුවන්.
​Future Proof: අවුරුදු 4ක් 5ක් යනකම් ලැප්ටොප් එක Upgrade කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔයා පාවිච්චි කරන්නේ 8GB ද 16GB ද?
ඔයාගේ අත්දැකීම පහළින් Comment කරන්න.

ලැප් එකේ Specs ගැන හරි Upgrade එකක් ගැන හරි තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපෙන් අහන්න.

🛠️ ලැප්ටොප් එක ලෙඩ දෙනවද? ප්‍රින්ටර් එකේ අවුලක්ද? රෙපෙයාර් වලට කොළඹ යන්න කලින් මේක කියවන්න! 🛑​ඔයාගේ වටිනා Laptop එක, Des...
03/04/2026

🛠️ ලැප්ටොප් එක ලෙඩ දෙනවද? ප්‍රින්ටර් එකේ අවුලක්ද? රෙපෙයාර් වලට කොළඹ යන්න කලින් මේක කියවන්න! 🛑
​ඔයාගේ වටිනා Laptop එක, Desktop එක නැත්නම් Printer එක ලෙඩ දුන්නම ගොඩක් අය කරන්නේ ඒකත් උස්සගෙන කොළඹ (Unity Plaza) යන්න බලන එක. ඒත් රස්තියාදුව, ටිකට් සල්ලි සහ දවස් ගණන් මැෂින් එක එහේ තියලා එන්න වුණාම වෙන පාඩුව ගැන හිතුවද?
​දැන් ඒ කරදරේ ඕනේ නැහැ! Gils Techno Solution (pvt) ltd අපේ තාක්ෂණික අංශය (Technical Division) දැන් වඩාත් පුළුල් කරලා තියෙන්නේ ඔයාගේ ඕනෑම Repair එකක් විශ්වාසවන්තව කෑගල්ලේදීම කරගන්න.
​🔧 අපෙන් ඔයාට ලැබෙන සේවාවන්:
​Laptop & Desktop Repairs: Motherboard chip-level repairs, Screen replacements, Keyboard & Battery issues.
​Speed-up Solutions: ඔයාගේ පරණ ලැප් එක Slow ද? RAM සහ SSD Upgrade කරලා අලුත් මැෂින් එකක් වගේ වේගවත් කරලා දෙන්න අපිට පුළුවන්.
​Printer Services: Canon, HP, Epson ඇතුළු ඕනෑම ප්‍රින්ටර් එකක Repairs සහ Ink Tank issues විසඳීම.
​CCTV Solutions: ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීම සහ නඩත්තුව.
​Genuine Parts: අපි පාවිච්චි කරන්නේ Quality එක සහ Warranty එක තහවුරු කරපු අමතර කොටස් විතරයි.
​🌟 ඇයි GILS Repair Division එකට එන්න ඕනේ?
​Professional Technicians: පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ සේවය.
​Quick Service: අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඉක්මනින් වැඩේ කරලා දීම.
​Transparency: ඔයාගේ මැෂින් එකට දාන කොටස් සහ කරන වැඩේ ගැන සම්පූර්ණ විනිවිදභාවය.
​Local Trust: අපි ඉන්නේ කෑගල්ලේ ඔයාගේම ලඟ. ඕනෑම වෙලාවක අපේ සහයෝගය ඔයාට තියෙනවා.
​🎁 GILS Avurudu Waasi - Service Offer!
​මේ අවුරුදු මාසේ අපේ සර්විස් සෙන්ටර් එකට එන අයට:
✅ Free Dust Cleaning & Thermal Pasting (තෝරාගත් Laptop Repairs සඳහා)
✅ Full System Health Check-up එකක් නොමිලේ!
​ඔයාගේ ලැප්ටොප් එකේ හරි ප්‍රින්ටර් එකේ හරි මොකක් හරි ලෙඩක් තියෙනවා නම්, අදම අපිට කතා කරන්න නැත්නම් Shop එකට අරන් එන්න.
​අපේ සේවා ගැන වැඩි විස්තර: gilstechno.com
​Online Shopping: gils.lk
​📍 Gils Techno Solution (pvt) ltd - කෑගල්ල.
(Best Buy, Best Service!)

කරන්ට් බිල බිංදුවයි! කරන්ට් එක නැතත් ඔබේ නිවස 24 පුරාම සුරක්ෂිතයි! ☀️🛡️අවුරුදු නිවාඩුවට ගම රට යනකොට, ගේ දොර ගැන බයක් තිය...
03/04/2026

කරන්ට් බිල බිංදුවයි! කරන්ට් එක නැතත් ඔබේ නිවස 24 පුරාම සුරක්ෂිතයි! ☀️🛡️
අවුරුදු නිවාඩුවට ගම රට යනකොට, ගේ දොර ගැන බයක් තියෙනවද? එහෙනම් මෙන්න ඒකට නියම විසඳුම! 🌸
ලෝකයේ ප්‍රමුඛතම Tiandy Solar Powered Security Cameras දැන් නැවතත් Gils Techno Solution අප වෙතින් ලබාගත හැකියි.
මෙහි ඇති විශේෂත්වය මොකක්ද?

✅ සූර්ය බලයෙන් ක්‍රියාත්මකයි: විදුලිය හෝ වයර් ඇදීම් අවශ්‍ය නැහැ. කරන්ට් බිල යන්නෙත් නැහැ.
✅ 24/7 Full Recording: පැය 24 පුරාම අඛණ්ඩව රෙකෝඩ් කිරීමේ හැකියාව.
✅ 360° Panoramic View: කැමරාව ඕනෑම පැත්තකට හරවා බැලීමේ හැකියාව ඇති නිසා කිසිම තැනක් මග හැරෙන්නේ නැහැ.
✅ Mobile Alerts: මොනම හරි ගැටලුවක් වුණොත් එසැනින් ඔබේ දුරකථනයට පණිවිඩයක් ලැබෙනවා.
✅ Red & Blue Light Alert: අනවසර අයෙක් නිවසට ඇතුළු වුණොත් රතු සහ නිල් අනතුරු ඇඟවීමේ ලයිට් සහ ශබ්ද මගින් ඔහුව පලවා හැරීමට උදව් වෙනවා.

GILS Avurudu Waasi 2026 විශේෂ මිල අඩු කිරීම් සහ වගකීමක් සහිතව අදම ඔබේ කැමරාව වෙන් කරවා ගන්න! 🎁
🚚 දිවයින පුරා බෙදාහැරීම ලබාගත හැකියි. 📍 ස්ථානය: Gils Techno Solution, කෑගල්ල.
Online ඇණවුම් කිරීමට: gils.lk
අපගේ සේවාවන් ගැන දැනගන්න: gilstechno.com
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 076 360 99 22 /26

වැඩ ගොඩක් කරන්න පුළුවන් Epson L130 එක ආයෙත් වැඩ! 🖨️ ප්‍රින්ටර් එක සම්පූර්ණයෙන්ම සර්විස් කරලා, head clean කළාට පස්සේ දැන්...
01/04/2026

වැඩ ගොඩක් කරන්න පුළුවන් Epson L130 එක ආයෙත් වැඩ! 🖨️ ප්‍රින්ටර් එක සම්පූර්ණයෙන්ම සර්විස් කරලා, head clean කළාට පස්සේ දැන් කලර්ස් ටික සුපිරියටම තියෙනවා. ලේසියෙන් ලෙඩ දෙන්නේ නැති සුපිරි මැෂින් එකක්! 🌊✨

Address

No/01 First Floor, Jubilee Shopping Complex
Kegalle

Alerts

Be the first to know and let us send you an email when GILS Computer- Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share