06/08/2026
ශ්රී සුමංගල විද්යාලයේ ක්රීඩා ඉතිහාසයට නව පරිච්ඡේදයක්
"රියාස් ඉස්මයිල් උසස් කාර්ය සාධන ව්යායාම මධ්යස්ථානය" හා "මිලාන් රත්නතිලක ගොඩනැගිල්ල" සිසු අයිතියට පත් කෙරේ මහනුවර වාරියපොළ ශ්රී සුමංගල විද්යාලයේ ක්රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දිගු කලක් පාසලට අවශ්යතාවයක්ව පැවති නවීන පහසුකම්වලින් සමන්විත "රියාස් ඉස්මයිල් උසස් කාර්ය සාධන ව්යායාම මධ්යස්ථානය" සහ "මිලාන් රත්නතිලක ගොඩනැගිල්ල" 2026 අගෝස්තු මස 04 වැනි දින විද්යාල පරිශ්රයේදී උත්සවාකාරයෙන් විවෘත කර සිසු අයිතියට පත් කෙරිණි.
මෙම ව්යාපෘතිය මඟින් ශ්රී සුමංගල විද්යාලයේ ක්රීඩා සංවර්ධනය නව මට්ටමකට රැගෙන යමින්, රග්බි ක්රීඩාවට පමණක් නොව මලල ක්රීඩා, ක්රිකට්, බොක්සිං,ෆුට්බෝල් බාස්කට්බෝල් ඇතුළු සියලු ක්රීඩා අංශවල සිසුන්ට ජාත්යන්තර මට්ටමේ ශාරීරික පුහුණු පහසුකම් ලබාගැනීමේ අවස්ථාව උදා වී ඇත.
AFI Corps (Pvt) Ltd ආයතනයට අනුබද්ධිත රියාස් ඉස්මයිල් ශිෂ්යාධාර පදනම විසින් මෙම උසස් කාර්ය සාධන ව්යායාම මධ්යස්ථානය සඳහා අවශ්ය සියලුම නවීන ව්යායාම උපකරණ සහ අංගෝපාංග පරිත්යාග කරනු ලැබූ අතර, එම පහසුකම ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කිරීමේ පිරිවැය ශ්රී සුමංගල විද්යාලයේ 2002 කණ්ඩායමේ කීර්තිමත් ආදි ශිෂ්යයකු වන මිලාන් රත්නතිලක මහතා විසින් දරනු ලැබීය.
මෙම උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස AFI සමූහ ව්යාපාරයේ සභාපති ෂයිනුඩීන් ගඩාෆි ඉස්මයිල් මහතා සිය පවුලේ සාමාජිකයන් සමඟ සහභාගි වූ අතර, ගෞරවණීය ආරාධිත අමුත්තන් ලෙස මිලාන් රත්නතිලක මහතා වෙනුවෙන් එම මහත්මිය වන ඉරෝෂි සේනාධීර මහත්මිය, 2002 කණ්ඩායමේ සම්බන්ධීකාරක සම්පත් සෙනවිරත්න මහතා සහ මහනුවර කලාප අධ්යාපන කාර්යාලයේ ක්රීඩා අධ්යක්ෂ ටී. එස්. විජේසුන්දර මහතා සහභාගි වූහ.
එමෙන්ම, විදුහල්පතිතුමා, ගරු ස්වාමීන් වහන්සේලා, නියෝජ්ය විදුහල්පතිවරුන්, ආදි ශිෂ්ය සංගමයේ වත්මන් හා හිටපු නිලධාරීන්, පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින්, සුම්මා රග්බි ඉන්ටග්රේෂන් නිලධාරීන්, ගුරුභවතුන්, දෙමාපියන්, ආරාධිත අමුත්තන් සහ පළමු පෙළ කණ්ඩායමේ සිට අවුරුදු 10න් පහළ කණ්ඩායම් දක්වා ක්රීඩකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 වසරේ සිට සුම්මා රග්බි කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්රාහකයෙකු ලෙස කටයුතු කරන AFI ආයතනය ෂයිනුඩීන් ගඩාෆි ඉස්මයිල් මහතා ගේ මග පෙන්වීම මත මූල්යමය දායකත්වයට පමණක් සීමා නොවී, ක්රීඩකයන්ගේ පෞරුෂ සංවර්ධනය, විනය, නායකත්වය සහ ක්රීඩා සංස්කෘතියක් විද්යාලය තුළ ගොඩනැගීම සඳහා දැක්වූ දැක්ම මෙම ව්යාපෘතියේ සාර්ථකත්වයට මූලික පදනමක් විය.
එසේම, තම ආදරණීය පාසල වෙනුවෙන් මිලාන් රත්නතිලක මහතා විසින් සිදුකරන ලද මෙම සුවිශේෂී පරිත්යාගය, අනාගත සුමංගල ශිෂ්ය පරපුර වෙනුවෙන් තබන ලද අමරණීය උරුමයක් ලෙස සැලකිය හැකිය.
මෙම ව්යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා විදුහල්පතිතුමාගේ නායකත්වය යටතේ, ආදි ශිෂ්ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, සුම්මා රග්බි ඉන්ටග්රේෂන් රග්බි අනුකමිටුව, දෙමාපියන්, හිතවතුන් සහ අනුග්රාහකයින් එක්ව දැක්වූ කැපවීම විශේෂයෙන් අගය කළ යුතුය.
රියාස් ඉස්මයිල් උසස් කාර්ය සාධන ව්යායාම මධ්යස්ථානය සහ මිලාන් රත්නතිලක ගොඩනැගිල්ල විවෘත කිරීම, නව ගොඩනැගිල්ලක් හෝ ජිම් මධ්යස්ථානයක් ආරම්භ කිරීමක් පමණක් නොව, ශ්රී සුමංගල විද්යාලයේ ක්රීඩා සංස්කෘතිය, විනය, නායකත්වය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් තැබූ ශක්තිමත් පදනමක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
"අද විවෘත වූයේ ගොඩනැගිල්ලක් හා ව්යායාම මධ්යස්ථානයක් පමණක් නොවේ. අනාගත සුමංගල ක්රීඩා ඉතිහාසයට ශක්තිය, දැක්ම සහ උරුමය ලබාදෙන නව යුගයක දොරටුවයි."