NationalAlert.lk

  • Home
  • NationalAlert.lk

NationalAlert.lk National Alert is a concept that enhance public accountability

2025 වර්ෂයේදී ආයෝජන මණ්ඩලය ජයග්‍රාහී ඉලක්කයක් පසුකර ඇත.2025 වර්ෂයේ විදේශ සෘජු ආයෝජන (FDI) ඇඩොබි 1  ඉක්මවා ඇත. එය විශාල ජ...
24/01/2026

2025 වර්ෂයේදී ආයෝජන මණ්ඩලය ජයග්‍රාහී ඉලක්කයක් පසුකර ඇත.

2025 වර්ෂයේ විදේශ සෘජු ආයෝජන (FDI) ඇඩොබි 1 ඉක්මවා ඇත. එය විශාල ජයග්‍රහණයකි.

නමුත් මෙම ආයෝජන අනුර ජනපති ධූරයට පත් වූ පසු රටවල් සමග සාකච්ඡා කොට අත්පත් කරගත් ඒවා නොවේ.

එම ආයෝජන වලින් 95%ක් මහින්ද, සිරිසේන, ගෝටා සහ රනිල්ගේ රජයන් කළ ගනුදෙනු වලින් අත්පත් කරගත් විදේශ ආයෝජන වෙයි.

අනුර කුමාර භූමිකාව සිදු කර ඇත්තේ, විවිධ ව්‍යාපෘතිවලට ගිවිසුම් අත්සන් කළ ආයෝජකයන් ආපසු යන තැනට වැඩ කිරීමය.

ආයෝජකයන් ඉවත් වූයේ නිකම් නොව රජයට එරෙහිව වන්දි නඩු දමමිනි.

පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ඇඩොබි 1ක් ආයෝජනය කිරීමට පැමිණි අදානිගේ ආපසු හැරීම ඊට හොඳ උදාහරණයකි.

ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජනය කළ ආයෝජකයන්ද රට හැර යන ගැට්ටට පැමිණ සිටියි.

ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජකයන් ගිවිසුම් ප්‍රකාරව ඩොලර් මිලියන ගණන් වැය කරමින් ගවේෂණ කළහ. පරිසර වාර්තා ඇතුළු නිර්ණායකවලට අවනත වූහ.

නමුත් රජය බලයට පත් වී වසරක් ගියද ඔවුන්ට කැණීම් සඳහා අවසර දී නැත.

ඊට හේතුව නව රජය සිය ඛනිජ ප්‍රතිපත්තිය හැදීමට මේ දක්වා අසමත් වීමය.

පසුගියදා සුනිල් හඳුන්නෙත්ති මහජන මුදල් කෝටි ගණනක් වියදම් කර කරමින් උතුරට ආයෝජකයන් කැඳවන සමුළුවක් පැවැත්වීය. (Northern investment summit )

වත්මන් රජයේ අභ්‍යන්තර වාර්තා හෙළි කරන පරිදි එම සමුළුව මුළුමනින්ම අසාර්ථක වී ඇත.

එම සමුළුව තුළ සිදුව ඇත්තේ අලුත් ආයෝජකයන් සොයා ගැනීම නොව දැනට ව්‍යාපෘති කරන ආයෝජකයන් බියට පත් වීමය.

උතුරේ ආණ්ඩුකාරයාගේ සිට රජයේ නිලධාරීන් හසුරුවනු ලබන්නේ යුරෝපයේ සිට ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ දේශපාලන අංශය විසිනි.

Northern investment summit එක තුල ඉතා ශූක්ෂම ලෙස බෙදුම්වාදය ක්‍රියාත්මක විය.

ආණ්ඩුවේ නොහැකියාව සහ දෙමළ බෙදුම්වාදය ජාතික රාජ්‍යයට සිදු කරන හානිය පොඩි නැත.

වාර්තා වන අන්දමට ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ඉල්ලා අස්වන්නේ ඉහත හේතුව නිසාය.
Keerthi Ratnayake

Address

286/3, Doluwa Rd

20414

Alerts

Be the first to know and let us send you an email when NationalAlert.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NationalAlert.lk:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share