09/04/2025
🛑 සියළුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සිදු කරන විශේෂ දැණුම් දීමයි. 🛑
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපස කොටස අලංකාර කිරීම වෙනුවෙන් "බෝමිරිය විදුමව් උදානය" නම් වැඩසටහනක් අප පාසලේ ආදි ශිෂ්‍ය සංගමය යැයි කියාගන්නා සංවිධානයක් විසින් ආරම්භ කර ඇත.
මෙම වැඩටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් 1997 වසරේ සිට ක්‍රියාත්මක වන පාසලේ නිළ ආදි ශිෂ්‍ය සංගමය වන අප කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඒ සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් අප විසින් කිසිදු වගකීමක් භාර නොගන්නා බව පාසලට හිතැති සියළුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත කාරුණිකව දන්වා සිටිමු.
මෙම වැඩසටහන සංවිධානය කරනුයේ පාසලේ වත්මන් විදුහල්පති විසින් ඔහුගේ වැරදි සහ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් එල්ල වී ඇති චෝදනා වලින් විදුහල්පතිවරයාගේ බේරීම සඳහා සකස් කර ගත් ව්‍යාජ ආදි ශිෂ්‍ය සංගමයක් විසිනි.
දිනෙන් දින අප පාසල කඩා වට්ටමින්, විනාශ කරන අදක්ෂ, අකාර්යක්ෂම, උද්ධච්ච විදුහල්පතිවරයා සහ පසුගිය දින එම විදුහල්පතිවරයා වෙත විවිධ චෝදනා එල්ල වී එම චෝදනා පිළිබඳ ඔහුට විරුද්ධව පරීක්ෂණ සිදුවෙමින් පවතින පසුබිමක ඔහුව සුරකීමට, ඔහුගේ අදූරදර්ශි ක්‍රියාවලට උදව් කරන 10 දෙනෙකුගෙන් පමණ වූ කණ්ඩායමක් විසින් පසුගිය 2024 නොවැම්බර් මාසයේ දී කුමන්ත්‍රණය කර ඉන් පසු පසුගිය ජනවාරි මස 25 වන දින පිහිටුවා ගත් ව්‍යාජ ආදි ශිෂ්‍ය සංගමයක් විසින් මෙය සංවිධානය කර ඇත.
මෙම ව්‍යාජ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මණ්ඩලයේ හෝ එහි මහා සභා රැස්වීම පැවැති දින සහභාගී වූ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඡායාරූපයක් හෝ මේ වනතෙක් ප්‍රසිද්ධ නොකිරීම තුළින් මෙම ව්‍යාජ සහ වංචනික ආදි ශිෂ්‍ය සංගමයේ අනීතික භාවය බුද්ධිමත් ඔබට වටහා ගත හැක.
මීට පෙර 2024 ජූනි මස 16 වන දින බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය සුරකීමේ සංවිධානය විසින් මූලිකත්වය ගෙන සංවිධානය කල, පාසලේ නීත්‍යාණුකූළ ආදි ශිෂ්‍ය සංගමය වූ අපගේ සහ පාසලට හිතැති සියළුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ සහයෝගයෙන්, මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් පැවැත්වූ මහා ශ්‍රමදාන වැඩසටහනෙන් පසු සුද්ධ පවිත්‍ර කර අලුත්වැඩියා කල සියළුම වැසිකිළි, පන්ති කාමර, ජල කරාම, කාණු පද්ධතිස් මේ වන විට විනාශ වී ඇත. ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් ලබා දුන් කසල ඉවත දැමීමට යොදාගන්නා විශාල ප්ලාස්ටික් භාජන සියල්ල පාසල පුරා තැන් තැන් වල කඩා බිද දමා ඇත.
මේ සඳහා මුදල් හා ශ්‍රම දායකත්වය දුන් පාසලට හිතැති දෙමව්පියන්ගේ සහ ආදි ශිෂ්‍යන්ට ගෞරවයක් ලෙස මේවා රැක ගැනීමට කටයුතු කිරීවේ වගකීම පවා නිසි පරිදි සිදු කිරීමට නොහැකි මෙම අදක්ෂ, අකාර්යක්ෂම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් නොකර සිදු කරන කිසිදු ව්‍යාපෘතියක් වෙනුවෙන් නීත්‍යාණුකූල ආදි ශිෂ්‍ය සංගමය ලෙස අපගේ සහය හිමි නොවන අතර මෙම වංචනික ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදු කරන මුදල් එකතු කිරීම් වල වගකීම අප විසින් භාර නොගන්නා බවත්, මෙම මුදල් එකතු කිරීම් ක්‍රියාවලට සම්බන්ධ අය නිසා ඉදිරියේ දී යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඒ වගකීම ඔවුන් විසින් භාර ගත යුතු බවත් දන්වා සිටිමු.
මීට පෙර අදාල සියළු අංශ වල අනුමැතිය ලබා ගනිමින් අප විසින් ආදි ශිෂ්‍යයන්ගේ ශ්‍රමය, භාණ්ඩ හා මූල්‍ය දායකත්වයෙන් පාසලේ ඉදිරිපස ප්‍රවේශ මාර්ගය සහ ගේට්ටුව සංවර්ධනය කිරීමට අප විසින් යෝජනා කල ව්‍යාපෘතිය අදක්ෂ, අකාර්යක්ෂම විදුහල්පතිවරයා විසින් නවතා දමන ලදී.
https://web.facebook.com/share/p/19EkHne3qT/
ඊට අමතරව පසුගිය වසරේ පාසලේ ජල නල පද්ධතිය අලුත්වැඩියා කිරීමට පැවැත්වු අවුරුදු පොලෙන් එකතු වූ මුදලින් පාසලේ ජල නල පද්ධතිය අලුත්වැඩියා වී තිබෙනවාද යන්න පාසලට යන එන දරුවන්ගෙන් අසා ද්විමසා දැන ගැනීම වටිනා බව ඔබට දැනුම් දීමට කැමැත්තෙමු.
එමනිසා මෙම ව්‍යාජ, වංචනික ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදු කරන මෙවැනි ව්‍යාපෘති, මුදල් එකතු කිරීම් වල වගකීම අප විසින් භාර නොගන්නා බවත්, මෙම මුදල් එකතු කිරීම් ක්‍රියාවලට සම්බන්ධ අය නිසා ඉදිරියේ දී යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඒ වගකීම ඔවුන් විසින් භාර ගත යුතු බව පාසලට හිතවත් සියළුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුවත් වීම වෙනුවෙන් මෙසේ දැනුම් දෙමු.
ආදි ශිෂ්‍ය සංගමය
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය.