G/Batemulla Scout Troop

G/Batemulla Scout Troop ගා/බටේමුල්ල ජාතික පාසල් බාලදක්ෂ සමූහය සදහා නව වර්ෂය (2026) නව බාලදක්ෂ බාලක බාලිකාවන් බදවා ගනු ලැබේ

Congratulations madam❤️
24/04/2026

Congratulations madam❤️

බටේමුල්ල බාලදක්ෂ සමූහයේ  හිටපු  කණ්ඩායම් නායක ,ආදි බාලදක්ෂ පුන්සිත් කවිශාන් සොයුරාගේ ආදරණීය මෑණියන් වන එස්.ඩී. වික්‍රමති...
23/04/2026

බටේමුල්ල බාලදක්ෂ සමූහයේ හිටපු කණ්ඩායම් නායක ,ආදි බාලදක්ෂ පුන්සිත් කවිශාන් සොයුරාගේ ආදරණීය මෑණියන් වන එස්.ඩී. වික්‍රමතිලක මහත්මීය අද උදෑසන අසනීප තත්වය හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත. එතුමියට නිවන් සුව ලැබේවා...!!🥺🤍

දේහය අද හා හෙට දිනයන්හිදි ගාල්ල කරාපිටිය සමූපකාර මල් ශාලාවේ (Cooprative furenal )තැන්පත් කර ඇත.
2026.04.24 වන සිකුරාදා හවස 4.00ට දඩල්ල කනත්තේදි අවසන් කටයුතු සිදු කරනු ඇත
සහභාගි විය හැකි බාලදක්ෂයින් සහභාගි වී අවසන් ගෞරව දක්වන්න..🥺

26/02/2026
ගාල්ල දිස්ත්‍රික් 169 වන BPදින සැමරුම  2026.02.22 දින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ හා ධර්මපාල උද්‍යානයේදී පැවැත්විය. එහිදි සර...
25/02/2026

ගාල්ල දිස්ත්‍රික් 169 වන BPදින සැමරුම 2026.02.22 දින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ හා ධර්මපාල උද්‍යානයේදී පැවැත්විය. එහිදි සරුංගල් සැනකෙලිය,චිත්‍ර/ නිර්මාණ ප්‍රදර්ශනය,ගිනි මැල සංදර්ශනය ආදිය පැවත්විය.ඒ සදහා අප බාලදක්ශ සමූහයෙන් දරුවන් 17ක් පමණ සම්බන්ධ වූ අතර සමුහ බාලදක්ශ ආචාර්‍ය දම්මික වර්ණකුලසූරිය මහතාත්,බාලදක්ෂ ආචාරීනි චමෝදි සෞභාග්‍යා මෙනවීය හා සහාය බාලදක්ෂ නායිකා චමුදිකා මනහංසි මෙනවියද ,දෙමාපියන් හා බාලදක්ශයින් බටේමුල්ල බාලදක්ශ සමූහය නියෝජනය කරමින් සහභාගි විය.

29/10/2025

අඛණ්ඩව පස් වන වරටත් සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය ජාතික මට්ටම ඉක්මවා යන ලද හබරාදුව කොට්ඨාසයේ එකම පාසල ලෙස අප විද්‍යාලය පසුගියදා ඇගයීමට පාත්‍ර විය.
මේ සඳහා ඇප කැපවී කටයුතු කළ හිටපු විදුහල්පතිවරුන්ටත්, විශ්‍රාම යන ලද, ස්ථාන මාරුවීම් ලද ගුරුභවතුන් ඇතුළු වර්තමාන විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය ,දෙමව්පියන්, දරුවන් ඇතුළු සියලු දෙනාටම විද්‍යාලයේ කෘතඥතාවය පළ කරමු...

21/08/2025

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ගාලු දිසා ශාඛාවේ නව දිසා කොමසාරිස් ධූරයෙන් පිදුම් ලැබූ චින්තක කෞෂල්‍යය මහතාට ගාලු දිසා බාලදක්ෂ සංගමයේ උනුසුම් සුභ පැතුම් !!

21/08/2025

ගෞරවනීය උපහාරය !! ⚜️🙏

කොවිඩ් ව්‍යසනයත් සමග 2020 දී ආරම්භ කල ඔබගේ ධූර කාලය වසර දෙකක් පුරාවට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ගාලු දිසාවේ සියලුම අංශයන්හී බාලදක්ෂ කටයුතු අඩාල වීමට නොදී පවත්වාගැනීමට ඔබ ලබාදුන් නායකත්වය ගෞරවයෙන් සිහිපත් කරමු...
එතැන් සිට පුරා වසර පහක කාලය තුල ගාලු දිසාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබගේ කාලය ශ්‍රමය කැපකරමින් ලබාදුන් සේවය ප්‍රසංශනීයයි !!

විවිධාකාර වූ බාධක හමුවේ ගාලු දිසාව බාලදක්ෂ කටයුතුවලින් සවිමත් කරමින් දරුවන් සියලු දෙනාම එක්තැන් කර ගනිමින් ඔවුන්ගේ විවිධ වූ දක්ෂතා හා කුසලතාවක් ඔප්නැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් දිසා වට්සැප් කණ්ඩායම් සකසමින් එම වසර දෙක ක්‍රියාශීලී වසර දෙකක් බවට පත් කිරීමට ඔබ ගත් උත්සාහය අතිශයින් අගය කරමු.

අඩාල වී තිබූ දිසා බාලදක්ෂ වෙළඳසැල සිය මූල්‍ය ධනය යොදවා නැවතවරක් ආරම්භ කරමින් දිසා කටයුතු සවිමත් කිරීමටත්, විධායක කමිටුව එකතු කරමින් සියලු කටයුතු ක්‍රමක්‍රමයෙන් සවිමත් කරමින් දිසාවේ සෑම කටයුත්තක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කරමින් සියලු නිලධාරීන් වෙත ලබා දුන් අනූපමේය සහාය කෘතවේදීව සිහිපත් කරමු.

සංඝණණය අනුව දිවයිනේ තුන්වන තැනට ගාලු දිසාව ඉහලටම ඔසවා තබමින් විශිෂ්ට වූ නායකත්වයක් ලබා දෙමින් සියලු අංශයන්ගේ වැඩසටහන් දිසාව තුළ අඛණ්ඩව පවත්වමින්, නිලධාරීන්ගේ දක්ෂතා හා කුසලතා ඔප්පෙන්වීමට මග පාදා දෙමින්, නිතැතින්ම ඔවුන්ගේ දක්ෂතාවන් හට ඉඩ හසර ලබාදෙමින් ගාලු දිසාව පසුගිය වසර පහතුල ජාතික මට්ටමේ සම්මානයන්ට පාත්‍රවීමට ඔබ ලබාදුන් නිහතමානී නායකත්වය ප්‍රසංශනීයයි . එසේම සිඟිති පෝතක බාලදක්ෂ හා මානවක අංශ හතරෙහිම ප්‍රගතිය වෙනුවෙන් අප්‍රතිහත මෙහෙවරක් ඉටු කළ ඔබට වසර පහක් කාලය තුළ ආපසු හැරී බැලීමේදී සතුටු වීමට කොතෙකුත් කාරණා ඇත.

එසේ නම් අද දිනෙන් ඉසිඹුලන්නට සූදානම් වෙද්දී සමස්ත දිසාවේම ආදරය ගෞරවය සමඟ අප සැමගේ ආශීර්වාදය ද ඔබතුමා වෙත එක් කරමු.

ඔබ විසින් ගාලු දිසාවේ සියලු නිලධාරීන්ගේ හා බාලදක්ෂයන්ගේ හදවත් තුළ සදා නොමැකෙන සිහිවටනයක් එක්කළ ගෞරවනීය හා සම්මානනීය දිසා කොමසාරිස්වරයෙකු ලෙස ඉතිහාසයේ සනිටුහන් වනු ඇත.

ගාලු දිසාවේ අභිවෘද්ධිය උදෙසා ඉටු කළ එම අභිමානවත් සේවයට අපගේ කෘතඥ පූර්වක ස්තුතිය හා උපහාරය මෙසේ පුද කරමු

ගාලු දිසාවේ ඉදිරි ගමන් මගට ජේෂ්ඨ ඔබගේ මගපෙන්වීම නිතැතින්ම ලැබෙනු ඇතැයි අපි සැවොම බලාපොරොත්තු වෙමු.

ඔබට ජය...⚜️

නව දිසා කොමසාරිස් චින්තක කෞෂල්‍යය මහතා ප්‍රමුඛ ගාලු දිසා බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන්, විධායක කමිටුව, බාලදක්ෂ දැරු දැරියන් හා දෙමාපියන් ...

2025 ජූලි මස 19වන සෙනසුරාදා දින ගම්පහ සිරිකුරුස විද්‍යාලයේදි පැවති බාලදක්ෂ ජනාධිපති සම්මාන උත්සවයේදි ජනාධිපති බාලදක්ෂයෙක...
23/07/2025

2025 ජූලි මස 19වන සෙනසුරාදා දින ගම්පහ සිරිකුරුස විද්‍යාලයේදි පැවති බාලදක්ෂ ජනාධිපති සම්මාන උත්සවයේදි ජනාධිපති බාලදක්ෂයෙකු ලෙස සම්මාන ලබා ගත් අප බාලදක්ෂ සමූහයේ ජේ.පි.චමෝදි සෞභාග්‍යා Saubhagya Pathirana දියණියට සුබ පැතුම්...!
(බටෙමුල්ල ජාතික පාසලේ 4 වන ජනාධිපති බාලදක්ෂයා ලෙස වසර 10කට පසුය.)විදයාලයටත සමූහයටත් මෙවැනි ජයග්‍රහණයක් ඒමට එම දියණියට සහාය ලබා දුන් ඒ ඇයගේ දෙමාපියන්ටත්, හිටපු විදුහල්පති වසන්ත කරුණාසිංහ මැතිතුමා සමූහ බාලදක්ෂ ආචාර්ය ධම්මික වර්ණකුලසූරිය මහතාටත්, බාලදක්ෂ ආචාර්ය නිශාර කෞශල්‍යය මහතාට, නිෂාරා කෞශල්‍යය මෙනවිය, පුලස්ති සෙනාද් මහතා ඇතුළු ඇයට සහාය වූ සියලුම පාසල් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයටත්, සමූහයේ සියලුම ජේෂ්ඨ බාලදක්ෂයන් ඇතුළු බාලදක්ෂ දරුවන්ටද බෙහෙවින්ම ස්තූතියි...

19/07/2025

PRESIDENT’S SCOUT AWARD CEREMONY – 2025

*වසර 10කට පසු බටේමුල්ල ජාතික පාසල් බාලදක්ෂ සමූහයෙන්  ජනාධිපති බාලදක්ශයෙක් බිහි වේ*බාලදක්ෂ ජීවිතයේ බාලදක්ෂයෙකු හට දිනාගත ...
09/06/2025

*වසර 10කට පසු බටේමුල්ල ජාතික පාසල් බාලදක්ෂ සමූහයෙන් ජනාධිපති බාලදක්ශයෙක් බිහි වේ*

බාලදක්ෂ ජීවිතයේ බාලදක්ෂයෙකු හට දිනාගත හැකි වන ඉහළම ප්‍රදානය වන ජනාධිපති පදක්කම වසර 10කට පසු බටේමුල්ල ජාතික පාසලේ ජේශ්ට බාලදක්ෂ බාලිකා ජේ.පී. චමෝදි සෞභාග්‍යා Saubhagya Pathirana
දියණිය විසින් ලබා ගනි.ඇයට අපගේ උණුසුම් සුබ පැතුම්..!!ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ විදුහල්පති අනුර කාන්ත මැතිතුමා, හිටපු විදුහල්පති වසන්ත කරුණාසිංහ මැතිතුමා ,සමූහ බාලදක්ශ ආචාර්‍ය දම්මික වර්ණකුලසූරිය මහතා, විදයාලයේ ගුරුභවතුන් ඇයගේ දෙමව්පියන්, සමූහයේ බාලදක්ෂ දරුවන් ඇතුලු සියලුම දෙනාට බෙහෙවින්ම ස්තූතියි..

ඇයට බාලදක්ෂ ජීවිතයේ තව තවත් ඉදිරියට යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.
සුබ දඩයම්

බාලදක්ෂ සමූහය.

Address

G/Batemulla National School
Imaduwa

Opening Hours

Monday 09:00 - 12:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 12:00
Thursday 09:00 - 12:00
Friday 09:00 - 12:00

Telephone

+94701311240

Website

Alerts

Be the first to know and let us send you an email when G/Batemulla Scout Troop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to G/Batemulla Scout Troop:

Share