Diyagama Forest-Homagama

Website

Diyagama Forest-Homagama Official page to protect Diyagama Forest – a secondary rainforest with two lakes in Homagama. Home to rare, endemic, and threatened species. 🌳🦜🌊

පරිසර අමාත්‍යංශයේ පාරිසරික සංවේදී කලාප වැඩමුලුවක් දකුණු පළාතේ පළාතේ  ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රධාන පරිපාලන නිළදාරීන් වෙන...
17/10/2026

පරිසර අමාත්‍යංශයේ පාරිසරික සංවේදී කලාප වැඩමුලුවක් දකුණු පළාතේ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රධාන පරිපාලන නිළදාරීන් වෙනුවෙන් දියගම වනාන්තරය පාදක කරගනිමින් පැවත්වුණි.
උදෑසන දියගම වනාන්තරයේ ක්ෂේත්‍ර අධ්‍යනය මහාචාර්‍ය්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ හැදින්වීමේ දේශනයකින් ආරම්භ වුන අතර දිලුම් චන්ද්‍රනිමල් මහතා, ප්‍රදීප් මහේන්ද්‍ර මහතාගේ සම්පත් දායකත්වයෙන් Urban Biodiversity Alliance-Sri Lanka හි රවී ජයරත්න මහතා ඇතුලු සාමාජිකයන්ගේ මගපෙන්වීමෙන් පැවැත්වුනි.
වනාන්තරයට අදාල පාර්ශවකරුවන්ගේ සාකච්චාව ගම්වාසීන් හා, පරිසර සංවිධාන ප්‍රධානත්වයෙන් දියගම සාලවනෝද්‍යනාරාමයේදී පැවැත්වුනි.
එහිදී වනාන්තරයේ වැදගත්කම පිළිබද දේශනයක් කොළඹ විශ්වවිද්‍යාලයේ දියගම වනාන්තරයේ පර්‍යේෂණ කණ්ඩායමේ සාමාජික,ෂමිල් ඉලේපෙරුම මහතා පැවැත්විය.
මෙම වැඩසටහන සංවිධාන කටයුතු සිදුකල හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිසර නිළදාරී ලසන්ති නුගලියද්ද මහත්මිය ඇතුලු නිළදාරීන්ටත්, වැඩසටහනට උපදේශකත්වය සැපයූ මහාචාර්‍ය්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය, SLIDA ආයතනයටත් සම්පත් දායකත්වය සැපයූ සියලු දෙනාටත් ස්තූති වන්තවෙමු.

සුභ ගමන් ඇත්‍ රජුනි, කාවන්තිස්ස .මිලකල නොහැකි ජාතික සම්පත රටට අහිමි කල  සියලු දෙනාටම ස්වභාවධර්මයයෙන් දඩුවම් ලැබේවා.
16/10/2026

සුභ ගමන් ඇත්‍ රජුනි, කාවන්තිස්ස .
මිලකල නොහැකි ජාතික සම්පත රටට අහිමි කල සියලු දෙනාටම ස්වභාවධර්මයයෙන් දඩුවම් ලැබේවා.

15/10/2026

සම්පුර්ණ වැඩසටහන මෙතනින් නරඹන්න

https://youtu.be/XzH54bkZWeM?si=N49q0lv0_OkUJRKC 🌿🌿


Central Environmental Authority - Sri Lanka Wildlife and Nature Protection Society of Sri Lanka Ministry of Youth and Sports Urban Biodiversity Alliance-Sri Lanka Department of Wildlife Conservation, Sri Lanka

ජෛව විවිධත්වයෙන් අනූන දියගම වැසිවනාන්තරයේ විද්‍යාත්මක අනාවරණයන් එකම රාමුවක..
11/10/2026

ජෛව විවිධත්වයෙන් අනූන දියගම වැසිවනාන්තරයේ විද්‍යාත්මක අනාවරණයන් එකම රාමුවක..

වර්තමානය වනවිට දියගම වනාන්තර ප්‍රදේශය google සිතියම්වලට අනුව  දළ වශයෙන් අක්කර 50 කට ආසන්න ප්‍රදේශයක ව්‍යාප්ත වී පවතී.මෑත...
10/10/2026

වර්තමානය වනවිට දියගම වනාන්තර ප්‍රදේශය google සිතියම්වලට අනුව දළ වශයෙන් අක්කර 50 කට ආසන්න ප්‍රදේශයක ව්‍යාප්ත වී පවතී.මෑතකාලින ඉදිකිරීම්වලින් පසුව ප්‍රධාන වශයෙන් වනාන්තර ප්‍රදේශය කොටස් දෙකක්(අක්කර 22,අක්කර 24.5 ) ලෙස පවතී.කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය්ය සම්පත් සෙනෙවිරත්න මහතා ඇතුලු අධ්‍යන කණ්ඩායම දියගම රත් උණහපුලුවන් පිළිබද සිදුකල අධ්‍යනයේ අප්‍රකාශිත සිතියමක් හා Google සිතියමක් මෙහි දැක්වේ.මෙම පාරිසර විද්‍යාත්මකව ඉතා වැදගත් බිම්කඩ ආරක්ෂා කිරීම ඔබ අප සියලු දෙනාගේ වගකීමකි.

09/10/2026

දියගම වනාන්තරයේ ජෛවවිවිධත්වය හා එහි වටිනාකම පිළිබද මනා අවබෝධයක් සහිතව ඉදිරියේදී සංරක්ෂණය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යන පරිසර අමාත්‍යතුමා,නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුලු පරිසර අමාත්‍යාංශයේ නිළදාරී මහත්ම මහත්මීන්ට අපගේ ස්තූතිය පලකර සිටින අතර නමුත් මෙම වනාන්තර පද්ධතිය වසර 20කට වඩා ඉතිහාසයක් සහිත වනාන්තරයක් බව විද්‍යාත්මක අධ්‍යනයන් සාක්ෂි දරයි. දියගම වනාන්තරයේ දුර්ලභ රත් උණහපුලුවන් ඇතුලු අනෙකුත් සත්ව හා ශාක ප්‍රජාවේ දිගුකාලීන සංරක්ෂණය නුදුරු අනාගතයේදී සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු...

09/10/2026

කොලඹ උණහපුලුවන්ගේ නිජබිම 😍🌿❤️‍🩹

09/10/2026
අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හර්ෂ ද සිල්වා මහතා දියගම වනාන්තරය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධව අපගේ ස්තූතිය ප...
09/10/2026

අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හර්ෂ ද සිල්වා මහතා දියගම වනාන්තරය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධව අපගේ ස්තූතිය පලකර සිටිමු.

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නාලංක...

Address

Diyagama Junction
Homagama
10208

Alerts

Be the first to know and let us send you an email when Diyagama Forest-Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share