05/02/2026
🌱 Germinators
අපව සොයා යන බහු-විධ හඬ සහ චලනයන්!
සංවර්ධනය යනු බාහිර ආකෘතීන් අනුගමනය කිරීම නොව, අපේම සම්පත් සහ අභිලාෂ මත ගොඩනැගෙන සාමූහික ගමනකි.
සාම්ප්‍රදායික දේශන රාමුවෙන් මිදී, සුදර්ශී නුග සෙවණේ දිගහැරෙන මේ අපූර්ව නිර්මාණාත්මක සන්ධ්‍යාවට ඔබත් එන්න!
අන්තර්ගතය :
ශබ්ද (Noises), චලනයන් (Movements) සහ සංවාද (Talks) මුසු වූ මෙම සන්ධ්‍යාවේදී අප පහත කරුණු සාකච්ඡා කරමු:
▫️️බහු-විධ සත්‍යය (Multiple Truths): බහු-විධ යථාර්ථයන් මත දැනුම ගොඩනැගීම
▫️️ස්වභාවික පද්ධතීන්:
ස්වභාවික පද්ධතීන්ගෙ ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් ඒ සමඟ කටයුතු කිරීම.
▫️️භූමිය සහ සැලසුම්කරණය:
පරිපාලනමය අවශ්‍යතා මත නොව, ජනතාවගේ ආරක්ෂාව සහ පරිසර පද්ධතිවල පැවැත්ම මත පදනම් වූ නව දැක්මක් සහිත සැලසුම්කරණය.
▫️️ප්‍රජා මුලිකත්වය: සෑම තීරණයක්ම වෘත්තීය ආදානය සහිතව ජනතා විසින් කරනු ලබන ක්‍රමවේදයක් ගොඩනැගිම
චලනයන් සහ ශබ්ද (Movements & Noises): හුදෙක් ප්‍රසංගයකින් එහා ගිය, අප අවට පරිසරය සහ සොබාදහම යනු එකම විශ්වීය ක්ෂේත්‍රයක් (One Cosmic Field) බව පසක් කරගන්නා ගැඹුරු අත්දැකීමක්
️විවෘත සංවාදය (Q&A):
ඔබේ අදහස් සහ ගැටලු ඉදිරිපත් කිරීමට වෙන්වූ විවෘත අවකාශය.
▪️Narrated By: මහාචාර්ය නිහාල් පෙරේරා සහ ප්‍රියංගි ජයසිංහ
▪️Noise Germinators: කාංචනා මල්ෂාණී, නාමිණී පංචලා, අජිත් කුමාරසිරි ඇතුළු පිරිස
▪️Moderated By: ෆාතිමා ෂානාස්
දිනය: පෙබරවාරි 13
වේලාව: ප.ව. 4.00 සිට
ස්ථානය: නුග සෙවණ, සුදර්ශී , බෞද්ධාලෝක මාවත, කොළඹ 07
විමසීම්. 0715 201 380