16/03/2025
MASTER CLUB සාමාජිකයින් වළකුඹුර මහා විද්‍යාලයට ගිය නෑ ගමන.
UNSTOPPABLE MASTER CLASS එකෙන් පස්සේ අපි පිහිටුවාගත් MASTER CLUB එකේ මූලික පරමාර්ථයක් වුණේ අපෙන් සමාජයට ආලෝකයක් වන දේවල් කරන එක. අපි ගන්න දැනුම අපට පමණක් නෙවෙයි, අපි උපයන මුදල් අපිට පමණක් නෙවෙයි අපි යමක් සමාජයටත් දෙමු කියන එක ගැන අපේ සාමාජිකයින් විශ්වාස කරනවා. මේ නිසාම අපි මේ පාර අපි මේ වගකීම ඉටු කලේ වලකුඹුර මහා විද්‍යාලය වෙනුවෙන්.
මේ පාසල ලමුන් 300 කට නොවැඩි පිරිසක් ඉගෙනුම ලබන විදුහලක්. උසස් පෙල දක්වා පන්ති පැවැත්වෙනවා. වත්මන් විදුහල්පතිතුමිය වන ඩී.ආර්.එච්.ඇලපාත මහත්මිය එහි වැඩ භාරගන්නා මොහොතේදී එය සාමාන්‍ය පෙළින් ලමුන් සමත්වෙන පාසලක් නොවෙයි. නමුත් ඇයගේ සහ කාර්‍ය මණ්ඩලයේ දැඩි කැපවීම මත අද එහි උසස් පෙළ නැවත ආරම්භ කර තිබෙනවා.
ඉතින් ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ පාසලේ පුස්තකාලය නවීකරණය කරන ක්‍රියාවලියට අපිව දායක කරගන්න. අපෙන් ඔවුන් ඉල්ලා සිටියේ හොද පොත් කබඩ්ස් කිහිපයක්. අපි ඊයේ ඔවුන්ට ලබාදුන් කබඩ්ස්වල වටිනාකම රුපියල් ලක්ෂ 3 කට ආසන්නයි. ඒ සඳහා, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙසෙන අපේ MASTER CLASS සාමාජිකයෙක් වෙන රංජන් දන්දෙණිය මහතා අපට රුපියල් 75,000 ක මුදලක් එවා තිබුණා. ඔහු ප්‍රමුඛව අපේ සාමාජිකයින් වෙන් වෙන් වශයෙන් හැකි පමණින් මුදලින් උපකාර කලා. ඒ විතරක් නෙවෙයි, අපේ ක්ලබ් එකේ සාමාජිකයෙක් වෙන වෛද්‍ය නිරංග ප්‍රවීන් වටිනා පරිගණකයක් පෞද්ගලිකව පරිත්‍යාග කලා. තවත් වටිනා පොත්පත් රැසක් අපි ලබාදුන්නා.
මෙතැනදි අපි විශේෂ ස්තුතියක් කරන්නේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ළහිරු සඳකැළුම් මහතාට. මේ සියල්ල වළකුඹුර මහා විද්‍යාලයට යන්නේ ඔහු අපේ එක ව්‍යාපෘතියක පිළිබඳ අපි දැමූ Post එකකට Comment එකක් දමමින් මේ ඉල්ලීම කරපු නිසා. තමන්ගේ විෂය පථයෙන් එහා මිනිස්සුන්ට සමාජයට වැඩක් කරන්න පුළුවන් බව ඔහු පෙන්වා දීලා තිබෙනවා.
MASTER CLUB සභාපති තුසිත කුමාර, භාණ්ඩාගාරික නුවන් සහ ලේකම් සංදීපනි සෑහෙන්න මෙවරත් මේ වැඩේට මහන්සි වුණා. නූර්, ප්‍රිස්ලි, කිත්මා, නිමේෂා, අනුපමා, රංග කියන අපේ සාමාජිකයින් මේ වැඩේට යන්න අපිත් එක්ක එකතු වුණා. මේ ගමනට ආ නොආ, වචනයෙන් පවා අපිව දිරිමත් කල සියලු MASTER CLUB සාමාජිකයින්ව අපි ආදරයෙන් මතක් කරනවා.
ඉදිරියේ දී අපි තවත් මෙවැනි ව්‍යාපෘති රැසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පරිත්‍යාගශීලි ඔබගේ සියලු දායකත්වයන් ලබා ගන්නට අපි අපේක්ෂා කරනවා. අපි දන්නවා මේ අපේ වැඩවලට ඔබගේ දායකත්වය ඔබ ලබාදෙන බව.
අපව දිරිගන්වන, අපට ආශීර්වාද කරන ඔබ සැමට ස්තූතියි.
- TEAM UNSTOPPABLE MASTER CLUB