Kind Hearts Foundation - මෙත් සිත් පදනම

Kind Hearts Foundation - මෙත් සිත් පදනම To do merits anonymously and share the joy with others join with us.
අනන්‍යතාවය හෙළි නොකරමින් පින්කම් කිරීමට සහ එහි සතුට බෙදාගැනීමට අප හා සම්බන්ධ වන්න.

WhatsApp 0770864311

18/08/2026

දෙවියන්ට ප්‍රිය කෙනෙක් වන්නේ කෙසේද?

මගේ ප්‍රථම අභිධර්ම ගුරුවරයා.. 💛කුටි සෙනසුන සදහා මාගේ මුදල් පූජාව සිව් දිගින් වඩිනා, තුන් කාලයට අයත් සංඝරත්නය උදෙසාම වේවා...
31/07/2026

මගේ ප්‍රථම අභිධර්ම ගුරුවරයා.. 💛
කුටි සෙනසුන සදහා මාගේ මුදල් පූජාව සිව් දිගින් වඩිනා, තුන් කාලයට අයත් සංඝරත්නය උදෙසාම වේවා !
මෙම වීඩියෝව - https://www.facebook.com/share/v/18yGL37z41/
ස්වාමීන්වහන්සේගේ අභිධර්ම පාඩම් මාලාව - https://youtube.com/playlist?list=PLMRkjiHsJbrhnNAEDWN6EGfjPlPNdnZMf&si=UsqXXHPxvvkZmk3p

26/07/2026
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ කතරගම දෙවියන් පිළිබඳව දැක්වූ අදහස්​“තව ඉතා වැදගත් සිද්ධියක් කියන්නම්. ඒක මා කිව්වද දන්...
18/07/2026

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ කතරගම දෙවියන් පිළිබඳව දැක්වූ අදහස්

​“තව ඉතා වැදගත් සිද්ධියක් කියන්නම්. ඒක මා කිව්වද දන්නේ නැහැ. මා කතරගමදී කතරගම දෙවියන් මගේ ඇස් දෙකින්ම දැක්කා. මට සම්පූර්ණයෙන්ම විශ්වාසයි කතරගම දෙවියන් ඉන්නවා කියලා. නිකම් මනඃකල්පිත මාත්‍රයක් නොවෙයි. එතුමාගේද ආරක්ෂාව මට එහෙම පිටින්ම තියෙනවා...."

බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි ග්‍රන්ථයෙනි (ඉත්තැපාන ධම්මාලංකාර හිමි)

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

කතරගම දෙවියොයි කියන්නෙ බොහොම ගුණසම්පන්න දෙවිකෙනෙක්. බලවත් උසස් කෙනෙක්. මා නම් විශ්වාස කරනවා සෝවාන් බවට පත් වූ කෙනෙක් කියා. අපේ මිනිස්සුන්ගෙ තියන තරහ මරහ වලට කතරගම දෙවියන් පලිගන්න යන්නෙ නැහැ ඒවගේ කටයුතු වලට වෙන වෙන අය ඇති.
කතරගම දෙවියන් වෙනුවෙන් දැන් කතරගම කටයුතු කරන්නෙ කඩවර.දැනට භාවනානුයෝගීව සිටින කතරගම දෙවියන් වැදගත්ම අවස්ථාවලට කතරගමට ඇවිත් යනවා.

ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි විසින් කථිත අපට නොපෙනෙන ලෝකය සහ වෙනත් දෑ ග්‍රන්ථයෙනි( මතුගම මහින්ද විජේතිලක )

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

"ඕම් ශ්‍රීම් වම් සරවනභවාය නමඃ"
ඉහත දැක්වූ මන්ත්‍රය කතරගම දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන එකකි.කතරගම දෙවියෝ බුද්ධශ්‍රාවක කෙනෙකි.ගෙදර ඉන්නා හැම දෙනාට මේ දෙක භාවිතා කරන්නට දුන මැනවි.සියලු මෙලොව ආරක්ෂාව ලැබේ.

( බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් සමුද්‍ර වෙත්තසිංහ මහතාට ලියූ ලිපියකිනි)

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ඉල්ලීම පරිදි නිල්වක්කේ සෝමානන්ද හිමියන් කතරගම දෙවියන් පිළිබඳව සිතින් විමසූ ප්‍රශ්නයට නාඩිවාක්‍ය ශාස්ත්‍රයෙන් මෙසේ පිළිතුරු ලැබී ඇත.

"පාර්වතිය වැඳ කාකෙයර් සෘෂි තවත් ප්‍රත්‍යෙක කාණ්ඩයක් කියාගෙන යයි. පළමු කොට තෙරුන්ගේ කේන්ද්‍ර සටහන මෙසේ දෙයි. ප්‍රශ්නකරුගේ ලග්නය මේෂ යයි. මිථුනයේ කුජ, මේෂයේ කේතු, සිංහයේ රවි, බුධ, කුම්භයේ චන්ද්‍රයා, ධනුවේ ශනි, තුලාවේ රාහු, කටකයේ ශුක්‍ර, මක⁣රයේ ගුරු, මෙසේ ග්‍රහයන් පිහිටා ඇති කාලයේ උපන් තැනැත්තාගේ පියාගේ නම කිරි අප්පුහාමි, මවගේ නම මැණික්හාමි, මොහුගේ නම සෝමානන්ද. 'බුදුරජුන් විසින් සිංහල දේශයට පළමුවෙන් එවන ලද දෙවියෝ කවුරුද' යනු මෙතෙමේ අසයි. එසේ එවන ලද්දේ ඒ රටේ තොරතුරු බලනු පිණිස යි. මෙසේ එවන ලද ඒ දෙවියෝ නම් සූර්යයා මෙන් බැබලීමක් ඇති සුබ්‍රමනියම් නම් දෙවියෝ ය. ඒ දෙවියන් යවා එරට වැසියන් ගේ අසමගිය ගැනත් බුදුදහමට නොගැලපෙන සේ එරට පවත්නා සත්ත්ව හිංසාව ගැනත් තොරතුරු සුබ්‍රමනියම් දෙවියන් විසින් කියන ලද කල්හි බුදු රජහු එරට වඩින්නට අදහස් කළහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ සිංහල දේශයට වැඩම කොට දහම් දෙසූ සේක. එයින් පසු බුදුරජුන් සඳහා බුද්ධාලයයක් ද සුබ්‍රමනියම් දෙවියන් සඳහා කතරගම සිද්ධස්ථානයක් ද මහජනයා විසින් කරන ලදහ. "

«The Past, Present and Future lives» 1️⃣In his first previous life: Venerable Ariyadhamma was a protector deva of the Ru...
17/07/2026

«The Past, Present and Future lives»

1️⃣In his first previous life:
Venerable Ariyadhamma was a protector deva of the Ruwanweli Stupa in Sri Lanka, named Maitri. When the deva’s near death moment, he took the kamma nimitta of the stupa as object and gain the rebirth as a human being, thereby becoming the late Venerable Ariyadhamma.

2️⃣Second past life: was a Brahma.

3️⃣Third past life:
Was a king in India named Rishi.he was a descendant of the Makhadeva clan. Later, he renounced and became a hermit . he practiced the Jhana of four Brahmavihara (Metta, Karuna, Mudita and Upekha)and Vipassana, leading an ascetic lifestyle.

4️⃣Fourth past life: was a deva.

⭕This life upon meditating and discerning his past fourteen lifes, until the fourteenth past life , he was a Bhikku under Buddha Kassapa. He diligently memorised and studied the Tipitaka, and practiced Vipassana till saṅkhārupekkhā-ñāṇa- the 'equanimity-knowledge with regard to the formations of existence'.

⭕Four asaṅkheyya (countless/immeasurable)and one hundred thousand great kappas ago, he was predicted as a Bodhisatta by Dipankara Buddha.
When future Buddha Metteyya lifetime, Mahathera will ordain as a Bhikku.
By discerning the dependent origination, Venerable Ariyadhamma understood that he would attain complete Omniscient Buddhahood in another 1800 lifetimes. At that time, the human lifespan is 100,000 years. He will be the next Buddha after Buddha Metteyya.

⭕Even though in Venerable's own diary, mentioned that he would use the white kasina to enter into first Jhana and reborn to the Brahma realm, but at last, one Sri Lankan Venerable observed that Venerable Ariyadhamma had taken rebirth in Tusita Heaven.

© Cornel Tanadya

සැවැත් නුවර එක් මල්කරුවෙකුට සොළොස් හවුරුදු වියට පැමිණි රූමත් දුවක් වූවා ය. දිනක් ඕ තලප ගුළි තුනක් පැසෙහි ලා ගෙන තවත් දැර...
15/07/2026

සැවැත් නුවර එක් මල්කරුවෙකුට සොළොස් හවුරුදු වියට පැමිණි රූමත් දුවක් වූවා ය. දිනක් ඕ තලප ගුළි තුනක් පැසෙහි ලා ගෙන තවත් දැරියන් හා එක්ව මල්වත්ත බලා ගියා ය. එදින සංඝයා පිරිවරා පිඬු පිණිස සැවැත් නුවරට වඩනා බුදුරජාණන් වහන්සේ ඇයට අතරමඟදී හමු වූහ. බුදුරදුනට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමා ගෙන යමින් සිටි තලප ගුළි තුන තථාගතයන් වහන්සේට පිළිගැන්වූවා ය. තථාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්‍රය එලවා පිළිගත් සේක. ඕ උන්වහන්සේගේ පා වැඳ බුද්ධාලම්බණ ප්‍රීතියෙන් තථාගතයන් වහන්සේ දෙස බලා සිටියා ය. එකල්හි තථාගතයන් වහන්සේ ඇය දෙස බලා සිනා පහළ කළ සේක. බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිසුන් මෙන් අකාරණයෙන් සිනා පහළ නො කරන සේක. එබැවින් අනඳ තෙරණුවෝ සිනා පහළ කිරීමේ කරුණ තථාගතයන් වහන්සේ ගෙන් විචාළහ. “ආනන්දය! මේ කුමරිය තලප පූජා කිරීමේ පිනෙන් අද ම කොසොල් රජුගේ අගමෙහෙසිය වන්නීය” යි තථාගතයන් වහන්සේ වදාළහ.
කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නා ය. එදිනම කොසොල් රජ අජාසත් රජු හා යුද කොට පැරදී අසකු පිටින් පලායන්නේ උයන සමීපයේ දී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේ ය. කුමරිකාව සෙසු දැරියන් සේ බිය වී පලා නො ගොස් නො බා රජු ඉදිරියට ගොස් අසුගේ රැහැන අල්ලා ගත්තා ය. රජ අසු පිට හිඳම සැමියකු ඇති නැති බව විචාරා සැමියකු නැති බව දැන අසු පිටින් බැස ඇගේ උකුලෙහි හිස තබා මඳ වේලාවක් හිඳ විඩා සන්සිඳවා ගෙන ඇය ද අසු පිට නංවා බලකාය හා නගරයට පිවිස ඇය ඇගේ නිවසෙහි රඳවා රජ මැදුරට පිවිස සවස් කාලයේ රථයක් යවා මහත් සත්කාරයෙන් සම්මානයෙන් ඇය ගෙන්වා රුවන් රැසක සිටුවා අභිෂේක කරවා අග මෙහෙසිය කර ගත්තේ ය. ඕ රජුට අතිශයින් ප්‍රිය වූවා ය.

(ජාතකට්ඨකථා සත්තකනිපාතයෙන්)

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන්
පුණ්‍යෝපදේශය

12/07/2026

බුදුවරු දේශනා කරන දුක යනු කුමක්ද?

01/07/2026

අඩි 30 ක් විතර උස ඉඹුල් පුලුන් ගහක උඩ අත්තක සරුංගල් නූලක පැටලිලා ඉදපු කූරුල්ලෙක් බේර ගත්තා.. ඉඹුල් කටු ගහක් නිසා අද උදේ ඉදල උත්සහ කරල හවස තමයි බේර ගත්තේ ලග වෙන පොල් ගහකට නැගලා.. අත්තට්ටක් නූලට කැපිලා හොදටම.. ආයෙ බොහෝ විට පිහාඹින්න බැරි වෙයි.. බේරගන්න උදව් කරපු නොකරපු හැම කෙනෙක්ටම මේ පින් අනුමෝදම් වෙත්වා! සසර මෙවන් අනතුරු වලට මුහුණ දීමට සිදු නොවේවා! මෙය අකුසල විපාකයක් නම් මෙවන් විපාක ගෙන දෙන පාපකර්ම කිරීමට සිදු නොවේවා!

සක්දෙවිඳුට හිටියා බිරින්දෑවරු 04 දෙනෙක්.සුධර්මා, චිත්‍රා, නන්දා, සුජා තමයි මේ හතර දෙනා..ඉතින් මේ හතර දෙනාගෙන් සක්දෙවිඳු ...
23/06/2026

සක්දෙවිඳුට හිටියා බිරින්දෑවරු 04 දෙනෙක්.
සුධර්මා, චිත්‍රා, නන්දා, සුජා තමයි මේ හතර දෙනා..

ඉතින් මේ හතර දෙනාගෙන් සක්දෙවිඳු "සුජා" ට විශේෂ ඇල්මක් දැක්වූවා..
සක්දෙවිඳු පිං කර ගන්න මනුස්ස ලෝකෙට එනකොට එන්නේ මේ "සුජා" එක්කයි..

සක්දෙවිඳු මෙන්න මේ සුජාතාව එක්ක තිබ්බ අපුරූ ගනුදෙනුව නිසාම සක්දෙවිඳුට නමක් වැටුනා..
"සුජම්පතී" කියලා..
ඒ කියන්නේ සුජාවගේ ස්වාමියා කියන එකයි..

සක්දෙවිඳුගේ බිරිඳ වෙන්න කලින් මේ "සුජා" කෙකියක් වෙලා ඇලක මාලු කමින් හිටපු කෙනෙක්..
ඊටත් කලින් සක්දෙවිඳු - "මඝ" මානවකයා වෙලා ඉන්න කාලේ "සුජාතා" නමින්ම ඔහුගේ බිරිඳ වෙලා හිටියා..
සක්දෙවිඳු තමන්ගේ පෙර ජිවිතේ ප්‍රේමියව සසරේ අත නොහැර තමන් ලගට ගත්ත හැටි හරි අපූරුයි..

හුගාක් ඉස්සර දඹදිව මචල කියන ගමේ තරුණයෙක්ව ඉපදිලා හිටියා..ඔහුට කිව්වේ "මඝ" කියලයි..
මඝ ට ඒ කාලේ හැටියට හිටියා බිරින්දෑවරු හතර දෙනෙක්..

ඒ හතර දෙනාගේ නම් වුනෙත් ..
සුධර්මා, චිත්‍රා, නන්දා, සුජාතා (සුජා)

ඒ වගේම මඝට හිටියා යාලුවෝ 32ක්..
මේ හැමෝම එකතු වෙලා බොහෝ පිං කලා..

දවසක් මේ කට්ටිය කතා වුනා ගමේ ලොකු ශාලාවක් හදන්න.. හැමෝම එකතු වෙලා වැඩේ පටන් ගත්තා.. හැබැයි "මඝ" තමන්ගේ බිරින්දෑවරු ටික මේ වැඩේට් සම්බන්ධ කර ගත්තේ නෑ..

හැබැයි බිරින්දෑවරුන්ටත් ආස හිතුනා මේ ශාලාව හදන වැඩේට සම්බන්ධ වෙන්න..ඒ නිසා ඔවුන් හොරෙන්ම මේ ශාලාවේ වැඩේට සම්බන්ධ වුනා..

ඔවුන් ගෙන් ‘සුධර්මා’ ශාලාව හදන බාසුන්නැහේ එක්ක හොර රහසේ ම කථාබස් කළා...

“අයියණ්ඩි, ඔය ශාලාවේ මට ප්‍රධානත්වයක් ලැබෙන්ට ඕනෑ. ඒ නිසා කැණිමඬල කාටවත් නොදී මට දෙන්ට” කියලා ඔහුට මුදල් දුන්නා. .

ඔහුත් හොඳයි කියලා මුලින් ම කැණිමඬලට ගන්න රුක කප්පවා, වේලවා, කැණිමඬල හදලා වස්ත්‍රයකින් ඔතාලා හංගලා තැබුවා..
නිශ්ශබ්දව සාලාව හදාගෙන ගියා. වහලය සදන්ට කැණිමඬලක අවශ්‍යතාව ආවා. බාසුන්නැහේ මෙහෙම කිව්වා.

“අහෝ…. පින්වත්නි…. එකක් අමතක වුනා නොවැ”

“ඒ මොකක්ද?”

“ඇයි දැන් කැණිමඬලක් ඕනෑ නොවෙද?”

“ඔව් ඉතින් අපි අරගෙන එමු”

“දැන් කපන ගස්වලින් කැණිමඬල හදන්ට බෑ. කලින් ගහ කපලා, වියලවලා, සැහැලා තබලයි කැණිමඬලට ගන්නේ”

“එහෙනම් අපි දැන් මොකද කරන්නේ?”

“කොහේ හරි ගෙදරක කැණිමඬලක් සදා තියෙන තැනකින් සොයා ගම්මු”

ඉතින් ඔවුන් කැණිමඬලක් සොයද්දි සුධර්මා ගේ ගෙදර එය තිබුනා. නමුත් ඈ එය මිලට දුන්නේ නෑ. ‘ඉදින් සාලාවට මාව කොටස්කාරියක් කරගන්නවා නම් විතරක් දෙන්නම්’ කිව්වා.

කට්ටිය ඒකට කැමති වුනා..ඔය විදියට "සුධර්මා" ත් ශාලාවේ කොටස්කාරියක් වුනා..

"චිත්‍රාත්" ඒ ස්ථානයේ අලංකාර උයනක් සැකසුවා. මල් ගෙඩි වලින් යුක්ත ඒ උයනේ අසවල් ගෙඩි නෑ කියලා කියන්ට බැරිතරම්.

"නන්දාත්" එතැනට අලංකාර පොකුණක් සකස් කළා. ඒ පොකුණේ පාට පසකින් යුක්ත පියුම් සැදුවා. එය ඉතාම ලස්සන රමණීය පොකුණක් වුනා.

හැබැයි...
සුජාතා මොකවත් ම කළේ නෑ..උබලා කරගනිල්ලා කියලා පාඩුවේ හිටියා..
ඉතින් මඝ ඇතුලු පිරිස මනුස්ස ලෝකේ බොහෝ පිං කරලා මැරිලා ගිහින් තව්තිසාවේ ඉපදුනා..

මඝ සක්දෙවිඳු වෙලා උපන්නා..යාලුවේ 32 ත් උපන්නා..ඒ යාලුවෝ 32 ට සහ සක්දෙවිඳුට කෝටිය බැගින් දෙව්පිරිස පහල වුන..
ඔක්කොම දෙවිවරු 33කෝටියක් උනා..
ඔන්න ඔය දෙවිවරුන්ට තමයි අපි තිස්තුන් කෝටියක් දෙවිවරු කියලා කියන්නේ..

එතකොට එදා අර ශාලාව හදපු බාසුන්නැහේ දෙව්ලොව "විශ්වකර්ම" දිව්‍යපුත්‍රයා වෙලා ඉපදුනා..
බලන්නකෝ සසරේ කරන පිං අනුව ලැබෙන දේවල් සකස් වෙන විදිය..

ශාලාවේ කැණිමඩල හදපු සුධර්මා මිනිස් ලොවින් චුතවෙලා සක්දෙවිඳුගේ බිරිඳ වෙලා උපන්නා..
කැණිමඬල දුන්නු පිනෙන් පන්සිය යොදුනක් දිගැති "සුධර්මා" නමැති දෙව්මිණි සභාව පහළ වුනා..
ඒ ශාලාවේ දිව්‍ය සේසත යට යොදුනක ප්‍රමාණයේ රන් අසුනේ වාඩි වී සිටින සක්දෙවිඳු දෙව්මිනිසුන්ගේ සියලු කටයුතු සොයා බලනවා.

"චිත්‍රාත්" මනුලොවින් චුතවෙලා සක්දෙවිඳු ගේ ම බිරිඳ වෙලා තව්තිසාවේ උපන්නා. ඈ උද්‍යානය කළ පිනෙන් ‘චිත්‍රලතා’ නමැති ඉතාම සිත්කලු උද්‍යානය පහළ වුනා.

"නන්දාත්" මනුලොවින් චුත වෙලා සක්දෙවිඳුගේ බිරිඳක් වෙලා තව්තිසාවේ උපන්නා. පොකුණක් කරවූ පිනෙන් "නන්දා" නමැති පස්පියුම් සැදි රමණීය පොකුණ පහළ වුනා.

හැබැයි සුජාතා කිසිම පිනක් කරගත්තේ නෑ නේ..
ඈ මිය ගිහින් වනාන්තරේ දිය ඇල්ලක් ළඟ කෙකිණියක් වෙලා උපන්නා..

සක්දෙවිඳු බැලුවා..මාත් එක්ක හිටපු ඔක්කොම දෙව්ලොව ඉන්නවා..කෝ මේ සුජාතා කියලා??

ඈ උපන්නේ කොහේද කියලා බලද්දී ඈ සිටිය තැන පෙනුනා.. සක්දෙවිඳු වහාම මනුස්ස ලෝකෙට ගිහින් අර කෙකිණියව දෙව්ලොව රැගෙන ආවා..
ඇයට රමණීය දේව නගරය, සුධර්මා දිව්‍ය සභාව, චිත්‍රලතා වනය, නන්දා පොකුණ පෙන්නුවා. පෙන්නලා මෙහෙම කිව්වා..

‘බලන්ට. මේ අය පින් කරගත්තු නිසා මගේ බිරින්දලා වෙලා මෙහේ උපන්නා.. නමුත් ඔබ කුසල් නොකොට තිරිසන් යෝනියේ උපන්නා..
ඔබ මෙතැන් පටන් සිල් රකින්ට ඕනෑ’

එහෙම අවවාද කරලා ආයෙමත් එතනට ම ගිහින් දැම්මා.. දැන් ඈ සිල් රකිනවා..
කීප දිනකින් ඈ සිල් රකිනවාද කියා සොයා බලන්ට සක්දෙවිඳු කල්පනා කළා.. මාළුවෙකුගේ වේශයෙන් වතුරේ උඩ පාවෙවී කෙකිණිය ඉදිරියට ආවා..
ඈ සිතුවේ මැරුණු මාළුවෙක් කියලා..
ඉතින් ඈ ඒ මාළුවාගේ හිසින් අල්ලා ගත්තා.. එතකොට මාළුවා වලිගය සෙලෙව්වා. එතකොට සතාට පණ තියෙනවා කියලා සිතා ඌව අත්හැරියා..

එතකොට සක්දෙවිඳු..
‘බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔබට සිල් රකින්ට පුළුවනි’ කියලා එතැනින් ගියා.

පණ තියෙන මාලු කන්නේ නැතුව සිල් රැකපු නිසා ඒ කෙකනියගේ බඩගින්නෙම මරණයට පත් වුනා..ඊටපස්සේ ඈ බරණැස වළං හදන්නෙකුගේ ගෙදර උපන්නා..

සක්දෙවිඳු ආයෙත් බැලුවා ඈ කොහේද උපන්නේ කියලා. ඈ මනුස්සලෝකේ උපන් බව දැනගත්තා..ඇයට පිහිට වෙන්න ඔනී කියලා හිතාගෙන මහල්ලෙකුගේ වෙස් අරගෙන කරත්තයක රන් කැකිරි පුරවා ගත්තා..

‘කැකිරි ගන්නවා ද…. කැකිරි ගන්නවා ද…. ’කියලා කෑගසාගෙන ගියා. එතකොට මිනිස්සු ඇවිත් ‘පියාණෙනි, අපටත් කැකිරි දෙන්ට’ කියලා ඉල්ලුවා.

“මං සිල් රකින අයටයි දෙන්නේ. ඔබලා සිල් රකින අයද?”

“අනේ අපි සිල් ගැන නම් දන්නේ නෑ. සල්ලි වලට දෙන්න” කිව්වා.

“නෑ…. මේවා මං මුදලට දෙන්නේ නෑ. සිල් රකින කෙනෙකුට විතරයි දෙන්නේ” කියලා මහල්ලා කියා සිටියා.

එතකොට මිනිස්සු ‘මේ මොන මෝඩයෙක් ද!’ කියලා යන්ට ගියා.

සුජාතාටත් මේ කැකිරි සීයා ගැන දැනගන්ට ලැබුනා..ඇයත් ගියා කැකිරි ගන්න..

‘සීයේ, මට එහෙනම් කැකිරි දෙන්ට’

‘දුවේ ඔයා සිල් රකිනවාද?’

‘එහෙමයි, මං සිල් රකින කෙනෙක්’

‘ඔයාට තමයි මම මේවා ගෙනාවේ’ ඔයා දිගටම සිල් රැකින්න ඔනෑ.. කියලා රන් කැකිරි කරත්තේ ගේ දොරකඩ තියලා සීයා යන්ට ගියා..

ඈ ඒ රන් කැකිරි වලින් දියුණු වුනා.. ඒ මිනිස් ලොවින් බොහෝ පින් කලා..
මරණින් මත්තේ වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ දියණිය වෙලා උපන්නා..සිල් රැකපු නිසා ඈ ගොඩාක් ලස්සන වුනා..

"වේපචිත්ති" අසුරයා ඇයට සැමියෙකු සොයා ගන්ට කියලා අසුරයන්ගේ රැස්වීමක් කැඳෙව්වා..
එතකොට සක් දෙවිඳු ඈ උපන්නේ කොහිද කියලා බැලුවා..එතකොට දැක්කා ඇය අසුර ලෝකේ ඉපදිලා..ඈ වෙනුවෙන් ස්වයංවර මංගල්‍යයක් අසුර නගරයේ සූදානම් කර තිබෙන බවත් දැක්කා..

සක්දෙවිඳු වයසක අසුර රූපයක් මවාගෙන ඒ උත්සවයට සහභාගී වුනා.. වයස නිසා ඔහුව කවුරුත් සැක කලේ නෑ..
සුජා,මල් මාලය අතට අරන් තමන්ට ගැලපෙන ස්වාමියා සොය සොයා ගියා..
එක්වරම අසුරවෙස් ගත් සක්දෙවිඳු දකින්ට ලැබුනා..
පෙර ආත්මයේ බැඳුනු සෙනෙහෙ නිසා මේ මගේ සැමියා කියා තෝරා ගත්තා.. මල් මාලය සක් දෙවිඳුට පැලැන්දුවා..

එතකොට අසුරයෝ වේපචිත්ති අසුර රජාට විහුලු කරන්න පටන් ගත්තා..

හූ..හූ..අන්න ඔබේ දුව මහලු අසුරයෙක්ට මල් මාලය දැම්මා..හරියට මිනිබිරියි සීයයි වගේ..

අසුරයෝ එහෙම විහුලුකරනකොට සක්දෙවිඳු සුජාවත් අරගෙන එකවරම අහසට නැග්ගා..

"මං මහල්ලෙක් නොවේ බොලව්..මං තමයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු.."
කියලා ක්ෂණයෙන් තව්තිසාවට පැනලා ආවා..
කෝටි තුනක් වූ දිව්‍යාංගනාවන්ට ඇය අග්‍ර තනතුරේ තිබ්බා..

දවසක් සුජා සක්දෙවිඳු ඇමතුවා..
"අනේ දෙවිඳුනේ මට කාත් මෙහේ කවුරුවත් නැ..ඒ නිසා ඔබ වහන්සේ යන තැනකට මාවත් අරගෙන යන්න.."

ඔය විදියට සක්දෙවිදු තමන් පෙර ජිවිතේ ආදරය් කරපු සුජාතාව අතහැරියේ නෑ..ආත්ම තුනක් ඇය පිටුපස හිඳිමින් ඇයව රැක ගත්තා..
ඇයව සුගතියට අර්ගෙන ආවා..සසරෙන් නිදහස් වෙන්න මඟ කිව්වා..

සැබෑ ප්‍රේමය නම්, පෙම්වතා පෙම්වතිය, බිරිඳ ස්වාමියා.. සසර දුකෙන් නිදහස් වෙන්න අත දීමයි..දුකින් නිදහස් වෙනවාට කැමති වීමයි..

ධම්මපදය අටුවාව ඇසුරෙනි..

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Kind Hearts Foundation - මෙත් සිත් පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share