Jayasumanarama Maha Viharaya Hakmana-JMV

  • Home
  • Jayasumanarama Maha Viharaya Hakmana-JMV

Jayasumanarama Maha Viharaya Hakmana-JMV JMV is an ancient Theravada Buddhist monastery located in southern Sri Lanka �.

2026 පොසොන් පෝය දා වැඩසටහන් පෙලගැස්ම.ජයසුමනාරාම මහා විහාරය හක්මන. 6.00 පෙ.ව සිල් සමාදන් කරවීම සහ උදෑසන කිරි ආහාර අටවිසි ...
28/06/2026

2026 පොසොන් පෝය දා වැඩසටහන් පෙලගැස්ම.

ජයසුමනාරාම මහා විහාරය හක්මන.

6.00 පෙ.ව සිල් සමාදන් කරවීම සහ උදෑසන කිරි ආහාර අටවිසි බුද්ධ පූජාව.

7.30 පෙ.ව උදෑසන දානය

8.30 පෙ.ව සමථ විපස්සනා භාවනා වැඩසටහන.

10.00 පෙ.ව උදෑසන ගිලන්පස

10.45 පෙ.ව දහවල් සමිබුද්ධ පූජාව

11.15 පෙ.ව දහවල් දානය සහ විවේකය

1.00 ප.ව දහවල සූත්‍ර සාකච්ඡාව

2.30 ප.ව සවස ගිලන්පස

3.00 ප.ව සවස ධර්ම දේශනාව

4.30 ප.ව සිල් පවාරණය

5.00 ප.ව සවස බෝධි පූජාව.

ප්‍රදර්ශන ධාතු කරඬුන් වහන්සේලා උදෙසා බැතිබර දායකත්වය.M.L.U චතුරංග - හක්මන P.H සඳවතී -  හක්මනM.B අර්ලි - හක්මනW.B පද්මිණි...
07/06/2026

ප්‍රදර්ශන ධාතු කරඬුන් වහන්සේලා උදෙසා බැතිබර දායකත්වය.

M.L.U චතුරංග - හක්මන
P.H සඳවතී - හක්මන
M.B අර්ලි - හක්මන
W.B පද්මිණි - හක්මන
R.P ගයානි - හක්මන
M.L සුසන්තමාලා - බෙලිඅත්ත
G.M නන්දාවතී - බෙලිඅත්ත

R.L වීරසිංහ මොරටුව විශ්වවිද්‍යාලය

H.D.I.D වීරසිංහ
මොරටුව විශ්වවිද්‍යාලය.

U D.N.L සම්පත්
මොරටුව විශ්වවිද්‍යාලය

නිෂාදි රාවතාවත්ත
ලංකා බැංකුව - බණ්ඩාරවෙල

මෙම උතුම් පුණ්‍ය කර්මයට සහභාගී වූ සැමට උතුම් වූ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා!

ඓතිහාසික හක්මන ජයසුමනාරාම මහා විහාරස්ථානය උදෙසා අති උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ සාරිපුත්ත, මොග්ගල්ලාන යන අග්‍රශ්‍රාවක...
06/06/2026

ඓතිහාසික හක්මන ජයසුමනාරාම මහා විහාරස්ථානය උදෙසා අති උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ සාරිපුත්ත, මොග්ගල්ලාන යන අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ශාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම වෙනුවෙන්, විනයානුකූලව නිර්මාණය කරන ලද උතුම් දා කරඬුන් වහන්සේලා යුගලක් පූජා කිරීමේ මහඟු පින්කම සාර්ථකව සිදු කෙරිණි.
​මෙම අති උතුම් ශාසනික කර්තව්‍යය සඳහා දායකත්වය දැරූ සියලුම පින්වත් දායකකාරකාදීන්ට අප්‍රමාණ කුසල් අත්වේවා!
​මෙම පින්කමට දායක වූ සියලුම දෙනාගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

​මෙම පින්කමින් රැස් කරගත් සියලුම කුසල් බලයෙන්, මෙම උතුම් පින්කමට දායක වූ ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය සහ සියලු යහපත සැලසේවා!
​පින් කැමති ඔබ සියලු දෙනාම මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා!
​සාධු! සාධු! සාධු!

02/06/2026

“සද්ධාධනං සීලධනං හිරිඔත්තප්පියං ධනං

සුතධනං ච චාගො ච පඤ්ඤා මෙ සත්තමං ධනං

යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා.

අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං

“සද්ධාධනය, සීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, සුතධනය, චාගධනය, පඤ්ඤාධනය යන මේ ධනයෝ යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ඇත්තාහු වෙත් නම් හේ දුප්පතෙක් නො වේය යි ද ඔහුගේ ජීවිතය හිස් එකක් නො වේ යයි ද ආර්‍ය්‍යයෝ කීහ” යනු එහි තේරුම ය.

සද්ධාධනය යනු බුද්ධාදි රත්නත්‍ර‍ය හා කර්ම, කර්ම ඵලය විශ්වාස කරන ස්වභාවය ය. සීලධනය යනු පඤ්ච ශීලාදි සිල් රැකීම ය. හිරිධනය යනු පාපය පිළිකුල් කරන ස්වභාවය ය. ඔත්තප්පධනය යනු පාපයට බිය වන ස්වභාවය ය. සුතධනය යනු ධර්මය උගත් බවය. චාගධනය යනු දන් දෙන ස්වභාවය ය. පඤ්ඤාධනය යනු නුවණ ය.

සැප ලැබීමට හා දුක් නැති කර ගැනීමට උපකාර වන සත්ත්වයනට ප්‍රීතිය ඇති කරවන දෙය ධන නම් වේ. එය වස්තු ධනය, ගුණ ධනය ය යි දෙවැදෑරුම් වේ. ආර්‍ය්‍යධන වනුයේ ගුණ ධනය යි. මිල මුදල් රන් රිදී මුතුමැණික් ආදි ධනය සමහර විට ධන හිමියාට අනර්ථය පිණිස ද පවත්නේ ය. අර්ථය පිණිස පැවතියත් එසේ පවත්නේ ජීවත් වන කාලය වූ මඳ කලකට පමණය. එය ලෙහෙසියෙන් විනාශ ද විය හැකි ය. එබැවින් ආර්‍ය්‍යයෝ ගුණ ධනය මිස වස්තු ධනය උසස් කොට නො සලකති. ශ්‍ර‍ද්ධාදි ධර්ම සත වනාහි සත්ත්වයනට සියලු සම්පත් ලැබීමට උපකාර වන ධර්ම සතකි. එබැවින් ආර්‍ය්‍යයෝ ඒවා උතුම් ධන වශයෙන් සලකති.

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන්, ඓතිහාසික හක්මන ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති සර්වඥ ධාතු වන්දනාව හා...
02/06/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන්, ඓතිහාසික හක්මන ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති සර්වඥ ධාතු වන්දනාව හා ප්‍රදර්ශනය, දායක පින්වතුන්ගේ එකමුතුවෙන් අතිශය භක්තිවන්තව සිදු කෙරිණි.
​උදෑසන කිරි ආහාර පූජාව, දෙතිස් ව්‍යාංජන සහිත දහවල දානය හා අෂ්ඨපාන පූජා ආදී පුණ්‍ය කර්මයන්හි මතක සටහන් කිහිපයක් මෙසේ ඔබ වෙත පිරිනමන්නෙමු.
මේ උතුමි පින්කම්වලින්
රැස්කරගත් සියලු කුසල් ඔබ සැම ද සාඳු සිත් ඇතිව සතුටින් අනුමෝදන් වෙත්වා!

​තෙරුවන් සරණයි!
ජයසුමනාරාම බෝ සමිඳු පිහිටයි!

ශ්‍රී ශාක්‍ය මුණි නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ අති උතුම් පුණ්‍යෝත්සවය සාම්ප්‍රදායික බෞද්ධ වත් පිළිවෙත් ...
01/06/2026

ශ්‍රී ශාක්‍ය මුණි නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ අති උතුම් පුණ්‍යෝත්සවය සාම්ප්‍රදායික බෞද්ධ වත් පිළිවෙත් වලට මුල්තැන දෙමින් පසුගියදා පැවැත්විණි.

​හක්මන පුරවරයම පින් බිමක් කරමින් වීදි සංචාරය කළ මෙම අසිරිමත් ධාතු පෙරහර, අවසානයේ හක්මන ජයසුමනාරාම මහා විහාරයට වැඩම කරවනු ලැබුවේ සැමගේ සාධු නාද මධ්‍යයේය.
​මෙම උතුම් පුණ්‍ය කර්මයට සහාය දැක්වූ, ගෞරව දැක්වූ සහ දායක වූ සැමට තෙරුවන් සරණයි!

​සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවා!

ශ්‍රි ශාක්‍යමුණි නිසැක සර්වඥ ධාතු ප්‍රදර්ශනය 2026​හක්මන ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන මෙම මහා පුණ්‍යෝත්සවය සඳහ...
30/05/2026

ශ්‍රි ශාක්‍යමුණි නිසැක සර්වඥ ධාතු ප්‍රදර්ශනය 2026

​හක්මන ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන මෙම මහා පුණ්‍යෝත්සවය සඳහා, හක්මන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රංගන සෙනෙවිරත්න මැතිතුමා ඇතුළු ගරු කාර්ය මණ්ඩලය විසින් ලබා දෙන ලද සහයෝගය අප ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.
​මෙම ඓතිහාසික හා අති උතුම් ධාතු වන්දනා පින්කම පිළිබඳව දැනුවත් වූ මොහොතේ පටන්, කිසිදු පැකිලීමකින් තොරව මේ උතුම් කාර්යයට උර දීමට ඔබ ගත් පියවර අපගේ හද පිරි ස්තුතියට හේතු වේ.
​විශේෂයෙන්ම
​ප්‍රචාරක කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබ දැක්වූ උනන්දුව.
​පින්කම් භූමිය අලංකාරවත් කිරීම සඳහා ඔබ ඇතුළු කාර්ය මණ්ඩලය ලබා දුන් දායකත්වය.
​දෙතිස් ව්‍යාංජන පූජා ඇතුළු පුද පූජා සත්කාරයන්හිදී දක්වන ලද කැපවීම.
​මේ සියල්ල පිටුපස ඇත්තේ බුද්ධ ශාසනය කෙරෙහි ඔබ සතු ශ්‍රද්ධාව සහ ප්‍රදේශයේ ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ඔබ තුළ පවතින උනන්දුවයි. ඔබ සිදු කළ මෙම මහා පින්කම, ඔබ සැමගේ ජීවිතවලට ආලෝකයක් මෙන්ම නිරෝගීභාවය සහ සතුට උදා කර දෙන උතුම් පින්කමක්ම වේවා!
​ ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්, ජයසුමනාරාම බෝ සමිඳුන්ගේ පිහිටත් නිරතුරුවම ලැබේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
​තෙරුවන් සරණයි!

https://www.facebook.com/share/p/1UZ7SCmMUB/

ඒ උතුමි සර්වඥ ධාතුන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අඟ්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ උතුමි ධාතූන් වහන්සේලා හක්මන ජයසුමනාරාම මහා ...
30/05/2026

ඒ උතුමි සර්වඥ ධාතුන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අඟ්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ උතුමි ධාතූන් වහන්සේලා හක්මන ජයසුමනාරාම මහා විහාරස්ථානයට වැඩමවීමට පෙර ඵෙතිහාසික රමිබා විහාරස්ථානයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂ පිං බිමෙහි දසුන්.
#2026

29/05/2026

අතිපූජ්‍ය කොටවායේ සුසීල හිමි.

හක්මණ ජයසුමනාරාම පුරාණ මහා විහාරය හා කැනඩා ඇල්බටා විපස්සනා බෞද්ධ මද්‍යස්ථානය ඇතුළු උභයමහා විහාරාධීපති, හක්මණ ජයසුමනාරාම පුරාණමහා විහාරස්ථ ශ්‍රි අත්ථදස්සී දහම්පාසලේ ප්රධානාචාර්‍ය

Address

Jayasumanarama Maha Viharaya

83100

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94412286959

Website

Alerts

Be the first to know and let us send you an email when Jayasumanarama Maha Viharaya Hakmana-JMV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jayasumanarama Maha Viharaya Hakmana-JMV:

Shortcuts

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share