07/12/2024
මායිම් බලපෑම
පරිසර පද්ධතියකට වන මායිම් බලපෑම Edge Effect ගැන තමයි අද කතාව.
මේ කාරණාව ලංකාවේ ප්‍රතිපත්ති හදන, තීරණ ගන්න ඉන්න ගොඩාක් නිලධාරින් හා සම්පාදකයින් දන්නේ නෑ, එහෙම නැත්නම් දැනගන්න උවමනාවක් නෑ, එහෙමත් නැත්නම් දන්නෑ වගේ ඉන්නවා.
ලෝකෙ විශාල ප්‍රමානයක් පර්‍යේශන කෙරූ ක්ෂේත්‍රයක් තමයි මේ වනාන්තරයකට, එහෙමත් නැත්නම් ඕනේම පරිසර පද්ධතියකට වන Edge Effect කියන්නේ.
ඉතින් ඇයි අපි මේ ගැන කතාකරන්න ඕනේ.
ප්‍රධානතම කාරණාව තමයි ලංකාවේ කවුරුත් ඒ ගැන කතා නොකිරිම.
ඇත්තටම අපිට හිතාගන්න බැරි දෙයක්, ඇයි මේ ගැන කතා නොකරන්නේ කියන දේ.
මේ සංකල්පය මුලින්ම හඳුන්වා දෙන්නේ Aldo Leopold කියන ඇමරිකානු ජාතිකයා. ඔහු ස්වභාව විද්‍යාඥ්ඥයෙක් දාර්ශනිකයෙක්, සංරක්ෂකයෙක් වගේම, විස්කෝන්සින් ( Wisconsin) විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය වරයෙක්. වනජිවි සංරක්ෂණයේ මූලික ආචාරධර්ම ගොඩනැංවිමේදි මොහුගේ දායකත්වය ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටුකරල තියෙනව.
ඕනෑම පරිසර පද්ධතියක් දෙකඩ විමේදි, බොහෝ විට නව මංමාවත් තැනිමේදි, නව ජනාවාස ඉදිකිරිමේදි, නව ගොවි බිම් එලිකිරිමෙදි හෝ නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භයේදි සිදුවන්නේ සවභාවික පරිසර පද්ධති දෙකඩ වීම හා එම පරිසර පද්ධතීන් වලින් කොටසක් එලි පෙහෙලිකර නව මානව ක්‍රියාකාරකම් ආරම්භ කිරිමයි. මෙසේ මානව ක්‍රියාවන් ආරම්භ විමත් සමඟම එම ස්වභාවික පරිසර පද්ධතියේ එලි කල ප්‍රදේශයට අමතරව මායිමේ සිට පද්ධතිය තුළට විශාල අහිතකර බලපෑමක් එල්ලවේ, එම එල්ලවන බලපෑම ගැන තමයි අද අපි කතාකරන්නේ. එක තමයි මායිම් බලපෑම, ඉංග්‍රිසියෙන් කියන්නේ Edged affect කියල. මෙසේ එල්ලවන බලපෑම සාමාන්‍ය ජනතාවට එකවරම නොපෙනුනත්, මේ සම්බන්ධව දැනුවත් අයෙකුට නම් එය නිරික්ෂණය කරන්න පුළුවන්. සමාන්‍යයෙන් භෞමික පද්ධතියක විශාල ගස් වලට එල්ලවන බලපෑම සුළු වුවත් දීර්ඝ කාලිනව එම ගස් වලටද මෙහි බලපෑම එල්ල වේ.
විශේෂයෙන්ම මානවයන්ගේ පැමිනිම හේතුවෙන් ඇතිවන නව ක්‍රියාකාරකම් අතර
1.,පොසිල ඉන්ධන දහනය මගින් නිකුත්වන හරිතාගාර වායු සහ ජනනය වන උෂ්ණත්වය
2. මිනිසුන් ආගමනයත් සමග ආක්‍රමනශිලි සත්ව සහ ශාක විශේෂ පැමිනිම
3. මිනිසුන් භාවිතා කර ඉවත දමන අප ජලය. ස්වභාවික පරිසරයට බැර කිරිම්
4. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ශබ්ද දුශනය සහ දෙදරිම්
5. මිනිසුන් විසින් බැහැර කරනු ලබන කසල
6. මිනිසුන් විසින් සවභාවිකව ජිවත්වන සතුන්ට ආහාර ලබාදිම
7. ජංගම දුරකතන සංඥා මගින් ඇතිවන බලපෑම්
8. විදුලි බල්බ දැල්විමේන් ඇතිවන බලපෑම
9. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වෙනස්වන ආර්දතාවය
10. මිනිස් ක්‍රියාකාරකම් හෙතුවෙන් සුලඟට වන බලපෑම
වැනි බොහෝ කාරනා හේතුවෙන් පරිසර පද්ධතියේ මායිමේ සිට අභ්‍යන්තරයට ඇතිවන බලපෑම නිසා ශාක සහ සත්ව ප්‍රජාවට දැඩි බලපෑමක් ඇතිවේ. මෙම බලපෑම මිටර් 10-15 සිට 100-200 දක්වා අභ්‍යන්තරයට එල්ල විය හැකි බව පර්‍යේශන මගින් තහවුරු වී ඇත (එය පරිසර පද්ධතියේ සවභාවය අනුව වෙනස් වේ).
බොහෝ නිලධාරින් වගකිවයුතු ආයතන සහ ජනතාව සිතන්නේ ගස් තියෙනවනම් ජෛවවිවිධත්වයට හානියක් නෑ කියල වූවත් ඒ පිළිබඳව දැනුවත් අයෙක් නම් දන්නව ජෛවවිවිධත්වය කියන්නේ හුදෙක් ගස්ම පමනක් නොවන බව. ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජිවියාගේ පටන් සද්ධන්ත හස්තීන් දක්වා මේ කියන ජෛවවිවිධත්වයට අයත් වේ. ( මිනිස් ආහාර සහ කසල අනුභව කිරිමෙන් හස්තීන් මියගිය අවස්ථා ලංකාවේදි අප අත්විඳිමින් ඇත)
එසේම වනාන්තර තුල පවත්වාගෙන යනු ලබන ආරණ්‍ය සේනාසන හේතුවෙන් වන මායිම් බලපෑම ඉතා විශාලයි.
උදාහරනයක් කියන්නම්, සිංහරාජ වනාන්තරය තුල තිබෙන ආරණ්‍යක ඉතුරුවෙන බත් විසිකරන වලට හැමදාම එනව ලංකාවට ආවේනික දුර්ලභ කුරුළු විශේෂ කීපයක සමාජිකයන්, විසිකරන බත් කන්න. එහෙම කන්න එන බොහෝ කුරුල්ලන් කාලෙකදි ලෙඩවෙනව අපි නිරික්ෂණය කලා. හේතුව විදියට අපි හිතන්නේ මිනිස්සු පරිභෝජනය කරන ආහාර මේ වනජීවින් කාපු නිසා වෙන්න පුළුවන්. මොකද මිනිස්සු ලෙඩ උනාම බෙහෙත් බිවුවට, මේ සත්තු මේව කාල ලෙඩ උනාම කාගෙන්ද බෙහෙත් ගන්නේ. දැන් දැනුනද බරපතලකම ......
තව එකක් කියන්නම්. ගාල්ලේ ඉඳල උඩුගමට යනකොට අපි යන්නේ කොට්ටව කැලේ මැදින්. ඔවු කැලේට කිසිම හානියක් වෙලා නෑ, වෙනදටත් වඩා හොඳට කැලේ තියෙනව. නමුත් බැහැල පරිස්සමින් බැලුවොත් වෙනද අපිට දකින්න හම්බවෙන සත්තු විශාල ප්‍රමානයක් දැන් සීග්‍ර ලෙස අඩුවෙලා. සමහර විශේෂ පාර අයිනේ දකින්න නැතිම තරන්. උදා, අඟ කටුස්සා, Rough horned lizard, Ceratophora aspera, ඇහැටුල්ලන් Ahaetulla nasuta , රන් පිළිහුඩුවන් Ceyx erithaca (Linnaeus, 1758)
Oriental Dwarfkingfisher/ Black-backed Kingfisher, මල්පුළුට්ටන් වගේ මාළු විශේෂ. එකට ප්‍රධාන හේතුව තමයි අද අපි කතාකරන මායිම් බලපෑම.
ලංකාවේ ස්වභාවික පරිසර පද්ධති වලට තිබෙන ප්‍රධානතම තර්ජනයක් තමයි ඒවා ඛන්ඩනය විම, මේ ඛනඩනය විමට මායින් බලපෑමත් එකතු උනාම අදාල පද්ධතියේ පාරිසරික වටිනාකම බොහෝම පහසුවෙන් සහ ඉක්මනට පහත වැටෙනවා.
ලංකාව කියන්නේ ඉතාම කුඩා වුවත් දැරිය නොහැකි තරම් සංකිර්ණ මාර්ග පද්ධතියක් තියෙන රටක්, ඉතින් ඒකම විශාල බලපෑමක් කරනව ජෛවවිවිධත්වය හායනයට.
මෙවැනි සමාජගත නොවු විද්‍යාත්මක කරුණු ජනතාව අතරට ගෙනයාම අපගේ පරමාර්තය වන අතර, දැනුවත් විම තුලින් සංරක්ෂණය වඩා ප්‍රායෝගික ක්‍රියාවක් වන බව අපගේ විශ්වාසයයි. එබැවින් මේ කරුණු හැකිතරම් එකිනෙකා අතර හුවමාරු කරගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.