BEES - Biodiversity Education & Exploration Society

BEES - Biodiversity Education & Exploration Society BEES
We, the Bio-diversity Education and Exploration Society(BEES) is a non-governmental , non profit, member based organization

We, the Bio-diversity Education and Exploration Society(BEES) is a non-governmental , non profit member based organization, comprised of young Conservationists and Environmentalists who are dedicated in conducting research and awareness programs on biodiversity, specially touching the areas of Reptiles, Amphibians, Fresh water fish, Fresh water crabs, Butterflies and their habitats.

04/04/2026
අපට බොහෝ දෙවල් වලට ප්ලෑන් B එකක් ඇත, නැත්නම් හදාගැනිමටද හැකියාවක් ඇත. නමුත් එහෙම ප්ලෑන් B එකක් නැති අවස්ථාවක් ඇත. ඒ අපි ...
25/07/2025

අපට බොහෝ දෙවල් වලට ප්ලෑන් B එකක් ඇත, නැත්නම් හදාගැනිමටද හැකියාවක් ඇත. නමුත් එහෙම ප්ලෑන් B එකක් නැති අවස්ථාවක් ඇත. ඒ අපි හැමෝම ජිවත්වන මේ පෘතුවිය විනාශ උවහොත් ගිහින් නැවතිමට තැනක් නැත. ඉතින් අපි මේ ලෝකේ, අපිට පුළුවන් විදියට ආරක්ශා කරගන්න ඕනේමයි. එකෙක් විනාශ කරනව කියල අපිත් ඒකම කරල හරියන්නේ නෑ, අපි හරිදේ කරනගමන් අනිත් අයවත් හරි පාරට ගන්නම ඕනේ.

ඉතින් එදිනෙදා ජීවිතයේ කරන සමහර දේවල් නිසා අපි නොහිතන විදියට මේලෝකේ විනාසය කරා යන ගමන වේගවත් වෙනව. අපිට පුළුවන්නම් ඒ මොනවද කොහොමද එහෙම වෙන්නේ කියල කතාකරන සහ මේ වන විනාශය නතරකරගන්න මොනවද අපිට කරන්න පුළුවන් කියල දැනගන්න වගේම ඒව ක්‍රියාවේ යොදවන්න, ඒක මාරම වැඩක් වේවි අනාගතයට.
අපිට පුළුවන් එහෙම උනොත් අපේන් පස්සේ එන්න ඉන්න මිනිස්සුන්ට, සත්තුන්ට වගේම ගස් කොලන් වලටත් ඉස්සර වගේ සුභදායක පරිසරයක් ඉතුරු කරන්න.
ඉතින් එන්න මේ සෙනසුරාදා අපි කතාකරමු අපිට මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කියල.

Online lecture series conducted by the Turtle Conservation Project and the Nature Pioneers' Society. You all are kindly invited for joining the online lecture series.

කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය සහ Nature Pioneers’ Society විසින් පවත්වනු ලබන මාර්ගගත දේශන මාලාව සඳහා සම්බන්ධ වීමට ඔබ සැමට කාරුණික ආරාධනා කර සිටින්නෙමු.

This week speech will be on “How to live Eco-Friendly”.

මෙම සතියේ දේශනයේ මාතෘකාව වනුයේ පරිසර හිතකාමීව ජිවත් වෙමු යන්නයි.

ආරාධිත දේශකවරයා පිළිබඳ යමක්...

ක්‍රිෂාන් වේවැල්වල මහතා කුඩා කල සිටම සොබා දහම ගවේෂණය කිරීමට සහ සංරක්ෂණය කිරීමට දැඩි උනන්දුවක් දක්වන කෙනෙකි. පරිසර අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම, වනජීවී නිරීක්ෂණ, ජෛවවිවිධත්ව අධ්‍යයන සමීක්ෂණ යන ක්ෂේත්‍රවල ඔහු නියැලී සිටී. එසේම ඔහු දැනට ශ්‍රී කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ දැනුවත් කිරීම් සහ අධ්‍යාපන වැඩසටහන් සංවිධානය සහ මෙහෙයවීම සිදු කරයි.

Don't miss out!

Look deep into nature... A journey to find the wonder of nature.

Turtle Conservation Project TCP is inviting you to a scheduled Zoom meeting.

Topic: Turtle Conservation Project TCP's Zoom Meeting.

Date: 26th July 2025

Time: 08:00 PM Colombo
Join Zoom Meeting

https://us06web.zoom.us/j/86207857150?pwd=iaCIptRhCBv0sJUs7KtOo8gWkosnyH.1

Meeting ID: 862 0785 7150
Passcode: 216767

One tap mobile
+13602095623,,86207857150 #,,,,*216767 # US
+13863475053,,86207857150 #,,,,*216767 # US
Dial by your location
+1 360 209 5623 US
+1 386 347 5053 US
+1 507 473 4847 US
+1 564 217 2000 US
+1 646 931 3860 US
+1 669 444 9171 US
+1 669 900 6833 US (San Jose)
+1 689 278 1000 US
+1 719 359 4580 US
+1 929 205 6099 US (New York)
+1 253 205 0468 US
+1 253 215 8782 US (Tacoma)
+1 301 715 8592 US (Washington DC)
+1 305 224 1968 US
+1 309 205 3325 US
+1 312 626 6799 US (Chicago)
+1 346 248 7799 US (Houston)
Find your local number: https://us06web.zoom.us/u/kdg47qDBac

කන්නෙලිය, නාකියාදෙනිය, දෙල්ලව (KDN complex)  අන්තර්ජාතික ජෛවගොල රක්ෂිතයේ නාකියාදෙණිය කොටස හොයාගන්න නැති තරම් දැන්. ජීවත්...
22/07/2025

කන්නෙලිය, නාකියාදෙනිය, දෙල්ලව (KDN complex) අන්තර්ජාතික ජෛවගොල රක්ෂිතයේ නාකියාදෙණිය කොටස හොයාගන්න නැති තරම් දැන්. ජීවත් වෙච්ච මාළුන්ගෙන් 70% විතර දැන් මේ පද්ධතීන්ට අහිමිවෙලා ඉවරයි. ඉන්න ටික ආරක්ෂා කරන්නනම් මොනවහරිම දෙයක් කරන්න වෙයි. ලාභය පමණක්ම අරමුණු කරගත් සමාගම කියන්නේ සාපයක් මේ ලෝකෙටම.

26/03/2025

'කැස්බෑවා' ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබ දැක්වූ සහයෝගයට ස්තූතියි!🐢🌊

මුහුදු කැස්බෑවන්ගේ ආරක්ෂාව සහ සාගර පරිසරය සුරැකීම සඳහා ක්‍රියාත්මක වූ ‘කැස්බෑවා’ ව්‍යාපෘතියේ දෙවන අදියර සාර්ථකව නිමා විය.

ඒ සඳහා අපට වටිනා දැනුවත්කිරීම් ලබාදෙමින්, මුහුදු කැස්බෑවන්ගේ ජීවිත සුරැකීමට මෙම පරිසරික ක්‍රියාදාමයට අප හා එක්වූ ක්‍රිශාන් වේවැල්වල මහතාට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබේ දැනුම,අත්දැකීම් සහ ආදරණීය සහයෝගය නැවතත් මෙවැනිම වූ සොඳුරු පරිසර ක්‍රියාදාමයකින් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු.✨

Thank you for your support of the ‘Kesbawa’ Project! 🐢🌊

The second phase of the ‘Kesbawa’ project, implemented to protect sea turtles and conserve the marine environment, has been successfully completed.

We extend our heartfelt gratitude to Mr. Krishan Wewalwala for providing us with valuable insights and joining us in this environmental initiative to safeguard the lives of sea turtles.

We look forward to receiving your knowledge, experience, and kind support once again in another meaningful environmental endeavor.✨

Design -
Rtr. Umila Malshan

Caption -
Rtr. Chathuri Pramoda
Rtr. Lowamini Prabhashika








Youth
Future

07/12/2024

මායිම් බලපෑම

පරිසර පද්ධතියකට වන මායිම් බලපෑම Edge Effect ගැන තමයි අද කතාව.

මේ කාරණාව ලංකාවේ ප්‍රතිපත්ති හදන, තීරණ ගන්න ඉන්න ගොඩාක් නිලධාරින් හා සම්පාදකයින් දන්නේ නෑ, එහෙම නැත්නම් දැනගන්න උවමනාවක් නෑ, එහෙමත් නැත්නම් දන්නෑ වගේ ඉන්නවා.
ලෝකෙ විශාල ප්‍රමානයක් පර්‍යේශන කෙරූ ක්ෂේත්‍රයක් තමයි මේ වනාන්තරයකට, එහෙමත් නැත්නම් ඕනේම පරිසර පද්ධතියකට වන Edge Effect කියන්නේ.
ඉතින් ඇයි අපි මේ ගැන කතාකරන්න ඕනේ.
ප්‍රධානතම කාරණාව තමයි ලංකාවේ කවුරුත් ඒ ගැන කතා නොකිරිම.

ඇත්තටම අපිට හිතාගන්න බැරි දෙයක්, ඇයි මේ ගැන කතා නොකරන්නේ කියන දේ.
මේ සංකල්පය මුලින්ම හඳුන්වා දෙන්නේ Aldo Leopold කියන ඇමරිකානු ජාතිකයා. ඔහු ස්වභාව විද්‍යාඥ්ඥයෙක් දාර්ශනිකයෙක්, සංරක්ෂකයෙක් වගේම, විස්කෝන්සින් ( Wisconsin) විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය වරයෙක්. වනජිවි සංරක්ෂණයේ මූලික ආචාරධර්ම ගොඩනැංවිමේදි මොහුගේ දායකත්වය ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටුකරල තියෙනව.

ඕනෑම පරිසර පද්ධතියක් දෙකඩ විමේදි, බොහෝ විට නව මංමාවත් තැනිමේදි, නව ජනාවාස ඉදිකිරිමේදි, නව ගොවි බිම් එලිකිරිමෙදි හෝ නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භයේදි සිදුවන්නේ සවභාවික පරිසර පද්ධති දෙකඩ වීම හා එම පරිසර පද්ධතීන් වලින් කොටසක් එලි පෙහෙලිකර නව මානව ක්‍රියාකාරකම් ආරම්භ කිරිමයි. මෙසේ මානව ක්‍රියාවන් ආරම්භ විමත් සමඟම එම ස්වභාවික පරිසර පද්ධතියේ එලි කල ප්‍රදේශයට අමතරව මායිමේ සිට පද්ධතිය තුළට විශාල අහිතකර බලපෑමක් එල්ලවේ, එම එල්ලවන බලපෑම ගැන තමයි අද අපි කතාකරන්නේ. එක තමයි මායිම් බලපෑම, ඉංග්‍රිසියෙන් කියන්නේ Edged affect කියල. මෙසේ එල්ලවන බලපෑම සාමාන්‍ය ජනතාවට එකවරම නොපෙනුනත්, මේ සම්බන්ධව දැනුවත් අයෙකුට නම් එය නිරික්ෂණය කරන්න පුළුවන්. සමාන්‍යයෙන් භෞමික පද්ධතියක විශාල ගස් වලට එල්ලවන බලපෑම සුළු වුවත් දීර්ඝ කාලිනව එම ගස් වලටද මෙහි බලපෑම එල්ල වේ.

විශේෂයෙන්ම මානවයන්ගේ පැමිනිම හේතුවෙන් ඇතිවන නව ක්‍රියාකාරකම් අතර

1.,පොසිල ඉන්ධන දහනය මගින් නිකුත්වන හරිතාගාර වායු සහ ජනනය වන උෂ්ණත්වය
2. මිනිසුන් ආගමනයත් සමග ආක්‍රමනශිලි සත්ව සහ ශාක විශේෂ පැමිනිම
3. මිනිසුන් භාවිතා කර ඉවත දමන අප ජලය. ස්වභාවික පරිසරයට බැර කිරිම්
4. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ශබ්ද දුශනය සහ දෙදරිම්
5. මිනිසුන් විසින් බැහැර කරනු ලබන කසල
6. මිනිසුන් විසින් සවභාවිකව ජිවත්වන සතුන්ට ආහාර ලබාදිම
7. ජංගම දුරකතන සංඥා මගින් ඇතිවන බලපෑම්
8. විදුලි බල්බ දැල්විමේන් ඇතිවන බලපෑම
9. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වෙනස්වන ආර්දතාවය
10. මිනිස් ක්‍රියාකාරකම් හෙතුවෙන් සුලඟට වන බලපෑම

වැනි බොහෝ කාරනා හේතුවෙන් පරිසර පද්ධතියේ මායිමේ සිට අභ්‍යන්තරයට ඇතිවන බලපෑම නිසා ශාක සහ සත්ව ප්‍රජාවට දැඩි බලපෑමක් ඇතිවේ. මෙම බලපෑම මිටර් 10-15 සිට 100-200 දක්වා අභ්‍යන්තරයට එල්ල විය හැකි බව පර්‍යේශන මගින් තහවුරු වී ඇත (එය පරිසර පද්ධතියේ සවභාවය අනුව වෙනස් වේ).
බොහෝ නිලධාරින් වගකිවයුතු ආයතන සහ ජනතාව සිතන්නේ ගස් තියෙනවනම් ජෛවවිවිධත්වයට හානියක් නෑ කියල වූවත් ඒ පිළිබඳව දැනුවත් අයෙක් නම් දන්නව ජෛවවිවිධත්වය කියන්නේ හුදෙක් ගස්ම පමනක් නොවන බව. ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජිවියාගේ පටන් සද්ධන්ත හස්තීන් දක්වා මේ කියන ජෛවවිවිධත්වයට අයත් වේ. ( මිනිස් ආහාර සහ කසල අනුභව කිරිමෙන් හස්තීන් මියගිය අවස්ථා ලංකාවේදි අප අත්විඳිමින් ඇත)
එසේම වනාන්තර තුල පවත්වාගෙන යනු ලබන ආරණ්‍ය සේනාසන හේතුවෙන් වන මායිම් බලපෑම ඉතා විශාලයි.
උදාහරනයක් කියන්නම්, සිංහරාජ වනාන්තරය තුල තිබෙන ආරණ්‍යක ඉතුරුවෙන බත් විසිකරන වලට හැමදාම එනව ලංකාවට ආවේනික දුර්ලභ කුරුළු විශේෂ කීපයක සමාජිකයන්, විසිකරන බත් කන්න. එහෙම කන්න එන බොහෝ කුරුල්ලන් කාලෙකදි ලෙඩවෙනව අපි නිරික්ෂණය කලා. හේතුව විදියට අපි හිතන්නේ මිනිස්සු පරිභෝජනය කරන ආහාර මේ වනජීවින් කාපු නිසා වෙන්න පුළුවන්. මොකද මිනිස්සු ලෙඩ උනාම බෙහෙත් බිවුවට, මේ සත්තු මේව කාල ලෙඩ උනාම කාගෙන්ද බෙහෙත් ගන්නේ. දැන් දැනුනද බරපතලකම ......
තව එකක් කියන්නම්. ගාල්ලේ ඉඳල උඩුගමට යනකොට අපි යන්නේ කොට්ටව කැලේ මැදින්. ඔවු කැලේට කිසිම හානියක් වෙලා නෑ, වෙනදටත් වඩා හොඳට කැලේ තියෙනව. නමුත් බැහැල පරිස්සමින් බැලුවොත් වෙනද අපිට දකින්න හම්බවෙන සත්තු විශාල ප්‍රමානයක් දැන් සීග්‍ර ලෙස අඩුවෙලා. සමහර විශේෂ පාර අයිනේ දකින්න නැතිම තරන්. උදා, අඟ කටුස්සා, Rough horned lizard, Ceratophora aspera, ඇහැටුල්ලන් Ahaetulla nasuta , රන් පිළිහුඩුවන් Ceyx erithaca (Linnaeus, 1758)
Oriental Dwarfkingfisher/ Black-backed Kingfisher, මල්පුළුට්ටන් වගේ මාළු විශේෂ. එකට ප්‍රධාන හේතුව තමයි අද අපි කතාකරන මායිම් බලපෑම.

ලංකාවේ ස්වභාවික පරිසර පද්ධති වලට තිබෙන ප්‍රධානතම තර්ජනයක් තමයි ඒවා ඛන්ඩනය විම, මේ ඛනඩනය විමට මායින් බලපෑමත් එකතු උනාම අදාල පද්ධතියේ පාරිසරික වටිනාකම බොහෝම පහසුවෙන් සහ ඉක්මනට පහත වැටෙනවා.
ලංකාව කියන්නේ ඉතාම කුඩා වුවත් දැරිය නොහැකි තරම් සංකිර්ණ මාර්ග පද්ධතියක් තියෙන රටක්, ඉතින් ඒකම විශාල බලපෑමක් කරනව ජෛවවිවිධත්වය හායනයට.
මෙවැනි සමාජගත නොවු විද්‍යාත්මක කරුණු ජනතාව අතරට ගෙනයාම අපගේ පරමාර්තය වන අතර, දැනුවත් විම තුලින් සංරක්ෂණය වඩා ප්‍රායෝගික ක්‍රියාවක් වන බව අපගේ විශ්වාසයයි. එබැවින් මේ කරුණු හැකිතරම් එකිනෙකා අතර හුවමාරු කරගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Address

86/2, Wackwella Road
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when BEES - Biodiversity Education & Exploration Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to BEES - Biodiversity Education & Exploration Society:

Share