23/01/2024
🛑 *පුවත් සාරාංශය* 🛑
*මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට*
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද ඊයේ (22) හිමිවුණි.
*දින 20ක් තුළ ඩෙංගු මරණ 3ක්*
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙනවා. වසරේ ගත වූ පළමු දින 20 තුළ මෙම මරණ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා
*නවතම පුවත් එසැණින් දැනගන්න සම්බන්වන්න අප සමඟින්*
*BreakingNewsLK whatsapp Group*
WhatsApp Group Invite