Sri Lanka Green Alliance

Website

Sri Lanka Green Alliance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Green Alliance, Environmental conservation organisation, Divulapitiya.

ශ්‍රී ලංකා හරිත සන්ධානයේ අප පරිසර හිතකාමී තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් වන දේශපාලනයක් මගින් අපේ රටේ අනාගතය බලගන්වන දේශපාලන ව්‍යාපාරයකි.

අප උත්සහ කරන්නේ තිරසාර සංවර්ධන මගක රට ඉදිරියට ගෙනයැමටයි . රටන ඕනේ අලුත් දේශපාලනයක්. අපිට ගැලපෙන අලුත් ක්‍රමයක්, අලුත් රටක්.

අපට අවශ්‍ය රට ගොඩ නගන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක්. ලෝකේ දියුණු රටවල් හැම එකක්ම කල වගේ අපත් ගොවිතැන ඉහලටම ඔසවා තැබිය යුතුයි. දෙවනුව ඒ ශක්තිමත් පදනම මත ග්‍රාමීය කර්මාන්ත තිරසාර ආකාරයෙන් ගොඩ නැගිය යුතුයි. මේ සියල්ල කරන්න අප ගමයි පන්සලයි වැවයි දාගැබයි මත ශක්තිමත්ව ගොඩ නගන ආර්ථිකයකින් පමණයි. අපේ අනාගතය රැදිලා තියෙන්නේ කළු සුද්දෝ කියන ආකාරයට IMF වන්දනා කිරීමෙන් නොවෙයි.

අපට නැගිටින්න තියන එකම මග තියෙන්නේ ගමයි පන්සලයි එක්ක. අප කලක් ලොබ ධනවත්ම වෙළද රාජ්‍ය වුනේ අන්න ඔය කියපු ක්‍රමයට.

රුපියල් 239කට වැඩි ඩීසල් විදුලියට ඉඩ හදන්න සූර්ය බලශක්තිය හකුළන අනුරගේ ආණ්ඩුව.ශ්‍රී ලංකාවට අද ඇති විශාලතම බලශක්ති ප්‍රශ්...
02/10/2026

රුපියල් 239කට වැඩි ඩීසල් විදුලියට ඉඩ හදන්න සූර්ය බලශක්තිය හකුළන අනුරගේ ආණ්ඩුව.

ශ්‍රී ලංකාවට අද ඇති විශාලතම බලශක්ති ප්‍රශ්නය වන්නේ සූර්ය බලශක්තියේ හෝ සුළං බලශක්ති ප්‍රභවයන්ගේ අඩුවක් නොවේ. ගැටලුව වන්නේ රටට තිබෙන ලාභදායී, දේශීය සහ පුනර්ජනනීය බලශක්ති හැකියාව වෙනුවට, ආනයනික ඉන්ධන මත රඳා පවතින මිල අධික තාප විදුලි බලාගාර ගොඩනැගීම සඳහා පුනර්ජනනීය බලශක්තිය වැනසීමයි. ඒ ජනපති අනුරගේ නල්ල මලේ පුනරුදය යටතේ ඇතිවී තිබෙන කිං කැකිල්ලේ පාලනයේ ප්‍රතිඵලයි.

ශ්‍රී ලංකාවේ rooftop solar ක්ෂේත්‍රය රාජ්‍ය මුදල් මත ගොඩනැගුණු ව්‍යාපෘතියක් නොවේ. 2026 ජූනි වන විට වහල මත ඉදිකරන සූර්ය බල ධාරිතාව ආසන්න වශයෙන් 2,502 MWක් දක්වා වර්ධනය වී තිබේ. එනම් නිවාස 150,779ක් මත ඇති විදුලි බල පද්ධති අද වන විට රටේ බලශක්ති පද්ධතියේම ස්ථායිතාව සිය දෙවුර මත දරාගෙන සිටියි. මහජන උපයෝගිතා කොමිසමේ දත්ත භාවිත කරමින් සිදු කළ ගණනය කිරීම් අනුව, එය රුපියල් බිලියන 300–445 අතර මහජන ආයෝජනයකි. මේ රජයේ මුදල් වියදම් නොකර, මහවැලි ජල ව්‍යාපෘතිය මෙන් 170%ක විදුලි බලයක් රටට දායාද කළ ව්‍යාපෘතියකි. මෙම සූර්ය බල පද්ධති නිසා ජාතික විදුලි බල පද්ධතියට මාසිකව බිලියන 20කට ආසන්න මුදලක් ඉතිරි වේ. ඉතාම අඩු මිල සූර්ය බලශක්තිය මගින් විස්ථාපනය කරන්නේ ඒකකයක් රුපියල් 99.77ක් වන ඩීසල් විදුලි ඒකකයක් බව අද අනුර කුමාර ජනතාවගෙන් සඟවයි.

ක්ෂේත්‍රයක් ශක්තිමත් කිරීම වෙනුවට, නව rooftop agreements සඳහා වසර 12ක සීමාවක් පනවමින්, ඉතාම විකෘති ගාස්තු ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන Net Plus පමණක් ක්‍රියාත්මක කිරීම නිසා මේ වන විට සියලු සූර්ය බල ව්‍යාපෘතිවල කටයුතු නැවතී ඇත. මීට අමතරව රජය නීති විරෝධී ආකාරයෙන් කිසිදු සූර්ය බල ව්‍යාපෘතියකට අයදුම්පත් භාර දිය නොහැකි ලෙස සිය වෙබ් අඩවිය පවා අවහිර කර ඇත. මේ තීරණය ක්‍රියාත්මක කරන්නේ ඒ සඳහා බලයක් නොමැති අමාත්‍යාංශය සහ ජාතික විදුලි සමාගම්, මහජන උපයෝගිතා කොමිසමේ උපදෙස් නීති විරෝධී ලෙස නොතකා හැරීමෙනි.

පසුගිය වසරේ ජනවාරි මස 31 වනදා ඒකකයක් රුපියල් 239ක් වන ඩීසල් විදුලි බලාගාරයට අනුමැතිය ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ එහි මිල ඒකකයකට රුපියල් 20ක් යැයි සඳහන් කරමින් බව මෙහිදී සඳහන් කළ යුතුමය. මහජන උපයෝගිතා කොමිසම පසුගිය වසරේ අප්‍රේල් මස 3 වනදා මෙම රුපියල් 20 මිල ගණන සකස් කර ඇත්තේ ව්‍යාජ ආකාරයෙන් බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී දින 9කින්, අප්‍රේල් මස 12 වනදා එකී දූෂිත බලාගාරයට ගිවිසුම් අත්සන් කිරීමට වත්මන් රජය කටයුතු කළේය. ඒ විදුලිබල මණ්ඩලය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය අතරය. වැදගත් කාරණයක් වන්නේ ඒ ආයතන දෙකෙහිම සභාපතිවරයා ලෙස ගිවිසුම් අත්සන් කරන්නේ තිලක් සියඹලාපිටිය මහතාම වීමය.

මේ අන්ත දූෂිත ක්‍රියාවලිය සිදුවන විටත් අප්‍රේල් මස 10 වනදා සිට පද්ධතියෙන් නීති විරෝධී ලෙස සියලු සූර්ය බලාගාර මෙන්ම කුඩා ජල විදුලි බලාගාරත් විසන්ධි කිරීමට රජය පියවර ගෙන තිබුණේය. වික්ටෝරියා බලාගාරයේ පාලනය බිඳ වැටීම නිසා පෙබරවාරි මස ජාතික විදුලි පද්ධතිය බිඳ වැටීම සූර්ය බලය නිසා සිදුවූ බවට ජනමතයක් ගොඩනැගීමට, ධුරයෙන් පන්නා දැමීමට සිදුවූ කුමාර ජයකොඩි පියවර ගත්තේය.
මේ වන විට ජනාධිපතිවරයාගේ ඩීසල් හිතවාදී දූෂිත ප්‍රතිපත්තිය හේතුවෙන් 2025දී 887 MWකින් වැඩි වූ සූර්ය බලය 2026 මුල් මාස 9 තුළ 214 MWක් දක්වා කඩා වැටී ඇත.

මහජන උපයෝගිතා කොමිසමේ තොරතුරු අනුව 2026 අප්‍රේල්–ජූනි සැලැස්ම අනුව West Coast සහ සොභාධනවී යන තාප බලාගාර ධාරිතාව පවත්වාගැනීම වෙනුවෙන් වන වියදමින් ආසන්න වශයෙන් 44%ක් ලබාගන්නා නමුත්, විදුලි නිෂ්පාදනයෙන් ඔවුන්ගේ කොටස ආසන්න වශයෙන් 3%ක් පමණි. වෙස්ට් කෝස්ට් බලාගාරය සඳහා මාසික ධාරිතා වියදම රු. බිලියන 1.4ක් පමණ වන අතර සොභාධනවී බලාගාරය සඳහා මසකට රු. බිලියන 1.2කට ආසන්න වේ. එනම් ඩීසල් බලය ලබාගැනීමට බලශක්තිය ලබාගත්තත් නැතත් මේ බලාගාරවලට වසරකට රුපියල් කෝටි 312ක් ගෙවනු ලබයි. මේ වසරේ දින අනූවක කාලයකදී සොභාධනවී බලාගාරය ක්‍රියාත්මක වී ඇත්තේ පැය 6ක් පමණි. මෙම බලාගාරය පසුගිය වර්ෂයේ භාවිත කළේ සමස්ත වසරෙන් 5%ක කාලයක් පමණි. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය අනුර කුමාර රජය අලුතෙන්ම ඉදිකිරීමට සැරසෙන සහස්ධනවී බලාගාරයයි.

318 MW ඩීසල් බලාගාරයක් ලෙස වසරකට පූර්ණ ධාරිතාවෙන් දින 15ක් පමණක් ක්‍රියාත්මක වුවත්, වාර්ෂිකව අප ධාරිතාව සඳහා ගෙවන මිල රු. බිලියන 17.9කට ආසන්නය. එම දින 15ක විදුලි නිෂ්පාදනය 114.5 GWh පමණ වන අතර බලශක්ති වියදම තවත් රු. බිලියන 8.8ක් පමණ වෙයි. ඒ අනුව වාර්ෂික වියදම රු. බිලියන 26.7කට ආසන්න වන අතර නිපදවන ඒකකයක මිල අවම වශයෙන් රු. 233ක් පමණ වේ. මහජන උපයෝගිතා කොමිසම විසින් අගෝස්තු 2026දී භාවිත කළ විනිමය අගයන්ට අනුව එම මිල රු. 239/kWh පමණ දක්වා ඉහළ යයි.

වහල මත ඉදිකරන සූර්ය බල පද්ධතියක ඒකකයක සාමාන්‍ය ගෙවීම රු. 28.70/kWhකි. නව සූර්ය බල පද්ධති සඳහා ලැබෙන මිල රු. 15.81 සිට 23.11 දක්වා වේ.

එනම් රටේ ජනතාව තමන්ගේ මුදලින් වහල මත බල පද්ධති සවි කර, ඉන්ධන ආනයනයක් නොකර, බිලියන සිය ගණනක් ධාරිතාව පවත්වාගැනීම වෙනුවෙන් නොගෙවා රටට විදුලිය ලබාදෙන විට, එමෙන් 10 ගුණයකට වඩා මිල අධික ඩීසල් විදුලිය මිලට ගැනීමට සියලු මහජන විරෝධතා නොසලකා කටයුතු කරන්නේ එමගින් ජනතා විමුක්ති පෙරමුණේ කළු ගිණුමට මුදල් ලැබෙන නිසාද යන ප්‍රශ්නය අපට නැගීමට සිදුවේ.

සංඛ චන්දිම අභයවර්ධන

22/09/2026

ජවිපෙ හොරු එක්ක දේශපාලනය කරන්න බැහැ, ඕනේ නම් ඔය තියන වෝහාරික විගණන වාර්තාව කියවන්න ඇමතිතුමා,

Anura Kumara Dissanayake JVP Srilanka Harini Amarasuriya

ජනතාව බලගැන්වූ සූර්ය බලශක්තිය අවසන් ගමනේ.මාලිමා ආණ්ඩුවේ තවත් ජනතාද්‍රෝහී ක්‍රියාවක්.වහල මත සූර්ය බලශක්ති සම්බන්ධතා සඳහා ...
22/09/2026

ජනතාව බලගැන්වූ සූර්ය බලශක්තිය අවසන් ගමනේ.

මාලිමා ආණ්ඩුවේ තවත් ජනතාද්‍රෝහී ක්‍රියාවක්.

වහල මත සූර්ය බලශක්ති සම්බන්ධතා සඳහා නව නියෝග පනවයි.

නව වහල මත සූර්ය බලශක්ති සම්බන්ධතා සඳහා Net Metering සහ Net Accounting ක්‍රම අත්හිටුවීමට බලශක්ති අමාත්‍යාංශයෙන් නියෝග කොට තිබේ.

නව වහල මත සූර්ය බලශක්ති සම්බන්ධතා සහ පවතින ගිවිසුම් දිගු කිරීමේදී Net Metering සහ Net Accounting ක්‍රම අත්හිටුවා, ඒ වෙනුවට Net Plus ක්‍රමය යටතේ පමණක් ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය Electricity Distribution Lanka (Pvt) Ltd වෙත නියෝග කර තිබේ.
මෙම නියෝගය 2026 සැප්තැම්බර් 11 දිනැති ලිපියක් මගින් නිකුත් කර ඇති අතර, එම ලිපිය බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් G.M.R.D. අපොන්සු මහතා විසින් අත්සන් කර Electricity Distribution Lanka හි සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වෙත යොමු කර ඇත.

2026 මාර්තු 5 දින ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විදුලිබල ප්‍රතිපත්තිය අනුව, ජාලයට සම්බන්ධ නව වහල මත සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (Solar PV) පද්ධති සඳහා වන සියලුම නව ගිවිසුම් Net Plus ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ නියෝග

2026 මාර්තු 5 දින හෝ ඉන් පසු අත්සන් කරන සියලුම නව වහල මත සූර්ය බලශක්ති ගිවිසුම් Net Plus ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළ යුතුය.

පවතින ගිවිසුම්වල දිගු කිරීම්ද Net Plus ක්‍රමයට මාරු කළ යුතුය.
නව සම්බන්ධතා හෝ පවතින ගිවිසුම් දිගු කිරීම් සඳහා Net Metering සහ Net Accounting ක්‍රම තවදුරටත් ලබා නොදිය යුතුය යන්න නියෝගයේ සඳහන් වේ.

දැනට පවතින ගිවිසුම් ඒවායේ වර්තමාන කොන්දේසි යටතේ කල් ඉකුත්වන තෙක් වලංගුව පවතිනු ඇති බව පවසා ඇත.
නව ගිවිසුම් සහ ගිවිසුම් දිගු කිරීම් වසර 12කට වඩා වැඩි කාලයක් සඳහා නොවිය යුතුය යන්න පැහැදිලිව සඳහන් වී තිබේ.
වහල මත සූර්ය බලශක්ති පද්ධති සඳහා විදුලි බෙදාහැරීමේ බලපත්‍රලාභියාට දුරස්ථව ප්‍රවේශ විය හැකි Smart Meter සවි කර තිබිය යුතුය.

කෙසේ වෙතත්, දැනටමත් ක්‍රියාවලියට ලක්වෙමින් පවතින අයදුම්පත් සඳහා සංක්‍රාන්තික විධිවිධාන ද අමාත්‍යාංශය විසින් ලබා දී තිබේ.

ලිපියේ සඳහන් වන්නේ නව අවශ්‍යතා 2026 සැප්තැම්බර් 11 දිනෙන් පසු ලබා දෙන Grid Clearances සඳහා අදාළ වන බවයි. එමෙන්ම, එදින හෝ ඊට පෙර අවසන් කර ඇති ගිවිසුම් හෝ ලබා දී ඇති Grid Clearances නැවත විවෘත නොකරන බවද සඳහන් කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තවදුරටත් පැහැදිලි කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ප්‍රකාශයට පත් කර ඇති විදුලි මිලදී ගැනීමේ ගාස්තු (Feed-in Tariff) අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

මෙම නියෝගය මගින් වහල මත සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති ක්‍රමවේදයේ වෙනසක් සිදු වන අතර, නව ගිවිසුම් සඳහා ලබා ගත හැකි එකම වාණිජ සම්බන්ධතා ක්‍රමය බවට Net Plus පත්වනු ඇත.
කුමක්ද වෙනස.

Net Metering ක්‍රමය යටතේ පාරිභෝගිකයා ජාලයෙන් ලබා ගන්නා විදුලි ප්‍රමාණයට එරෙහිව තම සූර්ය බලශක්ති පද්ධතියෙන් ජාලයට එක් කරන විදුලි ප්‍රමාණය ගණනය කර අඩු කර ගැනීමට හැකියාව ඇත.

Net Accounting ක්‍රමය යටතේ සූර්ය පද්ධතියෙන් නිපදවන අතිරික්ත විදුලිය සඳහා පාරිභෝගිකයාට වන්දි/ගෙවීමක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතී.

එහෙත් Net Plus ක්‍රමය යටතේ නිපදවන සම්පූර්ණ විදුලි ප්‍රමාණය සහ පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය වෙන වෙනම ගණනය කරනු ලැබේ.

ඒ අනුව, නව වහල මත සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කරන පාරිභෝගිකයන්ට මීට පෙර පැවති ක්‍රම තුන අතරින් තමන් කැමති ක්‍රමයක් තෝරා ගැනීමට තිබූ අවස්ථාව තවදුරටත් නොලැබෙනු ඇත.

තවද, PUCSL විසින් අමාත්‍යාංශයේ ගාස්තු තීරණයට අනුකූලතාව පිළිබඳව ඉදිරිපත් කරන ඕනෑම විමසීමක් බලශක්ති අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත්, අමාත්‍යාංශයේ ලිඛිත එකඟතාවයකින් තොරව මෙම නියෝගය වෙනස් නොකරන ලෙසත් Electricity Distribution Lanka වෙත දැනුම් දී ඇත.

ආණ්ඩුවේ මෙම උත්සාහය තම විදුලිය තමන් විසින්ම නිපදවා ගැනීම සඳහා ජනතාවට දී තිබූ අවස්ථාව මුළුමනින්ම කප්පාදුව කට ලක් කිරීමකි.

මීට දශකයකට වැඩි කාලයක සිට ආරම්භ කරන ලද මෙම වැදගත් පුනර්ජනනීය විදුලි ක්‍රමවේදය මේ ආකාරයෙන් කප්පාදු කොට, රටේ ජාවාරම්කාර දැවැන්ත සමාගම් කිහිපයකට පමණක් සූර්යබල ව්‍යාපෘති ආරම්භ කිරීමේ ව්‍යාපාරික කාටලයකට යටත් කිරීමකි.

පසුගියදා අනුරාධපුරය ප්‍රදේශයේ ආරම්භ කළ සූර්යබල බැටරි ව්‍යාපෘතිය ද විශාල සමාගම් සඳහා යටිතල පහසුකම් සැපයූ ව්‍යාපෘතියක් වන අතර, නාගරික සහ අර්ධ නාගරික පෙදෙස්වල පුරවැසියන් විසින් තමන්ගේම මුදලින් ඉදිකර ගන්නා නිවෙස් පියසි මත ඇති සූර්ය බල ව්‍යාපෘති සඳහා ලබා දුන් පහසුකම් ක්‍රමයෙන් දැඩි කප්පාදුවකට ලක් කොට තිබේ.

ආණ්ඩුවේ මේ අලුත් නියෝගයෙන්, එම කප්පාදුව තවත් වැඩි කර ඇති අතර, විදුලි පාරිභෝගිකයා ම විදුලි ජනනය කරන්නා බවට පත් කිරීමේ ලොව පුරා සිදුවෙමින් පවතින දියුණු තාක්ෂණික ක්‍රමවේදයට එරෙහිව යමින් මාලිමා ආණ්ඩුව රටේ තිරසාර සංවර්ධන උපාය මාර්ග ආපස්සට හරවා තිබේ.

ආණ්ඩුවේ මෙම ව්‍යායාමයට එරෙහිව මෙරට විදුලි පාරිභෝගිකයා සංවිධානාත්මකව ඉදිරියට පැමිණිය යුතු අතර මෙම නියෝගය මගින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට මෙන්ම පාරිභෝගික අයිතිවාසිකම්වලට මරු පහරක් එල්ල කොට තිබේ.

බන්දුල චන්ද්‍රසේකර

21/09/2026

ආණ්ඩුවට අවුරුදු දෙකයි, අනුර FAIL!

අනුර FAIL වුණාට ටිල්වින් හොඳටම PASS නේද?

මට අද කතා කරන්න ඕනේ පහුගිය අවුරුදු දෙකේ ලංකාවට හෙණ ගස්සපු මේ ආණ්ඩුව ගැන. අද 2026 සැප්තැම්බර් 21 වැනිදා. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වී අදට අවුරුදු දෙකක්. දේශපාලනිකව බලන විට, ලංකා බොල්ෂෙවික් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය භාවිත කරමින් බලය අත්පත් කරගෙන වසර දෙකක් ගත වී ඇතත්, ජනාධිපතිවරයකු ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට අසමත් වී තිබෙනවා.

ඒ කියන්නේ, ලංකා බොල්ෂෙවික් පක්ෂය බලය අතට ගැනීම නිසා රට පත් වෙලා තියෙන තත්ත්වය ගැනයි. වෙන විදිහකින් කියනවා නම්, 1917 ඉඳලා 1922 වෙනකම් රුසියාවේ බලය අල්ලාගත්ත බොල්ෂෙවික් කල්ලිය බලය පවත්වාගෙන යන්න කරපු වැඩේ ලංකාවේ කොතරම් දුරකට කරගෙන යනවාද කියන එක ගැනයි අපි අද කතා කරන්නේ. ඉස්සෙල්ලාම අපි කතා කරන්න ඕනේ රුසියාවේ වුණේ මොකක්ද කියලා.

රුසියාවේ වුණේ, තමන් එක්ක මාරාන්තික යුද්ධයක පැටලිලා හිටපු ජර්මනියේ උදව් අරගෙන රට ඇතුළේ බලය අල්ලාගත්ත පාදඩ කල්ලියක්, බලය තියාගන්න රටේ කෑලි තමන්ට උදව් කරපු රටවලට පාවා දුන්න එක. ඒක ඔවුන් කළේ ලෙනින් සහ ට්‍රොට්ස්කි එකතු වෙලා 1918 දී ජර්මනියත් එක්ක අත්සන් කරපු බ්‍රෙස්ට්-ලිටෝව්ස්ක් ගිවිසුම හරහා.

ලංකාවේ සියලු ඛනිජ සම්පත් ඉන්දියාවට පවරන්න හඳුන්නෙත්ති අත්සන් කරන්න හදන දේශද්‍රෝහී ගිවිසුම, ලංකාවේ බොල්ෂෙවික් කල්ලිය අනුගමනය කරන්නෙත් සෝවියට් කල්ලියේ උපක්‍රමයමයි කියන්න හොඳම උදාහරණයක්.
ඒ ගිවිසුමෙන් රුසියාවේ දැවැන්ත භූමි ප්‍රදේශයක් ජර්මනිය සහ ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයන්ට පාවා දුන්නා වගේ, අද වන විට ලංකාවේ සමස්ත මහාද්වීපික තටකයේ අයිතියම පාවා දීලා.

එතැනින් නොනැවතී, ලංකාවේ ඉතුරු මුහුදේත් ගොඩබිමේත් තියෙන සියලු ඛනිජ සම්පත්, කිසිදු තරගකාරී මිල කැඳවීමකින් තොරව හෝ රට ඇතුළේ කිසිදු නිෂ්පාදන කටයුත්තකට යොදාගන්නේ නැතුව ඉන්දියාවට පාවා දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි, තමන්ගේ බලය රැකගන්න.

ආර්ථික අර්බුදය, ජීවන වියදම, රැකියා හිඟය සහ දූෂණ විරෝධී පොරොන්දු සම්බන්ධයෙන් ප්‍රශ්න තාමත් ඉතිරි වෙලා තියෙනවා. එහෙත් බොල්ෂෙවික් පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා නම් තම පක්ෂ අරමුණු ඉදිරියට ගෙන යාමේ විභාගයෙන් ඉතා හොඳින් සමත් වී ඇති බවට අපට සහතික වෙන්න පුළුවන්!
මේ, රටේ අනාගතය පිළිබඳ සංවාදයක් ඇති කළ යුතුම අවස්ථාවක්.

සංඛ චන්දිම අභයවර්ධන
TopFans

එළුවන්  කුලම  වැව හදන්න කුඹුක් 500 කපලා.                                         කුඹුක් ගස සහ ජලය.කුඹුක් ගස සහ වැව අතර ත...
14/09/2026

එළුවන් කුලම වැව හදන්න කුඹුක් 500 කපලා.


කුඹුක් ගස සහ ජලය.කුඹුක් ගස සහ වැව අතර තිබෙන්නේ එකිනෙකට වෙන්කළ නොහැකි බැදිමක් . ඒ නිසාම අපේ වැවි ඉවුරුවල ප්‍රධාන රැකවරණය වුනේ කුඹුක් ගස. මිනිස්සු තමන් ගේ වතුර බොන ළිඳ. හදාගත්තේ කුඹුක් ගහක් යට.
එහෙම රටක වැවක් හදන්න එහෙම නැත්නමි වැව පුළුල් කරන්න කුඹුක් ගස් 500 කපා දාන්න පුළුවන් මිනිස්සු ඇත්තටම මිනිස්සුද? මෙිවා යළිත් ගොඩනැගිය නොහැකි ජාතික අපරාධ. රටකට ගිය කලක්.

රට වෙනුවට බෝල්ෂෙවික් පක්ෂය සංවර්ධනය කිරීමේ ප්‍රතිපලය
13/09/2026

රට වෙනුවට බෝල්ෂෙවික් පක්ෂය සංවර්ධනය කිරීමේ ප්‍රතිපලය

සඟසතු දෑ කොල්ලකන මාලිමාකාරයෝ 🛑 👉 විහාරස්ථානවලට රජවරු පූජා කළ ඉඩම් ගැන හිත රිදෙන ඇමතිට කතෝලික පල්ලියට මන්නාරම පුත්තලම හලා...
05/08/2026

සඟසතු දෑ කොල්ලකන මාලිමාකාරයෝ 🛑

👉 විහාරස්ථානවලට රජවරු පූජා කළ ඉඩම් ගැන හිත රිදෙන ඇමතිට කතෝලික පල්ලියට මන්නාරම පුත්තලම හලාවත පූජා කරලා තියෙන අක්කර දහස් ගණන් පෙනෙන් නෑ.
👉 බුදුදහමට වෛර කරන පාලකයො බලයට පත් වුනාම බුද්ධශාසනය හා බැඳුණු සංස්කෘතික හර පද්ධතියට පහර ගහන ගමන්ම බුද්ධ ශාසනය ජීවත් වන ජීවනාලිය කපා බිඳ දමන්නට වෑයම් කරයි.
👉 චිරාගත සම්ප්‍රදායට අනුව සෑම රජයකම පාර්ලිමේන්තු ආරම්භක දවසකදී ගායනා කළ බුදුපියාණන් වහන්සේගේ ජයග්‍රහණයන් 08 ක් අනුස්මරණය කරමින් රචනා වූ ජයමංගල ගාථා කීම මුදල් ඉතිරි කරගැනීමට යැයි අතහැර දැමුවද ඉක්තාර් සැමරුම්, නත්තල් සැමරුම් උත්කර්ෂවත් අන්දමට තිබිණි.
👉 උතුම් දළඳා වහන්සේ සිය මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් ප්‍රදර්ශණය කළ මොවුන්ගේ අසංවිධානාත්මකම නිසා මුළු මහනුවරම ගඳ ගැස්වූහ.
👉 ඉන්දියාවට පවරා දුන් ත්‍රිකුණාමළ වරායේ පිහිටි පන්සලක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට පවා උරණව භික්ෂූන් වහන්සේලා සිරගත කල මාලිමා පාලකයෝ භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඇති ශ්‍රද්ධාව බිදලීමට විවිධ සමාජ මාධ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටී.
👉 මේ මිසදිටු පාලකයන් සතුව ඇති හීන දීන මානසිකත්වය නිසා බුද්ධි තොරතුරු නිවැරිදිව විශ්ලේෂණය නොකරගෙන ලෝකයම දිට්වා ගැන අනතුරු අගවද්දි මොවුහු චිත්‍රපට හා සංගීත ගැන කතා කරමින් රටක් අනතුරක හෙලූහ.
👉 එකී පාපයෙන් මිදෙනු වෙනුවට දැන් යත්න දරන්නේ විහාරස්තාන සතු දෑ එනම් සඟසතු භූමීන් උදුරා ගන්නටය.
👉 උතුරු හා නැගෙනහිර පළාත්හි ඕනෑ තරම් වාසස්ථානයට සුදුසු පුරන් වූ ඉඩම් තිබේ. නමුත් ඉන්දියාවට බිය වූ මේ බියගුළු පාලකයෝ ඒ දෙස ඇස් ඇර නොබලති. ඒ වෙනුවට විහාරස්ථාන සතුව ඉඩම් තිබෙන බව කියා සමාජ වෛරයක් භික්ෂුව කෙරෙහි ඇතිකිරීමට උත්සහ දරනු ලබයි.
👉 මා මෙවර වස් සමාදන් වූ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලිය විසින් අත්පත් කරගත් ඉඩම් ඕනෑතරම් තිබේ. එම ඉඩම් ජනතාවට වගා කිරීමට හෝ ඔවුන් ඉඩ නොදී සිය සන්තකයේ තබාගෙන සිටිති.
👉 ඉදින් සිංහලයන්ගේ නිජබිම වූ නැගෙනහිර පලාතට දිට්වා සුළිකුණාටුව නිසා ඉඩම් අහිමි වූ සිංහල පිරිස් සිටී නම් මෙකී සිංහල ගම්මාන යාබදව ඔවුනට පදිංචි වීම සඳහා ප්‍රතිපාදන රජයට සැලසිය හැකිය.
👉 එමෙන්ම උතුරු පලාතේ අක්කර සිය දහස් ගණන් පුරන්ව තිබෙන තැන්හි දෙමළ සහ මුස්ලිම් ජනතාව දෙමළ බස කතා කරන ගම්මාන ආශ්‍රිතව පදිංචි කළ හැකිය.
👉 එවැනි සාධනීය පියවරක් ගන්නවා වෙනුවට මෙකී බෞද්ධ විරෝධී පාලකයන් උත්සහවත් වන්නේ සඟසතු දෑ කොල්ල කෑමටය.
👉 දළඳා වහන්සේට බෝම්බ ගසා දියවඩන නිළමේගේ බෙල්ලට පිහිය තැබූ පුද්ගලයෙක් බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ලෙස ද මුස්ලිම් මවුලවිවරයෙකු සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කරන කලෙක කල්වාරි කතෝලික ආභාසය ඇති අයෙක් බුද්ධශාසන ඇමති ලෙස කටයුතු කරන කළ මෙවන් දෑ සිදු වීම සාමාන්‍යය.
👉 එනමුදු මොවුන්ට ඕනෑ ඕනෑ අයුරින් නැටීමට අප ඉඩ නොදෙන්නෙමු. එකදු සඟසතු භූමියකට බලහත්කාරී පියවරකින් අතක් තැබීමට ගියහොත් මාලිමා පාලකයන්ට පෑල දොරින් පලායාමට සිදුවන බවද මිත්‍යාදෘෂ්ඨික දේශද්‍රෝශි අනුර කුමාර ඇතුළු නඩය සිහිතබා ගත යුතුය.

✍️ Ven Balangoda Kassapa thero

දිවුලපිටියට දිවුලපිටියෙන්ම, අපිට අපේම කෙනෙක්.
27/06/2026

දිවුලපිටියට දිවුලපිටියෙන්ම,
අපිට අපේම කෙනෙක්.

දිවුලපිටියට දිවුලපිටියෙන්ම අලුතෙන් කවුද ?
25/06/2026

දිවුලපිටියට දිවුලපිටියෙන්ම අලුතෙන් කවුද ?

25/06/2026

දිවුලපිටියට දිවුලපිටියෙන්ම අලුතෙන් කවුද ?

Address

Divulapitiya

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Green Alliance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share