Women in Community Research

Women in Community Research A community-led, non profit, independent research group supporting equity, wellbeing and positive change through research and advocacy in Sri Lanka.

Collaborative Action Research Network - CARN in the United Kingdom organized an Action Research Conference in collaborat...
23/05/2026

Collaborative Action Research Network - CARN in the United Kingdom
organized an Action Research Conference in collaboration with Dr. Godwin Kodithuwakku in Sri Lanka on the 8 th of May. The conference brought together around 90 researchers, with more than 60 research studies presented across diverse fields.

We are also pleased to share that, as a research initiative, we had the opportunity to present three research studies at this conference.

Our sincere thanks to Collaborative Action Research Network and Dr. Godwin Kodithuwakku for creating this valuable platform for collaborative learning, research exchange, and knowledge sharing.

පසුගිය මැයි 8නි දින, Collaborative Action Research Network විසින් ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු මහතා සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී පර්යේෂණ සමුළුවක් සංවිධානය කරන ලදී. එහිදී පර්යේෂකයන් 90කට ආසන්න පිරිසක් විසින් පර්යේෂණ 60කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කරන ලදී.
අපගේ පර්යේෂණ මුලපිරීමක් ලෙස, අප විසින්ද පර්යේෂණ තුනක් ඉදිරිපත් කිරීමට හැකි වූ බව සතුටින් සඳහන් කරමු.
මෙම වටිනා අවස්ථාව සහ සහයෝගී පර්යේෂණ හා දැනුම හුවමාරුව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Collaborative Action Research Network සහ Dr. Godwin Kodithuwakku මහතාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

💙
23/05/2026

💙

The Collaborative Action Research Network (CARN),UK invites you to a day of dialogue and reflection with Sri Lankan rese...
05/05/2026

The Collaborative Action Research Network (CARN),UK invites you to a day of dialogue and reflection with Sri Lankan researchers, policymakers and practitioners.

Discover how action research can support learning, colloboration, meaningful change in our communities.

Date: 8 May 2026
Time: 9:00 am (Sri Lanka time) onwards
Via Zoom- use below QR code to register

09/04/2026

Social, political, economic, environmental and digital factors shape the conditions in which people live, work and connect.

That is why health promotion requires multisectoral action and engagement from all sectors.

Join the WHO Regional Office for Europe virtual dialogue to discuss how a health promotion approach can help address today’s challenges.

📅 29 April 2026 🕙 10:00–12:30 CET
📅 30 April 2026 🕙 10:00–12:30 CET

https://bit.ly/40wURnV

International Women's  Day- 'Give to Gain'  💗When we invest in women, communities grow stronger. Women in community rese...
08/03/2026

International Women's Day- 'Give to Gain' 💗

When we invest in women, communities grow stronger. Women in community research are not only knowledge builders; they are change makers. Through courage, compassion, and leadership, they transform community voices into action and advocacy that moves society forward.

"give support, opportunities, knowledge, and resources to women, society as a whole benefits..."

කාන්තාවන්ට සහයෝගය, අවස්ථා, දැනුම සහ සම්පත් ලබා දෙන විට, සම්පූර්ණ සමාජයම එයින් ප්‍රයෝජන ලබයි.

CALL FOR PAPERS!  https://jipe.sljol.info/Submit your innovative research to the open-access, peer-reviewed, indexed, tr...
27/02/2026

CALL FOR PAPERS! https://jipe.sljol.info/
Submit your innovative research to the open-access, peer-reviewed, indexed, tri-lingual journal: "JOURNAL OF INNOVATIVE PRACTICES IN EDUCATION"

ළමා අපයෝජන: රාජ්‍ය රැකියාවලින් වැරදිකරුවන් ඉවත් කිරීමට පියවරඉතිහාසයේ පළමු වරට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) ළමයින් ස...
23/02/2026

ළමා අපයෝජන: රාජ්‍ය රැකියාවලින් වැරදිකරුවන් ඉවත් කිරීමට පියවර
ඉතිහාසයේ පළමු වරට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) ළමයින් සමඟ සෘජු සම්බන්ධතාවයක් ඇති රාජ්‍ය ආයතනවල රැකියාවලට, ළමා අපයෝජන වාර්තා ඇති පුද්ගලයින් බඳවා ගැනීම තහනම් කිරීමට NCPA පනතේ 18 වගන්තිය යටතේ අමාත්‍ය බලතල භාවිතා කිරීමට සැලසුම් කර ඇත.
මෙම ක්‍රමවේදය,
අමාත්‍යාංශ
අර්ධ-රාජ්‍ය ආයතන
ළමයින් සමඟ සෘජු සේවය කරන රාජ්‍ය ආයතන
සියල්ලටම අදාළ වන අතර,
වසර 5කට වරක් නැවත ඇගයීමක් සහ මානසික සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීමටද යෝජනා කර ඇත.

රන්දිනි ඩිංගිරිබණ්ඩාර බස්නායක මුහුණු පොතෙන්~ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්...
23/02/2026

රන්දිනි ඩිංගිරිබණ්ඩාර බස්නායක මුහුණු පොතෙන්~
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් විසින් කරන ලද ඉහත සඳහන් ප්‍රකාශය සමාජ ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතින මොහොතක අපි එතුමාගෙන් එම ප්‍රකාශය පිළිබඳ වැඩිදුර කරුණු විමසීමු. “ඇත්තටම අපි මේ පර්යේෂණය කළේ 2019- 2020දී විතර. අදියර කිහිපයකින් ක්‍රියාත්මක වුණ එකක්. මේක කරන්න හිතුව මුල්ම කාරණය කියනවා නම්, අපේ

අධ්‍යයන අංශයේ හිටියා ජේ‍යෂ්ඨ මහාචාර්යවරයෙක්. ඒ තමයි මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයා. එතුමා ගැන රටම දන්නවා. එතුමා අපිට අලුත් පර්යේෂණ ක්‍රමවේදයක් හ¾දුන්වලා දුන්නා. ඒ තමයි ‘සහභාගිත නිරීක්ෂණ ක්‍රමය’ තව ටිකක් වර්ධනය කරපු ‘Living in Research’ කියන ක්‍රමය. ඒ කියන්නේ ඒ අදාළ ජන කොටසත් සමඟ ඔවුන් වගේම ජීවත්වීම.

ඒ පර්යේෂණ ක්‍රමය නැවත අත්හදා බැලීමක් කිරීමත් මේ පර්යේෂණයේ එක අරමුණක් වුණා.

මහාචාර්ය නන්දසේන රත්නපාල සර් ‘හිඟන්නන් ගැන කළ පර්යේෂණයට’ දැන් දීර්ඝ කාලයක් ගතවී ඇති නිසා ඒක ආයෙමත් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවත් අපේ ශිෂ්‍ය කණ්ඩායම්වලට තිබුණා.

ඒ අනුව අවසන් වසර ශිෂ්‍ය කණ්ඩායමක් ඒ පර්යේෂණ ක්‍රමය යටතේ මේ පර්යේෂණය ක්‍රියාත්මක කළා.”

අපට හසුනොවන, ඔවුන් හසු කරගත් කාරණා වගේම මේ පර්යේෂණ කටයුත්ත සිදු කෙරුණු අයුරුත් එතුමා පැහැදිලි කළා.

“දැන් ඔය සාමාන්‍ය සමාජයේ කියන කතාවක්නේ ‘මොනවත් කරගන්න බැරි වුණොත් හිඟා කාලා හරි ජීවත් වෙනවා’ කියලා. හැබැයි මේක කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. මොකද එතැනදි හිඟන සමාජයට ඇතුළත් වීමම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක මෙහෙම ගමු. අපි විදේශ රටකට යන්න ගියොත් අමාරුම වැඩේ වීසා ගන්න එකනෙ. ඒ වගේම තමයි මේ හිඟන සමාජයට ඇතුළු වෙද්දිත් වීසා ගන්න ලේසි නෑ. අමාරුයි.

අපි මේ පර්යේෂණයෙදි වීසා එක ගත්තෙ කණ්ඩායමක් විදිහටනේ. එතකොට ශක්තිමත් කණ්ඩායමක් පිටිපස්සෙන් ඉන්නවා. ආරක්ෂාව තියෙනවා. තනි වෙලා නෑ කියලා ලොකු විශ්වාසයක් තිබුණා.

අපි මේ ‘වීසා’ එක ගන්න ඉස්සෙල්ලා අපේ ගෑනු ළමයින් දෙන්නෙක් අම්මයි දුවයි වගේ හිඟන වෙස් ගන්වලා වැල්ලවත්තේ ඉඳලා ගාලුමුව‍ෙදාර වෙනකන් යන්න ඇරියා.

ඒක තමයි අපේ පූර්ව පර්යේෂණය. එතැනින් පස්සේ තමයි අපි කතරගමට යන්නේ.

ඒ අවස්ථාවේදී ඒ ගෑනු ළමයින් දෙන්නට හිඟමන් දෙන අතරෙම විවිධ යෝජනාත් ඇවිල්ලා තිබුණා. ඇයි ඕගොල්ලෝ හිඟාකන්නේ? අපි ඕගොල්ලන්ට ඔයිට වැඩිය හොඳ රස්සාවක් හොයලා දෙන්නම්. ඔයගොල්ලෝ දවසකට කොච්චර හොයනවද? ඔතැනින් අයින් වෙලා අපේ ගාවට එන්න. ඒ කියන්නේ ඒ අයව යොමුකර ගන්න උත්සාහ කරලා තිබුණා ගණිකා නිවාසයකට හෝ ‘ස්පා’ හෝ වෙනත් එවැනි තැනකට. කොහොමහරි මේ ළමයි දෙන්නා ගාලුමුව‍ෙදාරදි උපක්‍රමශීලීව ඒ අයව මඟහැරියා.

එතකොට මේකෙම දිගුවක් විධියට තමයි අපි තීරණය කළේ වන්දනා ගමන් බහුල ප්‍රදේශයකට යන්න. අපිට වඩාත් පහසුකම් තිබුණු කතරගම ප්‍රදේශය අපි තෝරගත්තා. මූලිකවම අපේ ශිෂ්‍ය කණ්ඩායමක් ඊට සතියකට ඉස්සෙල්ලා ඒ ප්‍රදේශයට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම එහෙ තත්ත්වය නිරීක්ෂණය කළා.

අපි මෙහිදී දැකපු දෙයක් තමයි උදේට යාචකයන්ව එක්කර ගෙනැවිත් දිගටම වාඩි කරවනවා. වෑන් එකකින් එනවා. ඊට පස්සේ පාන්, සීනි සම්බෝල බෙදාගෙන යනවා. කිරි තේ දෙනවා. දැන් මේක බලාගෙන ඉන්න කෙනෙක් හිතන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක් ඇවිල්ලා හිඟන දානයක් දෙනවා කියලා.

අපි දීර්ඝ කාලයක් මේක නිරීක්ෂණය කළා. ඊට පස්සේ අපිට තේරුණා මේක එහෙම එකක් නෙවෙයි කියලා. ඒ අයම එක්කන් ඇවිල්ලා අර යාචකයන්ට දවල් වෙනකල් ඉන්න අවශ්‍ය තරමට උදේ ආහාරය තමයි මේ දෙන්නෙ.

කතරගම පූජා භූමියේ, කිරිවෙහෙරත් දේවාලයත් අතර කොටසෙ තමයි මේක සිද්ධ වෙන්නේ.”

පර්යේෂණයට සම්බන්ධ වූ පිරිස ගැනත් ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අභියෝග ගැනත් මහාචාර්ය මයුර සමරකෝන් අප සමඟ මෙසේ පැවැසුවා.

“මෙතැනදී අපේ හතර දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙනවා. එක්කෙනෙක් ‘හංසන’. එයා තමයි කිහිලිකරුවලින් යන ආබාධිත යාචකයකු විදිහට ප්‍රධානම භූමිකාව කළේ. ගොඩක් වෙලාවට එයා හිටියේ බිම. අනිත් එක්කෙනා හිටියෙ ඇස් පෙනෙන්නෙ නැති කෙනෙක් විදිහට සන්ග්ලාස් දාලා. ආබාධිත සොහොයුරියක්, එයාව රැකබලාගන්න තවත් සොහොයුරියක් විදිහට ගෑනු ළමයි දෙන්නෙකුත් හිටියා.

මේ අය මුලින්ම අරගොල්ලන්ගේ චර්යාවන් අධ්‍යයනය කරලයි තිබුණේ. මේ විධියට මේගොල්ලෝ මේ කටයුත්තේ නියැළෙනවා. අර ආබාධිත හිඟන වෙස් ගත්ත ශිෂ්‍යයා සහ අන්ධ හිඟන වෙස් ගත්ත ශිෂ්‍යයා හිටියෙ මීටර් 100ක වගේ දුරකින්. මෙතැනදී අන්ධ හිඟන්නාට වැඩිය ආබාධිත හිඟන්නා ගැන මිනිස්සුන්ගෙ තිබුණු උනන්දුව ඉතාමත්ම වැඩියි. ඔහුට තමයි පැයක් වගේ ඇතුළත විශාල මුදලක් ලැබුණේ. ඒ කියන්නේ රුපියල් හාරදාහෙ මුදල.

මෙතැනදි බොහොම සංවේදී අවස්ථාවකට මේ ශිෂ්‍යයා මුහුණ දෙනවා. පියෙක් සහ දුවෙක් එයා ගාව නතර වෙනවා. දුව කියලා තියෙනවා ‘තාත්තේ අපි අම්මගෙ තුන්මාසේ දානෙට තියන් ඉන්න සල්ලිවලින් ටිකක් මේ අයියට දෙමු’ කියලා. එයාලා එතැනදි ලොකු මුදලක් පරිත්‍යාග කරනවා. ඒ ශිෂ්‍යයා කියනවා ඒ වෙලාව එයා ගොඩක් සංවේදී වුණා, නංගි මම හිඟන්නෙක් නෙවෙයි කියලා කියන්නත් හිතුණලු. ඒත් එයා ඒ සල්ලි ගත්තා කියලා කිව්වා.

දේවාලෙ පූජාව ඉවර වුණු ගමන්ම සෙනඟ ඊළඟට එන්නෙ කිරිවෙහෙරට. ඒ එන්නෙ අර තේවාව එක්ක ඉඳලා බොහොම පැහැදුල් හිතකින්. ඒ වගේම තමයි කතරගම පූජා භූමියට එන්නේ දුර පළාත්වලින්. ඒකත් අවුරුද්දකට සැරයයි. ඒ එන්නේ යම්කිසි විශේෂ මානසිකත්වයකින්. එහෙම බැලුවම මේක හිඟමනට සුදුසු ප්‍රදේශයක්. අනිත් එක අපි තෝරා ගත්තෙ නිවාඩු දවස්. ඉතින් කොහොමටත් සෙනඟ වැඩියි. ඒ මුදලට අමතරව මේ ආබාධිත හිඟන වෙස් ගත්ත ශිෂ්‍යයාට අලුතින්ම ෂර්ට් එකක්, පරණ

ෂර්ට්ස් කිහිපයක්, කෑම පාර්සල් හතරක් පහක් වගෙත් හම්බවෙලා තිබුණා. අලුත් ෂර්ට් එකකුත් හම්බවෙලා ඒක රුපියල් 4000ක විතර වෙනවලු.”

මේ පර්යේෂණය හරහා මතු කර ගත් සමාජ යථාර්ථයත් වත්මන් තත්ත්වයත් පිළිබඳ තවත් කරුණු හෙළි කළා.

“අපි මේ කතරගමදී කළේ දීර්ඝ පර්යේෂණයක එක කොටසක්නේ. අපි මීට ඉස්සෙල්ලා මේ සිඟමන් යැදීම ගැන බැලුවා. එක්තරා අවස්ථාවකදී අපි නිරීක්ෂණය කළා ඔය නුගේගොඩ සුපර් මාර්කට් එක ළඟ තියෙන වංගුවේ වර්ණ සංඥා ළඟ දරුවකු තියන් ඉන්න කාන්තාවක්. ඉන්නෙ අව්වෙ. ඒත් හැම වෙලේම ඒ දරුවා නිදි. දරු දුක තියෙන ඒ දරුවා වදාපු හැබෑ අම්මකුට නම් ඒ වගේ දුකක් ළමයකුට දෙන්න බැහැ. එහෙම නම් මේ ළමයාත් අම්මාත් කිසිම සම්බන්ධයක් නැති දෙන්නෙක්. ඒ කියන්නේ ළමයා නිදාගන්නේ මොනවා හෝ නින්ද යන දෙයක් දීලා වෙන්න ඕනෙ. මේකේ ලස්සනම වැඩේ කියන්නේ ළමයින් සුරැකීමේ යම් යම් ආයතන තියෙන්නෙත් ඔය අවට. එතකොට ඔය නිලධාරීන් මේවා දකින්නේ නැද්ද?

මෙන්න මේවත් එක්ක තමයි අපි මේ පර්යේෂණය විවිධ පැතිවලින් කළේ. උදාහරණයක් විදිහට ගත්තොත් ගෑනු ළමයකුට, පිරිමි ළමයකුට හිඟා කන්න අමාරුයි. අර අන්ධ වෙස් ගත්ත ශිෂ්‍යයාගේ ප්‍රතිවිරුද්ධ දිශාවෙ කාන්තාවක් හිටියා. ඒ කාන්තාව වරින්වර පාර පැනලා ඇවිල්ලා මේ ශිෂ්‍යයාට කතා කරලා යනවා. ‘ඔයාට මේ ඇස් පෙනෙන්නෙ නැති එක මුල ඉඳලා තිබුණද? කොහෙද ඉන්නේ? කොහෙද රෑට ඉන්නේ? වගේ දේවල්. ඔයා එන්න. අද රෑට අපිත් එක්ක ඉන්න පුළුවන්’ කියලත් කියලා. ඒ කියන්නේ එයාලගේ කල්ලියට බඳවා ගැනීමේ උත්සාහයක් තමයි ඒ. අනිත් දේ තමයි අර ආබාධිත වෙස් ගත්ත ශිෂ්‍යයාට තර්ජන එනවා.

ඔන්න ඔය කාලේම තමයි අර නිවෙසක් නැති අම්මා කෙනෙක් ළමයි ටිකත් එක්ක ඇවිල්ලා කිරි වෙහෙර ළඟ ඉන්නවා කියන ප්‍රවෘත්තිය අපි රූපවාහිනියෙන් දකින්නේ. මේ අම්මා සැරින් සැරේ ඇවිත් අනිත් අයට ඇහෙන්නෙ නැතිවෙන්න හෙමින් කියනවා ‘මෙතැනින් ඉක්මනට පලයන්. උඹට මෙතැන දිගටම ඉන්න හම්බ වෙන්නේ නෑ. උඹට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා’ කියලා. මෙහෙම නෙවෙයි කියලා තියෙන්නේ. මෙතැන කියන්න බැරි විදිහෙ පරුෂ වචනයෙන්.

එතකොට අර රූපවාහිනියෙන් පෙන්නපු පවුල තමයි ඒ.

ඊට අමතරව තවත් වයසක කෙනෙක් එතැනින් යන එන ගමන් ‘මෙතැනින් පලයන් තව ටිකකින් උඹව ඇදලා දායි, පොලිසිය ආවොත් උඹ ඇදලා දායි‘ වගේ දේවල් කියලා අයින් කරන්න හදනවා. ඒත් එතැන පූජා භූමියක් නිසා ඍජුවම එහෙම දේකට එන්න කැමැති නෑ.

මේවා අපිට කවදාවත් පිටින් ඉඳලා අධ්‍යයනය කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. එතැනට ගිහිල්ලා කරපු අධ්‍යයනය නිසා තමයි මේ තොරතුරු අපිට ගන්න පුළුවන් වෙන්නේ.

මෙන්න මේ විදිහට තමයි මේ සංස්කෘතිය ගොඩනැඟිලා තියෙන්නේ. ඇත්තටම මෙතැන තියෙන්නෙ හිඟන ව්‍යාපාරයක්. හිඟන ජාවාරමක්.

හැබැයි එහෙම නැතුව සාමාන්‍ය කෙනකුට, සැබෑවටම ඉල්ලගෙන කෑමට අවශ්‍ය කෙනකුට මේකට තනියෙන් ඇතුළු වෙන එක ලේසි වෙන්නේ නැහැ. ඕක තමයි අපි තේරුම් ගත්ත දේ. සරලව කිව්වොත් ‘අද අමාරුම දේ තමයි හිඟා කෑමට මේ මහ පොළොවේ තැනක් හොයාගන්න එක.’

අපි මේ පර්යේෂණය කරද්දී ඒ ගැන පොලිසිය දැනුවත් කරන්න ඕනෑ කියලා මුලදි හිතුවත් එහෙම කළේ නෑ. මොකද අපිට බලන්න ඕනෑ වෙලා තිබුණා පොලිසියෙත් ප්‍රතිචාර කොහොමද කියලා. ඒ නිසා කිසිම කෙනෙක්, අඩු ගානේ කතරගම කිරි වෙහෙර භාරකාර ස්වාමීන් වහන්සේවත් දැනුවත් කරන්නේ නැතුව තමයි මේ කටයුත්ත කළේ. හැබැයි ආරක්ෂාවට ඒ අහල පහල අපේ ශිෂ්‍ය පිරිස හිටියා බැතිමතුන් වගේ සුදු ඇඳලා පෙම්වතුන්, අඹු සැමියන් විදිහට. අපේ විශ්වවිද්‍යාලයේ වාහනයකුත් ඒ ආසන්නයේ රඳවාගෙන හිටියා. අන්න ඒ ආරක්ෂාව තිබුණු නිසා තමයි අපේ අය නිර්භීතව එතැන හිඟාකෑමේ යෙදුණෙ.

එදා දවස අවසානයේදී ඒ ශිෂ්‍යයන් හිඟමනෙන් ගත්ත මුදලට මොකක්ද කරන්නේ කියන ගැටලුවට අපි මුහුණ දුන්නා. මොකද අර ආබාධිත හිඟන්නා විධියට හිටපු ශිෂ්‍යයා ලොකු මානසික බිඳ වැටීමකට, කැලඹීමකට පත්වෙලා හිටියෙ අර තාත්තා සහ දුව අතරේ ඇති වූ සංවාදයත් එක්ක.

සාම්ප්‍රදායික, සාමාන්‍ය විශ්වාසයන් මත ඒ ශිෂ්‍යයන්වත් මානසිකව ගොඩනඟන්න තියෙන හොඳම තැන තමයි දේවාලය කියලා හිතලා අපි එදා හවස පූජා වට්ටියක් එක්ක ඒ මුදල් දේවාලයට පරිත්‍යාග කළා. හැබැයි අර පහුගිය දවස්වල තිබුණු වීඩියෝ එකත් එක්ක ඒකත් බොරු වැඩක් කියලා දැන් හිතෙනවා. මොකද දේවාලෙක කපු මහත්තයෙක්ම කියලා තිබුණානේ ඒ මුදල් දෙවියන්ට හෝ වෙනත් වැඩකට යන්නෙ නෑ ඒවා ඒ අයගෙ පරිහරණයටමයි ගන්නේ කියලා.”

මේ පර්යේෂණයේ ප්‍රතිඵල අදාළ අංශ විසින් භාරගත්තාද?

රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට මෙය වැදගත් වූවාද යන්න පිළිබඳ එතුමාගේ අදහස මෙයයි.

“අපේ රටේ විශ්වවිද්‍යාල තව තැනක. රජයේ ආයතන එක තැනක. අපි දියුණු රටවල් සංසන්දනය කළොත් ඒවායේ විශ්වවිද්‍යාල සහ රජය ආයතන අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. විශ්වවිද්‍යාලයක පර්යේෂණයක් කළොත් ඒ පර්යේෂණයේ වැදගත්කම ලියද්දි ඒකෙ අවසාන වාක්‍යය ලියන්න ඕනෑ මේ පර්යේෂණය කුමන ආයතනයටද වැදගත් වෙන්නේ කියලා.

අපේ එහෙම ක්‍රමයක් නැහැ. එක අතකට එහෙම ලිව්වා කියලා වැඩක් නැහැ. රජයේ ආයතන විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා නම් මීට වැඩිය වැඩක් වෙනවා.

උදාහරණයක් විධියට ගත්තොත් රිදීගම පුනරුත්ථාපනයක් වෙන්නේ නෑ. එතැන වෙන්නේ ගාල් කිරීමක්. පුනරුත්ථාපනයක් වුණා නම් අඩු ගානෙ හ¾දුන්කූරක් හරි හදාගන්න පුළුවන් කෙනෙක් එතැනින් එළියට එන්න ඕනෑනේ.

මේ හිඟන සංස්කෘතිය ඇතුළෙ ව්‍යවසායකයෙක් ඉන්නවා. ඒ ව්‍යවසායකයා ළඟ ඉන්න යාචකයො පඩි ලබන සේවකයෝ. හැන්දෑවට ගනුදෙනු බේරෙනවා. කොමිස් එකක් හරි මුදලක් හරි දෙනවා. අවශ්‍ය නම් නවාතැන් දෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ ඇත්තටම ආබාධිතයි. යන එන මං නැති අය. ඒ වගේ පිරිසක් තමයි මේ මිලදී ගන්නෙ. මේ ජාවාරම නිර්මාණය වෙන්නේ ඒ පිරිසත් එක්ක. ඒ අයට තනියෙන් මේක කරගන්න බැරි නිසා තමයි මේ කම්පැනි එකට ඇතුළු වෙන්නෙ.

එතකොට මේ වැටුප් ලබන අය තමයි අල්ලගෙන ගිහිල්ලා රිදීගමදී පුනරුත්ථාපනය කරනවා කියලා කරන්නේ.

මේවා පිළිබඳව අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෑ. නැත්නම් එහෙම පුහුණුවක් ලබාදෙන්න බැරි අයට ජීවිතයේ සැඳෑ කාලය හොඳින් ගත කිරීම සඳහා අවශ්‍ය දේවල් දෙන්න ඕනෑ.

අනිත් දේ තමයි එහෙම අල්ලන් ගිහිල්ලා රිදීගමට දැම්මට වැඩක් නෑ. ඊට සාපේක්ෂව අලුත් පිරිසක් හිඟමනට ඇතුළු වෙනවා.”

මෙම පර්යේෂණය ඇසුරෙන් කළ නිරීක්ෂණ සහ නිගමන පිළිබඳවත් කතා කළා.

“අපි දැකලා තියෙනවා වර්ණ සංඥා ළඟදී අන්ධයෙක් වගේ පෙනී ඉන්න කෙනාට සල්ලි නොදුන්නොත් ඔහු අතේ තියෙන සුදු සැරයටියෙන් වාහනේ ඉරක් ඇඳගෙන යනවා. එහෙම නැත්නම් කාසියකින් හූරා ගෙන යනවා. මේ වෙලාවට වාහනෙන් එළියට බැහැලා ඒකට විරුද්ධව කතා කළොත් අවට ඉන්න මිනිස්සුන්ගෙ ‍ෙදා්ෂාරෝපණය එන්නෙත් ඒ කතා කරන කෙනාට. ඒක එන්නෙ සානුකම්පිත හැඟීම එක්ක. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් මිනිස්සුන්ගෙ සංවේදී බව, සංස්කෘතික බැඳීම් අවභාවිත වන බව ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා.

මෙතැන තියෙන්නේ, නැති බැරිකමට ඇවිල්ලා මුදලක් උපයා ගන්නවට එහා ගිය තත්ත්වයක්. ඒක වර්ධනීය තත්ත්වයක්. අපි මේ කියන්නේ ඒක වර්ධනය වෙන්න දෙන්නෙ නැතුව දැම්මම නවත්ත ගන්න ඕනේ.

එක පැත්තකින් මේක නවත්තන්න රජයෙන් යම් යම් දේවල් කරනවා වගේම සමාජමය වගකීමකුත් තියෙනවා. අපි මේ හිඟන්නන් තව තව බෝ කරනවද එහෙම නැත්නම් හිඟාකෑම නවත්තන්න උදවු කරනවද කියලා.

මේ හිඟන්නන් අතර ඉන්නවා මත්ද්‍රව්‍ය, ගංජා වගේ දේවල් ප්‍රවාහනය කරන අය. මේක මේ විදිහෙ ජාවාරම් ජාලයක්.”

මේ පර්යේෂණයට සම්බන්ධ වූ සාමාජිකයන්ට සිදු වුණේ කුමක්ද?

ඔවුන් දැන් කොහේදැයි කියාත් එතුමා සඳහන් කළා.

“මේ පර්යේෂණ ක්‍රියාවලිය සැලසුම් කිරීම සංකීර්ණ එකක් වුණා. එතැනදි අපේ ටීම් එකේ ලීඩර් කෙනෙක් හිටියා නාමල් ගුණවර්ධන කියලා. එයා තමයි සියලුම දේවල් හොයාගෙන ආවෙ. මේගොල්ලන්ට ෆීල්ඩ් එකට යන්න අවශ්‍ය දේවල් හදලා දුන්නේ. එයා මේ වෙනකොට ඉන්නෙ දකුණු කොරියාවේ.

ආබාධිත හිඟන්නා විධියට හිටපු ශිෂ්‍යයා අද ඉන්නෙ ජපානයෙ. සොයුරියන් විධියට හිටපු දෙන්නා ඉන්නෙ එංගලන්තයෙ සහ දකුණු කොරියාවෙ. අන්ධ හිඟන්නා විදිහට හිටපු ශිෂ්‍යයා අමිත්ත රජයේ රැකියාවක් කරනවා. සමාජ විද්‍යාව කියන්නේ පන්ති කාමරයක් ඇතුළෙ ඉඳලා ගන්න හුරුවක් නෙවෙයි. මේ පර්යේෂණයට සහභාගි වෙලා ගත්ත පෙරහුරු ඒ අයගෙ ජීවිතවලට ලොකු ආලෝකයක් වුණා.”
වයලට් ප්‍රියදර්ශනී විතානගේ

Research incentive grants: A valuable opportunity for areas of youth development and research engagement. Deadline to su...
09/02/2026

Research incentive grants: A valuable opportunity for areas of youth development and research engagement.
Deadline to submit research proposal is on 2 March 2026

මොකක්ද මේ සමානතාව කියන්නේ?? සමානතාව (Equity) කියන්නේ හැමෝටම එකම දේ දීම නොව, සාර්ථක වෙන්න එක් එක් පුද්ගලයාට අවශ්‍ය සම්පත්...
07/02/2026

මොකක්ද මේ සමානතාව කියන්නේ??
සමානතාව (Equity) කියන්නේ හැමෝටම එකම දේ දීම නොව, සාර්ථක වෙන්න එක් එක් පුද්ගලයාට අවශ්‍ය සම්පත්, ගුණාත්මක අවස්ථාවන් සහ සහාය වාගේ දේ ලබාදීමයි.

අපි හැමෝම ජීවිතය ආරම්භ කරන්නේ වෙන වෙනස් තැන්වලින් ...වෙනස් අභියෝග, හැකියාවන්, සහ තත්ත්වයන් සමඟ...සැබෑ සාධාරණ අවස්ථාවන් සපයනවා කියන්නේ එකම ආධාරය (same treatment) හැමෝටම දීම නොවෙයි. ඒ වෙනුවට, ඒ වෙනස්කම් හඳුනාගෙන, එක් එක් කෙනාට ඉදිරියට යාමට අවශ්‍ය සහාය ලබාදීමයි(fair treatment )..
කොටින්ම සමානතාව කියන්නේ,
“මට ඔබව පේනවා... ඔබට තියෙන බාධක මට පේනවා. ඒ ඒ බාධක ජය ගෙන ඔබ නැගී සිටින්නට මම ඔබට අත දෙන්නම්.” කියන ඒ සංකල්පයයි..🌸

Equity means giving each person what they need to succeed, not giving everyone the exact same thing.
We all start from different places, with different challenges, abilities, and circumstances. Creating truly equal opportunities does not mean offering identical support to everyone. Instead, it means recognizing those differences and providing the specific help each person needs to move forward.
Equity says,
“I see you. I see your barriers. Let me help you rise.”
~~Women in Research Group ~~

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Women in Community Research posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share