OSA ''Sri Dhammapala Dhamma School''

OSA ''Sri Dhammapala Dhamma School'' Old Students Association of Sri Dharmapala Dhamma School,
Sri Gnanavimalarama Viharaya,
Gothatuwa new town.

එතුමාට නිවන් සුව අත්වේවා !!🙏🙏අප ආදිශිෂ්‍ය සංගමයේ බලවත් සංවේගය
15/12/2025

එතුමාට නිවන් සුව අත්වේවා !!🙏🙏
අප ආදිශිෂ්‍ය සංගමයේ බලවත් සංවේගය

අප දහම් පාසලේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සවීසා නේවින්දි, නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙතුල මන්දිල්, හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙසදි සහන්සා යන දරුවන්ගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව පලකර සිටිමු.

එතුමාට උතුම් වූ නිවන් සුව අත් වේවා🙏

15/12/2025

゚viralシfypシ゚viralシalシ

පසුගියදා ඇතිවූ ගංවතුර ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ අපේම මිනිසුන් සඳහා අප ආදිශිෂ්‍ය සංගමය හා ප්‍රදේශවාසීන් විසින් ආහාර ස...
15/12/2025

පසුගියදා ඇතිවූ ගංවතුර ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ අපේම මිනිසුන් සඳහා අප ආදිශිෂ්‍ය සංගමය හා ප්‍රදේශවාසීන් විසින් ආහාර සකසා දීම ❤️

සහය දුන් සැමට ස්තුතියි 🙏

පසුගිය දා ඇතිවූ ගංවතුර ආපදා තත්වය හමුවේ අසරණ වූ අපේම මිනිසුන් වෙනුවෙන් ආහාර සකසා දීම, වියලි ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය ලබා...
15/12/2025

පසුගිය දා ඇතිවූ ගංවතුර ආපදා තත්වය හමුවේ අසරණ වූ අපේම මිනිසුන් වෙනුවෙන් ආහාර සකසා දීම, වියලි ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය ලබා දීම, පිරිසිදු කිරීම් කටයුතු හා අප සංගමය විසින් සිදු කරන ලද සියලු කටයුතු වෙනුවෙන් මුදලින්, ශ්‍රමයෙන් හා නන් අයුරින් උපකාර කල අප විහාරවාසී ස්වාමීන් වහන්සේ දෙනම,
ප්‍රාදේශීය සභාව, ආදිශිෂ්‍ය සංගමයේ සැමටත්, දායක සභාව, කුලඟන සමිතිය ඇතුලු සියලු දෙනාටත් ගෞරව පූර්වක ස්තුතිය පිරිනමමු. 🙏❤️

_ආදිශිෂ්‍ය සංගමය_

04/11/2025


පසුගිය දින පවත්වනු ලැබූ අප විහාරස්ථානයේ කඨින පූජෝත්සවය ඉතා සාර්ථකව පවත්වන ලද අතර එම කටයුත්ත සාර්ථක කරගැනීමට මූල්‍යමය වශය...
04/11/2025

පසුගිය දින පවත්වනු ලැබූ අප විහාරස්ථානයේ කඨින පූජෝත්සවය ඉතා සාර්ථකව පවත්වන ලද අතර එම කටයුත්ත සාර්ථක කරගැනීමට මූල්‍යමය වශයෙන්, ශ්‍රමයෙන් හා නන් අයුරින් සහය දැක්වූ අප විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ දෙනම, දායක සභාව, කුලඟන සමිතිය, අප ආදි ශිෂ්‍ය සංගමයේ සහෝදර ඔබ සැමටත්, ප්‍රදේශ වාසී සැමටත්, විශේශයෙන් අප සංගමය අනුග්‍රහය දැක්වූ නැටුම් කණ්ඩායම් වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදුන් සැමටත්, IDH පොලිසිය, ප්‍රාදේශීය සභාව, ඇතුලු සහභාගී වී නන් අයුරින් සහය දැක්වූ සැමටත් අප සංගමය වෙනුවෙන් ගෞරව පූර්වක ස්තුතිය පිරිනමන අතර විහාරස්ථානයේ අභිවෘදිය වෙනුවෙන් ඉදිරියේදී සිදු කරනු ලබන කටයුතු සඳහාද අප සමඟ එක්වී සහයෝගය ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

_ආදිශිෂ්‍ය සංගමය_
_ශ්‍රී ධර්මපාල දහම්පාසල_

Address

Colombo
10600

Website

Alerts

Be the first to know and let us send you an email when OSA ''Sri Dhammapala Dhamma School'' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share