Vet Ed Outreach

Vet Ed Outreach knowledge for pet owners

WSAVA(World Small Animal Veterinary Association ) guideline for Canine Pavrvo Vaccination !
19/09/2025

WSAVA(World Small Animal Veterinary Association ) guideline for Canine Pavrvo Vaccination !

සුනඛ පාවෝ රෝගය Canine parvovirus (CPV) යනු ඉතා ඉක්මනින් බෝවන  , බොහෝ ආසාදිත සතුන්‍ට මාරාන්තික විය හැකි වෛරස් රෝගයකි. එය ...
19/09/2025

සුනඛ පාවෝ රෝගය

Canine parvovirus (CPV) යනු ඉතා ඉක්මනින් බෝවන , බොහෝ ආසාදිත සතුන්‍ට මාරාන්තික විය හැකි වෛරස් රෝගයකි. එය මූලික වශයෙන් බලු පැටවුන්ට සහ එන්නත් නොකළ සුනඛයින්ට බලපාන අතර වමනය සහ ලේ මිශ්‍ර පාචනය මූලික ලක්ශණ ලෙස හදුනා ගත හැක.

මෙම වයිරසය ඉතා වේගයෙන් සෛල බෙදීම සිදුවන ආන්ත්‍රික ආස්තරය සහ ඇටමිදුළුවල සෛල වලට ආසාදනය වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන මෙම වෛරසය නිසා සුනඛයන් ද්විතියික ආසාදනවලට ඉක්මනින් ගොදුරු වේ. ආසාදිත සුනඛයන්ගේ අසූචි සමඟ සෘජු හෝ වක්‍ර සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය සිදු වන අතර වෛරසයට මාස ගණනක් පරිසරයේ පැවතිය හැකියාව පවතී.

නියමිත පරිදි පාවෝ රෝගය සදහා නිශ්පාදින එන්නත් නියමිත කාල වකවානුවදී ලබා දීමෙන් රෝගය වලක්වා ගැනීමට හැකි අතර රෝගය වැලදුන පසු පශුවෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත විජලනය වලක්වා ගැනීම සදහා අවශය තරල වර්ග ප්‍රතිජීවක, වමනය වලක්වා ගැනීමට අවශ්‍ය ඖශධ ලබා දීම අනිවාර්‍ය වේ.

රෝග ලක්ෂණ:
දරුණු, අධික දුර්ගන්ධයෙන් පිරි ලේ මිශ්‍ර පාචනය,
වමනය
උදාසීනත්වය / ක්‍රියාශීලබව නැතිවීම
ආහාර රුචිය නැති වීම
උණ
දැඩි විජලනය
ආහාර රුචිය නැති වීම

සම්ප්‍රේෂණය :
සෘජු සම්බන්ධතා - ආසාදිත සුනඛයකු සමඟ
වක්‍ර සම්බන්ධතා- අසූචි, දූෂිත වස්තූන් (බඳුන්, සෙල්ලම් බඩු, ඇඳ ඇතිරිලි) හෝ ඇඳුම් හරහා වෛරසය මාස ගණනක් පරිසරයේ ක්‍රියාකාරීව පැවතිය හැක
ප්‍රතිකාර : නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත, එබැවින් ප්‍රතිකාරය අවධානය යොමු කරන්නේ ආසාදනයට එරෙහිව සටන් කිරීමට සුනඛයාගේ ශරීරයට උපකාර කිරීමයි.
අභ්‍යන්තර තරල: විජලනයට එරෙහිව සටන් කිරීමට.
ප්‍රතිජීවක: ද්විතියික බැක්ටීරියා ආසාදන වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම.
වමනය අඩු කිරීම සදහා ඖශධ: වමනය අඩු කිරීම සහ විජලනය තවදුරටත් වැළැක්වීම.
රෝහල්ගත කිරීම: දැඩි ලෙස රෝග ලක්ශණ පෙන්වන්නේනම් අවශය විය හැක.

වැළැක්වීම
1.එන්නත් කිරීම: CPV ආසාදනය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්රමයකි.

2.සනීපාරක්ෂාව: බ්ලීච් ද්‍රාවණයකින් මතුපිට හොඳින් පිරිසිදු කර විෂබීජහරණය කරන්න (ජල කොටස් 30 කට බ්ලීච් එක කොටසක්).

3.හුදකලා කිරීම: තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ආසාදිත සුනඛයන් වෙනත් සුනඛයන්ගෙන් හුදකලා කරන්න. එලෙසම ආසාදිත ද්‍රව්‍ය ඔබේ ප්‍රදේශයේ කුණු ගෙනයන් රථයට දැමීම හෝ සෝදා ප්‍රධාන කාණු පද්ධතියට යොමු කිරිම නොකරන්න. වීදී සුනඛයන් පාවෝ රෝගයට එන්නත් කර නොමැත. ඔබගේ නොසැලකිලිමත්කම නිසා අසරණ වීදී සුනඛයන් දහස් ගනනක් මෙම වෛරසයෙන් ආසාදනය විය හැකි බව මතක තමා ගන්න.

කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර: ඔබේ සුරතලාට පාවෝ රෝගය වැලදී ඇතැයි ඔබ සැක කරන්නේ නම් වහාම පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

ඔබ පශුවෛද්‍යවරයෙක් නොවේනම් මෙහි බෙහෙත් වර්ග comment කිරීමෙන් සහ ඉබේ සුරතලාට ලබා දුන් බෙහෙත් තුංඩු share කිරීමෙන් වලකින්න. පශුවෛද්‍යවරයෙක් ඖශධ ලබා දීම සෑම විටම සිදු කරන්නේ සතාගේ තත්වය පරීක්ශා කර බරට අනුව බැවින් ඔබගේ සුරතලාට ලබා දෙන බෙහෙත් ප්‍රමණය ,වර්ගය තව කෙනෙකුට සුදුසු නොවන බව සලකන්න.
නිවසේ ඇතිකල සුනඛයා පාවෝ වෛරසය ආසාදනයෙන් මිය යාම ඔබගේ සම්පූර්ණ නොසැලකිලිමත් බවකි.එලෙසම වෛරසය ආසාදනය වූ පසු ලේ බඩ යන සුනඛයා නිවසේ තබා facebook වෛද්‍යවරුන් සෙවීම තවත් නොසැලකිලිමත් බවකි.

ඔබට, ඔබේ පවුලේ අයකුට මෙවන් රෝගයක් වැලදුනු පසු බෙහෙත් කරනා ලෙස සුරතලාටද මෙම මාරාන්තික රෝගයේදී නිසි ප්‍රතිකාර ලබා දෙන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Vet Ed Outreach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share