Vikalpani Women's Federation

Vikalpani Women's Federation Vikalpani Women's Federation is a non governmental organization in Sri Lanka working for the women

Didulana Women’s Society in Mahasenpura conducted a research on the impacts of pesticides and SGBV and they shared the r...
24/07/2026

Didulana Women’s Society in Mahasenpura conducted a research on the impacts of pesticides and SGBV and they shared the research findings with Villagers as well as the local government officials

මහසේන්පුර දිදුලන කාන්තා සමිතිය විසින් කෘමිනාශක වල බලපෑම් සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) පිළිබඳ පර්යේෂණයක් සිදු කරන ලද අතර, එහි සොයාගැනීම් ගම්වාසීන් හා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් සමඟ බෙදාහදා ගන්නා ලදී.

ප්‍රබෝධා සමිතියේ සාමාජිකාවන් පරිසර කෘෂිකාර්මය පිළිබඳ පුහුණුව ලබමිWomen in prabodha getting trainings on agroecology
24/07/2026

ප්‍රබෝධා සමිතියේ සාමාජිකාවන් පරිසර කෘෂිකාර්මය පිළිබඳ පුහුණුව ලබමි

Women in prabodha getting trainings on agroecology

Agroecology training in Watawanagama වටවන  ගම පාරිසරික  ගෙවතු වගා  වැඩ  සටහන
24/07/2026

Agroecology training in Watawanagama

වටවන ගම පාරිසරික ගෙවතු වගා වැඩ සටහන

"ඉස්සර Microfinance කොම්පැනි ඇවිල්ල ණයක් දෙද්දි  ඒ අය ගමේ ග්‍රාමනිලධාරීන්ගෙන් ණය ඉල්ලන කෙනාගේ පදිංචිය සහතික කිරීමේ සහතික...
24/07/2026

"ඉස්සර Microfinance කොම්පැනි ඇවිල්ල ණයක් දෙද්දි ඒ අය ගමේ ග්‍රාමනිලධාරීන්ගෙන් ණය ඉල්ලන කෙනාගේ පදිංචිය සහතික කිරීමේ සහතිකයක් ඉල්ලනවා .

හැබැයි දැන් එහෙම නෑ . කොම්පැනි ණය ගන්න කෙනාගේ ලයිට් බිලක් අරන් පදිංචිය බලල ණය දෙනවා. අපි මේ රිසර්ච් එක කරලා ග්‍රාම නිලධාරී සහ අනෙකුත් නිලධාරීන් හම්බෙල මේ වාර්තාව භාර දුන්නහම එයාල කිව්වා බොහොම ස්තූතියි මේකට. මොකද අපි දැනන් හිටියේ නෑ අපේ ගමේ මේ ප්‍රශ්නේ මෙච්චචර දුරදිග ගිහින් කියලා"

-----හප්පොරුව සිතමු ගොවිකාන්තා කණ්ඩායමේ සාමාජිකයින්

අපි මේ දවස්වල විකල්පනී එක්ක ප්‍රජා පාදක පර්‍යේෂණ වගයක් කරනවා. ඒ අයගේ ගමේ තියෙන ප්‍රශ්නයක් හඳුනගෙන ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කලින් ඒ ගැන ඒ ප්‍රජාව පර්යේෂණ සිදු කරනවා. ඇත්තටම ගමේ කාන්තාවොම ගමේ ඇවිදල දත්ත එකතු කරල ගමේ ටිකක් කැම්පස් ගිය research ගැන යම් අදහසක් තියෙන කෙනෙකුත් සමබන්ධ කරගෙන කරපු පර්‍යේෂණ වාර්තාව ලියනවා. ඒ වගේම ඒකෙන් හොයා ගන්න දේවල් ගැන කතා කරනවා. මේ වැඩේට විකල්පනී අපිත් විවිධ අවස්ථාව වල මැදිහත් වුන.

මෙහෙම කරපු පර්‍යේෂණය මේ අය ගමේ කට්ටියට එන්න කියලා ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒ ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕනි අය ලඟට ගිහින් මේ වාර්තාව දීලා ඒ අය මැදිහත් වෙන්න ඕනි විදිගැන කතා කරා. සමහර පර්‍යේෂණ සොයා ගැනීම් වලින් රාජ්‍ය නිලධාරීන් වගේම ගමේ අයත් පුදුම වුණා. මේ පර්යේෂණවල යම් යම් අඩුපාඩු තිබ්බත් මම දැකපු කාරණා කිහිපයක් තියෙනවා.

1. මේ පර්යේෂණය සොයාගැනීම් එක්ක ඒ ළඟම Actions නිර්මාණය වීම .

සාමාන්‍යයෙන් අපි කරන පර්යේෂණ වලදී ගොඩක් වෙලාවට අපි ඒකත් එක්ක policy brief එකක් හදලා ඒක launch කරලා තව social media campaign එකකුත් හදලා ඊට පස්සේ අපේ වැඩේ ඉවරයි කියලා හිතනවා. තවත් සමහර වෙලාවට අපි මේ පර්‍යේෂණ ප්‍රතිඵල භාවිතා කරන්නේ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති වෙනස් කරන්න යම් බලපෑමක් කරන්න. එහෙම නැත්තම් ඒකේ තියෙන recommendation ක්‍රියාත්මක කරන්න action plan එකක් හදලා ඒකේ යම් යම් මට්ටමේ වැඩ කරමින් ඉන්නවා.

හැබැයි මේ කාන්තා කණ්ඩායම් මේ පර්‍යේෂණ වාර්තාව එලිදැක්වීමත් එක්ක ඒ ලඟ ලඟ පසුකාලීන වැඩ නිර්මාණය කරගන්නවා සහ ඒවගේ ප්‍රතිඵල ග්‍රාමිය මට්ටමේ ප්‍රශ්න වලට විසඳුම් ගේන පාවිච්චි කරනවා.

උදාහරන විදියට මේ රිසර්ච් එකෙන් පස්සේ මේ කන්ඩායම ගමේ ණය ලබාගෙන තියෙන අයට තව ණය නොවී ණය කළ්මණාකරණය කරගන්නෙ කොහොමද කියල දැනුවත් කිරීමක් කරනවා. ඒ වගේම ණය ප්‍රශ්නෙත් එක්ක පීඩාවට පත් වෙලා ඉන්න කාන්තාවන්ට පිහිට වෙන්න පුලිවන් ආකාර හොයනවා. ණයත් එක්ක බැඳිලා තියෙන හිංසනය තේරුම් අරගෙන ඒ කාන්තාවන් ගැන වැඩිපුර හොයලා බලල එයාලට උදව් කරනවා. ඒ වගේම ඒ සමිතියේ සාමාජිකත්වයත් ඒ කාන්තාවන්ට පිරිනමල මේ කාන්තා කණ්ඩායම කරන වැඩ වලට එයාලව සම්බන්ධ කරගන්නවා.

2. මේ දත්තවල, මේ සොයාගැනීම්වල මේ නව දැනුමේ අයිතිය මේ කාන්තාවන් සතු වීම හා ඒ දැනෙන සාමූහික දැනුම පිලිබඳ හැඟීම

අද මට මෙ කාන්තා කණ්ඩායම එයාලගේ පර්යේෂණය ගැන් කිව්වේ සතුටකින්. "මිස් අපි කරපු දේ හින්දා අපි දැනගත්තා මේ ප්‍රශ්නේ බරපතල කම " මේ එයාලගෙ වචන . මේකේ තියෙන්නෙ නව දැනුම. එයාලම හොයාගත්ත දැනුම. ඒ දැනුම එයාලම නිෂ්පාදනය කරද්දි සහ ඒ දැනුමේ අයිතිකාරයෝ එයාලම වෙද්දී ඒ දැනුමෙන් හොඳටම වැඩක් ගන්න හිතන්නෙත් එයාලා.

3. විකල්ප ගොඩනඟන්න සහ ඒ දැනුම පුළුල් කරගන්න එයාල තුල තියෙන උනන්දුව.

මේ පර්යේෂණය එලිදැක්වුවට පස්සේ මම එයාලට පොළොන්නරුවෙ සුනෙත්ල මෙහයවපු ක්ෂුද්‍රමූල්‍ය වලට එරෙහි අරගලය ගැන කිව්වා. අලුතෙන් ආපු ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැන කිව්වා. මේවගේම අපි ප්‍රජාව මූලික කරගෙන ආණ්ඩුවට මේ වෙලාවේ මේ තත්ත්වය පැහැදිලි කරන්න සිදු කරන ප්‍රජා මූලික පර්යේෂණ ගැන කිව්වා . ඒඅයට ඒවට සම්බන්ධ වෙන්න පුලුවන් වෙන ක්‍රම ගැන කිව්වා. මුලින් ණය ගත්තනම් කොහොමහරි ගෙවන්න ඕනිනේ කියලා එයාලට තිබ්බ අදහස ඒ දේවල් අහද්දි තව වෙනස් වුනා. එයාල කැමතියි ඒ අරගල කරපු මින්ස්සු හම්බෙලා ඒ ගැන ඉගෙන ගන්න. ඒ අරගල වලට සම්බන්ධ වෙන්න.

මේ වගේ තව ගොඩක් දේවල් මේ පර්යේෂණයත් එක්ක ඒ අය දැනටමත් කරන්න පටන් අරන් තියෙනවා.

මේ පර්යේෂණ වල අපි බලාපොරොත්තු වෙන ආකෘති නොතිබුණත් සමහර වාර්තා වල් අපිට හම්බවෙන්නේ නැති කලාප තියෙනවා. එයාලගෙම කතන්දර තියෙනවා. ඒ වගේම එයාලගෙ ප්‍රශ්න විසඳගන්න අවශ්‍ය negotiation power එකට අදාල tool එකක් විදියට මේ පර්යේෂණ එයාල නැවත නැවත භාවිතා කරනවා.

By Chathu Sewwandi

📢 ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 📢පහල ඌව වනිතා සංවර්ධන මධ්...
24/07/2026

📢 ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 📢
පහල ඌව වනිතා සංවර්ධන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද "ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.07.18 දින සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත් කාන්තාවන් හඳුනා ගැනීම වෙනුවෙන්ද යොමු විය.

🗓️ දිනය: 2026.07.18
🕘 වේලාව: පෙ.ව. 9.00 - ප.ව. 3.00
📍 ස්ථානය: තැරෑල (ලේඛම්තුමියගේ නිවස)
👥 සහභාගිත්වය: පුද්ගලයින් 74 ක්

#පහලඌවවනිතාසංවර්ධනමධ්‍යස්ථානය #ගෘහස්ථහිංසනයනැවැත්වීම #කාන්තාශක්තිමත්කිරීම

📢 Awareness Program on Sexual and Gender-Based Violence 📢

An awareness program on "Sexual and Gender-Based Violence" organized by the Pahala Uva Women's Development Center was successfully held on 2026.07.18. The program also focused on identifying women affected by domestic violence.

🗓️ Date: 2026.07.18
🕘 Time: 9.00 am - 3.00 pm
📍 Venue: Tharaela (Registrar's residence)
👥 Participants: 74

📢 නායකත්ව ධාරිතා සංවර්ධන වැඩසටහන 📢සමගි කාන්තා සංවිධානය මගින් සංවිධානය කරන ලද "නායකත්ව ධාරිතා සංවර්ධන" වැඩසටහන 2026.07.19...
24/07/2026

📢 නායකත්ව ධාරිතා සංවර්ධන වැඩසටහන 📢
සමගි කාන්තා සංවිධානය මගින් සංවිධානය කරන ලද "නායකත්ව ධාරිතා සංවර්ධන" වැඩසටහන 2026.07.19 දින සාර්ථකව පවත්වන ලදී.

🗓️ දිනය: 2026.07.19
🕘 වේලාව: පෙ.ව. 9.00 - ප.ව. 3.00
📍 ස්ථානය: වෑකුබුර, කදුකරගම
👥 සහභාගිත්වය: පුද්ගලයින් 40 ක්

මෙම වැඩසටහන සඳහා පැතුම් හේවාගාල්ලගේ මහත්මිය සම්පත්දායිකාව ලෙස වටිනා දැනුමක් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට මනාෂා සෙව්වන්දි මහත්මිය ඇතුළු ආයතනික නිලධාරීන් සහභාගී වූහ.

#සමගිකාන්තාසංවිධානය #නායකත්වධාරිතාවර්ධනය #කාන්තාශක්තිමත්කිරීම

📢 Leadership Capacity Building Program 📢
The "Leadership Capacity Building" program organized by the Samagi Women's Society was successfully held

🗓️ Date: 2026.07.19
🕘 Time: 9.00 am - 3.00 pm
📍 Venue: Waekubura, Kadukaragama
👥 Participants: 40

Mrs. Pathum Hewagallage served as the resource person and shared valuable insights during the program.

Institutional officers including Mrs. Manasha Sewwandi were present at the event.

📢 **කුඩා කර්මාන්ත පුහුණු වැඩසටහන හා විකුණුම් පොළ ආරම්භය** 📢අද දිනයේ අලියාවත්ත බ්‍රින්දා කාන්තා සමිතිය මගින් සංවිධානය කරන...
24/07/2026

📢 **කුඩා කර්මාන්ත පුහුණු වැඩසටහන හා විකුණුම් පොළ ආරම්භය** 📢

අද දිනයේ අලියාවත්ත බ්‍රින්දා කාන්තා සමිතිය මගින් සංවිධානය කරන ලද කුඩා කර්මාන්ත පුහුණු වැඩසටහන සහ ඒ ආශ්‍රිත විකුණුම් පොළ (market) සාර්ථකව ආරම්භ කරන ලදී. 🎉

මෙම වැඩසටහන මගින් ප්‍රදේශයේ කාන්තාවන්ට ස්වයං රැකියා හා කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කුසලතා හා දැනුම ලබා දීමට අපේක්ෂා කෙරේ.

සහභාගී වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏

#බ්‍රින්දාකාන්තාසමිතිය #කුඩාකර්මාන්ත #කාන්තාශක්තිමත්කිරීම #අලියාවත්ත

📢 **Small Industries Training Program and Market Launch** 📢

Today, the Aliyawaththa Brinda Women's Society successfully launched a Small Industries Training Program along with an associated sales market. 🎉

This program aims to provide women in the area with the skills and knowledge needed to start self-employment ventures and small businesses.

Our heartfelt thanks to everyone who participated! 🙏

📢 **වෙළඳපොළ හා අලෙවිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන** 📢භාරතී කාන්තා සංවිධානය මගින් සංවිධානය කරන ලද "වෙළඳපොළ හා අලෙවික...
24/07/2026

📢 **වෙළඳපොළ හා අලෙවිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන** 📢

භාරතී කාන්තා සංවිධානය මගින් සංවිධානය කරන ලද "වෙළඳපොළ හා අලෙවිකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.07.24 දින සාර්ථකව පවත්වන ලදී.

🗓️ **දිනය:** 2026.07.24
🕘 **වේලාව:** පෙ.ව. 9.00 - ප.ව. 3.00
📍 **ස්ථානය:** පාලාරුව, භාරතී සමිති ශාලාව අසල
👥 **සහභාගිත්වය:** පුද්ගලයින් 45 ක්

මෙම වැඩසටහන සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන ඒකකයේ සම්පත්දායකයින් දෙදෙනෙකු විසින් වටිනා දැනුමක් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ගුණවතී මහත්මිය, නිශාන්තිකා මහත්මිය, මනාෂා සෙව්වන්ද, සහ නිලයන්ති මහත්මිය ඇතුළු ආයතනික නිලධාරීන් සහභාගී වූහ.

#භාරතීකාන්තාසංවිධානය #වෙළඳපොළදැනුවත්කිරීම #කාන්තාශක්තිමත්කිරීම

අද දිනයේ අලියවත්ත බ්‍රින්දා කාන්තා සමිතිය විසින් ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සැසිවාරයක්...
24/07/2026

අද දිනයේ අලියවත්ත බ්‍රින්දා කාන්තා සමිතිය විසින් ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සැසිවාරයක් මෙන්ම පාසල් දරුවන් සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.

Today the Brinda Women’s Society in Aliyawaththa conducted a session on Sexual and Gender Based Violence as well as an awareness raising on Mental health for school children

Vikalpani  is getting ready for Organic inputs production APEX - Asian People's Exchange for Food Sovereignty & Agroecol...
21/07/2026

Vikalpani is getting ready for Organic inputs production

APEX - Asian People's Exchange for Food Sovereignty & Agroecology

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Vikalpani Women's Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vikalpani Women's Federation:

Shortcuts

Share