26/10/2025
හිතවත් මහානාම මාතාවගෙන් නැණ පාදාගත් සොයුරණි, අප පාසල තුළ සිදු වූවා යැයි කියන සිද්ධිය මේ වන විට දරුවන්ට ආදරේ කියන මුවාවෙන් ආදි ශිෂ්‍ය කණ්ඩායමක් ගෙන යන දැවැන්ත ප්‍රචාරය තුළින් තවදුරටත් එම දරුවන්ට වන පීඩාව මිනිය හැකි ද?
1)මෙම බාලදක්ෂ කොමසාරිස් ප්‍රදාන පාගමන හා කදවුර භාරව සිට ඇත්තේ කොළඹ දිසා බාල දක්ෂ කොමසාරිස් ය.
2) මෙම කදවුරු බැදීමේ දී භාර ගුරුවරයකුගේ හෝ අන්‍ය සහය ලබා ගැනීම කළ නොහැක .
3) මෙම කාර්‍ය පූර්ණ අධීක්ෂණය, වගකීම, දිසා බාලදක්ෂ කොමසාරිස්
4) භාර ගුරුවරයා හෝ වෙනත් අය නොමැතිව එම තිදෙනා සියල්ල කළ යුතු ය.සහය වීම,හෝ ගැනීම සුදුසුකම් නොලැබීමට හෙතුවේ.
5) මේ දින දෙකේම කළ කී දෑ වට්ස් ඇප් මගින් කොමසාරිස් සජීවීව නරඹා ඇත. පින්තූර ද දරුවන් යොමුකර ඇත. 6)පාසල කර ඇත්තේ භූමිය ලබාදීම පමණි.
7) පාසල තුළ රැය පහන් කරමින් දහවල් කාලයේ 22km ක් පා ගමනෙන් යායුතුව තිබී ඇත. 😎 ඒ අනුව 2025/10/04 පාගමන 14km ගොස් නැවත පාසලට පැමිණ ඇත.
9) එදින කූඩාරම තුළ ක්‍රියාකාරකම් කළ යුතු වුව ද වර්ෂාව නිසා පංති කාමරයකට යෑමට දිසා කොමසාරිස් අවසර දී ඇත.
10) ආහාර ගැනීමෙන් පසු රාත්‍රී 1ට පමණ නින්දට ගොස් ඇත.
11) එක් සිසුවකු අවදි වීමෙන් සිදුවන්නට ගිය අනතුර වළක්වා ගනිමින් අන් දෙදෙනා ද දැනුවත් කර දෙමාපියන්ට දැනුම් දී ඇත.රාත්‍රි 2 පමණ දෙමාපියන් ද පාසලේ MIC ආචාර්යවරයා ද පැමිණ ඇත.
12)පසුව දෙමාපියන් විදුහල්පතිතුමා ද විදැනුවත් කර ඇත.
13) දරුවන් උදෑසන පෙර දින නැවැත් වූ පා ගමනේ ඉතිරි දුර ද නිමකර කදවුරේ කටයුතු නිමකර ඇත.
14) ඒ අතර විදුහල්පතිවරයා පොලීසියට සිදුවීම දැනුම් දී ඇත. එවිට පොලීසිය පවසා ඇත්තේ මෙය පැමිණිල්ලක් ලෙස දෙමාපියන් ඉදිරිපත් කර උසාවිය මගින් කටයුතු කළ යුතු බවයි.
15) නමුත් දෙමාපියන් ඊට කැමති වී නැත.
16) 7වන අගහරුවාදා පාසල ආරම්භ වීමෙන් පසු විදුහල්පතිවරයා දරුවන්,දෙමාපියන් සහකාර විදුහල්පතිවරයකු සමග ළමාරක්ෂක කාර්‍යාංශයට යොමු කර ඇත.
17) මෙහි දෙමාපියන් දරුවන්ගේ වෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලුවද ළමාරක්ෂක කාර්‍යාංශයේ සභාපති මහෙස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ දරුවන් උසාවියට ඉදිරිපත් කර එසේ කළ යුතු බවයි.එයට දෙමාපිය අකමැත්ත පල කර ඇත. එහි ස්ථානාධිපති හා පොලිස් පරීක්ෂක ඊළග දින එන ලෙස දෙමාපියන්ට දැන් වුව ද දෙමාපියන් ගොස් නැත.
18) පොලීසියට පැමිණිලි කිරීමට හා උසාවි යෑම කළ යුත්තේ භාර කාර දෙමා පියන් වුවද ළමුන් පරිවාස ගතවන නිසා හා දරුවන් තවදුරටත් අපහසුතාවයට පත් වීම වැලැක්වීමට මෙසේ කරන්නට ඇත.
19) මෙම සිදුවීමේ පූර්ණ වගකීම,සොයා බැලීම කොළඹ දිසා බාලදක්ෂ කොමසාරිස් සතුවන අතර පොලිසියට පැමිණිලි කිරීම, අධිකණයට යෑම දෙමාපියන් විසින් ම කළ යුතු ය.
විදුහල්පතිට හෝ පොලීසිය පමණක් නොව ළමාරක්ෂක කාර්‍යාංශය ද ක්‍රියා කළ යුත්තේ භාරකාරත්වය දරණ දෙමාපිය කැමැත්ත හා ඉදිරිපත් වීම මත පමණි.
එසේ හෙයින් දිගින් දිගටම ආදි ශිෂ්‍ය ප්‍රජාවන අප මෙය සමාජ ගත කිරීම තුළින් විදුහල්පති සමග අපේ ඇති ගැටුමට පළිගත හැකි වුවද එම දරුවන් නැවත නැවතත් අපචාරයට ලක්වන අතර එම පුද්ගලයා ස්පර්ශ කළේ තිදෙනාගෙන් එක් අයෙකු විය හැකි අතර අපි දැන් ඒ තිදෙනාත්, සමස්ත 4500ක් පමණ වන දරුවනුත් අපචාරයට, පාරට බැසීමට නොහැකි මට්ටමට පත් කර ඇත්තෙමු...
දැනට සිදුව ඇති ප්‍රචාරය හරි හෝ වැරදි තීන්දු කිරීමට දෙමාපිය කැමැත්ත මත අදාළ ආයතනවලට කිරීමට ඉඩ දී සෝදිසියෙන් උනන්දු කරමු යන්න අපගේ යෝජනාවයි.
පාසලින් ආරක්ෂක සේවකයාගේ තොරතුරු හා ආරක්ෂක ආයතනයේ සියලු තොරතුරු පොලීසියට ලබා දී ඇත.
මෙය හැකි පමණින් ශෙයාකර සත්‍ය සමාජගත කරන්න. 🙏♥️