29/10/2024
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
කන්දගේ ගිම්හාන් දුලාංජන ප්‍රනාන්දු වන මා මාගේ මූලික අධ්‍යාපන කටයුතු බප/ජය මුනිදාස කුමාරතුංග' විද්‍යාලයෙන් ලබා ගත් අතර උසස් අධ්‍යාපනයට 'බෝමිරිය ජාතික පාසල' වෙත සම්බන්ධ වූයේය..
මාගේ දහම් අධ්‍යයන කටයුතු 'කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසල' තුල සිදුකර ගත් අතර පාසල් අධ්‍යයන කටයුතු වලින් නොනැවති උසස් අධ්‍යාපන කටයුතු සදහා
'අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයට' සම්බන්ද වී එයින් පසු අස්වනු තාක්ශනය පිලිබද 'උසස් ජාතික ඩිප්ලෝමා ධාරියකුද වේ.තවද 'මානව සම්පත් කලමණාකරනය පිලිබද ඩිප්ලෝමාවක් හදාරමින් තව දුරටත් මාගේ අධ්‍යයන කටයුතු යාවත් කාලීන කරමින් පවතී. මා දැනට ඔඒසීස් සමාගමේ පර්යේශන හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරී ලෙස රැකියාවේ නිරත වෙයි.
කෘශිකර්මාන්ත ගම් බිම් වල නිතර ගැවෙසෙමින් ගොවි සංවිධාන හරහා ගොවීන්ට වගා කටයුතු සදහා අවශ්‍ය දැනුම ඉතා සරල ලෙසින් දැනුවත් කරමින් දිවයින පුරා ගොවීන්ගේ කෘශිකර්මාන්තය ඉහල නැංවීම සදහා තවද දැවැන්ත ප්‍රයත්නයක් දරමින් සිටී.
මාගෙ සමාජ සේවයෙන් බිදක්..
මා බොහෝ සෙයින් පරිසර හිතවාදියකු වන අතර "හුස්ම" සංවිධානය පිහිටුවා ගනිමින් 'ජීවය දෙන පරිසරයට නැවුම් හුස්මක්' තේමාව මුදුන් පත්කර ගනිමින් දිවයින පුරා විදේශික ආක්‍රමණකියන් විසින් දේශයේ විශාල සංහාරයකට පත් කරනු ලැබූ ලංකාවේ පොහොර ගස නමින් විරුධාවලියට පාත්‍ර වූ "මී" ශාකයද, කුඹුක්,ඇටබ, කරද වැනි දූර්ලභ පාරසරික වටිනාකමකින් යුත් ශාක දිවයින පුරා රෝපණය කරමින් සිටින අතර තවද ප්‍රභූවරුන්ගේ මැදිහත් වීම් මගින් සිදුකරන පාරසරික සම්පත් අවභාවිතයට එරෙහිව තනිව හා සෘජුව නැගී සිටි අයෙකි. තවද "කැලණි ගං ධාරා සුරකීමේ ව්‍යාපෘතිය" මගින් කැලණි ගං ඉවුරු ඛාදනය වැලැක්වීමට ඉවුරු අසල කුඹුක්, මී,කරද වැනි වටිනා ශාක වීශාල ප්‍රමානයක් රෝපණය කල අතර "එක් කුඹුරකට එක් මී පැලයක්"යන සංකල්පද මාගෙ සංකල්ප අතර වුණි. මවිසින් අනිවාර්ය සංරක්ෂණය කල යුතු රතු දත්ත පොතට ඇතුලත් වූ ශාක වර්ග පූජා භූමි රැසක් තුල රෝපණය කල අතර
එවකට පැවති රජයයන් සමගින්,ජනාධිපති ලේකම් කාර්‍යාල ,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල,අඩවි වන නිලධාරි කර්‍යාල, යෞවන සමාජ, සමග සෘජු සම්බන්දතා පවත්වා ගනිමින් 'පරිසරයට නව හුස්මක් ලබා දිය හැකි සෑම ස්ථානයකම මා කැපී පෙනෙන පරිසර හිතවාදියකු ලෙස කටයුතු කලෙමි.
තවද "උදව්ව පදනම" සාමජිකත්වය දරමින් දෙස් විදෙස් ආදාර මත දිවයින පුරා දුශ්කර අඩු ආදයම් ලාභී පාසල් සොයා එම දරුවන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීමට අවැසි සියලු පාසල් උපකරන ලබා දී ඇති අතර "අකුරට අත්වැලක්" "අපෙන් ගමට" වැනි වැඩසටහන්ද දිවයින පුරා ක්‍රියාත්මක කරමින් සිටී.
තවද අනුරාධපුර විශ්වවිද්‍යාලය විද්‍යායතනයෙහි ශිශ්‍ය ක්‍රියාකාරීන් සමගින් "අකුරු අරන් ඉස්කෝලෙට" වැඩසටහන් බොහෝමයකට ක්‍රියාකාරී ලෙස දායක වී ඇත.
"හෙළ දරුවෝ" සංවිධානයේ සංවිධායක දූරය හොබවමින් කොලඹ දිස්ත්‍රික්කයේ අඩු ආදයම් ලාභී පාසල් වල දරුවන් හට අධ්‍යයන උපකරණ ලබා දෙමින් එම ව්‍යාපෘතිද ඉදිරියටද සිදුකරමින් පවති.
"කොරෝනා" වැනි දරුණු වසංගත තත්ව යටතේදී ද ප්‍රභූ වරුන් හා රාජ්‍ය නිලධාරින් සමග සෘජුව සම්බන්ධ වෙමින් පීඩාවට පත් මිනිසුන් හට අවශ්‍ය ආහාර පාන, සෞඛ්‍ය ආරක්ශිත උපකරණ ලබා දුන් අතර ගංවතුර වැනි ස්වභාවික විපත් වලදී මිනිසුන් හා එක්ව පීඩාවට පත් මිනිසුන් හට හැකි අයුරින් උපකාර ලබා දීමටද අදටත් කටයුතු කලෙමි.
තාරුණ්‍යයේ ක්‍රීඩා කෞශලය නගා සිටුවීමට "කඩුවෙල යෞවන සාමජය" පිහිටුවා ගනිමින් ක්‍රීඩාංගන සංවර්ධනයෙහි ලා හැකි පමණින් දායක වී ඇත.
මොහු පාරසරික,සාමාජීය,තාරුණ්‍යට සේවය කිරීම ඔහුගේ පෞද්ගලික ජීවන රටාවේ කොටසක් බවට පත් කරගනිමින් සමාජයට නොපෙනෙන හා වටිනා සේවා රැසක් සිදු කර ඇත.
🔸 🖋️ ❌ 5️⃣ ❌
දෙවන පරපුරෙන් මනාප අංක 05 ❌ දියවන්නාවට බුද්ධිමත් තරුණයෙකු තෝරාපත් කර ගනිමු.......
පාර්ලිමේන්තු අපේක්ෂක ගිම්හාන් දූලංජන
🙏❤️ 💌 🙏