SrilLanka Malay

SrilLanka Malay Lanka Malay 🇱🇰 (මැලේ හෙවත් ජා ජාතිකයෝ ) ♥️ preservation and development of the Malay Language, Customs and Culture.

Lanka Malay (මැලේ ) identity by the recognition, preservation and development of the Malay Language, Customs and Culture.

ලංකාවේ රාජ්‍ය තීන්දුවට සෞදියෙන් මක්කමේදී පළිගනියි: ෂෙයික් අර්කම් කොටු කළ කුමන්ත්‍රණය!විශේෂ දේශපාලන විශ්ලේෂණයකි.සමස්ත ලක්...
31/05/2026

ලංකාවේ රාජ්‍ය තීන්දුවට සෞදියෙන් මක්කමේදී පළිගනියි: ෂෙයික් අර්කම් කොටු කළ කුමන්ත්‍රණය!

විශේෂ දේශපාලන විශ්ලේෂණයකි.

සමස්ත ලක්කා ජෙමෙයියතුල් උලමා සභාවේ (ACJU) සිටින එකම මැලේ ජාතික ඉස්ලාමිය දේශකයෙකු වන අර්කම් නුරාමිත් මහතා ශුද්ධ වූ මක්කා නුවරදී සෞදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ පුවත, හුදු ආගමික සිදුවීමකට එහා ගිය දැඩි දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික කැළඹීමක් ලංකාව තුළ නිර්මාණය කර ඇත. රටවල් දෙකක නිල එකඟතාවයන් මත, ශුද්ධ වූ හජ් වන්දනාව සඳහා ගිය ලාංකික ආගමික නායකයෙකුව මිනා පිටියේදී මෙලෙස දඩයම් කිරීමට උත්සාහ කිරීම පිටුපස ඇත්තේ ලංකාවේ අභ්‍යන්තර රාජ්‍ය තීරණ පාවාදුන් නින්දිත ලාංකික කුමන්ත්‍රණයකි.

මෙය සෞදි අරාබිය විසින් ලංකාවේ ස්වෛරීභාවයට සහ පරිපාලන තීන්දුවලට කළ අතපෙවීමක්ද? නැතහොත් පටු පුද්ගලික පළිගැනීමක් වෙනුවෙන් සෞදි රජය පාවිච්චි කිරීමක්ද?

1. සෞදි පුරවැසි ලාංකිකයාගේ කුමන්ත්‍රණය සහ අසත්‍ය චෝදනා
මෙම නින්දිත ක්‍රියාවට මුල් වී ඇත්තේ සෞදි පුරවැසිභාවය ලබා සිටින, තමන් මක්කාවේ ලාංකික වන්දනාකරුවන්ගේ භාරකරු ලෙස හඳුන්වා ගන්නා ලාංකික පුද්ගලයෙකි. ඔහු විසින් සෞදි බලධාරීන්ට දුන් පැමිණිල්ල සෘජුවම ලංකා රජයට එරෙහි අභියෝගයකි.

පොත් තහනම සහ රේගු ගැටලුව: සෞදියෙන් ලංකාවට එවූ ආගමික පොත් සහ අල්-කුර්ආන් පිටපත් ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීමට ප්‍රධාන වගකිවයුත්තා ෂෙයික් අර්කම් බවට පැමිණිලිකරු චෝදනා කර ඇත.

සැබෑ තත්ත්වය: ෂෙයික් අර්කම් යනු මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ "ඉස්ලාමීය ග්‍රන්ථ සමාලෝචන කමිටුවේ" නිල සාමාජිකයෙකි. රට තුළට එන ආගමික මතවාද පරීක්ෂා කිරීම ලංකා රජයේ අයිතියකි. රජයේ නිලධාරියෙකු තම රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් තීන්දුවක්, වෙනත් රටකදී අපරාධයක් ලෙස පෙන්වීමට මෙම කුමන්ත්‍රණකරු උත්සාහ කර ඇත.

ආගමික ලේබල් ඇලවීම: ෂෙයික් අර්කම් "වෙළුණු වහබ්වාදයට" පටහැනි "සුෆි" මතධාරියෙකු බවත්, ඔහු සෞදි මතවාදයට විරුද්ධව වන්දනාකරුවන් අතර මත ප්‍රචාරය කරන බවත් පවසමින් ඔහුව සෞදියෙන් පිටුවහල් කරන ලෙස හෝ සිරගත කරන ලෙස කුමන්ත්‍රණකරු ඉල්ලා ඇත.

2. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්ද?

ජාත්‍යන්තර ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) මඟින් ලංකාවට දෙන නිල හජ් කෝටාව යටතේ, වලංගු වීසා සහිතව ගිය ලාංකිකයෙකු, ලංකාව ඇතුළත කළ නිල රාජකාරියක් මුල් කරගෙන ප්‍රශ්න කිරීමට සෞදි බලධාරීන්ට කිසිදු සදාචාරාත්මක හෝ ජාත්‍යන්තර නෛතික අයිතියක් නැත.

දැඩි ස්ථාවරය: මෙය වෙනත් රටක අභ්‍යන්තර දේශපාලන හා පරිපාලන කටයුතුවලට සෞදි බලධාරීන් සෘජුවම මැදිහත් වීමකි. ලංකා රජයේ උපදේශක සභා සාමාජිකයෙකු මෙලෙස රඳවා තැබීම ශ්‍රී ලංකා රාජ්‍යයට කළ නිහඬ අපහාසයකි.

3. කොළඹ පාලනය නිද්‍රාවෙන් මිදිය යුතුය: ගත යුතු ක්ෂණික පියවර

මෙම සිදුවීමෙන් පසු ෂෙයික් අර්කම් නිදහස් කර තිබුණද, සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික හානිය සුළුපටු නොවේ. මේ සම්බන්ධයෙන් ලංකා රජය සහ දේශපාලන අධිකාරිය වහාම ක්‍රියාත්මක විය යුතුය:

1. තානාපතිවරයා කැඳවීම: ලංකා විදේශ අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වී, කොළඹ සිටින සෞදි තානාපතිවරයාව කැඳවා රජයේ බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කළ යුතුය.

2. නිල වාර්තා කැඳවීම: සෞදියේ සිටින ලංකා තානාපති අමීර් අජ්වාද් සහ ජෙද්දා කොන්සල් ජනරාල් (හිටපු අභියාචනාධිකරණ විනිසුරු) ලෆාර් තාහීර් වහාම මෙම ප්‍රශ්න කිරීම් පිටුපස ඇති කුමන්ත්‍රණය ගැන පූර්ණ වාර්තාවක් ලංකාවට එවිය යුතුය.

3. නෛතික සහ දේශපාලන බලපෑම: ලංකාවේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මුස්ලිම් නීතිඥ සංගමය එක්ව, රජයේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ ෂෙයික් අර්කම් වෙනුවෙන් සෞදි රජයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වන්දියක් සහ යුක්තියක් ඉල්ලා සිටීමට බලපෑම් කළ යුතුය.

අවසාන අදහස

ශුද්ධ වූ මක්කම යනු සෞදි පාලකයන්ට ලෝකයේ දේශපාලන පළිගැනීම් පිරිමසා ගැනීමට ඇති පෞද්ගලික බිම්කඩක් නොවේ.

ලංකාවේ රජයේ තීන්දු තීරණවලට එරෙහිව ක්‍රියා කරන, සෞදි පුරවැසිභාවය ගත් ද්‍රෝහීන්ගේ කේලාම්වලට රැවටී, ලංකාවේ ආගමික නායකයන් දඩයම් කිරීමට සෞදි ආරක්ෂක අංශවලට ඉඩ දිය නොහැක. මේ සම්බන්ධයෙන් ලංකා රජය සෞදියට එරෙහිව කොන්ද කෙළින් තබා නිල විරෝධය පළ නොකළහොත්, ඉදිරියේදී ලංකාවේ ඕනෑම නිලධාරියෙකුට සෞදියේදී මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත.

30/05/2026

📌️හම්බන්තොට නගරයේ පැවති සංස්කෘතික ප්‍රදර්ශනයක මැලේ සටන් නර්තන කලාවක් රග දැක්වූ අයුරු.

#හම්බන්තොට #මැලේ #මෙලායු #කිරින්ද #සංස්කෘතික

අල්හම්දුලිල්ලාහ්, හරි රාය ඊද්-උල්-අදා 2026 වැඩසටහන "(මාබෝල -මහබාගේ)ඔබේම උදෑසන ආහාරය රැගෙන එන්න" මහබාගේ හිදී සාර්ථකව පවත්...
30/05/2026

අල්හම්දුලිල්ලාහ්, හරි රාය ඊද්-උල්-අදා 2026 වැඩසටහන "(මාබෝල -මහබාගේ)

ඔබේම උදෑසන ආහාරය රැගෙන එන්න" මහබාගේ හිදී සාර්ථකව පවත්වන ලදී.

සමාජ හා සංස්කෘතික කටයුතු කමිටුව විසින් මාබෝල මැලේ සංගමයේ (MMA) කාන්තා කටයුතු කමිටුව සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද මෙම උත්සවය, සාමාජිකයින්, පවුල් සහ සුභ පතන්නන් එකමුතුකම, මිත්‍රත්වය සහ සමාජ සමගිය පිළිබඳ ආත්මයකින් එක් කළේය.

මෙම වැඩසටහන සාමාජිකයින්ට සාම්ප්‍රදායික ආහාර බෙදා ගැනීමට, ප්‍රජා බැඳීම් ශක්තිමත් කිරීමට සහ උත්සව අවස්ථාව එකට සැමරීමට විශිෂ්ට අවස්ථාවක් ලබා දුන්නේය.

සාමාජිකයින්ගේ සහ පවුල්වල ක්‍රියාකාරී සහභාගීත්වය, ආහාර, සම්පත් සහ ස්වේච්ඡා සහයෝගයේ ත්‍යාගශීලී දායකත්වය සමඟ එක්ව, උත්සවය අමතක නොවන සාර්ථකත්වයක් බවට පත් කළේය.

මෙම වැඩසටහන අර්ථවත් හා සාර්ථක රැස්වීමක් බවට පත් කිරීමට දායක වූ සියලුම කමිටු සාමාජිකයින්, ස්වේච්ඡා සේවකයන්, පරිත්‍යාගශීලීන්, දෙමාපියන්, දරුවන් සහ සහභාගිවන්නන්ට අපගේ අවංක කෘතඥතාව පළ කරමු.

දායක වූ සහ අපගේ ප්‍රජාවේ එකමුතුකම සහ සහෝදරත්වය ශක්තිමත් කිරීමට දායක වූ සියලු දෙනාටම අල්ලාහ් ආශීර්වාද කරත්වා.

#මාබෝලමැලේ #මැලේ #මාබෝල #වත්තල #රාගම #කදාන #ජාඇල #මීගමුව #ගම්පහ #ලංකාමැලේ #ඉස්ලාම් #මුස්ලිම් #හජ් #හාරිරයා #සලාමත්

ඇය...දෙවන ලුතිනන්  J H අහමත්කමන්ඩෝ රෙජිමේන්තුවේ ,විශේශ ක්‍රියාන්විත ආධාරක ඛන්ඩ සාමාජිකාවක්.
30/05/2026

ඇය...දෙවන ලුතිනන් J H අහමත්

කමන්ඩෝ රෙජිමේන්තුවේ ,විශේශ ක්‍රියාන්විත ආධාරක ඛන්ඩ සාමාජිකාවක්.

Hajj Qurban 2026 – AlhamdulillahBy the grace and mercy of Almighty Allah, the Sri Lanka Malay Association (SLMA) success...
30/05/2026

Hajj Qurban 2026 – Alhamdulillah
By the grace and mercy of Almighty Allah, the Sri Lanka Malay Association (SLMA) successfully carried out Hajj Qurban 2026 in Hambantota, Kirinda, and Colombo.
A total of 11 cows and 5 goats were sacrificed in Hambantota and Kirinda, while 4 cows and 3 goats were sacrificed in Colombo, enabling many families to benefit from this blessed act.
This meaningful initiative was coordinated by SLMA's Religious Affairs & Janaza Committee, headed by Zaheeda Jainudeen Ousmand, who managed and coordinated the entire operation while being overseas. Alhamdulillah, the project was executed exceptionally well with the invaluable assistance of Izvan Ahamat, Yaseen Samath, Anver Falill and Soekerno Ousman.
The distribution of the Qurban meat in Hambantota and Kirinda was ably handled by Roy Marso. A very special thank you to him for his dedication, commitment, and tireless efforts in ensuring that the meat reached the intended beneficiaries efficiently and with care.
A special note of appreciation also goes to Izwan Sallay and his sons, as well as Rilwan Lantra, whose dedication and commitment on the ground contributed greatly to the success of this year's Qurban programme.
We sincerely thank all our donors, volunteers, and well-wishers whose generosity and support made this effort possible.
May Almighty Allah accept these sacrifices and all deeds performed solely for His pleasure. May He abundantly reward everyone who contributed towards Hajj Qurban 2026, and bless them with His mercy, barakah, and countless rewards in this world and the Hereafter.
Jazakumullahu Khairan to all who participated in this noble cause.

මක්කන්.. මක්කන් රෙඩියා…. ඔහු මට නිතරම කියනවා. ඔහුගේ නම හරියට තුෂාන්. තුෂාන් මට හම්බ වුණේ ඕචඞ්වල සකේ – සුෂි අවන්හලේදී. මේ...
30/05/2026

මක්කන්.. මක්කන් රෙඩියා…. ඔහු මට නිතරම කියනවා. ඔහුගේ නම හරියට තුෂාන්. තුෂාන් මට හම්බ වුණේ ඕචඞ්වල සකේ – සුෂි අවන්හලේදී.

මේ මක්කන් එක මුලින් මුලින් මට ටැපලූණා. මෙහෙම මක්කන් මක්කන් කියල කියපු තුෂාන් කිසිම රසක් නැති ජපන් කෑම උගුරට දෙකට ගිලලා දානකොට පණුවෝ වගේ නූඞ්ල්ස් සුරුස්ගාල බඩට ඇදලා ගන්නකොට මට නිකමට හිතුණා මක්කන් කියලා කියන්නේ කන්න කියලා.

එතකොට මක්කන් රෙචියා කියන්නේ කාල ඉවරයිද කියන එක. සිංගප්පූරුවල මැලේ කට්ටිය හැම කි‍්‍රයාවක්ම ඉවරයි කියල කිව්වේ රෙචියා කෑල්ල අගට දාලා. ඒ සිංගප්පූරුවේදී අහපු මක්කල්. මම දැන් කතා කරන්නේ ලංකාවේදී අහපු මක්කල් ගැන. මේ මක්කන් එකත් එක්ක මට කාලයකට පස්සේ ආයෙත් මැලේ එක්ක ටිකක් පැටලූණා. මක්කන් කියන්නේ මැලේ භාෂාවෙන් කන්න කියන එක. ඒ හින්දා මේකත් ඉල්ලන් කෑමක් වෙයිද දන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් මම මුතු වැල්ලට ගියා.

♦️මෝදර – මුතු වැල්ල

මුතුවැල්ලට යන්නේ ඩිලාසල්වලින් බැහැලා. ඊට කලින් කොච්චිකඬේ, මාළුකඬේ, ඩොක්ලන්ඞ්, ගල්පල්ලිය මුණ ගැහෙනවා. මෝදර එක් පැත්තකින් කැලණි ගග මුහුදට වැටෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ ප‍්‍රධාන වරාය. මේ හින්දම යටත් විජිත කාලේ මෝදර ගොඩක් දියුණු වෙනවා. කාර්මික නගරයක හැඩය ගන්නවා.

කොළඹ වරායට සමාන්තරව දිවෙන සී බීච් රෝඞ් එකේ යනකොට මුණ ගැසෙන මිනිස්සු ගොඩක් විවිධයි. සිංහල, මරක්කල, දෙමළ, බර්ගර් මැලේ මේ හැමෝම මේ ප‍්‍රදේශයේ විසිරිලා පැතිරිලා එකට ඉන්නවා. මේ නිසා යටත්විජිත නටඹුන් අතරේ අපිට කාර්මික නගරයක් හුස්ම ගන්න විඳිහ මෝදරට එනකොට දැනෙනවා. වරායට පෝලිම් ගැසුණු කන්ටේනර් රථ. කොච්චිකඬේ පල්ලියේ දේව මෙහෙයන්. මාළු කඬේ ළග බක්කි කරත්ත…. බොහොම අමාරුවෙන් මම මුතුවැල්ලට ආවා. මැලේ කට්ටිය ඉන්නවා. කතාකරන්න කලින් මොකක්ද මේ මැලේ කියන්නේ. මම සරවක් දේශයට නැව් නැග්ගා.

♦️මැලේ ඉතිහාස කතාව

මැලේ ඉතිහාස කතාව සොයන කෙනකුට මැලේසියා, ඉන්දුනීසියා, ජාවා – සුමාත‍්‍රා, බෝර්නියෝ සිංගප්පූරු වගේ දූපත් සමූහයට යන්න වෙනවා. මැලේ කියපු ගමන්ම මුලින්ම මතකයට එන්නේ භාෂාව ගැන. මැලේසියා, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බෲනායි වගේ රටවල් එයාලගේ ප‍්‍රධාන රාජ්‍ය භාෂාවක් විදිහට මැලේ පාවිච්චියට ගන්නවා. තායිලන්තය, කොකෝෂ් දූපත්, කි‍්‍රෂ්මස් දූපත් ශී‍්‍ර ලංකාව වගේ රටවල්වල ඉන්න සුළු ප‍්‍රජාවක් මැලේ පාවිච්චි කරනවා.

මැලේ මිනිස්සුන්ගේ සම්භවය ගැන පිළිගත්ත මත තුනක් තියෙනවා. මැලේ භාෂාව ඕස්ටේ‍ලියන් පවුලට අයිති වෙනවා කියන එක වගේම මැලේ ආදී මුල් ඕස්ටේ‍්‍ලියාව හරහා නවසීලන්තය දක්වාම දුවනවා කියලත් කියනවා. ඕස්ටේ‍්‍ලියාව ආදී වාසීන් වගේම නවසීලන්තය ආදී වාසීන්ගේ මුහුණුවර එක්ක මැලේ දූපත්වාසීන් සැසඳුවොත් ගොඩක් වෙලාවට අපිට ප‍්‍රවේණික සම්බන්ධයක් දකින්න පුළුවන්.

තවත් කට්ටියක් කියනවා මැලේ ජාතිකයන්ගේ ආදී ජනයා අග්නිදිග ආසියාවෙන් මැලේ දේශයට සංක‍්‍රමණය වුණා කියලත්. ඒ වගේම දකුණු චීනය තායිවානය පැත්තෙනුත් සංක‍්‍රමණය වුණා කියලා තවත් පර්යේෂකයෙක් එයාගේ පර්යේෂණ වාර්තාවෙන් කියනවා. ඒ කොහොම වුණත් මේ හැම කරුණක්ම විවාදයට විවෘතයි. අග්නිදිග ආසියාතිකයෝ මුහුණුවරින් එක සමානයි කියලා අපි කියුවට සියුම්ව නිරීක්ෂණය කළොත් පේනවා ඒක ව්‍යාජයක් කියල. ඒත් සිංගප්පුරුව ජාවා, සුමාත‍්‍රා, සර්වක්, සබා, ඉන්දුනීසියාව වගේ දූපත් ජනතාවගේ යම් සාම්‍යයක් දකින්නත් පුළුවන්.

ඒ කොහොම වුණත් මේ මැලේ දූපත් සමූහයත් එක්ක කි‍්‍ර.පූර්ව 2,3 වෙනි සියවස්වල ඉන්දීය සම්බන්ධය ගොඩක් දියුණුයි.

මැලේවරුන්ගේ ප‍්‍රධාන ආගම ඉස්ලාම්. ඒත් මූවර්(සෝනහර්/මරක්කල) සංස්කෘතියෙන් වෙනස් වුණ සංස්කෘතියක්. එයාලට තාමත් තියෙනවා .

මේ දූපත් සමූහයට පෘතුගීසින් මුලින්ම එන්නේ 1511 අවුරුද්දේ. ඊට පස්සේ 1641 ලන්දේසීන් එනවා. 1786 දී ඉංගී‍්‍රසින් එනවා. මැලේ දේශය නැවත වෙනස් වෙනවා. යටත්විජිත වෙළෙඳ සමාගම්වල නැව්වල නැගල යටත්විජිත අවශ්‍යතාවලට එයාල රට රටවලට යනවා. ඒ ඒ රටවල්වල පදිංචි වෙනවා. දැන් මම ආයෙත් මුතු වැල්ලට එනවා. කාල චක‍්‍රය සියවස් ගාණකින් වේගවත් කරලා වර්තමානයට එනවා. මේ ඉන්නේ එහෙම නැව් නැගපු පරම්පරාවක 4 වැනි නැත්නම් 5 වැනි පරපුරු උරුමය.

♦️අපි ආවේ හමුදාවට
‘‘ මගේ පරම්පරාව ඇවිල්ල තියෙන්නේ සිංගප්පූරුවෙන්. අපේ ගොඩක් කට්ටිය ආවේ සුද්දගේ හමුදා කටයුතුවලට. ගිනි නිවන හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ වැඩ කළේ අපේ කට්ටිය. එයාල ගොඩක් දක්ෂයි. නිර්භීතයි.
සෑම වසරකම පොලිස් විරුවන්වන් සිහිකිරීමේ දිනය පවත්වන්න හේතුව පොලිස් සේවයේ නියුතුව මියගිය පළමු පොලිස් නිලධාරියා තුවාන් සභාන් නමැති පොලිස් නිලධාරියා නිසයි.

තුවාන් මීඩින්, තුවාන් මුතාලිෆ් මෙයාල දක්ෂ හමුදාකරුවෝ එයාල අපේ අය. ‘‘මේ විදිහට මැලේ ජාතිකයන් සන්තක වෙලා තියෙන ධෛර්යය, නිර්භීතකම වගේ දේවල් අපිට මුලින්ම කියුවේ තුවාන් අජාබ් වීරා. ඔහුට ඔහුගේ ජාතිය ගැන මේ කතා පවුලෙන් පරම්පරාවෙන් උරුම වුණ දේවල්.

යටත්විජිත ලිඛිත ඉතිහාසය පිරික්සුවොත් ඒ ඒ කතා සත්‍යයි කියල ඔප්පු වෙනවා. 1827 රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා රයිෆල් රෙජිමේන්තුව පටන් ගන්නකොට මැලේ අය වැඩිපුර ඒකට ගත්තා. 1813 මැලේ මිනිස්සු එයාලගේ කාන්තාවන් පවුල් පිිටින්ම 413 ක් ගෙනල්ලා තියෙනවා. ආයෙත් 1816 අවුරුද්දේ ජාවාවලින් 278 ක් එයාලගේ පවුල් එක්කම ගෙනල්ලා තියෙනවා.

මේ නිසා යටත්විජිත හමුදා පොලිස් සේවාවල කැපීපෙනෙන කාරියක් මැලේ ජනතාව කළා.ඒ ඉතිහාසය ඔවුන් හදපිරි සොම්නසින් අද මතකයට නගනවා.

අදටත් තවමත් පාරම්පරිකව ආරක්ෂක සේවයේ නියුතු මැලේ ජාතිකයින් සිටිනවා, හමුදාවේ ඉහල නිලතල දරන බහුතරයක් මැලේ ජාතිකයින්. බුද්ධි අංශය තුල කැපී පෙනෙන සේවයක් කරන්නෙත් මැලේ ජාතිකයින්.

♦️මැලේ සංස්කෘතිය

අපි මුලින්ම කිව්ව විදිහට මැලේ දේශයට මැලේවරුන් මුස්ලිම් ආධිපත්‍යට ඉස්ලාම් ආගමට යට වුණාට එයාලගේ විචිත‍්‍ර සංස්කෘතියට ඒක හානියක් වුණේ නැහැ.

වෙළෙඳාමට සංක‍්‍රමණය වුණ මුවර්වරුන් (සොනාහර්) වගේ නොවෙයි එයාලට එයාලටම අනන්‍ය වෙච්ච භාෂාවක් තිබුණා. ඇඳුම් විලාසයක් තිබුණා. ආහාර සංස්කෘතියක් තිබුණා. කලා සංස්කෘතියක් තිබුණා. ඔවුන් ලංකාවට එතකොට ඒ දේවල් අරගෙනත් ආවා.

වීරා ආයෙත් කතා කළා. ‘‘දැන් නාසි ගුරාන්’ කියලා කියන්නේ අපේ කෑමක්. මනි පිට්ටු, බාබත් මැලේ අච්චාරුව, පිට්ටු, ඉඳිආප්ප මේවා අපේ කෑම ජාති’’ වීරා කෑම ගැන මතක් කළා වගේම තුවාන් ජෙනුදීන් රහීම් එයාලගේ සීයල – අච්චිලා ඇඳපු විදිහ අපිට කිව්වා.

අපේ සීයල කලිසම යටින් ඇඳලා ඒක උඩින් සරොම ඇන්දා කමිසයට උඩින් කබාය දැම්මා. කලු රවුම් තොප්පියක් දැම්මා. ඒක මුවර් අය දාන එක නෙමෙයි. ඊට වඩා ටිකක් උසයි බෝට්ටුව වගේ.
ඒකට කියන්නේ සෙංකො තොප්පිය කියලා. කලු පාටයි. ආච්චිල රෙද්දක් ඇන්දා. ඒක ඇග වටේ පටලවලා කෙළවරින් ඔළුව වැහැව්වා. ඒකට කියන්නේ… මිනිහ නම මතකයට නගාගන්න උත්සාහ කරනවා. මම කටට එන එක එක නම් කියනවා. නැහැ .. නැහැ.. හරි… තුප්පාට්. ඒ ඇඳුම තුප්පාට්.

♦️මැලේ සහ මුවර්(යෝනක/මරක්කල/සෝනහර්)

දැන්නම් මැලේ ඇඳුම් ටිකක් වෙනස් වෙලා. මැලේ බතික් ලෝකය තවමත් ජනප්‍රියයි. ඒ මැලේ බතික්වල පාට ගොඩක් වෙලාවට එයාලාගේ හිතේ කොනක සැගවිලා.

‘‘සිංගප්පූර් එයාර් ලයින් එකේ එයාර් හොස්ටස්ලා අඳින ඇඳුම බලන්න. කොච්චර ලස්සනද. ඒක මැලේ ඇඳුමක්. මැලේ ගෑනු කට්ටිය මුවර් ගැහැනු වගේ මුළු ඇගම වහන්නේ නැහැ.

ලස්සන ලස්සන ස්කාෆ් පාවිච්චි කරලා පැෂන් කරනවා. අපි මුස්ලිම් අයට වඩා විවෘතයි. අපි දෙගොල්ලොම එකම ආගම ඇදහුවාට අපි එයාල වගේ නොවෙයි. අපි වෙනස්. අපේ අය එදා ඉඳලම අධ්‍යාපනයට ගොඩක් උනන්දුයි.

අපි වැඩිහිටියන්ට වඳිනවා එයාල සාලාක කරනවා’’ වීරා ආයෙත් කතා කළා. මැලේ -මුවර් ගැන කතා කරන කොට මැලේ ජාතිකයන් මිත‍්‍ර වෙනකොට එයාල ගොඩක් වෙලාවට මුවර් අයත් ඒක්ක මිත‍්‍ර වෙනවා වැඩියි. ඒ ආගමික සමානත්වය නිසා. මේ මිශ‍්‍ර වීම නිසාම අද මැලේ වඳවීගෙන යන ජාතියක් වෙලා. තරමක් අමනාපයෙන් මැලේ ජාතිය වඳ වෙලා යන කතාව අපිට කිව්වේ තුවාන් බාගුෂ් මහත්තයා. මම දැන් ධීවරයෙක් මහත්තයෝ. අපේ තාත්තලාගේ කාලේ මේ රස්සාවට සිංහල – දෙමළ – මුස්ලිම් අපි කට්ටිය සමසමව හිිටියා. දැන් මේ මෝදර ධීවර වරායේ මේ රස්සාව කරන්නේ අපි තුන්දෙනෙක් විතරයි.

මම බැඳල ඉන්නේ මරක්කල ගෑනියෙක්. අම්මා වෙන භාෂාවක නම් ගොඩක් වෙලාවට දරුවෝ මැලේ ඉගෙන ගන්නේ නැහැ. ඒත් මම නම් ගෙදර ළමයි එක්ක මැලේවලින් තමයි කතා කරන්නේ

දැනට මෝදර ප‍්‍රදේශයේ විතරක් මැලේ පවුල් 80ක් විතර විසිරිලා ඉන්නවා. ගොඩක් අය සිංහල – දෙමළ – මුවර් අයත් එක්ක මිශ‍්‍ර වෙලා. මේ හේතුව හින්දම ගොඩක් අය මැලේ භාෂාව කතා කරන එන මග ඇරලා. අනෙක මෙයාලගේ ආගම ඉස්ලාම් නිසා උප්පැන්න සහතිකයට ජාතිය වෙනුවට මුස්ලිම් නැත්තන් යෝනක කියල දාන වෙලාවල් තියෙනවලූ.

අද වෙනකොට භාෂාව, ආහාර රටාව, ඇඳුම, කලා භාවිතාව මේ හැම දෙයක්ම වඳ වෙලා යමිනුයි තියෙන්නේ. ඒත් තුවාන් ජෙනුදීන් රහිම්ට නම් එයාගේ පුතාගේ ආදර්ශය දිහා බලන කොට ටිකක් සතුටුයි. ඒ සතුට එයා වචනවලට පෙරළනවා. ‘‘මගේ පුතා බැඳලා දැනට වැඩි කාලයක් නැහැ. දැන් එයාට පොඞ්ඩෙක් ඉන්නවා. එයා එයත් එක්ක මැලේවලින් කතා කරන්නේ. හැමෝම මගේ පුතා වගේ හිතනවා නම් මේ ජාතිය තව ටික කාලයක් හරි ලංකාවේ රැකෙයි.’

මැලේ කියල කියන්නේ ජන විවිධත්වය කියන දේදුන්න පාට කරන එක පාට වර්ගයක්. ඒත් යම් දවසක නැතිවෙලා ගියොත් දේදුන්නේ ලස්සන අඩුවේවි. දේදුන්නේ එක එක පාට රැක ගැනීම මේ හින්දා ගොඩක් වටිනවා. ඒ බලාපොරොත්තුවත් එක්කම අපි මුතු වැල්ලට සමුදුන්නා.

ලොව පුරා වෙසෙන සැමට තෙරුවන් සරණින් සාමය, සතුට හා දහම් අවබෝධය පිරි උතුම් වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026

ලොව පුරා වෙසෙන සැමට තෙරුවන් සරණින් සාමය, සතුට හා දහම් අවබෝධය පිරි උතුම් වෙසක් මංගල්‍යයක් වේවා!

ජාතික සමගියේ සහ අධ්‍යාපනයේ පෙරගමන්කරු: ආචාර්ය ටී. බී. ජයා මහතා 🇱🇰ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ ශ්‍රේෂ්ඨ අධ්...
29/05/2026

ජාතික සමගියේ සහ අධ්‍යාපනයේ පෙරගමන්කරු: ආචාර්ය ටී. බී. ජයා මහතා 🇱🇰

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙකු, දේශපාලනඥයෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ ආචාර්ය ටී. බී. ජයා (තුවාන් බුර්හානුදීන් ජයා) මහතා මුස්ලිම් ප්‍රජාවගේ පමණක් නොව, මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියේම ගෞරවයට පාත්‍ර වූ නායකයෙකි.✨

ඔහුගේ සුවිශේෂී මෙහෙවර:

අධ්‍යාපන ක්ෂේත්‍රය: කොළඹ සහිරා විද්‍යාලයීය විදුහල්පතිවරයා ලෙස දරුවන්ගේ නැණස පෑදීමට දැවැන්ත මෙහෙවරක් ඉටු කිරීම.

දේශපාලන සේවය: නිදහස් ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ කම්කරු හා සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම.

රාජ්‍යතාන්ත්‍රික සේවය: පාකිස්තානයේ ප්‍රථම ලංකා මහ කොමසාරිස්වරයා ලෙස රට නියෝජනය කිරීම.ආගම් සහ ජාති භේදවලින් තොරව පොදු ජාතික නිදහස සහ සමගිය වෙනුවෙන් පෙනී සිටි මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ සේවය අදටත් අප සැමට ආදර්ශයකි. 🙏✨

විශ්ව නීතිය (Universal Law), සොබාදහම (Nature) සහ ඉස්ලාම් ඉගැන්වීම් (Islamic Teachings) අතර පවතින්නේ එකිනෙකට දැඩි ලෙස බද්...
29/05/2026

විශ්ව නීතිය (Universal Law), සොබාදහම (Nature) සහ ඉස්ලාම් ඉගැන්වීම් (Islamic Teachings) අතර පවතින්නේ එකිනෙකට දැඩි ලෙස බද්ධ වූ, වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකි.

ඉස්ලාමීය දෘෂ්ටිකෝණයට අනුව, සොබාදහම සහ එහි ක්‍රියාකාරීත්වය යනු අහම්බයක් නොව, මහා ප්‍රඥාවන්ත දෙවියන් වහන්සේගේ (අල්ලාහ්) සැලසුම්සහගත නිර්මාණයකි.

මෙම සංකල්ප තුන අතර ඇති සම්බන්ධය ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ වටහා ගත හැකිය:

📌️ 1. ‘ෆිත්රා’ (Fitrah) - සහජ සොබාදහම

* ඉස්ලාමයට අනුව සෑම මිනිසෙකුම මෙන්ම සමස්ත විශ්වයම උපතින්ම උරුම කරගන්නා සහජ ස්වභාවයක් පවතී. එය 'ෆිත්රා' ලෙස හැඳින්වේ.

* මිනිසා තුළ ඇති යහපත්කම, ආදරය, සහ සත්‍යය සෙවීමේ සහජ නැඹුරුව මෙන්ම සොබාදහමේ පවතින සමතුලිතතාවයද මෙයට අයත් වේ.

📌️2. ‘තක්දීර්’ (Taqdeer) - විශ්වීය නීති හා නියමයන්

* භෞතික විද්‍යාත්මක නීති (ගුරුත්වාකර්ෂණය, දිවා රෑ ඇතිවීම, ජල චක්‍රය) සියල්ල ඉස්ලාමයේ හැඳින්වෙන්නේ දෙවියන් වහන්සේ විශ්වය පාලනය සඳහා පනවා ඇති ස්ථාවර නීති ලෙසයි.
* අල්-කුර්ආනයට අනුව, සූර්යයා, චන්ද්‍රයා සහ තාරකා සියල්ලම නිශ්චිත ගණිතමය නීතියකට හා පථයකට අනුව පමණක් චලනය වේ. එහි කිසිදු අවුල් සහගත බවක් නැත.

📌️2. ‘මිසාන්’ (Mizan) - විශ්වීය සමතුලිතතාවය

* සොබාදහමේ පවතින පරිසර පද්ධතිවල සමතුලිතතාවය 'මිසාන්' ලෙස හඳුන්වයි.
* මිනිසාට මෙම සමතුලිතතාවය බිඳ දැමීමට (පරිසර දූෂණය, සම්පත් නාස්තිය) අවසර නැති අතර, සොබාදහම ආරක්ෂා කිරීම ආගමික වගකීමක් ලෙස ඉස්ලාමය උගන්වයි.

📌️ 4. සොබාදහම යනු දෙවියන්ව හඳුනාගැනීමේ මඟකි (Ayat)

* අල්-කුර්ආනය පුරාම මිනිසාට විශ්වය, අහස, පොළොව, වැස්ස සහ සතුන් දෙස බලා බුද්ධිමත්ව සිතන ලෙස (තෆක්කුර්) අණ කර ඇත.

* සොබාදහමේ ඇති අසිරිමත් නිමැවුම් දෙස බැලීමෙන්, මෙවැනි විශ්ව නීති පද්ධතියක් මෙහෙයවන මහා බලවේගයක් (දෙවියන්) සිටින බව වටහා ගැනීමට මිනිසාට හැකි වේ.

මුහම්මද් නබිතුමා සමඟ විවාහ වන විට ආයිශා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු 18 ක් හෝ 19 ක් වූ බව සනාථ කිරීම සඳහා ඉතිහ...
28/05/2026

මුහම්මද් නබිතුමා සමඟ විවාහ වන විට ආයිශා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු 18 ක් හෝ 19 ක් වූ බව සනාථ කිරීම සඳහා ඉතිහාසඥයින් සහ නූතන ඉස්ලාමීය විද්වතුන් පැහැදිලි කර ඇත.

ඓතිහාසික සාධක මත පදනම් වූ විකල්ප මතය (වයස අවුරුදු 14 - 19)නූතන ඉස්ලාමීය පර්යේෂකයන් සහ ඉතිහාසඥයන් පිරිසක් පෙන්වා දෙන්නේ එකල අරාබිවරුන් ලිඛිතව උපන්දින සටහන් නොතබා ප්‍රධාන සිදුවීම් මත වයස ගණනය කළ නිසා, වෙනත් සහීහ් හදීස් සහ ඓතිහාසික සිදුවීම් සසඳන විට ආයීශා තුමියගේ වයස අවුරුදු 14 ත් 19 ත් අතර විය යුතු බවයි.

ඔබ හදීස් වාර්තාවල නිරවද්‍යතාවය (Authenticity) මත පමණක් බැලුවහොත්, නිවැරදිම හදීසය වන්නේ වයස 6 සහ 9 දක්වන හදීසයයි. නමුත් ඔබ ඓතිහාසික දින වකවානු (Timeline) සසඳා බැලුවහොත් ඇය විවාහ වන විට අවුරුදු 17-18 සීමාවේ පසුවූ බවට ඇති මතය වඩාත් තර්කානුකූල වේ.

📌️1. අස්මා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස සමඟ සංසන්දනය

- ආයිශා තුමියගේ වැඩිමහල් සහෝදරිය වූ අස්මා තුමිය, ඇයට වඩා අවුරුදු 10 ක් වැඩිමහල් ය.

- ඉතිහාසඥ ඉබ්න් කසීර් වැනි විද්වතුන්ගේ වාර්තා අනුව, අස්මා තුමිය හිජ්රත් (මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය වීම) සිදුවන විට අවුරුදු 27 ක හෝ 28 ක පසුවූවාය.

- ඒ අනුව, හිජ්රත් සිදුවන අවස්ථාවේදී ආයිශා තුමියගේ වයස අවුරුදු 17 ක් හෝ 18 ක් විය යුතුය.
- විවාහය පරිපූර්ණ වූයේ හිජ්රත් වසරෙන් වසර 1 කට හෝ 2 කට පසුව බැවින්, එම අවස්ථාවේදී ඇගේ වයස අවුරුදු 18 ක් හෝ 19 ක් වේ.
-

📌️2. යුද්ධවලට සහභාගී වීම
- ආයිශා තුමිය මුස්ලිම්වරුන් මුහුණ දුන් බද්ර් සහ උහුද් (Uhud) යුද්ධවලට සහභාගී වී තුවාලකරුවන්ට ජලය සැපයීම වැනි සේවාවන් කළ බව සහීහ් බුහාරි හදීස් ග්‍රන්ථයේ සඳහන් වේ.

- ඉස්ලාමීය නීතියට අනුව වයස අවුරුදු 15 ට අඩු ළමයින්ට යුද පිටියට පැමිණීම මුහම්මද් නබිතුමා විසින් දැඩි ලෙස තහනම් කර තිබුණි (උදාහරණයක් ලෙස ඉබ්නු උමර් වයස 14 දී ප්‍රතික්ෂේප කර 15 දී අවසර දීම).

- ආයිශා තුමිය උහුද් යුද්ධයට (හිජ්රි 3 වසරේදී) සහභාගී වූවා නම්, ඇය ළමයෙකු විය නොහැකි අතර එවිට ඇගේ වයස අවුරුදු 15 ට වඩා වැඩි විය යුතුය.
-

📌️3. අල් කුරානයේ 'සූරා අල්-කමර්' පරිච්ඡේදය හෙළිදරව් වීම

- ආයිශා තුමිය ප්‍රකාශ කර ඇති පරිදි, අල් කුරානයේ සූරා අල්-කමර් (54 වන පරිච්ඡේදය) මක්කාවේදී හෙළිදරව් වන විට ඇය සෙල්ලම් කරමින් සිටි කුඩා දැරියකි (ජාරියා).

- මෙම පරිච්ඡේදය හෙළිදරව් වූයේ හිජ්රත් යාමට වසර 5 කට හෝ 9 කට පෙරය.

- යම් සිදුවීමක් සහ වාක්‍යයක් හොඳින් මතක තබා ගැනීමට නම් ඇය අවම වශයෙන් අවුරුදු 5-6 කවත් ළමයෙකු විය යුතුය. විවාහය සිදුවූයේ හිජ්රත් වසරෙන් පසුව බැවින්, එම ගණනය කිරීමට අනුවද විවාහ වන විට ඇය පසුගිය නව යොවුන් වියේ (අවුරුදු 15-18 අතර) සිටි බව පැහැදිලි වේ.
-

📌️ 4. ප්‍රථම ඉස්ලාම් වැළඳගැනීම් ලේඛනය
- ඉතිහාසඥ ඉබ්නු ඉෂාක්ගේ මුල්ම චරිතාපදාන වාර්තා අනුව, ඉස්ලාම් දහම ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීමටත් පෙර (පළමු වසර 3 තුළ) ඉස්ලාම් වැළඳගත් මුල්ම පිරිස අතර ආයිශා තුමියගේ නමද සඳහන් වේ.

- ඇය අවුරුදු 9 දී විවාහ වූවා යැයි පවසන මතයට අනුව, එම මුල් වකවානුවේදී ඇය ඉපදී තිබීමටවත් හැකියාවක් නැත. එබැවින් ඇය ඉස්ලාමය වැළඳගත් මුල්ම සාමාජිකාවක වීමට නම් විවාහ වන විට වයස 18 සීමාවේ පසුවේ.

📌️5. හදීස් වාර්තාවල වාචික දෝෂ (Hisham ibn Urwah)
- ආයිශා තුමියගේ වයස අවුරුදු 9 ක් බව කියැවෙන ප්‍රධාන හදීස් වාර්තාව පැමිණෙන්නේ හිෂාම් ඉබ්නු උර්වාහ් නම් නිවේදකයාගෙනි.

- ඔහු සිය ජීවිතයේ අවසන් කාලයේ ඉරාකයට සංක්‍රමණය වූ පසු ඔහුගේ මතකය දුර්වල වූ බවත් (සුන්නි හදීස් විද්‍යාඥයින් පවා පිළිගන්නා පරිදි), එහිදී ඔහු ප්‍රකාශ කළ වාර්තාවල වයස් ව්‍යාකූලත්වයක් ඇති වූ බවත් විද්වතුන් පෙන්වා දෙයි.

- අරාබි බසින් 19 ("තිස්ආ අශර්") සහ 9 ("තිස්ආ") යන වචන ලිවීමේදී සහ කීමේදී සිදුවූ අතපසුවීමක් නිසා මෙම වයස් පරතරය වාර්තා වී ඇත.

✅සාරාංශය: ඉස්ලාමීය සාම්ප්‍රදායික සහීහ් හදීස් ග්‍රන්ථවල ඇගේ වයස 9 ලෙස සෘජුව සඳහන් වුවද, ඉහත සඳහන් කළ ඓතිහාසික, ගණිතමය සහ සිදුවීම් පාදක කරගත් සාධක අනුව ඇය විවාහ වන විට වයස අවුරුදු 18 ක තරුණියක බව නූතන පර්යේෂණ රැසකින් පෙන්වා දී ඇත.

මුස්ලිම් විරෝධීන්න් මතුකරන ප්‍රශ්නය සහීහ් හදීස් හා සහීහ් නොවන හදීස් අතර අවබෝධයක් නොමැති වීමය.
එබැවින් සහීහ් හදීස පිලිගැනීමටත් සහීහ් නොවන හදීස බැහැර කිරීමටත් මුස්ලිම් සමාජයට ඉතා හොද අවබෝධයක් තිබිය යුතුය.

#ඉස්ලාම් #මුස්ලිම් #ආයිශා #මුහම්මද් #නබි #විවාහය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SrilLanka Malay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share