සිවිල් සංවිධානයක් වශයෙන් නිර්පාක්ෂික ශ්‍රී ලාංකිකයයින්ගේ ජාතික හඬ නියෝජනය කරීමටත් ඒ වෙනුවෙන් හඬක් නැගීමටත් අප බලාපොරොත්තු වෙනවා..
විශේෂඥයින්ගේ මග පෙන්වීම හරහා රටත් ජනතාවත් තිරසාර සංවර්ධනක් කරා යොමු කරවීමට මංපෙත් පුළුල් කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි...
ඒ සඳහා
දැනුවත් කිරීම්,
අධ්‍යාපනය ලබා දීම සහ පුද්ගල සංවර්ධනය.,
රටේ ළමයින් සහ රටට සේවය කර විශ්‍රාම දිවිය ගත කරන වැඩිහිටියන්ගේ යහපැවැත්ම රැකවරණය..
දේ
ශීය නිශ්පාදනය ඉහල නැංවීම...
විදේශ රැකියා තුලින් විදේශ විනිමය රටට උපයන ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ පවුල් වල සුබසාධනය,
යුද්ධයේදී ආබාධයන්ට ලක්වූ රණවිරුවන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුරක්ෂිතතාවය සහ ඔවුන්ගේ යහපැවැත්ම,
සංවිධානගත වීම,
යෝජනා ලබා දීම්,
දූෂණයට හා වංචාවට පිටුදකිමින් ඒවාට එරෙහි වීමත්,
නීතිය ක්‍රියාත්මක කිරීමට සාධනීය බලපෑමක් කිරීමටත්,
නීතියේ ආධිපත්‍යය සුරැකීමටත්,
විශේෂයෙන් ඡන්ද දායකයායේ අයිතීන් සහ බලාපොරොත්තු සුරැකීමටත්,
බොරු පොරොන්දු දේශපාලන සංස්කෘතියට තිත තැබීම
ආදී බොහෝ අරමුණු පෙරදැරිව සියලු ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් පුළුල් සංවිධානයක් බිහිකිරීම සහ ඒ හරහා රටේ ඉදිරි සැලසුම් සාක්ෂාත් කර ගැනීම අපගේ අනාගත බලාපොරොත්තුවයි...