Tikak Ridei - ටිකක් රිදෙයි

Tikak Ridei - ටිකක් රිදෙයි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tikak Ridei - ටිකක් රිදෙයි, 148/9, Main Street, Colombo 11, Colombo.

30/01/2026
28/01/2026

ගල් අඟුරුවල අඩුවූ කිලෝ කැලරි චුට්ටෙන් දිනක පාඩුව රු මිලියන 75ක්

ඇමති ගල් අඟුරු පරීක්ෂණය හා අභ්‍යන්තර වාර්තා යට ගැසීමේ මෙහෙයුමක

විදුලිබල නිෂ්පාදනය සඳහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දිනකට රුපියල් මිලියන 75 ක පාඩුවක් ලබන බව විදුලි පාරිභෝගික සංගමය පවසනවා.

මේ අනුව එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවෙන් සහ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් ලබාගත් සමීක්ෂණ වාර්තා වහාම ප්‍රසිද්ධ කරන ලෙසයි.

ගල් අඟුරු ටෙන්ඩර් පිළිබඳ පරීක්ෂණ නැවැත්වීමට සහ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් අභ්‍යන්තර වාර්තාවක් නිකුත් කිරීම වැළැක්වීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මැදිහත් වී ඇති බවත්, වැඩිදුර පරීක්ෂණ අත්හිටුවන ලෙස ඉන්දියාවේ පරීක්ෂණ රසායනාගාරවලට උපදෙස් දී ඇති බවත් සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමයේ මහලේකම් සංජීව ධම්මික මාධ්‍ය වෙත ප්‍රකාශ කළ ආකාරයට ආනයනික ගල් අඟුරු තොගයේ කැලරි වටිනාකම වන කිලෝ කැලරි 19,100ක ප්‍රමාණය අවශ්‍ය ප්‍රමිතියට වඩා අඩු බව රසායනාගාර පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

මේ අනුව පරීක්ෂණ වාර්තා යට ගැසීමට හා ගල් අඟුරු ටෙන්ඩර් පිළිබඳ පරීක්ෂණ නැවැත්වීම යට ගැසීමේ කුමන්ත්‍රණයක් මේ වන විට දියත් වෙමින් පවතින බවයි සංගමය පෙන්වා දෙන්නේ.

ගල් අඟුරු නැව්ගත කිරීම් තුනක් මේ වන විට සිදු කර තිබෙනවා. පළමු නැව්ගත කිරීම ජනවාරි 2 සහ 9 අතර මෙරටට ළඟා වී තිබුණා. දෙවන නැව්ගත කිරීම භාවිත නොකළ බවයි අදාළ සංගමය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, තුන්වන නැවේ ගල් අඟුරු, විදුලිබල උත්පාදනය සඳහා භාවිතා කළ බවත් එයින් සැලකිය යුතු පාඩු සිදු වී ඇති බව ඔවුන් පවසනවා.

තුන්වැනි නැව්ගත කිරීමේ ගල් අඟුරු භාවිතය හේතුවෙන්, ලක්විජය ගල් අඟුරු බලාගාරයේ තනි ජනක යන්ත්‍රයකින් මෙගාවොට් 15 ක (MW) පාඩුවක් වාර්තා වූ බව සඳහන් වෙනවා. ජනක යන්ත්‍ර තුනෙන්ම වාර්තා වූ මුළු පාඩුව මෙගාවොට් 45කි. සමස්ත වශයෙන් මෙගාවොට් 100 ක් පමණ විදුලිය ජනනය නොවූ අතර එමඟින් දිනකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 75 ක මූල්‍යමය පාඩුවක් සිදු වූ බව ධම්මික මහතා සඳහන් කර තිබෙනවා.

නිර්දේශවල සඳහන් වන ආකාරයට නිෂ්පාදනය සියයට 16කට වඩා පහත වැටුණහොත් විදුලිබල උත්පාදනය ප්‍රතික්ෂේප කළ යුතුය. කෙසේ වෙතත්, ආනයනික ගල් අඟුරු තොගයේ බලශක්ති උත්පාදන කාර්යක්ෂමතාව සියයට 11 ත් 21 ත් අතර පරාසයක පවතින බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.

23/01/2026

මේ දවස් වල රටේ ඇමතිවරු .....

Address

148/9, Main Street, Colombo 11
Colombo
01100

Website

Alerts

Be the first to know and let us send you an email when Tikak Ridei - ටිකක් රිදෙයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share