Reborn Sri Lanka

Reborn Sri Lanka සත්‍යය

දෙයියා ... දෙයියා .... දෙයියා..... හෑයියායා 😂  #බයියෝ
16/06/2026

දෙයියා ... දෙයියා .... දෙයියා..... හෑයියායා 😂 #බයියෝ

DNA පරීක්ෂණයක් සඳහා ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා ද...
12/06/2026

DNA පරීක්ෂණයක් සඳහා ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන චීවරධාරියට සිකුරාදා (ජූනි 12) නියෝග කළේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ, නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

#ළමාඅපචාරයටදඩුවමමරණය

බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට සහ ඊට එරෙහිව නීති ක්‍රියාත්මක නොකිරීමට අදාළව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ...
03/06/2026

බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට සහ ඊට එරෙහිව නීති ක්‍රියාත්මක නොකිරීමට අදාළව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට නව තීරු බදු පැනවීමට ඇමෙරිකාවේ වෙළඳ නියෝජිත ආයතනයෙන් යෝජනාවක්
- විදෙස් මාධ්‍ය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කරන ලද හය වැනි සහ හත් වැනි ණය වාරික වලට අදාළ ඩොලර් මිලියන 695...
03/06/2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කරන ලද හය වැනි සහ හත් වැනි ණය වාරික වලට අදාළ ඩොලර් මිලියන 695 ක මුදල මෙරටට ලැබී තිබේ.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ, එම මුදල මෙරට විදේශ සංචිත වලට බැර කර ඇති බවයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ...
03/06/2026

පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග..

බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකූලව පදිංචිව සිටින ශ්‍රී ලාංකික පවුල් කිහිපයකට එරටින් පිටවන ලෙස දන්වමින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුත...
03/06/2026

බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකූලව පදිංචිව සිටින ශ්‍රී ලාංකික පවුල් කිහිපයකට එරටින් පිටවන ලෙස දන්වමින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදන නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සහ රැකවරණ සේවා වීසා බලපත්‍රලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පනවා ඇති නව සීමාවන් මීට හේතු වී ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' පුවත්පතට අනුව මෙලෙස මෙරටින් පිටවීමේ නිවේදන ලැබුණු පිරිස අතර කුඩා දරුවන් මෙන්ම ගැබිණි කාන්තාවන් ද සිටින බව පැවසේ.

මෙම පවුල් 2024 සහ 2025 වසරවල නව වීසා සීමාවන් පැනවීමට පෙර බ්‍රිතාන්‍යයට පැමිණ තිබුණ ද, වර්තමානයේ ඔවුන්ට මෙලෙස මෙරටින් පිටවීමට හෝ පවුල්වලින් වෙන්වීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

තමන් බදු මුදල් නිසි ලෙස ගෙවමින් නීත්‍යානුකූලව ජීවත් වූ බවත්, මෙම තීරණය හේතුවෙන් තමන් දැඩි අසරණභාවයට පත්ව ඇති බවත් විපතට පත් ශ්‍රී ලාංකික සේවකයන් ප්‍රකාශ කර සිටි.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය රජය සිය වීසා රෙගුලාසි දැඩි කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බව විදේශීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අපි ආරම්භ කළේ 2024 පරිවර්තනීය ගමනක්. ඒ පරිවර්තනීය ගමන සාර්ථක කරගන්නට අපිට ආණ්ඩුවත් අවශ්‍යයි. රජයේ නිලධාරීනුත් අවශ්‍යයි. ...
03/06/2026

අපි ආරම්භ කළේ 2024 පරිවර්තනීය ගමනක්. ඒ පරිවර්තනීය ගමන සාර්ථක කරගන්නට අපිට ආණ්ඩුවත් අවශ්‍යයි. රජයේ නිලධාරීනුත් අවශ්‍යයි. ජනතාවත් අවශ්‍යයි.

- අගමැති හරිනි අමරසූරිය

පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා වූ පසුබෑමෙන් පසු, ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මැයි මාසයේදී 9.65% කින් ඉහළ ගොස...
03/06/2026

පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා වූ පසුබෑමෙන් පසු, ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මැයි මාසයේදී 9.65% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ . පසුගිය වසරේ මැයි මාසයේදී සංචාරකයින් 132,919 ක් පැමිණි අතර, මේ වසරේ මැයි මාසය තුළ එම සංඛ්‍යාව 145,745 දක්වා වර්ධනය වී තිබේ.

මෙම වසරේ පළමු මාස පහ තුළදී පමණක් දිවයිනට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,022,022 කි. ශ්‍රී ලංකා රජය විසින් 2026 වසර සඳහා සංචාරකයින් මිලියන 3 ක ඉලක්කයක් තීරණය කර ඇති අතර, පසුගිය වසරේදී එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය.

මැයි මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් අතර ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර ඔවුන්ගේ සංඛ්‍යාව 60,342 කි. එක්සත් රාජධානියෙන් සංචාරකයින් 9,248 ක් සහ චීනයෙන් 9,156 ක් ලෙස වාර්තා වේ. තවද, ජනවාරි 01 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුළ ඊශ්‍රායලයෙන් සංචාරකයින් 9,288 ක් පැමිණ ඇත.

කෙසේ වෙතත්, විදේශ විනිමය ඉහළින්ම උපයා දෙන ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තයට බටහිර ආසියාවේ පවතින ගැටුම් තත්ත්වය සැලකිය යුතු තර්ජනයක් විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් බහුතරයක් සඳහා ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි ගුවන් සේවා මධ්‍යස්ථාන ප්‍රධාන සම්බන්ධක මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරයි.

සංචාරක වර්ධනය පවත්වා ගැනීම සඳහා ඉදිරියේදී සක්‍රීය ප්‍රවර්ධන වැඩසටහන් සහ ආරක්ෂක තත්ත්වයන් ශක්තිමත් කිරීමට බලධාරීන් අවධානය යොමු කරමින් සිටී.

කෝටි 200 මුදල් විශුද්ධිකරණ නඩුව: රැවටුණා කිව්වට ජැක්ලින් සියල්ල දැන සිටි බව උසාවියේදී හෙළිවෙයි
02/06/2026

කෝටි 200 මුදල් විශුද්ධිකරණ නඩුව: රැවටුණා කිව්වට ජැක්ලින් සියල්ල දැන සිටි බව උසාවියේදී හෙළිවෙයි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Reborn Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share