Archdiocesan RD Holy Child Hood Society

Archdiocesan RD Holy Child Hood Society කොළඹ අගරදගුරු පදවි රාගම දිසා ධර්මදූත ළමා සමාජය

23/03/2026

රාගම දිසා චතාරික වැඩසටහනේ දී පසන් ගායනා ඉදිරිපත් කල කුරුකුලාව සාන්ත ලාසරස් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජය

රාගම  දිසා ධර්මදූත ළමා  සමාජ විසින් සංවිධානය කළ  චතාරික වැඩසටහන මාර්තු මස 21 වන සෙනසුරාදා කැලණිය සාන්ත තෙරේසා දේවස්ථානයේ...
21/03/2026

රාගම දිසා ධර්මදූත ළමා සමාජ විසින් සංවිධානය කළ චතාරික වැඩසටහන මාර්තු මස 21 වන සෙනසුරාදා කැලණිය සාන්ත තෙරේසා දේවස්ථානයේදී (රතු පල්ලිය) සිදුකරන ලදී.

චතාරික වැඩසටහන අගරදගුරු පදවි ශුද්ධසනීය ධර්මදූත සංගම් අධ්‍යක්ෂක ගරු දේශාන් පෙරේරා පූජා ප්‍රසාදීන් වහන්සේගේ චතාරික පණිවුඩය බෙදාගැනීමත් සමඟ අරම්භ කළ අතර ඉන් අනතුරුව පාදනමස්කාර භක්ති අභ්‍යාසය ළමා සමාජ වල දරුවන්ගේ රංගනයෙන් ගමන් කරන ලදී.

එය අවසානයේ පසන් ගායනා කිරීම ද ධර්මදූත ළමා සමාජ වල දූ දරුවන් විසින් සිදු කරන ලදී.

වැඩසටහන අවසානයේ දිසා සම්බන්ධීකාරක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ විසින් රැස්ව සිටි දරුවන් සියලු දෙනා ආසිරි ගන්වන ලදී.

කොළඹ අගරදගුරු පදවි ශුද්ධාසනීය ධර්මදූත සංගම් අධ්‍යක්ෂ ගරු දේශාන් පෙරේරා පූජා ප්‍රසාදීන් වහන්සේගේ සහ රාගම දිසා සම්බන්ධීකාරක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේගේ මෙන්ම රාගම ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සහ කුරුකුළාව සුරදූතික කන්‍යාරමයේ පැවිදි සොයුරියන් සහ රාගම දිසා ධර්මදූත ළමා සමාජ නියෝජනය කරමින් දූ දරුවම් සජීවක සජීවවිකාවන් සහ දෙමාපියන් මේ සඳහා සහභාගි විය.

රාගම දිසාවේ ධර්මදූත ළමා සමාජ දූ දරුවන්ගේ චතාරික වැඩසටහන✝️ කැලණිය සාන්ත තෙරේසා දේවස්ථාන පරිශ්‍රයේදී ✝️ මාර්තු මස 21 වැනි ...
17/03/2026

රාගම දිසාවේ ධර්මදූත ළමා සමාජ දූ දරුවන්ගේ චතාරික වැඩසටහන

✝️ කැලණිය සාන්ත තෙරේසා දේවස්ථාන පරිශ්‍රයේදී
✝️ මාර්තු මස 21 වැනි සෙනසුරාදා
✝️ උදෑසන 8.00 ට

ශුද්ධාසනීය ධර්මදූත සංගම් පදවි අධ්‍යක්ෂ ගරු දේශාන් පෙරේරා පූජා ප්‍රසාදීන්වහන්සේ , රාගම දිසා සම්බන්ධීකාරක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන්වහන්සේ, පැවිදි සොයුරියන් ධර්මදූත ළමා සමාජ දූ දරුවන් සහ සජීවක සජිවිකාවන්ගේ සහභාගිත්වය ඇතිව 2026 වසරේ රාගම දිසාවේ ධර්මදූත ළමා සමාජ චතාරික වැඩසටහන සංවිධානය කර ඇත.

තුඩුවේගෙදර  සාන්ත ජූඩ්  දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ දූ දරුවන් විසින් "ඩිජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින්  ...
09/02/2026

තුඩුවේගෙදර සාන්ත ජූඩ් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ දූ දරුවන් විසින් "ඩිජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් ළමා ධර්මදූත ඉරුදින (08) සැමරීම සිදුකරන ලදී

කිරිමැටියාගාර සාන්ත අන්තෝනි දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ දූ දරුවන් විසින් "ඩිජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමි...
09/02/2026

කිරිමැටියාගාර සාන්ත අන්තෝනි දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ දූ දරුවන් විසින් "ඩිජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් ළමා ධර්මදූත ඉරුදින (08) සැමරීම සිදුකරන ලදී

මීසම් සේවක ගරු සමන්ත කුරේරා පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජා යාගය සිදු කරන ලද අතර දිව්‍ය පූජා යාගය අවසානයේදී ළමා ධර්මදූත ඉරුදින වෙනුවෙන් කෙටි සැමරුමක් ද සංවිධානය කර තිබුණි.

පමුණුවිල සාන්ත ජෝසප් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ දූ දරුවන් විසින්  ළමා ධර්මදූත ඉරුදින සැමරීම සිදුකරන ලදී මීසම් සේවක ගර...
09/02/2026

පමුණුවිල සාන්ත ජෝසප් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ දූ දරුවන් විසින් ළමා ධර්මදූත ඉරුදින සැමරීම සිදුකරන ලදී

මීසම් සේවක ගරු ලක්ප්‍රිය නොනිස් පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජා යාගය සිදු කරන ලද අතර දිව්‍ය පූජා යාගය අවසානයේදී ළමා ධර්මදූත ඉරුදින වෙනුවෙන් කෙටි සැමරුමක් ද සංවිධානය කර තිබුණි.

කුරුකුලාව ශාන්ත ලාසරස් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ දූ දරුවන් විසින් අද දින ළමා ධර්මදූත ඉරුදින සහ සිය තුන්වන සංවත්සරය ස...
08/02/2026

කුරුකුලාව ශාන්ත ලාසරස් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ දූ දරුවන් විසින් අද දින ළමා ධර්මදූත ඉරුදින සහ සිය තුන්වන සංවත්සරය සැමරීම සිදු කෙරුණි.

කොළඹ අගරදරු පදවි විශ්වාස ප්‍රවර්ධන කණ්ඩායමේ පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජා යාගය සිදු කරන ලදී.

පේරලන්ද සාන්ත ජෝසප් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ සාමාජික සමාජිකාවන් අද දිනට(08) යෙදී තිබුන ළමා ධර්මදූත ඉරුදින ඩ්ජිටල් ය...
08/02/2026

පේරලන්ද සාන්ත ජෝසප් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ සාමාජික සමාජිකාවන් අද දිනට(08) යෙදී තිබුන ළමා ධර්මදූත ඉරුදින ඩ්ජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් සමරන ලදී.

මීසම් සේවක ගරු ශෙහාන් ඉන්දික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජා යාගය සිදුකරන ලදී

ඉන් අනතුරුව ධර්මදූත ළමා දූ දරුවන් සමඟ එක්ව ධර්මදූත ළමා ඉරුදින සැමරීමට කෙටි උත්සවයක් සංවිධානය කර තිබුණි.

"ඩ්ජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ සාමාජික සමාජිකාවන් අද...
08/02/2026

"ඩ්ජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ සාමාජික සමාජිකාවන් අද දිනට(08) යෙදී තිබුන ළමා ධර්මදූත ඉරුදින සමරන ලදී.

දිව්‍ය පූජා යාගය අවසානයේදී ධර්මදූත ළමා සමාජයන්ගේ රාගම දිසා සම්බන්ධීකාරක මෙන්ම කැලණිය මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ධර්මදූත ළමා ඉරුදින සැමරීමට කෙටි උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

"ඩ්ජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ සාමාජික සමාජිකාවන් අද ද...
08/02/2026

"ඩ්ජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජයේ සාමාජික සමාජිකාවන් අද දිනට(08) යෙදී තිබුන ළමා ධර්මදූත ඉරුදින සමරන ලදී.

ධර්මදූත ළමා සමාජයන්ගේ රාගම දිසා සම්බන්ධීකාරක මෙන්ම කැලණිය මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජා යාගය සිදුකරන ලද අතර එහිදී ළමා ධර්මදූත සමිතියේ සාමාජික සමාජිකාවන් විශේෂාකාරයෙන් ආසිරි ගැන්වීමට ද කටයුතු කරන ලදී.

"ඩිජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් 2026 ළමා ධර්මදූත ඉරුදින අද (08) සමරනු ලබයි.
07/02/2026

"ඩිජිටල් යුගයේ සාමයේ දම්දුතුවෝ" තේමාව කරගනිමින් 2026 ළමා ධර්මදූත ඉරුදින අද (08) සමරනු ලබයි.

Address

Colombo

Telephone

+94705035033

Website

Alerts

Be the first to know and let us send you an email when Archdiocesan RD Holy Child Hood Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Archdiocesan RD Holy Child Hood Society:

Share