Old Anandians' Association in Japan

Website

Old Anandians' Association in Japan 在日元アーナンダ校生
NON POLITICAL, NON PROFITABLE, NON DISCRIMINATORY
Objectives
(a) To S Since 2007

26/10/2026
23/10/2026

සාමාන්‍යයෙන්, ඔබ ලංකාවේ ඕනෑම පාසලක ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දැක්කම, ඒ ඡායාරූප යටින් නිතරම දකින්න ලැබෙන මෙන්න මේ කමෙන්ට්ස් කිහිපය ඔබේ ඇහැට හුරු ඇති..

“මම 97 Batch එකේ.”

“මගේ ඉස්කෝලෙ.”

“අනේ, ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවා නම්...”

ඔබ දැකලා තියන ඒ අදහස් තමයි, තමන් අකුරු කරපු පාසල ගැන, තමන්ගේ සුන්දර පාසල් ජීවිතය ගැන මිනිස්සුන්ට තියෙන මතකය සහ ආදරය.

ඒත්, අපි කාලයක් තිස්සේ ආනන්දය ගැන මේ සමූහය ඇතුළෙ ඡායාරූප පළ කරද්දී, ඒ ඡායාරූප යටින් අපට හමුවෙන මෙන්න මේවගේ තවත් සුවිශේෂී ආදරණීය අදහස් පෙළක් තියෙනවා..

“මගේ පුතාගේ පාසල.”

“මගේ හස්බන්ඩ්ගේ ඉස්කෝලේ.”

“මගේ මල්ලිගේ ඉස්කෝලේ.”

“තාත්තලා පුතාලා ගොඩ ගිය තැන.”

“මට යන්න බැරි වුණාට, මගේ එකා යවාගත්ත පින් බිම.”

මේ වචන ටික දිහා මොහොතක් නතර වෙලා බැලුවම, ඒවා නිකම්ම නිකම් කමෙන්ට්ස් ටිකක් විතරක් නෙවෙයි කියලා අපිට හිතෙනවා.

මොකද, මේ වචන ලියන්නේ ආනන්දයේ ඉගෙනගත්ත අය නෙවෙයි. සමහරු ආනන්දයේ පන්ති කාමරයක එක දවසක්වත් වාඩි වෙලා අකුරු කරලා නැහැ. ඒ පාසලේ සීනුව නාද වෙන හැටි අහලා නැහැ. උදෑසන ආනන්දයට ඇතුළු වෙලා ඒ සෞම්‍ය නිහඬ පරිසරය මැද්දෙන්, ආනන්දය තුළ හමන සිසිල් සුලඟ විඳිමින්, ඒ මාවත්වල ඇවිදගෙන ගිහින් නැහැ.

ඒත්, ඒ කිසිම අත්දැකීමක් නොලැබුණු මිනිස්සුන්ගේ හදවත් තුළත් ආනන්දයට වෙන්වුණු විශේෂ තැනක් තියෙනවා.

ඒ ආදරය ඇතිවෙන්නේ තමන් ආනන්දයේ ඉගෙනගත්ත නිසා නෙවෙයි. තමන්ගේ ජීවිතේ ආදරය කරන කෙනෙක් ආනන්දයේ ඉගෙනගන්න නිසා.

තමන්ගේ පුංචි පුතාගේ අත අල්ලගෙන පාසලට ඇතුළු වෙන අම්මා කෙනෙක්ට, ඒ පාසල තවත් එක පාසලක් විතරක් නෙවෙයි. තමන්ගේ දරුවා පුංචි කාලේ ඉඳන් තමන්ගේ හිතේ තිබුණු හීනයක් සැබෑ වෙනවා දකින්න ලැබෙන තැනක්.

ඒ පුංචි පුතාගේ නිල ඇඳුමට ආනන්දයේ ලාංඡනය එකතු වෙන දවසේ, ඒ අම්මාගේ හිතට දැනෙන සතුට වචනවලින් විස්තර කරන්න පුළුවන්ද?

අද තමන්ගේ පුතා ඒ නිල ඇඳුම ඇඳගෙන පාසලට යනකොට, ඇය දකින්නේ තමන්ගේ පුතාගේ හීනය විතරක් නෙවෙයි. කාලයක් තිස්සේ තමන්ගේ හිතේ නිහඬවම ජීවත් වුණු හීනයක සෙවණැල්ලකුත් ඒ පුංචි පුතා තුළින් දකිනවා ඇති.

ඒ නිසා, ආනන්දයේ ඡායාරූපයක් දකින හැම වෙලාවකම ඇයට මතක් වෙන්නේ නිකම්ම පාසලක් ගැන නෙවෙයි. තමන්ගේ පුතාගේ පුංචි අත් දෙක අල්ලගෙන පාසලට ගිය මුල්ම දවස ඇයට මතක් වෙනවා ඇති. පළවෙනි වතාවට ඒ නිල ඇඳුම ඇඳගෙන ගෙදරින් පිටත් වුණු හැටි මතක් වෙනවා ඇති. කාලයත් එක්ක තමන්ගේ ඇස් ඉදිරිපිටම ඒ පුංචි පුතා උස මහත් වෙන හැටි, ජීවිතේ ඉදිරියට යන හැටි මතක් වෙනවා ඇති. ❤️

තවත් කෙනෙක්ට ආනන්දය කියන්නේ තමන්ගේ සැමියාගේ අතීතය.

තමන්ට හමුවුණු, තමන් ආදරය කරන ඒ මනුස්සයාගේ ජීවිතය හැඩගැස්වුණු තැන. අද ඔහු තුළ දකින විනය, මනුස්සකම, ජීවිතය දිහා බලන විදිහ පිටුපස තියෙන පාසල.

ඒ නිසා, තමන් කවදාවත් ඉගෙන නොගත්ත පාසලක ඡායාරූපයක් දකිද්දී පවා, ඇයට ඒක නුහුරු තැනක් වෙන්නේ නැහැ. ඒ පාසලේ බිත්ති අතර කොතැනක හරි තමන්ගේ ආදරය කරන මනුස්සයාගේ අතීතය තියෙනවා කියන හැඟීම ඇගේ හිතට දැනෙනවා ඇති.

තවත් කෙනෙක්ට ඒ තමන්ගේ තාත්තාගේ පාසල. තවත් කෙනෙක්ට තමන්ගේ මල්ලිගේ පාසල.

එකම පාසලක් වටා, අන්න ඒ විදිහට පරම්පරා ගණනාවක මතකයන්, හීන, බලාපොරොත්තු සහ ආදරණීය බැඳීම් එකතු වෙනවා.

හැබැයි, මේ සියලුම අදහස් අතරේ අපේ හිත වැඩියෙන්ම නතර වෙන කමෙන්ට් එකක් තියෙනවා.

“මට යන්න බැරි වුණාට, මගේ එකා යවාගත්ත පින් බිම.”

ඒ වචන ටික ඇතුළේ මොන තරම් කතාවක් තියෙනවාද?

සමහරවිට ඒ තාත්තා පුංචි කාලේ ඉඳන්ම හීන දැකපු පාසල වෙන්න ඇති. තමන්ගේ ජීවිතේ නොලැබුණු අවස්ථා ගැන හිතේ පුංචි දුකක් අදටත් තියෙනවා ඇති. ඒත් ඒ සියල්ල අතරේ, තමන්ගේ පුතා ඒ පාසලේ නිල ඇඳුම ඇඳගෙන, පොත් බෑගය කරේ දාගෙන, තමන්ට යන්න බැරි වුණු පාරක, අද ඇවිදගෙන යනවා දකිද්දී, ඒ තාත්තාගේ හිතේ ඇතිවෙන සතුට මොන වගේ එකක්ද?

ඉතින්, ආනන්දයේ ඡායාරූපයක් යටින් “මගේ පුතාගේ පාසල” කියලා කමෙන්ට් එකක් ලියන අම්මා කෙනෙක් තුළත්, “මගේ හස්බන්ඩ්ගේ ඉස්කෝලේ” කියලා ලියන බිරිඳක් තුළත්, “මට යන්න බැරි වුණාට මගේ එකා යවාගත්ත පින් බිම” කියලා ලියන තාත්තා කෙනෙක් තුළත් තියෙන්නේ තමන් ආදරය කරන කෙනෙකුගේ ජීවිතයත් එක්ක බැඳුණු තැනකට ඇති ආදරය.

තමන්ගේ නොවුණත්, තමන්ගේම වගේ දැනෙන තැනකට ඇති බැඳීම.

සමහර තැන්වලට අපි ආදරය කරන්නේ අපි එහි ජීවත් වුණු නිසා.
තවත් සමහර තැන්වලට අපි ආදරය කරන්නේ, අපි ආදරය කරන අයගේ ජීවිත ඒ තැන්වල හැඩගැස්වුණු නිසා..

ආනන්දයේ ඉගෙනගත්ත දරුවන්ගේ අම්මලාගෙන්, තාත්තලාගෙන්, බිරින්දෑවරුන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ආනන්දයට ලැබෙන ඒ ආදරය, ගෞරවය, තව තවත් ආනන්දීයයන්ට තමන්ගේ ජීවිත නිවැරදි ලෙස හැඩගස්වා ගන්නට ලැබෙන විශාල ආශීර්වාදයක් බව මතක් කල යුතුමයි. ඒ ධෛර්යයට ඔබට ස්තූතියි 🙏

ආනන්දය...

සමහරුන්ගේ අතීතය.

තවත් සමහරුන්ගේ වර්තමානය.

ඒත්, තවත් බොහෝ දෙනෙකුගේ හදවතේ... තමන් ආදරය කරන කෙනෙකුගේ ජීවිතය හැඩගැස්වූ, තමන්ටත් අයිති වගේ දැනෙන ඒ ආදරණීය තැන.. ❤️

Address

35日本大通り
Colombo
231-0021

Alerts

Be the first to know and let us send you an email when Old Anandians' Association in Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share