Assyrian Global Home

Assyrian Global Home Charity Organisation & Social service from the Assyrian global home Call/Msg: +94 727213249

27/09/2024

ඊයෙ දොර යටින් කොල කෑල්ලක් දාලා ගිහින් තිබුනා
මම කැලේ හැන්ගෙන්න දුවද්දි අම්මා කිව්වා ලයිට් බිල කියලා
🙂‍↔️🙂‍↔️

Yoga Convocation….Congratulations for all
19/08/2024

Yoga Convocation….Congratulations for all

ෛවද්‍ය සායනය
12/08/2024

ෛවද්‍ය සායනය

11/08/2024

ඔබට ඔබ සමග සාමයෙන් පසුවිය නොහැකිනම්ེ.
ඔබට ඔබව තේරුම් ගැනීමට නොහැකිනම්.
ඔබට ඔබව දරාගත නොහැකිනම් ඔබට කිසිවක්ම කල නොහැක.

ආධ්‍යාත්මිකත්වය යනු තමා වෙනස් අමුතු ජීවියෙක් ලෙස සිතා මාන්නයකින් ඔලුව උදුම්මවාගෙන පොලොවටත් අඩියක් දෙකක් උඩින් ගමන් කිරීම නොවේ.

එය ඔබ ඔබව සැබෑ ලෙසම දැකගැනීමයි.
ඔබේ දුර්වලතාවයන් තේරුම් ගෙන එය නිවැරදි කරගැනීමයි.
ඔබේ ජීවිතයේ යතාර්ථය අවබෝධ කරගැනීමයි.
ඔබ යම් සහනයක් සැනසීමක් ලඟාකරගත්තේනම් අන් අයටද ඔබේ ආලෝකය පැතිරීමට තරම් කාරුණික වීමයි.

නැතිව ආධ්‍යාත්මිකත්වය යනු අදෘෂ්‍යමාන ආරූඪවීමක් හෝ තමා වෙනස් තමා උතුම් අනිත් කාටවත් තේරෙන්නේ කියලා හිතන මනෝභ්‍රාන්තියක් නොවේ.

මාන්‍නයක් නඩත්තු කිරීම හෝ මනෝභ්‍රාන්තික සිරවී සිටීම යනු ආධ්‍යාත්මිකත්වය නොවේ එය ධර්ම මමත්වයයි.

අනිත් ආගම් ඔක්කොම පහත් තම ආගම උතුම් කියල පිරිසක් කියද්දි ආගම් ඔක්කොම පහත් ආධ්‍යාත්මිකත්වය පමණයි උසස් කියලා තව පිරිසක් කියනවා. ආගම් වේවා ආධ්‍යාත්මික වේවා මේවා සියල්ල අපේම මානසික රාමු පමණයි.

මනුෂ්‍යත්වය ධර්මය සහ සත්‍ය කිසිම රාමුවකට ලඝුකල නොහැක.
සියලු රාමු තේරුම්ගෙන ඒවායින් නිදහස් වන්න.
නිදහස් මිනිසෙකු ලෙස ඔබත් සමග සාමයෙන් සහ සතුටින් ජීවත් වන්න.

Blessed...
05/08/2024

Blessed...

01/08/2024

මරණයට මොහොතකට හෝ පෙර ඔබ ජීවිතය අත්දැකිය යුතුයි.
එනම් ජීවිතයද මරණයම බව ඔබ දැනගත යුතුවේ.
අපගේ ජීවිතය පැනනගින්නේ මරණය තුලිනි.
අවසානයේදී එය නැවතත් මරණය හා එක්වේ.

යතාර්ථය දැනගැනීමටනම් ඔබ ජීවත්ව සිටියදී මරණය විනිවිද යා යුතුය. එය ඔබගේ මමත්වයේ හා අභ්‍යන්තරික පුද්ගල සංඥාවේද නිරෝධය වේ.

නිරෝධය තුලින් පමණක් ඔබට ජීවිතය තුල සඟවලා තිබෙන මරණය ජීවමානව ස්පර්ශ කල හැක. නිරෝධය තුලින් පමණක් ඔබට සංසාරය නිමාකොට නිර්වාණ ධාතුව ස්පර්ශ කල හැක.

නමුත් ඔබට අවසානයේදී නිදහස් වූවෙකු හෝ නිරෝධයට පත්වූවෙකු සොයාගත නොහැකි වේ. ඔබේ මමත්වයට කිසිම දිනක නිර්වාණය අවබෝධ කල නොහැක. ඔබ ඔබේ මමත්වයේ මුලාවෙන් නිදහස් වූවායින් පසුව කොහොමත් පවතින්නේ සත්‍ය පමණයි.

සියල්ලෙන් නිදහස් වීම යනු සියල්ල දැනගැනීමයි.
ඔබට මරණයෙන් නිදහස් වීමට අවශ්‍යනම් ජීවත්ව සිටියදී ඔබ මරණය අතික්‍රමණය කල යුතුය.
එවිට නැවතත් ඔබට උපතක් හෝ මරණයක් හමු නොවේ.

සියලු ශක්තියේ කේන්ද්‍රය රැදී පවතින්නේ මරණය තුලයි.
ඔබගේ ජීවන ශක්තිය ගැබ්ව ඇත්තේ මරණය තුලයි.

ඔබට නිර්වාණය ජීවමානව ස්පර්ශ කිරීමට අවශ්‍යනම් ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ පුද්ගලත්වයේ මරණය හරහා ගමන් කල යුතුවේ.

ඔබට ඔබව අහිමිව යන බවට වන හැඟීම ජීවමාන මාර්ගය වේ.
ශක්තිය ඇත්නම් ඒ දෙසට අතුරුදහන් වන්න.
පතුලක් නොපෙනෙන අභ්‍යන්තරික රික්තකය තුලටම ගමන් කරන්න.
අවසානයේ ඔබට ඔබව අහිමිව යාවි.
ඔබට ඔබව සම්පූර්ණ වශයෙන් අහිමිව ගොස් අවසන් වන මොහොතේ ඔබ ශුන්‍යතාවය හෙවත් නිර්වාණය අත්දකින්නේය.

23/05/2024

🙏ඉති කුමාරි කතා වස්තුව🙏

කල්ප කෝටි ගාණක් පෙරුම් පුරමින් ලොව්තුරා බුද්ධත්වයට යන බෝසතුන් වහන්සේලාටත් නියත විවරණ ලබන තුරු ස්ත්‍රී අත්මභාවයෙන් ගැලවීමක් නෑ කියලා.එතුමන්ලත් එක ආත්මෙක හරි ස්ත්‍රී ආත්මයක් ලබනවලු. අපේ ගෞතම බුදුහාමුදුරුවන් ස්ත්‍රී ආත්මෙක ඉපදුන කතාවක් තමා මේ කියන්නෙ. බොහෝ කාළෙකට කලින් දීපංකර බුදුහාමුදුරුවෝ මී අඹ ගහක් යට භාවනායෝගිව වැඩ හිටියා. උන්නාන්සේට ඒ දවස් ටිකේම දානවේල් හම්බුනේ නැති තරම්. එ නිසා උන්වහන්සේ නිරාහාරව තමා භාවනා කලේ..

මෙහෙම භාවනා කරද්දි දවසක් උන්නාන්සේ භාවනා කරපු මී අඹ ගහේ අඹයක් කන්න ලේනියක් ආවා. මේ ලේනිය මී අඹයක් දැකලා ඒ අඹය කන්න පටන් ගත්තා. ලේනිය මී අඹය බරු ගහනකොට ඒ මී අඹෙන් පැණි වෑස්සෙන්න ගත්තා. මේ වෑස්සෙන පැණි වලින් අපේ දීපංකර බුදු හාමුදුරුවෝ බඩ ගින්න නිවාගත්තා. ඒ විතරක් නෙමේ උන්වහන්සේ ප්‍රාර්ථනාවකුත් කළා.

☸️ ‘මගේ කුසගින්න නිවපු මේ ලේනියගේ ඊලඟ භවය, මනුස්ස ආත්ම භවයක් වේවා’ කියලා.

මෙහෙම කාළයක් යනකොට මේ ලේනි මැරුණා. දීපංකර බුදු හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව නිසා මේ ලේනිය සිටු පවුලක සිටු දුවක් වෙලා ඉපදුනා. සිටු දෙමව්පියන් අළුත උපන් මේ සිටු දුවට නම තබන්න බමුණන්ව ගෙන්නුවා. බමුණො මේ සිටු දුව දිහා බලල “ඉති” කියලා නම යෝජනා කරනවා.

ඒ වගේම මේ බමුණෝ අනාවැකියක් කීවා. ඒ අනාවැකිය තමා මේ දියණිය පිණට දහමට කැපවෙන කෙනෙක් වෙනවා. ඒත් කවදාහරි මේ ළමයට රටින් පිටවෙලා යන්න සිද්ධ වෙනවා කියලා කීවා. රටින් පිටවෙලා යනවා කියන අනාවැකිය නිසා සිටු දෙමාපියන් දුක් වුණා.

කොහොමහරි කාලෙ ගත වෙද්දි මේ සිටු දුව දුටුවන් සිත් පැහැරගන්න රූප සම්පත්තියෙන් අගතැන්පත් සිටු දියණියක් වුණා. ඒ වගේම ඇය දානමාන කටයුතු වලටත් බොහොම කැමති කෙනෙක් වුණා. දුගී මගින් තමන්ගේ සිටු මැදුරට ගෙන්වලා දාන දෙන්නත් මේ ඉති කුමාරි වැඩ කළා. ඒ වගේම ඉති කුමරිය සිටු මැදුරට හාමුදුරුවරු වැඩියම පූජා කරන්න අබ තෙල් හින්දවලා තියා ගන්නවා. දවසක් ඉති කුමාරිලාගෙ සිටු මැදුරට දීපංකර බුදු හාමුදුරුවන්ගේ සිසු සාමණේර නමක් වඩිනවා. ඉති කුමාරි උන්නාන්සේටත් අබතෙල් පූජා කරලා ප්‍රශ්නයක් අහනවා,

☸️ ”මං මේ විදිහට වෙහෙර විහාර ආලෝකමත් කරන්න අබ තෙල් පූජා කලහම මට ලැබෙන පින මොකක්ද ? ” කියලා ඇය ඇහුවා.

ඉති කුමාරියගේ ප්‍රශ්නයට මේ සාමණේරයන් වහන්සේ ලඟ උත්තරයක් තිබුනේ නෑ. ඉතිං මේ සාමණේරයන් වහන්සේ,

☸️ නැගණිය, ඔබගේ ප්‍රශ්නයට දෙන්න මා ලඟ පිලිතුරක් නෑ. මම අපේ දීපංකර බුදු හාමුදුරුවන්ගෙන් අහල ඔබට පිලිතුරක් දෙන්නම්.”

කියලා ඉති කුමාරියට කියලා වඩිනවා. සාමණේර නම විහාරයට වැඩියට පස්සේ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් මේ ගැන විමසලා උත්තරයක් ලබා ගන්නවා. පස්සේ උන්නාන්සේ ආයෙම සිටු මැදුරට වැඩියා. ඉති කුමාරිට ඇය ඇහුව ප්‍රශ්නෙට උත්තර දුන්නා.

☸️ මේ වාගේම දන් දෙන්න. පින් දහම් කරන්න. එතකොට සූ විසි කල්පයක් ගියාම බුදු බව ලබාගන්න පුලුවන්.

මේ උත්තරය ගැන ඉති කුමාරියට ලොකු සතුටක් දැනුනා වගේම පැහැදුනා. ඒ විතරක් නෙමේ ඉති කුමාරිය පහුවදාම දානයත් අරගෙන දීපංකර බුදුහාමුදුරුවෝ වැඩ හිඳින විහාරයට යනවා. ඔයාට හිතා ගන්න බැරි වේවි දැන් ඉති කුමාරි කියන්නෙ කවුද කියලා. ඔව් බලන්න එහෙනම් ඉති කුමාරි කව්ද කියලා.

මතු බුදුවරු දෙදෙනෙකුගේ අහඹු හමුවක්. ඒ මතු බුදුවරුන් දෙදෙනාගේ කෙනෙකු ස්ත්‍රියක් කෙනෙකු පුරුෂයෙක්. දීපංකර බෝසතාණන් වහන්සේ ලෞකික භූමියෙන් නික්ම ලෝකෝත්තර ශ්‍රී විභූතිය විදහාපාමින් තාපසයෙක් විදියටත් අපේ බෝසතාණන් වහන්සේ ලෞකික ශ්‍රී විභූතියෙන් අගතැන්පත්ව දිව්‍යමය ස්ත්‍රී රූපයකින් රාජ කුමරියක් ලෙසත් දෙපසක සිටියා.කොහොමහරි ඉති කුමාරි දීපංකර බුදුහාමුදුරුවොන්ට දානය පූජා කරලා, වැඳ නමස්කාර කරලා බුදුරදුන්ගෙන් තවත් ප්‍රශ්න අහනවා.

☸️ “අබතෙල් පූජා කරලා තියෙනවට අමතරව මම ගොඩක් පින් දහම් කරලා තියෙනවා. ඒ නිසා මට මේ භවයේදී බුදු බව හිමි වේවිද ?” කියල.

☸️ ඔබ කරපු පින් මදි බුදු බව ලබන්න.

☸️ ඒ නිසා මේ වාගේම දිගටම පින් දහම් කරන්න. එතකොට මතු ආත්මෙකදි බුදුබව ලැබේවි කියලා.

බුදු බව ලබන්න බැරිවෙන නිසා ඉති කුමරිය ගොඩක් දුක් වුණා. මේ ආත්මෙ බුදු වෙන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතලා ඉති කුමරිය බුදු හාමුදුරුවෝ ඉදිරිපිටම අබ තෙල් හලාගෙන ඇඟට ගිනි තියාගන්නවා. ඒත් උන්නාන්සේ ඇයට මැරෙන්න දෙන්නේ නෑ. උන්නාන්සේගේ මෙත් බලයෙන් මේ ගින්න නිවනවා. ඇය ගිනි තබාගන්න ආය ආය උත්සාහ කලත් ගිණි අවිලුණේ නෑ. සිය දිවි නසා ගැනීම බුද්ධත්වයට හෝ ස්ත්‍රී භාවයෙන් නික්මයාමට ආධාරයක් වෙන්නෙ නෑ කියලා දීපංකර බුදුහාමුදුරුවො වදාළහ.

☸️ ”වන ගත වෙලා තවුස් දම් රැකලා බණ භාවනා කරන්නම් මට පිරිමි ආත්ම භවයක් ලබා දෙන්න. ඊට පස්සේ මට පුලුවනි බුදු බව ලබන්න” කියලා.

දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලුවා බුදුරදුන් ඉති කුමාරියට පැවසුවේ

☸️ “ඔබට පිරිමි ආත්මයක් ලබා දෙන්න මට පුලුවන් කමක් නෑ. ඔබගේ ස්වාමිපුරුෂයාගේ කටින්ම ඔබට පිරිමි ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කලොත් ඊලඟ ආත්මභවය පිරිමි ආත්මයක් ලැබේවි.”

ඒත් ඉති කුමාරි මේ වෙනකොට විවාහ වෙලා හිටියෙ නෑ.

☸️ ”බුදු හාමුදුරුවනේ මම තවම විවාහ වෙලා නෑ. මගේ ස්වාමි පුරුෂයා ඉන්නේ කොහේද කියලා පවසන්න.”

කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. උන්නාන්සේ ඉති කුමාරිය දිහාවට හැරිලා,

☸️ ”කුමරිය, අබ නැලියක් අරගෙන ගවුවට එක අබ ඇටය ගානේ දම දමා යන්න. ඔබ අන්තිම අබ ඇටය දමන තැන තියෙන ගෙදරදි ඔබට ඔබේ ස්වාමි පුරුෂයා හමුවේවි ” කියලා ප්‍රකාශ කරනවා.

බුදු හාමුදුරුවෝ වදාලපු විදිහට ඉති කුමරිය අබ නැලියක් දෝතින් අරගෙන දෙමව්පිය දුක් සුසුම් මැද්දේ ගෙදරින් පිට වෙලා යනවා. මේත් එක්කම බමුණෝ එදා කුමරියගේ නම් තැබීමේ උත්සවේදි කියපු අනාවැකිය මතකනේ. ඒක එදා ඇත්ත වුණා. ගෙදරින් පිට වෙච්ච කුමාරිය මහන්සිය අමතක කරලා රෑ දවල් නැතුව ගවුවට එක ගානේ අබ ඇටය ඇටය හල හල ඇවිදිනවා. කොච්චර ඇවිද්දත් අබ නැලිය එහෙම් පිටින්ම ඉතුරුයි. ඒත් ඉති කුමාරි සැලුනෙ නෑ. තව තවත් ධෛර්යවන්ත වෙලා ඇවිදිගෙන ඉදිරියටම ගියා.මේ විදිහට අබ හල හලා යද්දි දින, සති ගණන්, මාස ගණනුත් ගෙවුනා.

උත්සාහය අත් අරින්නෙ නැතුව ගිහින් ගිහින් අන්තිමේදි එක අබ ඇටයක් ඇරෙන්ඩ අබ නැලියේ සේරම අබ ඉවර උනා. කුමාරිය ඉතුරු ගවුවක දුරත් ගිහින් ඒ අබ ඇටය විසි කලා. මේ කුමාරියට සෑහෙන මහන්සියි. ඉතිං කුමාරිය ළඟම තියෙන පැල්පතට ඇතුල් වුනා. ඒ පැල්පත අයිති වෙලා තිබ්බේ ගම්බිර සිටුවරයගේ හරක් බලාගන්න ගොපල්ලට. ඉති කුමාරිය පැල ඇතුලට ගිහින් බලනකොට කවුරුත් මේ පැල්පතේ හිටියෙ නෑ. ඒ වෙනකොට මේ ගොපල්ලා ගම්බිර සිටුවරයගේ හරක් බලාගන්න ගිහින්. කුස්සියට ඇතුළු වෙනකොටම ඉති කුමාරිය දකිනවා මුට්ටියක වී ටිකක් තියෙනවා. මේ කුමාරිය වී කොටලා හාල් ගෙන බත් උයනවා. ඊට පස්සේ මාළුවකුත් හදලා ලොකු හැලියකට වතුර එහෙකුත් ලිප තියනවා.

මේ සේරමත් කරලා ගෙවල් දොරවලුත් අස් පස් කරලා කුමාරිය එළියට වෙලා බලාගෙන ඉන්නවා තමන්ගේ ස්වාමිපුරුෂයා එනකන්. දන්නවනේ මේ වෙනකන් ඉති කුමාරිය මේ ගොපල්ලව දැකලා නෑයි කියලා. ඕං ටික වෙලාවකින් වැස්සට තෙමීගෙන ගොපල්ලා ගෙට ගොඩ උනා. එතකොටම දකින්නේ ලස්සන කුමාරිකාවක්. ගොපල්ලට ඇස් අදහා ගන්ඩත් බැරුව ගියා. ගෙට ගොඩ වෙච්ච ගොපල්ලව එක්කගෙන ගිහින් රත් වෙන්ඩ දාපු වතුරෙන් නාවනවා.නාවලා ඉවරවෙලා තමන් උයාපු බත් කන්න දීලා,

☸️ ”ඔබ තමයි මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මම ඔබව ආදරෙන් බලා ගන්නම්, දෙවියෙකුට වාගේ සලකන්නම්” කියලා කියනවා.

ආදරණීය බිරිඳක් ලැබුනු ගොපල්ලා පහුවදාම ගම්බිර සිටුවරයගේ සිටු මැදුරට යනවා. සිටුවරයාට ගිහින් කියනවා.

☸️ මට අද ඉදන් සිටු මැදුරෙන් කෑම එපා. මට බිරිඳක් ලැබුණා. ඒ නිසා මට මගේ වැටුප දෙන්ඩෙයි කියලා.

මේ කතාව අහපු සිටුවරයට හොඳටෝම කෙන්ති යනවා.කේන්ති ගියපු සිටුවරයා, මේ ගොපල්ලව සේවයෙන් නෙරපලා සිටු මැදුරෙනුත් එලියට දානවා. රස්සාව නැති වෙච්ච දුකෙන් ගෙදර එන මේ ගොපල්ලාව ඉති කුමාරිය දකිනවා. ගොපල්ලා තමන්ට වෙච්ච හැමදේම ඉති කුමාරිට කියනවා.

ඊට පස්සේ ඉති කුමාරි මේ ගොපල්ලගේ හිත සනසලා පුරන් වෙච්ච කුඹුරු ලියැද්දක් හොයාගන්න කියලා ගොපල්ලට කියනවා. ගමේ මිනිස්සුන්ගේ සේරම හරක් ඒ ලියැද්දේ බඳින්ඩ කියලා ගමේ මිනිස්සුන්ට කියන්ඩ කියලා ඉල්ලීමකුත් කරනවා.අර පුරන් වෙච්ච කුඹුරේ හරක් බැන්දට පස්සේ හරකුන්ට පෑගිලා ඒ ලියැදි කෑල්ල කුඹුරක් වාගේම මඩ වෙනවා. පස්සේ මේ ගොපල්ලා කුඹුර හාලා ඉවර වෙලා ඉහින්ඩ බිත්තර වී තිබුනේ නෑ. කුමාරිගේ ඉල්ලීමටම බොල් වී ගෙනල්ලා කුඹුරේ ඉහිනවා.ඒ බොල් වී අතරේ තියෙන හොඳ වී ඇට ටික පැලවෙලා සරු සාර කරල් හැඳුනා.

ගොයම් පාගන කාලේ ආවහම කමතේ ගොයම් කොළයක් ගහන්ඩ කියලා ඉති කුමාරිය තමන්ගෙ ස්වාමිපුරුෂයාට කියනවා. ගොපල්ලා ගොයම් කොළය ගැහුවට පස්සේ ඉති කුමාරිය තමන්ගේ දෙපා තියලා ගොයම් ටික පාගනවා. ඉති කුමාරියගේ තිබ්බ පින් මහිමය නිසාම ඒ ගොයම් කොළය පාගන සැරයක් සැරයක් ගානේ කමතෙන් මුතු මතු වෙන්න ගන්නවා. කුමාරියගේ පින හන්දා මුතු වෙච්ච වී දීලා සිටුවරුන්ගේ කුඹුරු වල වී ඉති කුමරි එහෙම ගන්නවා.කොච්චර මුතු වලට වී හුවමාරු කර ගත්තත් ඉති කුමාරියගේ මුතු ගොඩ ඉවර වුණේ නෑ. අන්තිමේදි සිටුවරුන්ගේ සේරම වී ටික ඉවර වෙනවා.වී මිලදී ගත්තු සිටු කුමාරිය ඊට පස්සේ ලස්සන මාලිගාවකුත් තනා ගන්නවා.

මෙහෙම ටික කාළයකින් ඒ රටේ රජතුමා මැරුණා. රජතුමාට පස්සේ ඒ රටේ රජකම මේ ගොපල්ලට හිමි වුණා. ඔන්න ඉතිං ඊට පස්සේ තමා ගොපල්ලගේ පව පල දෙන්න ගත්තෙ.. ගොපල්ලා තව කෙනෙක් තමන්ගේ අඹුකමට ගන්නවා.ඉන්පස්සේ ඉති කුමාරියට බනින්න පටන් ගත්තා. තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා බනිනකොට මේ ඉති කුමාරියට දුක හිතෙනවා. ඒවගේම බනින වාරයක් වාරයක් පාසා කුමාරියගේ හිත නොසෑහෙන්ඩ රිදෙනවා.ඒ විතරක් නෙමේ කුමාරියගේ පින් මහිමය නිසා මතු වෙච්ච ධන නිධාන වස්තු මාන්‍යාදිය සේරම ටික නැතිවේගෙන නැතිවේගෙන යනවා.

සේරම වස්තු මාන්‍යාදිය නැති උනාට පස්සේ ගොපල්ලට තේරුනා වැඩේ වැරදුනා කියලා. ගොපල්ලා තමන්ගේ ආදරණීය බිරිඳ, ඒ කියන්නේ ඉති කුමාරිය ගාවට ඇවිදින්,

☸️ ”මම දුක් විඳපු කාළෙදි ඔබ ඔබේ යුතුකම් මං වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළා. නමුත් මම ඔබට නොසෑහෙන්න දුක් දුන්නා. ඔබ මට මේ යුතුකම් ඉටු කරපු පිනෙන් මතු භවයෙදි පිරිමියෙක් වෙලා උපදින්ඩ ඕනේ. ” කියලා ප්‍රාර්ථනාවක් පතනවා.

මේ ප්‍රාර්තනාව ඇහුනට පස්සේ ඉති කුමරියගේ හිත සතුටින් පිරී ගියා. මේ සතුටත් එක්කම ගොපල්ලාට නැති වෙච්ච සැප සම්පත් වස්තුමාන්‍යාදිය ආයෙමත් පහල වෙන්න පටන් ගත්තා. තමන්ගෙ කැපවීම, අධිෂ්ඨානය ස්ථිර නම් ප්‍රබල නම් ගැහැණුකම බුදුබව ලබා ගන්න පවා බාධාවක් නෙමේ කියලා මේ ඉති කමාරිගෙ කතාවෙන් තේරුන් ගන්න පුළුවන්.කොහොමහරි මෙහෙම කල් ගතවෙද්දි ඉති කුමාරි මැරුණා. මැරුණට පස්සේ පිරිමි ආත්මයක් ලබලා ඉපදුනා. ඔහොම කල්ප කාලයක් ගෙවිලා තව තව ආත්ම වල ඉපදිලා අවසාන ආත්මෙ සිද්ධාර්ථ කුමාරයා වෙලා උපත ලබා උතුම් ලොව්තුරා සම්මා සම්බුදු බව ලැබූ සේක.

සාදු සාදු සාදු 🙏🙏🙏☸️
තෙරුවන් සරනයි 🙏☸️☸️
නමෝ බුද්ධාය 🙏🙏🙏

20/05/2024

අපි ලෝකය අත්විඳින ආකාරය

අපි ලෝකය අත්විඳින ආකාරය චිත්‍රපටයකට සමාන ය. මෙම සංසිද්ධිය තුළ, චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂක භූමිකාව ඉටුකරන්නේ මනස යි. විඤ්ඤාණ යනු චිත්‍රපටය තිරගත වන අඳුරු කල රංග ශාලාවයි. විඤ්ඤාණය, ඇස, කන, නාසය, දිව සහ ශරීරය, යන කැමරා 5 භාවිතා කරමින් විවිධ ජීවීන්ගේ රුචිකත්වායන්ට සහ ඇබ්බැහිවීම් වලට අනුව චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමට මනසට දත්ත සැපයීමේ කාර්යභාරය ඉටු කරයි.

චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වන්නේ විශ්වයේ මූලික ගුණාංග වන දෘඪතාව (පඨවි), ද්‍රවශීලතාවය (ආපෝ), වායුමය (වායෝ) සහ උණුසුම (තේජෝ) ය. චිත්‍රපටය නරඹන්නාගේ අනන්‍යතාවයද මනස ගොතයි. එම අනන්‍යතාවය "මම" ලෙස හැඳින්වේ.

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්, ඔවුන්ගේ රුචිකත්වයයන්ට අනුව විවිධ "මම"වල් විවිධ ශෛලියකින් චිත්‍රපටය රසවිඳිති. ඇත්ත වශයෙන්ම, එම චිත්‍රපට යනු තිරයක් මත ප්‍රක්ෂේපණය කරන ලද ඡායාරූප දාමයක් පමණි.

මෙම වංචාකාරී සංසිද්ධිය ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීමට නම්, ශරීරය විසින් පමණක් ජනනය කරන දත්ත, ශරීරය යන කැමරාව හරහා පමනක් ඔබ ලෝකය සෘජුවම අත්විඳිය යුතුය. මෙම කාල සීමාව තුළ අනෙක් මනස ඇතුළු සියලුම කැමරා අක්‍රිය කල යුතුය.
මෙම උත්සාහය බුදුදහමේ විපස්සනා භාවනාව ලෙස හැඳින්වේ. එවිට ඔබට එහි මූලික ගුණාංග 4 (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ). හරහා , ප්‍රායෝගිකව ලෝකය අත්විඳිය හැකි වනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉහත විස්තර කර ඇති සංසිද්ධීය ඔබට ප්‍රායෝගිකව ඒත්තු ගැන්වේ.
එය සිදු වූ විට, ඔබ ඔබේ ඇසින් දකින දේ දැ කිමක් පමණි. ඔබට ශබ්දයක් ඇසෙන විට එය ඇසීමක් පමණි. එම නියමය ඉතිරි ප්‍රොජෙක්ටර් 3ටම (නාසය දිව සහ ශරීරය) අදාළ වේ. එම හැකියාවේ උච්චතම අවස්ථාව නිර්වාණය නම් වේ.

ඔබ නිර්වාණයට පත් වූ විට, මමත්වයකින් තොරව වර්තමානයෙහිම ඔබ ජීවත් වේ. මෙම සංසිද්ධිය කෙරෙහි ඔබට පාලනයක් නොමැති බව ද ඔබට වැටහෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අනාගතයේදී ක්‍රියාකාරී වන නව කර්ම සිදු නොකරනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ ඔබේ ආත්මාර්ථකාමී විනිශ්චයන්ට පක්ෂග්‍රාහී නොවී, ලෞකික කටයුතු පිළිබඳ විනිශ්චය නොකරන නිරීක්ෂකයෙකුගේ (Nonjudgemental Observer) භූමිකාව රඟපානු ඇත. ඒ හැකියාවට කියනවා කර්මක්ෂය ඤාණය කියලා. . කෙසේ වෙතත්, ඔබ දැනටමත් කර ඇති කර්ම වල විපාකලවලට මුහුණ දිය යුතුය. මෙම සංසිද්ධිය නොදැනීම නිසා ඔබේ වර්තමාන පැවැත්ම ද ඔබ දැනටමත් කර ඇති කර්මවල. විපාකයක් ලෙස ඔබට වැටහෙනු ඇත. එබැවින් මේ හැකියාව දියුණු කරගත් මිනිසුන් වර්තමාන පැවැත්මේ ශරීරය මිය ගිය පසු කිසිදා අනාගත පැවැත්මක් ගොතන්නේ නැත

19/05/2024

භාවනා කරන විට වැදගත්ම දෙය වන්නේ නිවැරදි ආකල්පයක් ඇති කර ගැනීමයි.

භාවනා කරන විට:
- දැඩි ලෙස අවධානය යොමු කරන්න එපා
- පාලනය කරන්න එපා
- යමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න එපා
- බලකිරීම් හෝ සීමා කිරීම් කරන්න එපා
- නමුත් සිදුවෙමින් පවතින දේ ප්‍රතික්ෂේප කරන්න එපා.
නමුත් යමක් සිදුවන විට හෝ සිදුවීම නතර වන විට ඒ බව නොසලකා ඉන්න එපා. ඒ ගැන දැනුවත් වෙන්න.
යමක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම ලෝභ (ලෝභය) වේ. සිදුවෙමින් පවතින දේ ප්‍රතික්ෂේප කිරීම දෝශ (ද්වේශ) වේ. යමක් සිදුවෙමින් පවතිනවාද හෝ නැත්දැයි නොදැන සිටීම මෝහය (මුළාව) වේ.
නිරීක්‍ෂණය කරන සිත තුළ ලෝභ, දෝශ, මෝහ (කනස්සල්ල- නොසන්සුන් බව) නොමැති වූ විට පමණක් භාවනා සිත වේ.
ඔබ භාවනා කරන්නේ කුමන ආකල්පයකින්ද යන්න හොදින් විමසා බැලිය යුතුය. ඔබ හොඳ සහ නරක අත්දැකීම් දෙකම පිළිගැනීමට සැරසී සිටිය යුතුය. තමන්ට අවශ්‍ය වන්නේ හොඳ අත්දැකීම් පමණක්ද? තමා කුඩාම අමිහිරි අත්දැකීමක්වත් පිළිගැනීමට සූදානම් නැත්ද? මෙය සාධාරණද? මේ ධර්මයේ මාර්ගයද? යන්න සිතන්න.
භාවනාවෙන් ලැබිය යුතු යැයි ඔබේ මනසෙහි යම් බලාපොරොත්තුවක්, යම් අවශ්‍යතාවක් තිබේ නම්, භාවනා කිරීමට අපහසු වේ.
ඔබ භාවනා කරන විට දැඩි ලෙස අවධානය යොමු කරන්නේ නම් හෝ යමක් සිදුවීම නැවැත්වීමට අවශ්‍ය නම් ද? එසේ නම් මෙම ආකල්ප වලින් එකක් හෝ ඔබේ සිතේ ඇති බව පෙනෙන්නට තිබේ.
එසේම, සිත වෙහෙසට පත්වන්නේ නම් ඔබ භාවනා ප්‍රගුණ කරන ආකාරයෙහි යම් වැරැද්දක් ඇත:
මනස නොසන්සුන් වූ විට ඔබට පුහුණුවීම් කළ නොහැක. භාවනාවෙන් මනස සහ ශරීරය වෙහෙසට පත් වේ නම්, ඔබ භාවනා කරන ආකාරය විමසා බැලීමට කාලයයි.
භාවනාව යනු සතියෙන් සහ අවබෝධයෙන් යුතුව නැවතී බලා සිටීමයි. එවිට නොසිතයි, විමර්ශනය නොකරයි, විනිශ්චය නොකරයි.
යමක් අවශ්‍ය හෝ යමක් සිදුවීමට අවශ්‍ය මනසකින් පුහුණු නොවන්න. එවිට ලැබෙන ප්‍රතිපලය ඔබ වෙහෙසට පත් වීමයි.
භාවනා කරන සිත සැහැල්ලුවෙන් හා සාමයෙන් යුක්ත විය යුතුය.
මනස සහ ශරීරය යන දෙකම සුවපහසුවෙන් තිබිය යුතුය. සැහැල්ලු හා නිදහස් මනස ඔබට හොඳින් භාවනා කිරීමට හැකියාව ලබා දෙයි. භාවනා කිරීම යනු, හොඳ හෝ නරක කුමක් සිදු වුවද, මනස කරන්නේ කුමක්ද? කල්පනා කරනවාද? නැත්නම් දැනුවත්ද? දැන් මනස කොහෙද? මා තුලද? නැත්නම් පිටතද? යන්න නිරීක්ෂණය සහ පිළිගැනීමයි.
එසේ නිරීක්ෂණය කරන මනස නිසි ලෙස දැනුවත්ද? නැතිනම් මතුපිටින් පමණක් දැනුවත්ද? තමන් උත්සාහ කරන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට දේවල් සිදුවීමටද? සිදුවෙමින් පවතින දේ දැන ගැනීමටද?
සිතිවිලි හටගන්නා සිත නිසා අධෛර්ය නොවන්න. ඔබ ඒ එන අරමුණු ප්‍රතික්ෂේප කළ යුතු නැත (සංසිද්ධි - සිදුවෙමින් පවතින දේ - දැනගැනීම).
ඔබ, ඒ අරමුණු නිසා හටගන්නා කෙලෙස් දැන (එමෙන්ම නිරීක්ෂණය කර) ඒවා දුරු කළ යුතුය.
ශ්‍රද්ධාව (විශ්වාසය) ඇති කල්හි පමණි විරිය (වීර්යය) ඇති වන්නේ. විරිය තිබුණොත් තමයි සතිය ඇතිවන්නේ. සතිය අඛණ්ඩ වූ පසුවයි සමාධිය ඇතිවන්නේ.
එවිටයි සිත සමාධියේ පිහිටන්නේ, එවිටයි ඇත්ත ඇති සැටියෙන් දැකගන්න ලැබෙන්නේ.
ඔබ ඇතිදේ ඇති සැටියෙන්ම දැන ගැනීමට පටන් ගන්නා විට, ඔබ තුල ශ්‍රද්ධාව තවත් වැඩි වේ.
වර්තමාන මොහොතේ ඇති දේ කෙරෙහි පමණක් සිත යොමු කරන්න. ආපසු අතීතයට නොයන්න! අනාගතය සඳහා සැලසුම් නොකරන්න!
වඩා වැදගත් වන්නේ අරමුණ නොවේ, දැනුවත් වීමට උත්සාහ කරන මනස, එනම් නිරීක්ෂණය කරන මනසයි.
නිරීක්ෂණය කරන මනස නිවැරදි ආකල්පයකින් සමන්විත වුවහොත් භාවනා අරමුණ නිවැරදි අරමුණම වනු ඇත.
- චිත්තානුපස්සනාව

18/05/2024

⭐ එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා," මං අර්හත්වයට පත් වුණේ අතීතයේ සංඝයාගේ පා දෝවනය කරපු පින් බලේට " කියලා ඒ කියන්නේ,සංඝයාවහන්සේලාගේ පා දෝවනය කිරීමේ පින් බලය අවසන් වෙලා තියෙන්නේ අර්හත්වයට පත්වෙලා.

⭐ බිම්බිසාර රජ්ජුරුවන්ගේ අමාත්‍ය වරයෙක් සිටියේය.ඒ අමාත්‍යවරයාව බිම්බිසාර රජ්ජුරුවන්ගේ දානේ පූජා කරන දවසේ,පා දෝවනය කරන්නට යොදවා තිබුණේය.එදා මේ පා දෝවනය කිරීමේ කටයුත්තට සංඝයා වහන්සේලා ගොඩක් වඩින නිසා,ඇමතිවරු මාරුවෙන් මාරුවට යොදවා සිටියේය.ඉහත කියන ලද අමාත්‍යවරයාට ලැබී තිබුණේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පා දෝවනය කරන්නටය.ප්‍රඥාවෙන් අග්‍ර,මිහිරි,චතුර,විචිත්‍ර දහම් කතා ඇති,සැරියුත් මහරහතන් වහන්සේගේ රත්තරන් පාට ,රෝස පතුල් ඇති පා දෝවනය කළේය.ඉතින් දෝවනය කරලා මේ අමාත්‍යවරයාට පුදුම සතුටක්.දැන් ඒකම හිත හිත ඉන්නවා.අත් දෙක දිහාබලනවා.ආයේ හිතනවා.

⭐ ඔය අතරේ ධර්ම දේශනාව තිබ්බා.භාග්‍යවතුන් වහන්සේ භුක්තානුමෝදනාව වශයෙන් ධර්මය දේශනා කළසේක.ඒ ධර්ම දේශනාවෙන් අමාත්‍යවරු බොහෝ දෙනෙක් සෝතාපන්න වුණේය.ඉහත කියූ අමාත්‍යවරයාද සෝතාපන්න වුණේය.ඉතින් මෙතුමා කල්පනා කළා,සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී පා ස්පර්ශ කරපු මේ අත්දෙකෙ ධාතු කරඬුවක් වගේ.ඒ නිසා මං මෙතනින් පසු මේ අත්දෙකෙන් ස්ත්‍රීන් ස්පර්ශ කරන්නෑ.මං බඹසර සමාදන් වෙනවා කියලා ,එදාම බඹසර සමාදන් විය.

⭐ එතුමාට බිරින්ඳෑවරු අට දෙනෙක් සිටිය අතර ඒ අට දෙනාම හිස්මුදුණින් සාධුකාර දී එතුමාගේ බඹසරට ආශිර්වාද කළේය.පසු කළෙක ඒ උපාසිකාවොත් මගඵල වලට පත්විය." ප්‍රණීත ධාතුනෙ මහත්තයා" ප්‍රණීත ධාතු තිබෙන අයට ප්‍රණීත සංකල්පනා ඇතිවේ.ප්‍රණීත දේට එකතුවේ.

⭐ ඉන්පසු ඒ අමාත්‍යවරයා මරණින් මතු දෙව්ලොව ඉපදී,ඒ දිව්‍යලෝකයේත් බ්‍රහ්මචාරියි.ඒ දෙවියන්ගේ දිව්‍යසභාවේ ඔහු සිංහ නාද කළේය."එදා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශ කළ අත් දෙකෙන් ,තවම මම ස්ත්‍රීන් සපර්ශ කළේ නෑ,මගේ අත්දෙක තවම ධාතු කරඬුවක් වගේ " කියලා.

⭐ එනිසා කළ පින ගැන හිත හිතා සතුටු වෙන්න.ඒ නිසා සංඝයා වහන්සේලේගේ පා වල වෙහෙස නිවීම,තමාගේ වෙහෙස නිවීම - සසරේ යන වෙහෙස නිවීම පිණිස උපකාර වෙයි.පා දෝවනය කරන විට,අපිරිසිදු දේවල් බැහැර වෙනවා වගේ මගේ සිත පිරිසිඳු වේවා කියලා ඒ පින සිහිකරන මොහොතක් පාසා සිතන්න.

l

____________________________________

18/05/2024

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ..

දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:

01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.

02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.

03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.

04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.

05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.

06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේතමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.

07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.

08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.

09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.

10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.

11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.

12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.

සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කර

සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි !

____________________________________

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Assyrian Global Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share