09/10/2026
තායිලන්තයේ සුතිදා (Queen Suthida) රැජින ප්රහාරක ජෙට් යානයක් තනිව (Solo Flight) පදවමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. ඇය ස්වීඩනයේ නිෂ්පාදිත JAS 39C Gripen වර්ගයේ සුපිරි ප්රහාරක ජෙට් යානයක් සාර්ථකව පදවමින් මෙම ඓතිහාසික ජයග්රහණය වාර්තා කළාය. මේ අනුව මිලිටරි ප්රහාරක ජෙට් යානයක් තනිව පැදවූ ලොව පළමු සහ එකම වත්මන් රැජින ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි.
සුරත් තානි (Surat Thani) ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු මෙම සුවිශේෂී පියාසැරිය නිරීක්ෂණය කිරීම සඳහා ඇයගේ ස්වාමිපුරුෂයා වන මහා වජිරලොන්කෝන් (King Maha Vajiralongkorn) රජු ද පැමිණ සිටි අතර, සාර්ථක පියාසැරියෙන් අනතුරුව රජු විසින් ඇය වෙත විශේෂ රන් නිල ලාංඡනයක් (Gripen Order Golden Patch) ද පිරිනමන ලදී. රාජකීය පදවියට පත්වීමට පෙර ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළ සුතිදා රැජින, මේ වන විට සිවිල් සහ මිලිටරි ගුවන් යානා පදවමින් පැය 1,188 කට අධික පියාසර පළපුරුද්දක් ලබා ඇති අතිශය දක්ෂ ගුවන් නියමුවරියකි. 🇹🇭✈️👑
From Flight zone ✍️