25/10/2026
ධර්මයේ ආලෝකයෙන් සහ වස්සාන සමයේ පින්කම්වලින් සිතැඟි සුවපත් කරන වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. 🌕
වප් පොහොය යනු තෙමස් කාලයක් පුරා පැවති වස්සාන සමයේ අවසානය සනිටුහන් කරමින්, මහා සංඝරත්නය උදෙසා කඨින සිවුරු පූජා කරන අතිපූජනීය කඨින චීවර මාසයේ ආරම්භය සිදු වන අමිල පින්බර දිනයකි. එමෙන්ම බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කරවීම ඇතුළු ශාසනික සන්ධිස්ථාන රැසක් ද මෙදින සිහිපත් කෙරේ. 🪷
මෙම උතුම් පොහොය දිනයේදී ලබන ආධ්යාත්මික ශාන්තිය පෙරදැරි කරගනිමින්, අපව ජීවත් කරවන සොබාදම් මාතාව සුරැකීමට ද අදිටන් කර ගනිමු. අපගේ පූජනීය ස්ථාන සහ පරිසරය ප්ලාස්ටික් අපද්රව්යවලින් තොරව පිරිසිදුව තබා ගනිමින්, ප්ලාස්ටික් රහිත සුන්දර හෙට දවසක් උදෙසා ZeroPlastic Colombo Community සමඟ එක්ව අත්වැල් බැඳගන්න. 🤝🌿
Design by : Chaveesha Kumshani
Caption by : Ayodya Bandara