Colombo Action Committee for People's Struggles - CACPS

Colombo Action Committee for People's Struggles - CACPS Colombo Action Committee for People's Struggles (CACPS) against austerity and for defending democratic rights

22/03/2025

බෝල්ෂෙවික්වාදය නූතන යුගයේ එකම අවංක දේශපාලන ව්‍යාපාරය වී ඇත්තේ හුදෙක් බෝල්ෂෙවික්වරුන්ගේ ඉහළතර සදාචාරාත්මක ගුණ.....

23/02/2025

අප කිසිවෙකුට කිසිදා අමතක කිරීමට අසමත්ව ඇති මෙම කරුණු ප්‍රතික්ෂේප කිරීමට දැන් වෑයම් කිරීමේ දී ෂැට්මන් හිතාමතා ම ප...

05/02/2025

ඔහු බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධියෙන් පෙලෙතැයි මම සිතමි. කවරෙකුට නම් මෙය සුව කළ හැකි ද? ඉදින් ඔහු බෝල්ෂෙවික.....

14/01/2025

නිර්ධන පන්ති විප්ලවවාදියෙකුට පක්ෂය යනු ඔහුගේ ජීවන අභිමතාර්ථයේ ඒකාග්‍ර ප්‍රකාශනය වන අතර, ජීවිතයේ දී හා මරණයේ දී ඔ...

29/12/2024

ඇත්තෙන් ම මායාකොව්ස්කි අන් සියල්ලට පෙරාතුව, පැරණි ලෝකයෙන් බිඳී නොගොස් එම ලෝකය ප්‍රතික්ෂේප කළ කවියෙකි, කලාකරුවෙක....

19/11/2024

එය මානව ඉතිහාසයේ අතිශය කැළඹිලිකාරී හා වියවුල්කාරී කාල පරිච්ඡේදයක් විය. ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි ප....

26/09/2024

2024 ජනාධිපතිවරනය

ඉරිතලා ගිය ධනේශ්වර සමාජ සංත්‍රාශය කරලියට ගෙනාවේ ය

26 සැප්තසම්බර් 2024

නන්දන නන්නෙත්ති විසිනි

2019 දී ඡන්ද 6,924,255 දිනාගෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරන ඉතිහාසයේ වාර්තාවක් තැබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනෙන් මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයා ප්‍රකාශිත ඡන්දවලින් 2.5% කට සීමා කරන ලද 2024 ජනාධිපතිවරනය, පීඩිත මහජනතාව හා පාලක පන්තිය අතර ප්‍රතිවිරෝධී සම්බන්ධය අතිෂය ප්‍රචන්ඩ පුපුරවා හරිනු ලැබීමේ නව අධියරක් සනිටුහන් කර ඇත. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම 2019 දිනා ගත් 5,564,239 වූ ඡන්ද ප්‍රමානය 4,363,035 දක්වා, එනම් සියට 41.99 මෙදා සියයට 32.72 දක්වා වැටුනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා ගත් හැකි වූයේ සියට 17.25ක් පමනි.

මහජනයා වඩාත් ම උනන්දු වූ මැතිවරනය ලෙස හදුන්වා දීමට දරන ප්‍රයත්නයන් තිබිය දී, 2015 සියයට 81 සිට 2019 දී 83.72% දක්වා ඉහල ගිය ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහත දමමින් ලක්ෂ 35ක් ජන්ද දීමෙන් වලකී ඇත. අවලංගු වූ ප්‍රමානය සමග ගත් කල එය ලක්ෂ 38කි.

මේ අතර 2019 දී සියට 3.16කට සීමාව සිටි ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915 ක් දිනා සියයට 42.36 ප්‍රතිශතයක් ලබා ගත්තේ ය. එහෙත් අවශ්‍යය සියයට පනහ ඉක්ම වූ ඡන්ද ප්‍රමානය ලබා ගැනීමට තරම් මනාපයක් ඔහුට බො ලැබිනි. ජනාධිපතිවරන ඉතිහාසයේ ප්‍රථම වතාවට 1981 අංක 15 දරන ජනාධිපතිවරන පනතේ අංක 57,58,59,60 යන වගන්ති ප්‍රකාරව කටයුතු කරමින්, දෙවන මනාපයක් ගනන් කිරීමට මැතිවරන දෙපාර්ථමේන්තුවට සිදු විය. කෙසේ වෙතත් ජන්ද හිමියන්ගෙන් 58%ක් අනුර කුමාරගේ දිසානායකගේ පාලනයක් විශ්වාස නො කරති. ඔහුට දුන් ඡන්දවලින් ද වැඩි කොටසක් “දීලා බලමු“ යන අදහස ප්‍රකාශ කල ඒවා ය.

මේ තතු යටතේ මැතිවරනය අන් කවරදාකවත් නො දුටු ‘සාමකාමී‘ බවක් පෙන්නුම් කලේ ය. වෙනදා මෙන්, ප්‍රීති ඝෝෂා කිරීම සියලු ඡන්දදායකයන් විසින් අත් හැර දමනු ලැබ තිබිනි. මේ සෑම සිද්ධියක් ම ප්‍රකාශයට පත් කර ඇත්තේ, මහජනතාවට පැහැදිලි තෝරා ගැනීමක් නැති බව ය. ආසන්න වසර කිහිපය තුල 225 එපා කියා හඩ නැගූ මහජනයා අතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නො කිරීමේ ප්‍රවනතාව වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

ඉදිරිපත් වූ අපේක්ෂකයන් 38න් 37ක් ම ඒ හෝ මේ ආකාරයෙන් දරා සිටියේ එක ම වැඩපිලිවෙලකි. ජාතික ජන බලවේගය ඇතුලු වැඩි දෙනෙක් වික්‍රමසිංහගේ වැඩ පිලිවෙල ශක්තිමත්ව ඉදිරීයට ගෙන යාම ප්‍රතිපත්තියක් ලෙස ඉදිරීපත් කලහ. ඔවුන්ගේ අරමුන වසර 75කට වැඩි කලයක් දේශීය ධනපතියන් අනුගමනය කල අධිරාජ්‍යවාදය පිටුපස ගාල් වූ ධනේශවර තන්ත්‍රයක් නැවත ස්ථාවර කිරීම යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය පමනක් ම ධනවාදයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගය ජනතාව හමුවේ තැබී ය. එයට ලැබුන ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 0.03% කි. මැතිවරනය තුල ඉස්මත්තට ගෙන ආ වැදගත් ම කාරනය වූයේ කලක් තිස්සේ වැඩී ආ මෙම පරස්පර විරෝධය ජය ගැනීමට අවශ්‍යය වෛෂයික කොන්දේසි මෝරා වැඩෙමින පවතින බව ය.

2019 දී ගෝටාභය රාජපක්ෂ බලයට පත් කල ඡන්දදායකයා ම ඉන් වසර තුනකට පසු කැරලි ගසා නැගී සිට ඔහු පලවා හරින ලද බව අමතක නො කල යුතු ය.. එය සිදු වූයේ රට බංකොලොත් වී එහි බර මහජනයා මතින් ගමන් කරවමින් පවතිද්දී ය. එම ආන්ඩුව පීඩිත ජනයාගේ ආර්ථිකය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද වැනසීමට කටයුතු කරමින් සිටියේ ය.. නිදසුනක් ලෙස ගොවීන්ගේ පොහොර අවශයතාව වැනි මහජන ආරථික අවශ්‍යතා, සෞඛ්‍යය සේවා යනාදිය ධනපති පන්තියේ ආරථික අර්බුදය වෙනුනේ කැප කිරීමට ඔහු ක්‍රියා කලේ ය. ඒ වෙනුවෙන් වතු කම්කරුවන්ගේ අරගලවලට පහර දුන්හ. ගුරුවරුන්ගේ වසර 25 ක් නො විසදූ වැටුප් ප්‍රශ්නය වෘත්තීය සමිතිවල සහාය ඇතුව වංචනික ලෙස මග හැරියහ. අවසානයේ විදුලිය, ගෑස් සහ ඉන්දන වැනි මහජනයාගේ සෙසු මූලික අවශ්‍යතාවන් සැපයීමට පවා අසමත් විය.

කොරෝන වසංගතය දඩ මීමා කර ගනිමින්, වර්ගවාදී භික්ෂූන්ගේ ද පිටුබලය ලබා, මුස්ලිම්වරුන්ගේ මෘත දේහ බලහත්කාරයෙන් ආදාහනය කලේ ඉහත සදහන් ප්‍රහාර මගින් කුලු ගැන්වෙන කම්කරු පන්තිය ඇතුලු මහ ජනයා වර්ග බේද අවුස්සා බෙදා දැමිමට ය. නිර්දෝසී සුලු ජාතික කොටස්, කවියන් යනාදීන් ත්‍රස්ත පනත යටගේ අත් අඩංගුවට ගෙන දරුනු වද හිංසාවන්ට ගොදුරු කරමින්, රදවා ගෙන සිටියේ ය. මෙවන් වර්ගවාදී වෙනස්කම් හා ත්‍රස්ත පනත ක්‍රියාවට දැමීම වැනි මර්ධනකාරී පිලිවෙත් අනුගමනය කර බෙල හීන පාලනය පවත්වා ගැනීමේ ප්‍රයත්නය මුලුමනින් ම අසාර්ථක විය..

ගෝටාභය රාජපක්ෂ පලවා හරිනු ලැබීමෙන්, හිස් වූ තැනට, 2022 ජුලි 21දා රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කර ගනු ලැබිනි. ඔහුට පැවරුනු එක් වග කීමක් වූයේ ගෝටාභය තන්ත්‍රයට විරුද්ධව, කොලඹට කඩා වැදුනු විසි ලක්ෂයක් ජනයාගේ අරගලය තලා දමා ධනපති පාලනය ස්ථාවර තත්වයට ගෙන ඒම ය. තමන් බලයට පත් වූ දිනට පසු දින ම ක්‍රියාත්මක වූ වික්‍රමසිංහ, යුද හමුදා,ගුවන් හමුදා, හා පොලිස් කොමාන්ඩෝ භටයින් මෙහයවා ගෝල්ෆේස් පිටියේ මාස 4ක් කාලයක් වාඩිලාගෙන සිටි උද්ඝෝෂකයන්ට ම්ලේච ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් පලවා හරිනු ලැබිනි. එහි දී එය වාර්තා කිරීම සදහා ප්‍රදේශයට ඇතලු වීම මාධ්‍ය වේදීන්ට තහනම් කරන ලද අතර දෙස් විදෙස් මාධයවේදීන්ට ද හමුදා ප්‍රහා එල්ල කලේ ය.

ඒ අතර ඉන්දියාව ලංකාන්ඩුවට ලබා දුන් ඩොලර් බිලියනයක පැකේජයකින් ඒ වන විට බරපතල තත්වයේ තිබි ඉන්දන, විදුලිය, ගෑස් සහ අත්‍යවශ්‍යය අවුශද හිගය වැනි දේ යන්තම් පියවා ගනු ලැබිනි. දරුනු රාජ්‍ය නය, ඩොලර් හිගය, සහ විදේශ විනිමය සංචිතය පිලිබද ප්‍රශ්න විසදා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF)ලෝක බැංකුව, ( WB) ආසියානු සංවර්ධන බැංකුව (ADB ) ජයිකා හා ලෝකයේ නය දෙන රටවලට ආයාචනා කිරීම හැර වෙනත් මාවතක් වික්‍රමසිංහ ආන්ඩුවට නො වී ය. තමන් විනය ගරුකව මුදල් පරිහරනය කරන බව ආන්ඩුව එම රටවලට දැනුම් දිනි. වික්‍රමසිංහ මේ හැර මාවතක් තිබේ නම් ඉදිරිපත් කරන මෙන් සියලු ධනපති පක්ෂවලට හා වෘත්තීය සමිතිවලට කල අභියෝගය භාර ගත හැකි එකදු පක්ෂයක් හෝ සංවිධානයක් ශ්‍රී ලංකාවේ නො වී ය. මහ බැංකු අධිපති හා වානිජ මන්ඩලය ජවිපෙ ඇතුලු සියලු පක්ෂ කැදවා කල සාකච්ඡාවේදී ඒ සියලු පක්ෂ ආන්ඩුවේ වැඩ පිලිවෙල අනුමත කල බව නිවේදනය කලේ ය. කිසිදු පක්ෂයක් මෙම නිවේදනයට අභියෝග කිරීමට පෙරට පැමිනියේ නැත. ඒ සියලු සංවිධාන එකග වූ “විනයගත මුදල් පරිහරනයේ“ මූලික අංගයන් වූයේ IMF සැලසුම අනුව යමින් මහජන අවශ්‍යතා රුදුරු කප්පාදුවකට ලක් කිරිම, බදු ඉහල දැමී ම හා මර්දනය තුලින් ධනපති ආර්ථිකය යලි ගොඩ ගැනීම ය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති සම්මත කිරීම, මූලික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි උද්ඝෝෂකයන්ට පහර දීම, මහ මග නඩු නො අසා මිනී මැරීමට ආරක්ෂක අංශ මෙහෙය වීම යනාදිය පාලන තන්ත්‍රය රැක ගැනීම සදහා ගත් පියවරයන්ට ඉහත සදහන් පක්ෂ සහ සංවිධාන එලි පිට හෝ තිරයෙන් පිටුපස සිට සහාය දුන්නේ ඇයි ද යනු මේ අනුව වටහා ගැනීම අපහසු නො වේ. කම්කරුවන් පුද්ගලීකරනයට , රැකියා කප්පාදුවට එරෙහිව තම අවශ්‍යයතාවන් දිනා ගැනී සදහා දියත් කල වැඩ වර්ජන තමන් අනුමත නො කරන බව ජාතික ජන බලවේගය අවසානයේ දී නිවේදනය කලේ ය.

පසු ගිය 21දා පැවැත් වූ මැතිවරනයෙන් ශ්‍රී ලංකාවේ නව වන ජනාධපති හැටියට තෝරා පත් කෙරුනු අනුර කුමාර පෙර සිට ම ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග දිගටම වැඩ කරන බවට දිවුරා ඇත. මේ අතර තමන් බලයට පත්ව වුවහෝත් තම ක්‍රියාවන්ට විරුද්ධ වන ඕනෑම කෙනෙකුට විරුද්ධ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන බව එම පක්ෂයේ නායකයෙක් වන ලාල් කාන්ත අවස්ථා කිහිපයක දී ම ප්‍රසිද්ධයේ ප්‍රකිශ කලේ ය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කල කතාවේ දී තමන් මුහුන දී සිටින අනතුරුදායක තත්වය පිලිබද සංවේදී බව ප්‍රකාශයට පත් කලේ ය. ඔහු මෙසේ පැවසී ය. “අපි ඉතා ගැඹුරින් තේරුම් අරගෙන තියෙනවා අපට ලැබෙන්නේ ඉතාම අභියෝගාත්මක රටක්. අපේ දේශපාලනය මීට වඩා පිරිසුදු විය යුතු යි. ජනතාව විශාල ලෙස අපේකෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යයතාව තිබෙනවා. අප ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්. අපේ රටේ දේශපාලකයා හා දේශපාලනය පපිලිබදව පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක්. එය සුදුසු නැති එකක් වගේ අදහසක් තිබෙන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් අපි උපරිම ලෙස නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවය මහ ජනයාගේ විශ්වාසය සදහා අපගේ පාර්ශවයෙන් කල හැකි සියල්ල කිරීමට සූදානම්.“

අප මෙතෙක් ඉදිරිපත් කල සාක්ෂි අනුව තහවුරු වන්නේ, තමන් ඉන්ද්‍රජාලිකයෙකු නො වන බවට එහි දී දිසානායක කල ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ නතර කර තැනින් පටන් ගෙන ඉදිරියට යනවා හැර විධියක් නැති බව මහජනයාට කල් ඇතිව දැනුම් දීමට අඩු දෙයක් නො වන බව ය. මේ අනුව අභිනව ජනාධිපතිට සිය කතාවේ කොතනකවත් කම්කරුවන්, ගොවීන්, සිසුන් හෝ සෙසු පීඩිතයන් මතක් කිරීමටවත් නුපුලුවන් වීම අහම්බයක් නො වේ.

ඔහු සිය කතාව අවසානයේ දී තවත් ප්‍රශ්නයකට අවධානය යෝමු කලේ ය. “මට ලබා නුදුන් ඡන්ද ප්‍රමානයකුත් තිබෙනවා. ඒ නිසා අපේ ජයග්‍රනයේ සංයුතිය හා ප්‍රමානය පිලිබදව අපට ඉතා හොද අවබෝධයක් තිබෙනවා. මගේ පාලන කාලය තුල මට පැවරී තිබෙන කාර්ය තමයි, අපට සහාය නො දුන්, අප විශ්වාස නො කරන පුරවැසියන්ගේ සහාය ලබා ගැනීම සහ විශ්වාසය ගොඩ නගා ගැනීම.“ යි. මෙය කිසි සේත් ජය ගත හැකි අභියෝගයක් නො වේ. දිසානායකට පැවරී ඇති වග කීම්වලට අනුව මේ සදහා බලහත්කාරය හැර අන් පිලිවෙතක් සොයා ගත හැකි නෙ වේ. “විශ්වාස නො කරන පුරවැසියන්ගේ සහාය“ ගැන පමනක් නො ව තමන්ට ඡන්දය දුන් ජනයාගේ ද සහාය පවත්වා ගෙන යාමේ හැකියාවක් තිබේ ද යන කරුන ගැන ජනාධිපතිවරයාගේ සිත් තැවුල එම කතාව තුල යහමින් අඩංගුව පැවතුන බවට සැක නැත.

මැතිවරන වාතාවරනය තුල දී නිවේදනයක් නිකුත නිවේදනයකින්, මහජන කැමැත්තෙන් බලයට පත්වන ඕනෑම ආන්ඩුවක් සමග කටයුතු කිරීමට තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍යය අරමුදල මැතිවරනය කැදවීමෙන් අනතුරුව ප්‍රකාශ කලේ ය. එය අධිරාජ්‍යවාදී ප්‍රාග් ධනයේ වර්ධනය හා ආරක්ෂාව සදහා කම්කරු පීඩිත ජනයාගේ අයිතීන් උදුරා ගන්නා රුදුරු එකගතාවක් බව කවුරුත් දනිති. අනුර කුමාර වික්‍රමසංහ නැවත් වූ තැනින් පටන් ගෙන ඉදිරියට යෑමට නියමිති ය.

මෙම ගැටලු සියල්ලම ජාත්‍යන්තර ආර්ථික දේශපාලන පදනමෙන් ගලා එන ඒවා ය. සියලු ධනේශ්වර හා එහි ආරක්ෂකයන් වන වෘත්තීය සමිති හා සෙසු අවස්ථාවාදී සංවිධාන පවතින්නේ මේ සත්‍යය වහංගු කර ගෙන ය. කම්කරු පන්තියේ හා මහජනයාගේ අපේෂා ජය ගැනීම රදා පවතින්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට එය විසින් පීඩිත ජනයා ගොදුරු කර ගනු ලබන ලෝක යුද්ධයට එරෙහි ලෝක කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලය තුල පමනි.

27/07/2024

ජාතික ජන බලවේගය
_______________

මේ දවස්වල ජාතික ජන බලවේගය හෙවත් ජවිපෙ අනුන්ගෙ fb පිටු පුරවන්න පටන් අරන්. මකන්න මකන්න දානව. ඒ දාන අය හොදින් දැනගන්න ඕනේ තවත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් හරි මහින්ද රාජපක්ෂ හෝ එවැනි තවත් කෙනෙක් අවශ්‍ය නැති බව ඒ වගේම තවත් ධනපති ආන්ඩුවක් ඕනෑ නැති බව.

*රනිල් වික්‍රමසිංහ වැඩ වර්ජනය කරන කම්කරුවන්ට විරුද්ධයි.
*ජවිපෙ වැඩ වර්ජනවලට විරුදයි
*රනිල් වික්‍රමසිංහට 2022 මහජන අරගලය කුමන්ත්‍රනයක්
*ජවිපෙටත් එම අරගලය කුමන්ත්‍රනයක්
*වික්‍රමසිංහ දේශීය හා විදේශීය ධනපති කර්මාන්තවලට උපරිම සහය දෙනවා
*ජාතික ජන බලවේගය ධනපතියන්ට කැමති පරිදි වැඩ කිරීමට ගැනීමට සම්පූර්න නිදහස දෙනවා.
*වික්‍රමසිංහ රාජ්‍ය බලය යහමින් යොදා ගන්නව.
*ජාතික ජන බලවේගය තමන් රාජ්‍ය බලය ලබ ගන්නේ වෙන කුමකට දැයි අපෙන් අහනවා.
*වික්‍රමසිංහ ලොව පුරා අධිරාජ්‍යවාදීන් ගේ නියෝජිතයෙක් ලෙස ක්‍රියා කරනවා.
*ජවිපේ අධ්රාජ්‍යවාදින් සමග සහයෝගය පතා ලොව පුරා කරක් ගහනව.

*වික්‍රමසිහට වගේම ජවිපෙටත් කම්කරුවක් පීඩිතයන් ඝතනය කල ඉතිහාසයක් තියෙනවා.

ජාජබට කියන්නේ පොටෝවලට චන්දෙ ඉල්ලන්න අනුන්ගෙ fb වලට රිංගීමේ අවලං වැඩේ කරන්න එපා. ජනතාව ඉදිරියේ තියන්න පුලුවන් වැඩ පිලිවෙලක් නැති සංවිධාන කයිවාරු සහ චාය රූපවලින් ලෝකෙ රවටන්න උත්සාහ කිරීම අරුමයක් නොවේ.

මේ ප්‍රතිගාමීන්ගෙන් ආරක්ෂා වීමට පියවර ගැනිම පොදුවේ ධනේශ්වර ප්‍රහාරයන්ට මුහුන දෙන කම්කරු පීඩිත ජනතාවට කල් දැමිය නො බකියි.

24/07/2024

පොලිස්පති දේශබන්දුගේ වැඩ තහනම
-----------------------------
_________________________

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කර ඇත. එය අධිකරනය ලබා දුන් තීන්දුවකි. ව්‍යාජ වම්මු මෙය ඉමහත් ජයග්‍රනක් ලෙස හුවා දක්වමින් ධනේශ්වර ආයතන හරහා ම එහි පාලනය නිවැරිදි කර ගත හැකිය යන ඔවුන් වපුරන මිත්‍යාව ශක්තිමත් කිරීමට මෙය යොදා ගැනීමට නියමිත ය.
නමුත් අප මතක තබා ගත යුත්තේ දේශබන්දු ක්‍රියාවට දැමූවේ පාලක පන්තියේ වැඩපිලිවල් වන අතර එම ව්ඩ් පිලිවෙලට තුඩු දුන් හේතු එසේම පවතින බව ය.
ආන්ඩුවට ඒ සදහ අවශ්‍ය තරම් දේශ බන්දුලා ඇත.
කම්කරුවන් ඇතුලු මහජනයා සිය ආරක්ෂාව සඳහා පියවර සූදානම් කර ගැනීම කල් නො දැමිය යුතු ය.

https://www.lankaskynews.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b7...
17/07/2024

https://www.lankaskynews.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b7%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f/

News ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා නිදැල්ලෙ -ජ්‍යෙ. ‌පො. අධි. ඇල්පිටිය අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි නියෝග 5 hours ago skynews පොලිස්...

Address

Colombo

Telephone

+94721364304

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Action Committee for People's Struggles - CACPS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share