08/11/2025
මඩපාත ධම්මාලෝක නාහිමි ගුණානුස්මරණ පිංකම් මාලාවට සමගාමීව 2️⃣4️⃣වන වරටත් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරත්, 6️⃣වන වරටත් සංවිධානය කළ කටුවාවල - උතුර, කටුවාවල - දකුණ ජීවත්වන ගැබිණි මව්වරුන්ට ආශිර්වාද කිරීමේ පිංකමත්, 1️⃣1️⃣වෙන වරටත් සංවිධානය කළ දහම් පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයත් 2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා උදෑසන 7.30 සිට සාර්ථකව පැවැත්විණි. දහම් පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යත්වයක් ලැබිය යුතු මට්ටමේ සිටින දරුවන් 43 දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමටත් කටුවාවල උතුර , දකුණ වෙසෙන ගැබිණි මව්වරුන් දස දෙනෙකු වෙනුවෙන් පෝෂණ මලු ලබා දී ආශිර්වාද කිරීමටත් හැකි වූ අතර ලේ දන්දීමේ කඳවුර තුළින් පරිත්‍යාගශීලීන් 126 දෙනෙකුගේ රුධිර පරිත්‍යාග මහරගම පිළිකා රෝහලේ අසරණ රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට හැකි විය.
මෙම පිංකම් ත්‍රිත්වය සාර්ථකව කර ගැනීමට මුදලින් සහ ශ්‍රමයෙන් දායක වූ සැමට
අනේක වාරයක් ස්තුතියි.
හැමෝටම ගොඩක් පිං...
තෙරුවන් සරණයි