BLESS - Bingiriya Leonine Energetic Social Society

BLESS - Bingiriya Leonine Energetic Social Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BLESS - Bingiriya Leonine Energetic Social Society, No 10 , Wickramaarachchi Arcade, Bingiriya.

සී/ස ව්‍යවසාය සංවර්ධන සමුපකාර සමිතියේ පඬුවස්නුවර( බටහිර ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශාඛා සමිතිය පිහිටුවීම  ==============...
12/06/2026

සී/ස ව්‍යවසාය සංවර්ධන සමුපකාර සමිතියේ පඬුවස්නුවර( බටහිර ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශාඛා සමිතිය පිහිටුවීම ==============================

දිනය - 2026 ජුනි 14 වන ඉරිදා
වේලාව - ප.ව.6.00
ස්ථානය - හෙට්ටිපොල, අඹගහවැව පාර තෝරගල්ල, දිලාන් අලුත්ගම මහතාගේ නිවසේදී

විමසීම් - 0777078311

ව්‍යවසායක ඔබ සැමට ආරාධනා !


පහත කටයුතු සඳහා TIN අංකය අවශ්‍ය වේ▪️ බැංකු ගිණුම් විවෘත කිරීම▪️ වාහන ලියාපදිංචි කිරීම ▪️ වාහන බලපත්‍ර අලුත් කරගැනීම▪️ ග...
11/06/2026

පහත කටයුතු සඳහා TIN අංකය අවශ්‍ය වේ

▪️ බැංකු ගිණුම් විවෘත කිරීම

▪️ වාහන ලියාපදිංචි කිරීම

▪️ වාහන බලපත්‍ර අලුත් කරගැනීම

▪️ ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම

▪️ ව්‍යාපාර ලියාපදිංචිය

▪️ ඉඩමක් හෝ හිමිකම් ලියාපදිංචිය

▪️ Credit Card ලබාගැනීම

#නීතිය_සැමට

අපරාධ නීතියේ ප්‍රායෝගික කරුණු ගැන  දැන ගනිමු !අපරාධ නීතියේ වැදගත් කරුණු සරලව පැහැදිලි කරන නොමිලේ පැවැත්වෙන එක්දින ප්‍රා...
11/06/2026

අපරාධ නීතියේ ප්‍රායෝගික කරුණු ගැන දැන ගනිමු !

අපරාධ නීතියේ වැදගත් කරුණු සරලව පැහැදිලි කරන නොමිලේ පැවැත්වෙන එක්දින ප්‍රායෝගික වැඩමුළුව

සම්පත්දායකත්වය -

ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා සහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා

මාධ්‍ය - සිංහල

2026 ජූලි මස 18 වන සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා හෙට්ටිපොල OLINA උත්සව ශාලාවේදී පැවැත්වේ.

කා සඳහාද - නීතිඥවරු , නීති ශිෂ්‍යයන් , පොලිස් නිළධාරීන් , සාම විනිසුරුවරු , මාධ්‍යවේදීන්, ග්‍රාම නිළධාරීන් ඇතුළු අනෙකුත් රජයේ නිළධාරීන් සහ අපරාධ නීතිය පිළිබඳ දැනුවත් වීමට අවශ්‍ය සියලු දෙනා සදහා

ලියාපදිංචිය සදහා විමසීම් -
නීතිඥ නිරංජලා බණ්ඩාර 077966 0226
නීතිඥ අස්ලිහා අන්වර්
077434 2463
නීතිඥ අයේෂා පින්දෙණිය
0710888843
නීතිඥ H.A.G. නිශ්ශංක
0776050368

සංවිධානය - හෙට්ටිපොල නීතිඥ සංගමය

වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහයට එකතු වන්න 👇

https://chat.whatsapp.com/JtnTEsiqNAe3FfLgSKzrUH?s=cl&p=i&ilr=0

ලක්මල් වික්‍රමආරච්චි
සභාපති
නීතිඥ සංගමය - හෙට්ටිපොල




#නීතිය_සැමට

https://www.facebook.com/share/p/1MGS6wLisw/?mibextid=wwXIfr
11/06/2026

https://www.facebook.com/share/p/1MGS6wLisw/?mibextid=wwXIfr

හෙට්ටිපොල නීතිඥ සංගමය විසින් සංවිධානය කරනු ලබන "අයිස් ක්‍රීම් දන්සල" පොසොන් පොහෝ දින ප.ව. 2.00 සිට හෙට්ටිපොල දිසා/මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා !



2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය ජූනි මස 03 වැනිදා කථානායකවරයා විසින් නිල වශයෙන් සහතික කර ජූනි...
10/06/2026

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය ජූනි මස 03 වැනිදා කථානායකවරයා විසින් නිල වශයෙන් සහතික කර ජූනි 05 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එම නව කෙටුම්පත පිළිබඳව කේ.පී.එම්.ජී. (KPMG Sri Lanka) විසින් බදු විශ්ලේෂණ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජූනි 08 වැනිදා නිකුත් කරන ලද විශේෂ නිල වෙබ් නිවේදනයක් මඟින්, මෙම නව සංශෝධන පනතේ 42 වැනි වගන්තිය ප්‍රකාරව බදු ගෙවන්නන් සඳහා හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමේ සහනදායී ක්‍රියාවලිය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සමස්ත නව සංශෝධන පනත මඟින් ලංකාවේ පවතින බදු අනුපාත, බදු ගෙවන්නන්ගේ වගකීම් සහ බදු අනුකූලතා පටිපාටි රැසක සුවිශේෂී වෙනස්කම් සිදුකර තිබෙනවා.

එම වැදගත්ම බදු සංශෝධන, සහන සහ නීතිමය වෙනස්කම් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත පරිදි වේ:

1. හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීම (Interest Relief for Late Payments):

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ පැනවූ ආදායම් බදු (මීට රැඳවුම් බදු/AIT, උපයන විට බදු/APIT, ප්‍රාග්ධන ලාභ බදු, පේෂණ බදු සහ රාජ්‍ය නොවන සංවිධාන බදු ඇතුළත් වේ) , 2022 අංක 14 දරන පනත යටතේ පැනවූ සර්චාජ් බදු (Surcharge Tax) සහ 2018 අංක 35 දරන පනත යටතේ පැනවූ ණය ප්‍රතිපූරණ බදු (Debt Repayment Levy) වෙනුවෙන් ප්‍රමාද වී හෝ අඩු බදු ගෙවීම් නිසා පනවා ඇති සියලුම හිඟ පොලී මුදල් මුළුමනින්ම නිදහස් කරනු ලැබේ.

මෙම පොලී සහනය ලබා ගැනීම සඳහා අදාළ බදු තක්සේරුවට (ස්වයං-තක්සේරු හෝ පෙරනිමි තක්සේරු ඇතුළුව) අදාළ සම්පූර්ණ මූලික බදු මුදල (Principal tax amount) පනත සහතික කළ දින සිට (03.06.2026) මාස 6ක් ඇතුළත, එනම් 2026 දෙසැම්බර් මස 02 වැනිදාට (02.12.2026) හෝ ඊට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළ යුතුය.

පනවා ඇති දඩ මුදල් (Penalties) ලිහිල් කරගැනීම සඳහා සාධාරණ හේතු දක්වමින් ලිඛිතව ඉල්ලීමක් කළ යුතු අතර, ගෙවීමට නියම වන යම් දඩ මුදලක් වේ නම් එය ද දෙසැම්බර් 02 වැනිදාට පෙර පියවිය යුතුය. මෙම සහනය වලංගු වන්නේ 2024/2025 තක්සේරු වර්ෂය දක්වා සහ ඊට පෙර වර්ෂවලට අදාළ හිඟ බදු සඳහා පමණි.
මේ වන විටත් මූලික බදු මුදල ගෙවා අවසන් කර ඇති අය ද මීට සුදුසුකම් ලබන අතර, 2026 ජූනි 03 වැනිදාට පෙර 'පොලී' ලෙස සිදුකර ඇති ගෙවීම් නැවත ආපසු ලබා නොදේ (Non-refundable). දැනට බදු විගණන (Tax Auditing) හෝ අභියාචනා (Appeals) මට්ටමේ පවතින බදු ආරවුල් සහිත බදු ගෙවන්නන්ට ද අදාළ බදු මුදල් නියමිත දිනට පෙර පියවා මෙම සහනය ලබාගත හැකි අතර, අභියාචනය තමන්ට වාසිදායක වුවහොත් මාස 6ක් ඇතුළත ප්‍රතිපූරණ (Refund) ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.

2. ප්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax - CGT) අනුපාත ඉහළට:

පුද්ගලයන් (Individuals) සහ හවුල් ව්‍යාපාර (Partnerships) සඳහා පනවා තිබූ 10%ක ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය 15% දක්වා ඉහළ නංවා ඇත.

භාර (Trusts), යුනිට් ට්‍රස්ට් (Unit Trusts), අන්‍යෝන්‍ය අරමුදල් (Mutual Funds) සහ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සඳහා එම බදු අනුපාතය 30% දක්වා ඉහළ දමා තිබේ.

ප්‍රාග්ධන ලාභයක් උපයාගත් දින සිට දින 30ක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බදු ගෙවා වාර්තා (Retus) ඉදිරිපත් කළ යුතු අතර, එය ස්වයං-තක්සේරුවක් (Self-assessment) ලෙස සලකනු ලබයි.

3. වැටුප් හිඟ මුදල් සඳහා බදු සහන (Tax Credit for Salary Arrears):

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, යම් සේවකයෙකුට එකවර හිඟ වැටුප් (Salary arrears) ලැබුණහොත්, එම හිඟ මුදල් වෙනුවෙන් විශේෂ බදු සහනයක් (Tax credit) හිමිවන අතර, එය එම වර්ෂයේ උපයන විට බදු (APIT/Employment Income Tax) වෙනුවෙන් හිලව් කරගත හැක.

4. මෝටර් රථ විකිණීමේ ලාභ බදුවලින් නිදහස් කිරීම:

2024 අප්‍රේල් 01 වැනිදා සිට වලංගු වන පරිදි, 'වෙනත් ආදායම්' (Other income) ගණනය කිරීමේදී පුද්ගලික මෝටර් රථ විකිණීමෙන් හෝ බැහැර කිරීමෙන් ලබන ප්‍රාග්ධන ලාභ (Gains from disposal of motor vehicles) බදු ගණනය කිරීමෙන් මුළුමනින්ම ඉවත් කර ඇත.

5. ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් සහ ප්‍රාග්ධන දීමනා (Capital Allowances):
2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ක්ෂය වන වත්කම් වෙනුවෙන් (අස්පර්ශනීය වත්කම් හැර) ඇමරිකානු ඩොලර් 250,000 සිට ඩොලර් මිලියන 3 දක්වා ආයෝජනය කරන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමත ව්‍යාපාර සඳහා 100%ක වර්ධිත ප්‍රාග්ධන දීමනාවක් (Enhanced Capital Allowance) හිමිවේ.

6. රඳවා ගැනීමේ බදු (WHT / Advance Income Tax) විෂය පථය පුළුල් කිරීම:

මෙතෙක් රඳවා ගැනීමේ බදුවලට හසු නොවූ ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් නව පනත මඟින් WHT බදු ජාලයට ඇතුළත් කර තිබේ. ඒ අනුව පුද්ගලික පුහුණුකරුවන් (Personal trainers), කලාකරුවන්, නළුවන්, නර්තන ශිල්පීන්, ගායකයන්, සංගීතඥයන්, උත්සව සංවිධායකයන් (Event organizers), ඡායාරූප ශිල්පීන් (Photographers), වීඩියෝ ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන් (Beauticians), සූපවේදීන්, විදුලි කාර්මිකයන්, පශු වෛද්‍යවරුන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන් (IT specialists), සමාජ මාධ්‍ය විශේෂඥයන් (Social media specialists), සන්නාම තානාපතිවරුන් (Brand ambassadors), ක්‍රීඩකයන්, උපදේශකයන්, ලේඛකයන් සහ පරිවර්තකයන් ඇතුළු වෘත්තිකයන් රැසක් මීට ඇතුළත් වේ. බදු රඳවා ගන්නා ආයතන/පුද්ගලයන් විසින් අදාළ වෘත්තිකයාට කිසිදු අය කිරීමකින් තොරව WHT සහතික නිකුත් කිරීම අනිවාර්ය කර ඇත.

7. බදු වාර්තා ගොනු කිරීමේ (Retu Filing) නව නීති:

බදු ගෙවන්නන් විසින් මෙතෙක් ඉදිරිපත් කළ යුතු වූ 'ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය' (Statement of Estimated Tax Payable - SET) ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය 2026 අප්‍රේල් 01 සිට මුළුමනින්ම ඉවත් කර ඇත.

2025 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක වන පරිදි, තමන්ගේ ආදායම අත්තිකාරම් පුද්ගල ආදායම් බදු චක්‍ර​​​​​​​​​​​​​​ (APIT) වලට පමණක් යටත් වන සහ වාර්ෂික පොලී ආදායම රුපියල් 5,000ට අඩු පුද්ගලයන් බදු වාර්තා (Tax Retus) ගොනු කිරීම අවශ්‍ය නොවේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ බදු වාර්තා ලිඛිතව මෙන්ම පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට (Electronically) ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇත.

8. අනිවාර්ය TIN අංක අවශ්‍යතාවය සහ රහස්‍යභාවය ඉවත් කිරීම:

නව පනත අනුව බදු හඳුනාගැනීමේ අංකය (TIN) තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස සලකනු නොලැබේ. 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු ගිණුමක් ආරම්භ කිරීම, ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, මෝටර් රථ ලියාපදිංචිය හෝ වාහන බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් ලියාපදිංචිය සහ සමාගම් කොටස් හුවමාරු කිරීමේදී TIN අංකය පරීක්ෂා කිරීම අදාළ නිලධාරීන්ට අනිවාර්ය කර ඇත.

9. බදු පැහැරහරින්නන්ට සහ නීතිය කඩකරන්නන්ට දැඩි දඬුවම්:

2026 අප්‍රේල් 01 සිට වලංගු වන පරිදි බදු පැහැර හරින පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් සහතිකයක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත. (නමුත් පරිපාලන සමාලෝචනයක් හෝ අභියාචනයක් පවතින අවස්ථාවලදී මෙලෙස සහතික නිකුත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ). බදු වාර්තා ඉදිරිපත් නොකිරීම, TIN ලියාපදිංචි නොකිරීම හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තු කැඳවීම් පැහැර හැරීම යටතේ වරදකරු වුවහොත් රුපියල් 400,000 දක්වා දඩයක්, මාස 6ක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැක.

10. ඉවත් කරගත්/සංශෝධනය වූ යෝජනා:

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින ලියකියවිලි සැපයීම සඳහා පනවා තිබූ මාස 6 සහ මාස 9ක දැඩි කාලසීමාවන් (Mandatory timelines) පනතෙන් මුළුමනින්ම ඉවත් කරගෙන තිබේ

නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි

මූලාශ්‍ර -

• KPMG Sri Lanka Report
• Hiru News Web



#නීතිය_සැමට

මානෙල් කරුණාතිලක මහත්මියගේ නවතම පරිවර්තිත කෘතිය වන ලෝක ප්‍රකට සාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝර් ගුරුදේව විසින් රචිත "රුවල්...
08/06/2026

මානෙල් කරුණාතිලක මහත්මියගේ නවතම පරිවර්තිත කෘතිය වන ලෝක ප්‍රකට සාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝර් ගුරුදේව විසින් රචිත "රුවල් බිඳී ගිය ඔරුවක" නව කතාව බිංගිරිය BLESS පුස්තකාලය වෙත පරිත්‍යාග කෙරේ !

රබීන්ද්‍රනාත් තාගෝර් (Rabindranath Tagore) විසින් රචිත 'The Wreck' (මුල් කෘතිය බෙංගාලි භාෂාවෙන් 'Naukadubi') යනු දෛවයේ සරදම් සහ මානුෂීය සබඳතාවල සංකීර්ණත්වය මැනවින් නිරූපණය කරන සම්භාව්‍ය නවකතාවකි.

​විවාහ මංගල්‍යයන් දෙකකට පසු ගංගා නදියේ ගමන් ගන්නා බෝට්ටු දෙකක් කුණාටුවකට හසුවී විනාශ වීමෙන් නවකතාව ඇරඹේ. මෙහිදී සිදුවන මාරු වීමක් මත, ප්‍රධාන චරිතය වන රමේෂ් තමා සමඟ සිටින මනාලිය තමාගේම බිරිඳ යැයි වැරදියට වටහා ගනී. මුළු කතාවම ගලා යන්නේ මෙම පටලැවිල්ල (Mistaken Identity) සහ ඉන් පැන නගින සදාචාරාත්මක ගැටලු වටා ය.

​තාගෝර් මෙම කෘතිය හරහා 20 වන සියවසේ මුල් භාගයේ බෙංගාලි සමාජය, කුල ක්‍රමය, සම්ප්‍රදායික විවාහය සහ බටහිර අධ්‍යාපනය ලත් තරුණ පරපුරේ චින්තනය අතර ගැටුම මනාව විග්‍රහ කරයි. විශේෂයෙන්ම 'ධර්මය' සහ 'සදාචාරය' යන්න පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෙනස් වන අයුරු මෙහි කැපී පෙනේ.

​'The Wreck' යනු හුදෙක් ආදර කතාවක් නොව, මිනිස් සබඳතාවල ඇති අස්ථිර බව පෙන්වන දාර්ශනික කෘතියකි. තාගෝර්ගේ සුපුරුදු කාව්‍යමය භාෂා විලාසය සහ සොබාදහම (විශේෂයෙන් ගංගා නදිය) චරිතවල හැඟීම් සමඟ බද්ධ කරන ආකාරය අතිශය විශිෂ්ටය.

​"ජීවිතය යනු අප සැලසුම් කරන දෙය නොව, දෛවය විසින් අපට පිරිනමන අහඹු සිදුවීම් මාලාවකි." යන පණිවිඩය මෙම නවකතාව පුරා ගැබ්ව ඇත.

විවිධ විෂයන් වලට අයත් පොත් දහස් ගණනක් , දිනපතා පුවත්පත් , මාසික සඟරා , wifi පහසුකම් යුතු බිංගිරිය BLESS පුස්තකාලය සෑම දිනකම පෙ.ව.9.00 සිට ප.ව.5.00 දක්වා විවෘතව පවතී. ( පෝය දිනවලදී හැර )

"හිස් මිනිසුන් වෙනුවට දැනුමෙන් පිරි සමාජයක් ගොඩනඟමු"

වැඩි විස්තර සඳහා අපගේ " BLESS Library " Whatsapp සමූහය සමඟ එකතු වන්න 👇

https://chat.whatsapp.com/I8aDCIlIQY27vPkETXOrDl

ඔබ විසින් පාවිච්චි කරන ලද ඕනෑම විෂයක පොත් අපට භාරදී අපගේ මේ අර්ථවත් වැඩසටහනෙහි සාඩම්බර කොටස්කරුවෙකු වන්න.

" හිතක් ඇති අය පොතක් අරගෙන එන්න "

☎️ විමසීම්:
📱 032 20 60 650

ලක්මල් වික්‍රමආරච්චි
BLESS පුස්තකාලය
අංක - 10 , වික්‍රමආරච්චි ආර්කේඩ්
බිංගිරිය.

අද සති අග අරුණෙන් - බිංගිරියේ අපේ ⁣කෙනෙක් 💙
07/06/2026

අද සති අග අරුණෙන් - බිංගිරියේ අපේ ⁣කෙනෙක් 💙

රුවලක් මොටද සුලඟක් එනතුරු සිටිනා -හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා ....සී/ස ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතියේ බිංගිරිය වික්‍...
06/06/2026

රුවලක් මොටද සුලඟක් එනතුරු සිටිනා -
හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා ....

සී/ස ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතියේ බිංගිරිය වික්‍රමආරච්චි ආකේඩ් හි "අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන⁣යේදී බතික්, මී මැසි පාලනය, ලියුම්කවර නිෂ්පාදන සහ සාත්තු සේවා පාඨමාලා (හෙට දින ) 2026 ජුනි 07 වන ඉරිදා සිට සෑම මසකම පළමු ඉරිදා දින ආරම්භ වේ.

ව්‍යවසායකත්වය සවිබල ගන්වමු !

ලියාපදිංචිය සහ වැඩිදුර විමසීම් සදහා

☎️ (032) 206 0650

වැඩි විස්තර සදහා අපගේ whatsapp සමූහයට එකතු වන්න 👇

https://chat.whatsapp.com/BrxzcKsb9RK17GERYtppJi?s=cl&p=i&ilr=0


ලියුම් කවර නිෂ්පාදනය  - එක්දින පුහුණු වැඩසටහන2026 ජුනි 07 වන ඉරිදා පෙ.ව. 9.00 සිට පස්වරු 1.00 දක්වා පානවැව හන්දිය බිංගිර...
05/06/2026

ලියුම් කවර නිෂ්පාදනය - එක්දින පුහුණු වැඩසටහන

2026 ජුනි 07 වන ඉරිදා පෙ.ව. 9.00 සිට පස්වරු 1.00 දක්වා පානවැව හන්දිය බිංගිරිය වික්‍රමආරච්චි ආකේඩ් හි සී/ස ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී

කා සඳහාද - කාන්තාවන් , වැඩිහිටියන් සහ නිවසේ සිට ස්වයං රැකියාවක් ලෙස ලිපි / බෙහෙත් / ලියුම් කවර නිර්මාණය කිරීම ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා සදහා

ලියාපදිංචිය සදහා විමසීම් - (032) 206 0650

සංවිධානය - සී/ස ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතිය ( EDCS )

සැ.යු. - මෙම පුහුණුව සාර්ථකව අවසන් කරන සී/ස ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතියේ සාමාජිකයින් සඳහා අදාළ අමුද්‍රව්‍ය ලබා දී ඔවුන්ගේ ලිපිකවර ව්‍යවසාය සමිතිය විසින්ම මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත.


ලෝක පරිසර දිනය 2026 🌏තේමාව: "Urgent Climate Action" (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග)අද දිනට යෙද...
05/06/2026

ලෝක පරිසර දිනය 2026 🌏
තේමාව: "Urgent Climate Action" (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග)

අද දිනට යෙදෙන ලෝක පරිසර දිනයේදී, වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් බව නැවත සිහිපත් කරයි. දේශගුණික ගැටළු සඳහා ඉකිමන් විසඳුම් ලබා දී ඒවා ක්‍රියාත්මක කිරීම අපගේ බැඳීමකි.

සම්පත් සුරක්ෂිත කිරීම, දූෂණය අඩු කිරීම සහ පරිසර සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීම මගින්, තිරසාර අනාගතයක් ගොඩනගා ගත හැක.

එක්ව පරිසරය රැකගනිමු, දේශගුණය සඳහා ක්‍රියා කරමු, අපගේ අනාගතය සුරක්ෂිත කරගනිමු.

World Environment Day 2026 🌱
Theme: "Urgent Climate Action"
Inspired by Nature. For Climate. For Our Future.

On this World Environment Day, we are reminded of our shared responsibility to protect and preserve the natural environment for present and future generations. Nature continues to inspire solutions to climate challenges, urging us to act with responsibility, commitment, and unity.

Let us take meaningful steps towards sustainability by conserving resources, reducing pollution, and promoting environmental awareness in our communities. Every action, no matter how small, contributes to a healthier planet.

Together, let us stand for nature, act for the climate, and secure a better future for all.

Lakmal Wickramarachchi
( Attorney at Law )
Secretary ,
BLESS Nature Park Management Committee








Address

No 10 , Wickramaarachchi Arcade
Bingiriya
60405

Website

Alerts

Be the first to know and let us send you an email when BLESS - Bingiriya Leonine Energetic Social Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share