Bentota Voice

Bentota Voice Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bentota Voice, Community Center, Bentota.

Bentota Voice - බෙන්තර අපේ හඬ

බෙන්තර ප්‍රදේශයේ සිදුවන සියලුම කාලීන සිදුවීම්, වැදගත් පුවත් සහ අපේ ගමේ සුන්දර ස්ථාන පිළිබඳ තොරතුරු එසැණින් දැනගන්න අප සමඟ එක්වන්න.

අධ්‍යාපනික, ආගමික සහ සමාජීය වශයෙන් අ

https://whatsapp.com/channel/0029VbCeSL37T8bdFGELGM1D

🏏 චමරි අතපත්තුගෙන් සුපිරි පන්දු යැවීමක් ​​ආසියානු කුසලාන තරගාවලියේ ඊයෙ පැවති තරඟයේදී  කඩුලු ත්‍රිත්වයක්ද සහිතව  කඩුලු 7ක...
03/09/2026

🏏 චමරි අතපත්තුගෙන් සුපිරි පන්දු යැවීමක් ​

​ආසියානු කුසලාන තරගාවලියේ ඊයෙ පැවති තරඟයේදී කඩුලු ත්‍රිත්වයක්ද සහිතව කඩුලු 7ක් දවාගනිමින්, ඇය ප්‍රතිවාදීන්ව අන්ත අසරණ කළාය. ලකුණු 5ක් පමණක් ලබා දී ඕවර 3.3කදී ඇය දැක්වූ දස්කම් සැබැවින්ම විශිෂ්ටයි!

ඓතිහාසික බෙන්තොට ගලපාත රජමහා විහාරයේ මහා කාශ්‍යප අනුබුදු දළදා පූජෝත්සව මහා පෙරහැරේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක...
01/09/2026

ඓතිහාසික බෙන්තොට ගලපාත රජමහා විහාරයේ මහා කාශ්‍යප අනුබුදු දළදා පූජෝත්සව මහා පෙරහැරේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්! 🙏🐘✨

ඓතිහාසික බෙන්තොට ගලපාත රජමහා විහාරස්ථ මහා කාශ්‍යප අනුබුදු දළදා පූජෝත්සව මහා පෙරහැරේ මෙවර සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ මූලික සාකච්ඡාවක් අද දින සාර්ථකව පවත්වන ලදී.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා:

පෙරහැර කමිටු සභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු විහාරස්ථ දායක සභාවේ නිලධාරීන්

බෙන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ප්‍රදීප කොඩිතුවක්කු, ඉන්දික සේරසිංහ, රංජිත් උබේසිංහ සහ රංජිත් ප්‍රනාන්දු යන මහත්වරුන්

"බෙන්තොට එක්සත් ප්‍රජා එකමුතුව" සංවිධානයේ සභාපති හිරුෂ ගෞරව මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

ඓතිහාසික උරුමය සහ සංස්කෘතික ගාම්භීරත්වය සුරකිමින් මෙවර පෙරහැර මංගල්‍යයත් අතිඋත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීමට මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය.

©️ Bentota Voice

බෙන්තර ප්‍රදේශයේ මෙවැනි සුවිශේෂී ආගමික, සංස්කෘතික සහ ප්‍රාදේශීය පුවත් එසැණින් දැනගන්න අපේ Bentota Voice පිටුව Follow කරලා තියාගන්න. දිගටම අපිත් එක්ක Update වෙමු! ❤️🔔

ෙමු

දෙද්දුව ඇසළ මහා පූජෝත්සවය දෙද්දුව බෝධිය අසල ඇසළ මහා පූජෝත්සවය 2026 දින හතරක් පුරාවට සාර්ථකව පැවැත්විය. ප්‍රථම වරට වීදි ස...
30/08/2026

දෙද්දුව ඇසළ මහා පූජෝත්සවය

දෙද්දුව බෝධිය අසල ඇසළ මහා පූජෝත්සවය 2026 දින හතරක් පුරාවට සාර්ථකව පැවැත්විය. ප්‍රථම වරට වීදි සංචාරය කරන ලද රාත්‍රී පෙරහැර හා අඛන්ඩව පවත්වනු ලබන දෙවොල්මඩු ශාන්තිි කර්මය පහතරට විචිත්‍රවත් නර්තනාන්ගයන්ගෙන් රැය පහන් වනතුරු පැවැත්විය. මෙම අවස්ථාවට ගම්වාසීන් විශාල පිරිසක් හා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මැතිතුමාද එක්විය.

ෙමු

මහ ඌරගහට පේර පැලමහ ඌරගහ ප්‍රජාසංවර්ධන සභාවේ මැදිහත්වීමෙන් මහ ඌරගහ ප්‍රදේශවාසීන් වෙත ගුණාත්මක බාවයෙන් ඉහල පේර පැල බෙදා දී...
26/08/2026

මහ ඌරගහට පේර පැල

මහ ඌරගහ ප්‍රජාසංවර්ධන සභාවේ මැදිහත්වීමෙන් මහ ඌරගහ ප්‍රදේශවාසීන් වෙත ගුණාත්මක බාවයෙන් ඉහල පේර පැල බෙදා දීමේ සහ එම පේර පැල සිටුවීම හා නඩත්තුව සම්බන්ධ කෘෂි උපදේශන වැඩසටහනක් ඊයේ(25) මහ ඌරගහදී පැවැත්විණ.

මේ සඳහා කෘෂි උපදේශකතුමන් , ප්‍රජාසංවර්ධන සභාවේ සභාපතිතුමිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ. අප කල විමසීමකදී ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිතුමිය ප්‍රකාශ කලේ පළමු වටයේ පැල බෙදාදීම සිදුකරන ලද්දේ සුලු ප්‍රමාණයක් පමණක් බවත් ඉදිරියේදී වගාවට කැමති පිරිස් පිළිබඳව සොයා බලා අදාළ කෘෂි නිලධාරීන්ගේ සහයෝගයද සහිතව මෙම වැඩසටහන විධිමත්ව ඉදිරියට කරගෙන යෑමට බලාපොරොත්තු වන බවයි.

ෙමු

හිපන්වත්ත සිල්වර් පොයින්ට් පාරට ලක්ෂ 38 ක් සංවර්ධන සැලැස්මට අනුව ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ සටහන හරහා රු. 3872000.00 මුද...
23/08/2026

හිපන්වත්ත සිල්වර් පොයින්ට් පාරට ලක්ෂ 38 ක්

සංවර්ධන සැලැස්මට අනුව ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ සටහන හරහා රු. 3872000.00 මුදලින් මහ ඌරගහ හිපන්වත්ත ග්‍රාමසේවා වසමේ "සිල්වර් පොයින්ට්" මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.

මෙම කටයුතු නිරීක්ෂණය සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජිත් සම්පත් මහතා අද දින සම්බන්ධ වූ අතර ඒ මහතා සඳහන් කලේ මේ සංවර්ධන කටයුතු සමග පවුල් 40 ක පමණ ප්‍රමාණයකගේ ගමනාගමනය මේ හරහා දියණු වන බවයි.

ෙමු

ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් මිරිස්වත්ත මහකුරුන්දටත් නිවසක් 🏠️ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක "තමන්ගෙම...
16/08/2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් මිරිස්වත්ත මහකුරුන්දටත් නිවසක් 🏠️

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10 ආධාර මත ඉදිකරන ලද මිරිස්වත්ත මහකුරුන්දේ M අනිල් ප්‍රියංකර මහතාගේ නිවසට පදිංචි වීම ඊයෙ(15) දින සුභ මොහොතින් සිදු විය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මැතිතුමා , ප්‍රාදේශීය ලේකම්තුමා , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ප්‍රදීප කොඩිතුවක්කු මැතිතුමා, රුසිත නන්දන මැතිතුමා සහ නිලුපුල් සම්පත් මැතිතුමා මෙන්ම නිවාස නිලධාරීතුමන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද සම්බන්ධ විය.

ෙමු

මිරිස්වත්තට සහන සේවා දෙන්න "ජන සහන" ඇරඹේ....මිරිස්වත්ත කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් හතරේ ජනතාවට සහන සේවා කටයුතු ලෙසජාතික හැ...
15/08/2026

මිරිස්වත්තට සහන සේවා දෙන්න "ජන සහන" ඇරඹේ....

මිරිස්වත්ත කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් හතරේ ජනතාවට සහන සේවා කටයුතු ලෙස

ජාතික හැදුනුම්ත් කටයුතු
උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර් කටයුතු
රජයේ ඉඩම් සම්බන්ධ ගැටලු
ව්‍යාපාර ලියාපදිංචි කටයුතු
බටහිර හා ආයුර්වේද වෛද්‍ය සායන
රැකියා අවස්ථා
උපදේශන සේවා

ඇතුලු සේවාවන් රැසක් මේ ඔස්සෙ අද(15) දිනය පුරා ක්‍රියාත්මක වේ...

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මන්ත්‍රීතුමාගේ ප්‍රාධානත්වයෙන් වැඩ සහටහන ආරම්භ කෙරුනු අතර ප්‍රාදේශීය ලේකම්තුමා, Clean SriLanka නියෝජිත ප්‍රදීප කොඩිතුවක්කු මැතිතුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුසිත නන්දන මැතිතුමා මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මේ සඳහා එක්ව සිටියහ.

ෙමු

මිරිස්වත්ත නිල සෙවණ කාර්‍යාලයට දැල් ආවරණයක්  මිරිස්වත්ත නිල සෙවණ කාර්යාලයේ ඉදිරිපස කොටසේ දැල් ගසා ආවරණය කිරීම ප්‍රාදේශීය...
14/08/2026

මිරිස්වත්ත නිල සෙවණ කාර්‍යාලයට දැල් ආවරණයක්

මිරිස්වත්ත නිල සෙවණ කාර්යාලයේ ඉදිරිපස කොටසේ දැල් ගසා ආවරණය කිරීම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුසිත නන්දන මහතාගේ මැදිහත්වීම මත සිදුවිය.

ඒ සඳහා ග්‍රාම නිලධාරි පියල් රංචගොඩ මහතාගේ සහ සංවර්ධන නිලධාරි සෙව්වන්දි මහත්මියද, ලලිත් furniture ආයතනයේද, ප්‍රියන්ත කොන්ක්‍රීට් වර්ක්ස් ආයතනයේද සහයෝගය ලැබි ඇත.

ෙමු

රන්තොටුවිල වැටකෙයියා අත්ත පාලම සංවර්ධනය කෙරේ...===========================================රාජ්‍ය පරිපාලන , පළාත්සභා හා ප...
14/08/2026

රන්තොටුවිල වැටකෙයියා අත්ත පාලම සංවර්ධනය කෙරේ...
===========================================

රාජ්‍ය පරිපාලන , පළාත්සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ රු 8194329.98 මුදලින් රන්තොටුවිල වැටකෙයිය අත්ත පාලම සංවර්ධනය කිරීම අද දින ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ප්‍රාදේශීය සභාව මගින් සිදු කරන අතර සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන මැතිතුමා, රන්තොටුවිල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රී ලාල් මැතිතුමා ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලදාරීන් සහ ප්‍රදේශවාසීන්ද විශාල ප්‍රමාණයක් සම්බන්ධ විය.

ෙමු

🏏 දක්ෂිණ ජන සුවසෙත වැඩසටහන - 2026 සහ ජංගම සේවයට සමගාමීව පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අදයි! 🔥​බෙන්තොට ප්‍රා...
14/08/2026

🏏 දක්ෂිණ ජන සුවසෙත වැඩසටහන - 2026 සහ ජංගම සේවයට සමගාමීව පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අදයි! 🔥

​බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන (11 සාමාජික) සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අද (අගෝස්තු 14) දවස පුරා උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

​📍 ස්ථානය: මිරිස්වත්ත විද්‍යාලීය ක්‍රීඩාංගණය
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට
​🏆 මිරිස්වත්ත, කොලනිය, පිළේ කුඹුර සහ ගල්තුඩුව

යන ග්‍රාම නිලධාරී වසම් නියෝජනය කරමින් රිදී හා රන් කුසලාන උදෙසා තරග වදින දක්ෂ ක්‍රීඩකයින්ට ශක්තියක් වීමට ඔබත් අදම එක්වන්න!

​ ෙමු

Address

Bentota

Alerts

Be the first to know and let us send you an email when Bentota Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share