Bentota Voice

Website

Bentota Voice Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bentota Voice, Community Center, Bentota.

Bentota Voice - බෙන්තර අපේ හඬ

බෙන්තර ප්‍රදේශයේ සිදුවන සියලුම කාලීන සිදුවීම්, වැදගත් පුවත් සහ අපේ ගමේ සුන්දර ස්ථාන පිළිබඳ තොරතුරු එසැණින් දැනගන්න අප සමඟ එක්වන්න.

අධ්‍යාපනික, ආගමික සහ සමාජීය වශයෙන් අ

https://whatsapp.com/channel/0029VbCeSL37T8bdFGELGM1D

"සරු සවි කෘෂි ගම්මාන" වගා පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්වේ 🌱🌾​කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගි...
08/10/2026

"සරු සවි කෘෂි ගම්මාන" වගා පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්වේ 🌱🌾

​කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන "සරු සවි කෘෂි ගම්මාන වැඩසටහනට" සමගාමීව සංවිධානය කළ විශේෂ වගා පුහුණු වැඩසටහන රන්තොටුවිල ප්‍රජාශාලා පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

​ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඉන්ද්‍රජිත් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ කෘෂිකර්ම උපදේශක සමින්ද මහතා සහ බන්දුල ගීතාන් මහතා විසිනි.

​ප්‍රදේශයේ ගොවි ජනතාවගේ වගා තාක්ෂණික දැනුම සහ කෘෂිකාර්මික කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැති මෙම වැඩසටහන සඳහා ප්‍රදේශවාසී ගොවිජනතාව විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගී වූහ.

ෙමු

ලෝක ජනාවාස දිනය දා බෙන්තරට අළුත් නිවාස 5ක්ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්ස්න ජීවිතයක...
07/10/2026

ලෝක ජනාවාස දිනය දා බෙන්තරට අළුත් නිවාස 5ක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක "තමන්ගෙම තැනක් - ලස්ස්න ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ රු.ලක්ෂ 10 බැගින් ලාබාදී බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදිකෙරුණු නව නිවාස 5 ක පදිංචි වීමේ කටයුතු ඔක්. 5 දින සිදු කෙරින.

ලෝක ජනාවාස දිනයට අනුව දිවයින පුරා නිවාස 5000 ක් ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මෙම කටයුතු සිදු කෙරුණු අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මැතිතුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ප්‍රදීප කොඩිතුවක්කු මහතා , රුසිත නන්දන මහතා, සමිත ලක්මාල් මහතා මෙන්ම මෙම කටයුතු සාර්ථක කරගැනීමට දැඩි කැපවීමෙන් කටයුතු කල නිවාස සංවර්ධන නිලධාරී අමරසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා ශක්ති කමිටු නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

ෙමු

මහවිල පාසලේ තාවකාලික ගොඩනැගිල්ලේ වහල අලුත් වෙයි.මහවිල විද්‍යාලයේ තාවකාලික පන්තිකාමරයේ අබලන්ව අනතුරුදායක ලෙස ටකරන් සෙවිලි...
05/10/2026

මහවිල පාසලේ තාවකාලික ගොඩනැගිල්ලේ වහල අලුත් වෙයි.

මහවිල විද්‍යාලයේ තාවකාලික පන්තිකාමරයේ අබලන්ව අනතුරුදායක ලෙස ටකරන් සෙවිලි කොට තිබූ වහලය , ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිශ්ශංක දේශප්‍රිය මහතාගේ සහ එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන සයුර මහතාගේ ධන පරිත්‍යාගයෙන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලුපුල් සම්පත් මැතිතුමා ඇතුළු කණ්ඩායමේ ශ්‍රම පරිත්‍යාගයෙන් සාදා නිමකෙරින.

ෙමු

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්බෙන්තරට අළුත් නිවාස 5 ක් ❤️ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් නිවාස 5000 ක් ජනතා අයිතියට පත්කිරීමට...
04/10/2026

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්
බෙන්තරට අළුත් නිවාස 5 ක් ❤️

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් නිවාස 5000 ක් ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 5 ක් සිය පවුල් වලට බාර දීම බෙන්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මැතිතුමාගේ මූලිකත්වයෙන් , ප්‍රාදේශීය දේශපාලන නායකත්වය සහ බෙන්තොට ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහභාගීතවයෙන් හෙට දින(05) සිදු කිරීමට නියමිතව ඇත.

පිලේකුඹුර, ගල්තුඩුව , ගෝනගලපුර සහ යාලෙගම යන ග්‍රාමසේවා වසම් වල මෙම වැඩ අවසන් කල නිවාස ලබාදීමට නියමිතව ඇත.

ෙමු

මහ ඌරගහට තේ පැල...සමෘද්ධි දෙපාර්තුමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අස්වැසුම ප්‍රජාසවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ තේ වගාව...
01/10/2026

මහ ඌරගහට තේ පැල...

සමෘද්ධි දෙපාර්තුමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අස්වැසුම ප්‍රජාසවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ තේ වගාව සදහා පැළ ලබාදීම අද දින මහ ඌරගහ දී සිදු විය.

මේ සඳහා සමෘද්ධි මූලස්ථාන කළමණාකරු තිලක් ගුණරත්න මහතා, ව්‍යාපෘති සහකාර සරත්චන්ද්‍ර මහතා, මහඌරගහ ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති චාන්දනී මහත්මිය, සමුර්ධි සංවර්ධන නිලධාරි සුදත් බද්දෙවිතාන මහතා සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි සමන්ති විජේකුමාරි මහත්මිය සමබ්න්ධ විය.

ෙමු

එංගලන්තය පරදා ශ්‍රී ලාංකා කණ්ඩායමට ජය ❤️💪ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන්ට තිත තබමින් ඊයෙ දින පැවැත...
24/09/2026

එංගලන්තය පරදා ශ්‍රී ලාංකා කණ්ඩායමට ජය ❤️💪

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන්ට තිත තබමින් ඊයෙ දින පැවැති තරඟයෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරදවා ලකුණු 16 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.

ෙමු

"අත්තම" දෙවන අදියරත් සාර්ථකව නිමවෙයි.අද (19) දිනයේ බෙන්තොට පුරාම ප්‍රජා දායකත්වය මත අත්තම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වී...
19/09/2026

"අත්තම" දෙවන අදියරත් සාර්ථකව නිමවෙයි.

අද (19) දිනයේ බෙන්තොට පුරාම ප්‍රජා දායකත්වය මත අත්තම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වී තිබුනි. වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන්, පොදු ළිං පිරිසිදු කිරීම්, පාසැල් පිරිසිදු කිරීම් , ප්‍රජා ශාලා අවට පිරිසිදු කිරීම් මෙන්ම පොදු මාර්ග දෙපස පිරිසිදු කිරීම් රාශියක්ද මෙම වැඩසටන් තුළ අන්තර්ගතව තිබුනි.

ජ්‍රජාසංවර්ධන සභාවේ මූලිකත්වය මත මෙම කටයුතු සංවිධානය වී තිබූ අතර මෙවර අස්වැසුම ලාබීන්ගේ සෘජු දායකත්වය ලබාගැනීම කැපීපෙනෙන සිදුවීමකි.

ෙමු

කුරුඳු වගාකරුවන්ට මහඟු අවස්ථාවක්: නොමිලේ පාංශු පරීක්ෂණ සහ උපදේශන සේවාවක් කොස්ගොඩදී! 🌱🧪ඔබේ කුරුඳු වගාවේ නිසි අස්වැන්නක් න...
19/09/2026

කුරුඳු වගාකරුවන්ට මහඟු අවස්ථාවක්: නොමිලේ පාංශු පරීක්ෂණ සහ උපදේශන සේවාවක් කොස්ගොඩදී! 🌱🧪

ඔබේ කුරුඳු වගාවේ නිසි අස්වැන්නක් නොලැබී ගැටලු මතු වී තිබේද? සාර්ථක කුරුඳු වගාවකට නිවැරදි පාංශු කළමනාකරණය අත්‍යවශ්‍ය වන බැවින්, කුරුඳු වගාකරුවන් වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන නොමිලේ පාංශු පරීක්ෂණ සහ විශේෂ උපදේශන සේවාවක් එළඹෙන සැප්තැම්බර් 24 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) පර්යේෂකයන් විසින් මෙහිදී ඔබගේ පස් සාම්පල් පරීක්ෂා කර විද්වත් උපදෙස් ලබාදෙනු ඇත.
නොමිලේ ලබාගත හැකි සේවාවන්:
* පාංශු pH අගය පරීක්ෂා කිරීම
* පාංශු EC අගය පරීක්ෂා කිරීම
* NPK පෝෂක මට්ටම් පරීක්ෂා කිරීම
* වගාබිමේ පවතින පාංශු ගැටලු හඳුනාගැනීම
* හඳුනාගත් ගැටලු සඳහා සුදුසු ප්‍රතිකර්ම හා කළමනාකරණ ක්‍රම පිළිබඳ උපදේශනය
* වගාබිමේ වර්තමාන තත්ත්වයට ගැළපෙන විශේෂඥ උපදෙස්
වැඩසටහනේ විස්තර:
* දිනය: සැප්තැම්බර් 24 (බ්‍රහස්පතින්දා)
* වේලාව: පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා
* ස්ථානය: කුරුඳු පුහුණු විද්‍යායතනය (CTA), දුම්රිය බඩු ගබඩා මාවත, නාපේ, කොස්ගොඩ (කොස්ගොඩ දුම්රිය ස්ථානය ඉදිරිපිට)
මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අතර, පූර්ව කාල සැසියක් වෙන්කරවාගෙන පමණක් සහභාගී විය හැක.
කාල සැසියක් වෙන්කරවා ගැනීමට:
WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න:
📞 074 341 1199
📞 078 530 4668
ප්‍රදේශයේ සියලුම කුරුඳු වගාකරුවන්ට මෙමඟින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස මතක් කර සිටිමු.

©️ Bentota Voice
ඔබේ ප්‍රදේශයේ කෘෂිකාර්මික සහ ප්‍රජා සත්කාරක පුවත් එසැණින් දැනගන්න අපේ Bentota Voice පිටුව Follow කරලා තියාගන්න. දිගටම අපිත් එක්ක Update වෙමු! ❤️🔔

ෙමු

හෙට "අත්තම" ට බෙන්තරම සූදානම්...Clean Sri Lanka සංකල්පයේ තවත් එක් අංගයක් ලෙස සාමූහික ශ්‍රම දායකත්වය මත තමන්ගේ ප්‍රදේශය ප...
18/09/2026

හෙට "අත්තම" ට බෙන්තරම සූදානම්...

Clean Sri Lanka සංකල්පයේ තවත් එක් අංගයක් ලෙස සාමූහික ශ්‍රම දායකත්වය මත තමන්ගේ ප්‍රදේශය පිරිසිදු කරගැනීම වෙනුවෙන් "අත්තම" ජාතික පවිත්‍රතා වැඩසටහන් මාලාවේ දෙවන අදියර දිවයින පුරා හෙට(19) දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

මෙහි පළමු අදියරේ මෙන්ම හෙට දිනයට නියමිත දෙවන අදියර සඳහාද බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 51 පුරාම ශ්‍රමදාන පවිත්‍රතා වැඩසටහන් 51 ක්‍රියාත්මක වේ.

ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධන සභාව මූලික කොට රාජ්‍ය නිලධාරීන් , ස්වේච්ඡා සමිති මෙන්ම අස්වැසුම ලාබීන් මේ සඳහා සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වේ.

ෙමු

විධාතා සම්පත් මධ්‍යස්ථානයේ සම්පත් දායකත්වය මත දෙද්දුව ප්‍රජා සංවර්ධන සභාව , කාන්තා සමිතිය එක්ව සංවිධානය කරන ලද ආහාර විජල...
17/09/2026

විධාතා සම්පත් මධ්‍යස්ථානයේ සම්පත් දායකත්වය මත දෙද්දුව ප්‍රජා සංවර්ධන සභාව , කාන්තා සමිතිය එක්ව සංවිධානය කරන ලද ආහාර විජලනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව පැවැත්විණ.

විජලනය සඳහා අවශ්‍ය යන්ත්‍ර ලබා දී තිබුනේ ඉන්දික පෙරේරා මහතා විසිනි. ප්‍රදේශයේ කාන්තාවන් ස්වයං රැකියා සඳහා දිරිමත් කිරීමද මේ හරහා සිදුවිය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කැප වී කටයුතු කල ප්‍රජා සංවර්ධන නිලධාරී නයන මහතා හට සියලු දෙනාගේම ප්‍රශංසාව හිමි විය.

ෙමු

Address

Bentota

Alerts

Be the first to know and let us send you an email when Bentota Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share