14/08/2026
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය කොළඹ තදාසන්න ප්‍රදේශයෙන් පරිබාහිරව පිහිටා ඇති විශ්වවිද්‍යාලයක් වන අතර විශ්වවිද්‍යාලය තුළ පවතින අධ්‍යයන හා සුබ සාධන ගැටලු රාශියකි.
වසරින් වසර එම ගැටලු තිව්‍ර වීම සිදු වන අතර එම ගැටලු වලට විසඳුම් නොලැබීම කණගාටුවකට කරුණකි. ඒ අනුව එම අධ්‍යයන හා සුබ සාධන ගැටලුවට අදාළ විසඳුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ඉල්ලා අග්‍රාමාත්‍ය, අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙනවිය වෙත ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ලිපියක් යොමු කෙරුණි.
විශ්වවිද්‍යාලය තුළ උද්ගත වී ඇති අධ්‍යයන හා සුබ සාධන ගැටලු වෙනුවෙන් කඩිනම්, සාධනීය විසඳුම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප බලාපොරොත්තු වන අතර එසේ නොමැති නම් ශිෂ්‍යයන් ලෙස ඉදිරි ක්‍රියාමාර්ග වලට යොමු වන බව අවධාරණය කර සිටිමු.
✒️මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය