Hela Saviya

Hela Saviya අරමුණු - දරුවන්ට ගැටුමෙන් තොර, සුවබර,දීප්තිමත් අනාගතයක උරුමය තහවුරු කිරීම.

හෙළ සවිය ' ක්රියා කරන ආකාරය .
සාමාජිකත්වය - ජාති , ආගම් , පක්ෂ ,කුළ -මළ , තරාතිරම , වයස, ස්ත්‍රී -පුරුෂ කිසිම භේදයකින් තොරව, අපගේ ප්‍රතිපත්ති අනුමත කරන , ශ්‍රී ලාංකික ඕනෑම කෙනෙකුට සාමාජිකත්වය ලබා ගත හැකිය .
සාමාජික ගාස්තුවක් අය නොකෙරේ .

අරමුදල් - අරමුදලක් පවත්වාගෙන යන්නේ නැත .
මගේ විශ්‍රාම වැටුප මගේ දෙමාපියන්ගේ දේපළ වලින් ලැබෙන ආදායම සහ පවුලේ අයගෙන් ලැබෙන ආධාර හා ඒ ඒ අවස්ථාවේ ලාභ ප්‍රයෝජන

අපේක්ෂාවෙන් තොරව දෙන ද්‍රව්‍යමය ආධාර , ශ්රමය, උපදෙස් හා ඒ ඒ අවස්ථාවට අදාල බිල්පත් ගෙවීම් ස්තුතිපුර්වකව භාර ගනිමු. .

අරමුණු - මිණි- මුතු වලටත් වඩා වටිනා දරුවන්ට ගැටුමෙන් තොර නිදහස් ,නිවහල්, සුවබර,දීප්තිමත් අනාගතයක උරුමය තහවුරු කිරීම.
ඒ සඳහා අත්‍යාවශ්‍ය සේ පෙනෙන, තවත් වසර සිය දහස් ගණනක් පවතිනසේ හෙළ බිමේ හෙළ උරුමය තහවුරු කිරීම;
ගුණ ගරුක ආදර්ශමත් පරපුරක් බිහි කිරීම.

ප්‍රතිපත්ති - ගැටළු විශ්ලේෂණය .
අදාල අංශ ,ප්‍රභූන් ,වගකිවයුතු නිලධාරීන් ,දෙමාපියන් දැනුවත් කිරීම .
සුදුසු වැඩ සටහන් ,ව්‍යාපෘති , උත්සව සංවිධානය කිරීම.
අපට ලැබෙන්නේ මොනවාද, නොව අපේ දරුවන් වෙනුවෙන් අපට දිය හැකි මොනවාදැයි අසන තත්වයට දෙමාපියන්ගේ ,වැඩිහිටියන්ගේ නිලධාරීන්ගේ මානසිකත්වය සංවර්ධනය කීරීම.
යැපුම් මානසිකත්වය වෙනුවට ස්වයම්පොෂිත මට්ටම කරා මානසික සංවර්ධනයකට උපදේශනය පසුබිම් කරගත් වැඩ සටහන් මගින් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම .
දෙමාපියන් හා භාරකරුවන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමට, වෙළඳ පොළ සඳහා ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට මග පෙන්වීම හා දේශීය හා විදේශීය වෙළඳපොළ හඳුන්වා දීම.
ආදර්ශමත් සමාජයක් තුළින්, හොඳ ඇගයීම් මගින් දරුවන්ගේ සැඩ -පරුෂ ගති අවම කිරීමට සිත් යොමු කිරීම .
දරුවන්ට වෙහෙසකාරී අධ්‍යාපන රටාව වෙනස් කිරීම තුලින් මානසික ගැටළු අවම කිරීම.
දරුවන්ගේ සමාජමය පිළිගැනීම වැඩිකිරීම සඳහා ස්වයම්නිර්මාණ, ඉදිරිපත්වීම සහ ක්‍රියාකාරකම් හොඳ ඇගයීමකට ලක් කීරීම. .
ජාතිය භේද භින්න කරන චන්ද ක්‍රමය වෙනුවට දරුවන්ට ගැටුමෙන් තොර සුවබර ලොවක් යන එකම අරමුණ ඔස්සේ සියලු දෙනා ඒකරාශී කිරීමට සුදුසු දැනුවත් කිරීම් නොකඩවා කරගෙන යාම .
වරද ඇතොත් පෙන්වාදීම ඉතාම අගය කිරීම.
විවුර්ථ මනසකින් බුද්ධිමත්ව විවේචන වලට සවන්දීම.
යෝජනා -
බුදු දහමේ හේතු -ඵල ධර්මය වෙත සිත යොමු කළොත් වඩා හොඳ නැද්ද ? අපරාධ රැල්ල දිනෙන් දින ඉහළ යාමට හේතුව සොයා එය නැති කිරීමට උත්සහ කරමු
අපි හෙළ සවි සුරු විරුවන් වෙමු. සිත කය වචනය සංවර කර ගනිමු .

ඇති ගුණ වැඩි කර ගනිමු.
නැති ගුණ ඇති කර ගනිමු
ඇති නුගුණ දුර ලමු.
නැති නුගුණ වලට වැට බඳිමු. මේ සතර සම්යප්‍රදාන වැඩීමට නිකම්ම පුළුවන්ද ?

ඒ සඳහා කැමැත්තක් , - ඡන්ද
සිතක් අවශ්‍ය නේද? - චිත්ත,
විමසිලිමත් වීමත් ,අවශ්‍ය නේද? - විමංසා
මේ සියල්ල තිබුණත් උත්සාහය - වීර්ය ,නැති නම් එය කළ හැකිද?
ඒ මොනවාද? සතර ඉර්ධිපාද නොවේද? මේ සතර සම්යප්‍රදාන හා සතර ඉර්ධිපාද වැඩෙන විට ඔබ නොදැනීම අඩු තරමින් පන්සිල්වත් රකින සිල්වත් ගුණවත් කෙනෙකු වී නැතිද? ඒ විතරක්ද ? ඉර්ධිපාද වැඩෙන විට අන්‍යයන් මවිත කරන දේ කිරීමට තරම් ඔබේ මානසික ශක්තිය වර්ධනය වනු නොඅනුමානය. මා ලත් අත්දැකීම් ඇසුරෙන් එය ස්ථිරවම ප්‍රකාශ කරමි.
එසේ නම් මේ ලෙසින් සිල්වත් ගුණවත්වී එක්සත්ව එක්සිත්ව නැගී සිටිය හැකි නම් අපට, අපේ අරමුණු ඉටු කර ගත හැකි නොවෙතැයි පිළිගත හැකිද?

Address

45, Subuthi Mawatha

Telephone

0777768746

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Saviya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hela Saviya:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share