Sound Minds Academy

Sound Minds Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sound Minds Academy, Kalapaluwawa Road, Aggona, Battaramulla.

A compassionate, neurodiversity-affirming space dedicated to supporting children, adolescents, and young adults through behavioural therapy, psychosocial support, creative expression, and life skills development.

ඔටිසම් සහ වයස්ගත වීම​ඔටිසම් දරුවෙකු සිටින බොහොමයක් පවුල්වල දෛනික ජීවිතය ගෙවෙන්නේ අලුත් දේවල් ඉගෙන ගනිමින්, අභියෝගවලට මුහ...
19/05/2026

ඔටිසම් සහ වයස්ගත වීම

​ඔටිසම් දරුවෙකු සිටින බොහොමයක් පවුල්වල දෛනික ජීවිතය ගෙවෙන්නේ අලුත් දේවල් ඉගෙන ගනිමින්, අභියෝගවලට මුහුණ දෙමින්. දරුවා ඔටිසම් කියලා හඳුනාගත්ත දවසේ ඉඳන්, හැමෝගෙම අවධානය, ශක්තිය සහ කාලය වැය වෙන්නේ Early interventions, Assessments සහ දරුවාව පාසලකට ඇතුළත් කරන්නේ කොහොමද කියන කාරණා එක්කයි. බොහොමයක් දෙමව්පියන්ගේ ලොකුම ඉලක්ක වලින් එකක් වෙන්නෙත් දරුවාව පාසලකට යොමු කරන එකයි. ඒ වෙනුවෙන් දෙමව්පියන් කරන කැප කිරීම් අතිමහත්. අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව දරුවාට වඩාත් හොඳ හෙට දවසක් ලබා දෙන එකයි.

​හැබැයි, අපිට වැඩිය කතා කරන්න මගහැරෙන, නැත්නම් කතා කරන්න අමතක වෙන ලොකුම යථාර්ථය තමයි, මේ දරුවෝ හැමදාම කුඩා දරුවෝ විදිහටම ඉන්නේ නැහැ කියන එක.

​පසුගිය වසර 13 කට, 14 කට අධික කාලය පුරාවටම, ඔටිසම් කුඩා දරුවන් වගේම, නව යොවුන් වියේ පසුවන දරුවන් සමඟ සමීපව වැඩ කරන්න මට වෘත්තීයමය වශයෙන් අවස්ථාව ලැබුණා. එදා මට හමු වුණු පුංචි දරුවෝ අද නව යොවුන් වියේ පසුවන දරුවෝ. එදා මුණගැහුණු නව යොවුන් වියේ පසුවූ දරුවෝ, අද ජීවිතයේ දෙවැනි සහ තෙවැනි දශකයන් පසු කරන තරුණ තරුණියන් බවට පත්වෙලා.

​මේ අයත් එක්ක ගෙවුණු මේ කාලය පුරාවටම අපි පහු කරපු විවිධ කාල පරාසයන් වගේම, මුහුණ දුන්නු විවිධ අභියෝගයන් එමටයි. දෙමව්පියන් සහ මේ දරුවන්ගේ සහෝදර සහෝදරියන් මේ හැම කාලයකටම, මේ හැම අභියෝගයකටම මුහුණ දුන්නු විධි සහ ලැබූ අත්දැකීම් විවිධාකාරයි.

​ඒත් මේ ගමන අපි බයෙන් සහ චකිතයකින් පමණක් බලන්න ඕන දෙයක් නෙවෙයි. මේ දරුවන්ට තමන්ටම අනන්‍ය වූ හැකියාවන්, රුචිකත්වයන් සහ ජීවන රටාවන් ගොඩනගා ගනිමින් තමන්ට ගැලපෙන ආකාරයට ලෝකයත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න අවශ්‍ය සහාය අපට දෙන්න පුළුවන්. සමහර දරුවෝ කලාවට, තාක්ෂණයට, සංගීතයට, සංවිධානාත්මක වැඩවලට හෝ විශේෂ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල දක්ෂතා වර්ධනය කරගන්නවා. ඔවුන්ට අවශ්‍ය නිවැරදි සහාය සහ පිළිගැනීම ලැබෙන විට, ඔවුන්ට අර්ථවත් සහ ගෞරවනීය ජීවිත ගොඩනගා ගන්න පුළුවන්.

​මේ දීර්ඝ කාලය පුරාම මම දැක්ක දෙයක් තමයි, ඔටිසම් දරුවෝ වයසින් ඉස්සරහට යනකොට, විශේෂයෙන්ම වැඩි සහාය අවශ්‍ය ඔටිසම් දරුවන් තරුණ වියට එළඹෙන කොට, ඔවුන්ගේ පවුලේ මුහුණුවර සහ අභියෝගයන් කොයිතරම් වෙනස් වෙනවද කියන එක.

▪️පාසල් කාලය ඉවර වුණාම දරුවාගේ ජීවිතයට ලැබෙන Unstructured Void එක කළමනාකරණය කරන්නේ කොහොමද?

▪️​දරුවා තරුණ වියට එනකොට, ඔවුන් සමඟම කාලයත් එක්ක ශාරීරිකව සහ මානසිකව වෙහෙසට පත්වන දෙමව්පියන් මුහුණ දෙන අභියෝගයන් මොනවාද?

▪️​සහෝදර සහෝදරියන්ගේ නොකියූ කතාව සහ ඔවුන්ගේ අත්දැකීම් මොනවාද?

​අපි කුඩා කාලය ගැන ලොකු අවධානයක් දෙමින් සූදානම් වෙද්දි, දශකයෙන් දශකය ඉදිරියට යන මේ දරුවන්ගේ "වැඩිහිටි ජීවිතය" (Autism and Aging) ගැන සමාජයක් විදිහට අපි කොච්චර දැනුවත්ද? මේ අභියෝගයන්ට මුහුණ දෙන්න අපි කොච්චර සූදානම්ද?
​ඔවුන්ට ගැලපෙන, පුරෝකථනය කළ හැකි (Predictable) පරිසරයක්, අන්‍යෝන්‍ය රඳා පැවැත්මක් (Interdependence), සහ ජීවිතයේ ඒ ඒ අවධිවලට ගැලපෙන සහාය ලබා දෙන සමාජයක් ගොඩනගන්න අපි කොච්චර ලෑස්තිද?

​ලෝකයේ බොහෝ රටවල දැන් Autism and Aging කියන සංකල්පය ගැන වැඩි වැඩියෙන් කතා කරන්න පටන් අරන්. ඔටිසම් කියන්නේ ළමා කාලයට පමණක් සීමා වූ තත්ත්වයක් නොව, ජීවිත කාලය පුරාම පවතින ස්නායු සංවර්ධනයේ වෙනසක් (neurodevelopmental difference) කියන අවබෝධය දැන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසාම, කුඩා කාලයේ ලබා දෙන සහාය වගේම, නව යොවුන් විය, තරුණ විය සහ වැඩිහිටි විය සඳහාත් ගැලපෙන සහාය පද්ධති ගැන ලෝකය පුරා වැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා.

​මේ සංවාදය ගොඩනගන්නේ, දෙමව්පියන්ට බියක් ඇති කිරීම සඳහා නෙවෙයි. මේ සංවාදය පටන් ගන්නේ, කුඩා කාලයෙන් එහාටත් මේ දරුවන්ගේ ජීවිත ගැන අපි ටිකෙන් ටික හිතන්න පටන් ගන්න ඕනි කියන දේ ගැන මතක් කරන්න. මේ කාරණා ලියන්නේ අනාගතය ගැන කලබලයක් ඇති කරන්න නෙවෙයි, ඒ ඒ කාලවලට අවශ්‍ය සහාය, අවබෝධය සහ පිළිගැනීම ගොඩනගා ගන්න අවශ්‍ය දැනුම බෙදා ගන්න.

​මොකද, මේ ඔටිසම් තරුණ තරුණියන්, වැඩිහිටියන් සහ ඔවුන්ගේ පවුල් ගැන විවෘතව කතා කරන්න හොඳම වෙලාව.
​මේ සංවාදය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්...

ඔක්කොටමත් වඩා සතුට, අපේ සෙන්සරිබෝඩ් එක හදන්න මහන්සි වුනු දරුවෝ, අද BMICH එකේ ප්‍රදර්ශනය වන ලෝකෙ දිගම සෙන්සරිබෝඩ් එක ඉස්ස...
17/05/2026

ඔක්කොටමත් වඩා සතුට, අපේ සෙන්සරිබෝඩ් එක හදන්න මහන්සි වුනු දරුවෝ, අද BMICH එකේ ප්‍රදර්ශනය වන ලෝකෙ දිගම සෙන්සරිබෝඩ් එක ඉස්සරහට වෙලා මේ විදිහට ඉන්නව දකින්න ලැබෙන එකයි.

Autism කියන්නේ හංගන්න ඕනි දෙයක්වත්, හැංගෙන්න ඕනි දෙයක්වත් නෙමෙයි. අපි හැමෝම විවිධාකාරයි. විවිධාකාරයේ මිනිස්සු, දේවල් එකතු වුණාම තමයි ලෝකෙත් විචිත්‍රවත් වෙන්නේ.

Autism විවිධත්වය ගැන කතා කරන්න, ඒ ගැන දැනුවත් වෙන්න, විවිධත්වයේ විචිත්‍රත්වය දකින්න, එය පිළිගන්න වගේම සහාය වෙන්න එකතු වෙන්න.

We are honoured to share “Different Minds, Shared Space”, a collaborative sensory artwork created and presented represen...
16/05/2026

We are honoured to share “Different Minds, Shared Space”, a collaborative sensory artwork created and presented representing the Sri Lanka National Association of Counsellors for the inspiring Guinness World Record event organized by The Tree House International.

As the Vice President of SRILNAC, I was warmly invited by the President of SRILNAC to conceptualize and create this artwork together with the Sound Minds Academy team, representing the values of inclusion, neurodiversity acceptance, emotional safety, belonging, and community support.

This artwork was collaboratively created with autistic teens and adults, a young adult with intellectual disability, children, and supportive adults around them, reflecting the belief that every individual deserves to be seen, respected, valued, and included as they are.

We are deeply grateful to have contributed to an event that successfully achieved a Guinness World Record while also spreading a meaningful message of inclusion, acceptance, and understanding.

විශේෂිත දරුවන් සඳහාම වෙන්වූ සුවිශේෂී ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය   ​සෑම දරුවෙකුටම ඉගෙනීමට සහ තම කුසලතා සංවර්ධනය කර ගැනිමට ...
23/03/2026

විශේෂිත දරුවන් සඳහාම වෙන්වූ සුවිශේෂී ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය

​සෑම දරුවෙකුටම ඉගෙනීමට සහ තම කුසලතා සංවර්ධනය කර ගැනිමට ඇති අයිතිය අපි අගය කරමු. දරුවාට උචිත ක්‍රමවේද හරහා ඔවුන්ගේ කුසලතා ඔප්නැංවීම අපගේ අරමුණයි.

​අපේ සේවාවන් විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ:

​✅ ඉගෙනුම් අපහසුතා ඇති දරුවන්
​✅ අවධානය අඩු (ADD/ADHD) සහ අධි ක්‍රියාකාරී දරුවන්
​✅ ඔටිසම් දරුවන්

අපේ ​ප්‍රවේශය:

​🎯 දරුවාට ගැලපෙන ලෙස සැකසුණු ක්‍රියාකාරකම්: දරුවාගේ ස්වභාවය අනුව සකස් කළ ඉගෙනුම් ක්‍රම.

​🤝 චර්යා චිකිත්සාව (Behavior Therapy)

​🌍 ජීවන සහ සමාජ කුසලතා සංවර්ධනය

​📚 අධ්‍යාපන කුසලතා සංවර්ධනය: මූලික අධ්‍යාපන අවශ්‍යතා ක්‍රියාකාරකම් ඔස්සේ ලබා දීම.

​දැන් ඔබේ දරුවාටත් අපගේ මෙම සුවිශේෂී ක්‍රියාකාරකම් පාසල සඳහා ලියාපදිංචි විය හැකිය.

​වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:
📞 072 10 94 505

​📍 ස්ථානය: සඳුන්පුර, කලපලුවාව පාර, අග්ගෝන, රාජගිරිය.

ඔටිසම් දරුවෙකුගේ අපූරු හමුවීමක් කියාදුන් පාඩම​ඒ මීට වසර 12කට, 13කට කලින්, මා වෘත්තීය ජීවිතය ආරම්භ කළ මුල් වසර කිහිපයේ දි...
16/03/2026

ඔටිසම් දරුවෙකුගේ අපූරු හමුවීමක් කියාදුන් පාඩම

​ඒ මීට වසර 12කට, 13කට කලින්, මා වෘත්තීය ජීවිතය ආරම්භ කළ මුල් වසර කිහිපයේ දිනක සිදුවූ අපූරු හමුවීමක්. ඒ වන විටත් ඔටිසම් දරුවන් සහ එම දරුවන්ගේ පවුල් සමඟ මා සමීපව වැඩ කටයුතු කරමින් සිටියත්, මෙම හමුවීම, ඔටිසම් දරුවන්, විවිධ චිකිත්සක ක්‍රම, මිනිස් හැසිරීම්, අවශ්‍යතා සහ සබඳතා ගැන එතෙක් මා තුළ තිබූ මුළු දැක්මම වෙනස් කිරීමට සමත් වුණා.

​එවිට ඔහු නව යොවුන් වියේ පසු වූ , ඒ කාල වකවානුවේදී විදේශයක සිට පැමිණි දරුවෙක්. මට ඔහුව හමුවුණු මොහොතේදී, ඔහුගේ ඇතැම් හැසිරීම් වල තිබූ වෙනස් රටාව නිසා අවට සිටි අය පුදුමයටත්, බියටත් පත් වී සිටි බව පෙනෙන්නට තිබුණා. ඔහු සිටියේ එහාටත් මෙහාටත් ඇවිදිමින්, ඒ අතරම අනෙක් අයගේ හිසකෙස් අල්ලා එහි සුවඳ බලමින්, ඇඳුම්වල කොලරය පිටුපසින් නමා එය පිරික්සමින්, එක කනක් වසාගනිමින් ශබ්දයක් පිට කරමින්, ඇතැම් වෙලාවක අනෙක් අයගේ ගෙල අල්ලමිනුත් ඔහු ඔහුගේම ලෝකයක ගැවසෙමින් හිටියා. ඔහු උසින් වැඩි, ශක්තිමත් දේහයකින් හෙබි අයෙකු වූ නිසා බොහෝ දෙනා ඔහුට බියෙන් ඔහුගෙන් ඈතට යන ගතියක් දකින්නට තිබුණා.

​මේ දරුවා මා වෙත යොමු කර තිබුණේ චර්යා චිකිත්සාව සඳහායි. ​ඒ කාලයේදී ඔටිසම් තරුණ දරුවන් සමග වැඩ කිරීමට මට ලොකු පළපුරුද්දක් තිබුණේ නැහැ. මේ තරුණ දරුවන්ට වඩාත්ම සුදුසු චිකිත්සක ක්‍රමවේදයන් ගැන ලොකු අත්දැකීමක් නොතිබුණා සේම, 'Neurodiversity-affirming' වැනි වචන ගැන අහල තිබුණෙත් නැහැ. ඒ කාලයේ බහුලවම භාවිතා වෙමින් තිබුනේ දරුවන් ලවා, යම් යම් දේවල් කර ගන්නා compliance based චිකිත්සක ක්‍රමයි. ඒත් මම ඉතා කැමැත්තෙන්ම මේ තරුණ දරුවා සමග වැඩ කිරීමට බාරගත්තා.

​පළමු දවසෙ සිටම ඔහු මට කතා කළේ මගේ නමින්. ඔහු මට "ආන්ටි" කිව්වෙත් නැහැ, "මිස්" කිව්වෙත් නැහැ. මට ඔහුව වෙනස් කිරීමට අවශ්‍ය වුනෙත් නැහැ. ඔහුගේ මේ කතා විලාසය සහ පිළිගැනීම අපේ මුළු ගමනටම ලොකු පදනමක් වුණා.

ඔහුව මුල්ම වතාවට මට හමුවූ දිනයේදී පෙන්වූ හැසිරීම් රටාව, නිතරම ​ ඔහුගෙන් දකින්නට ලැබුණා. ඒ කිසිම හැසිරීමක් බලෙන් නතර කරන්න උත්සාහ කරනවා වෙනුවට, මම වෙනස් විදිහකට හිතන්න පටන් ගත්තා. ඇත්තටම මට අවශ්‍ය වුණේ මේ හැම හැසිරීමක්ම පිටුපසින් තියෙන කතාව, අවශ්‍යතාවය තේරුම් ගන්න.
✨ "මේ කවුද?"
✨ "ඔහු කැමති සහ අකමැති මොනවටද?"
✨ "මේ ක්‍රියාවන් හරහා ඔහු අපට කියන්න හදන්නේ මොකක්ද?"

මේ ප්‍රශ්නවලට උත්තර හොයන එක තමයි මම මුලින්ම කරන්න පටන් ගත්තේ.

​ඉතින් ඔහු ඇවිදින්න කැමති වුණ හැම වෙලාවකම මම ඔහු එක්ක ඇවිදින්න ගියා. සමහර දවස් වලට චිකිත්සක මධ්‍යස්ථානය වටේ දහ දොළොස් වතාවක් අපි ඇවිද ගියා. මම හෙමින් හෙමින් ඔහුගේ ලෝකයට එකතු වෙමින් හිටියා.

​ටික දිනකින් මට මේ හැසිරීම් රටාවන් වල පසුබිමේ ඇති අවශ්‍යතාවයන් තේරුම් යන්න පටන් ගත්තා:
📍 හිසකෙස් ඇල්ලුවේ - ඒ ස්පර්ශයට ඔහු ආස කළ නිසා.
📍 ගෙල ඇල්ලුවේ - යම් දෙයකට ඔහු අකමැති වුණ අවස්ථාවන්වල.
📍 ඇඳුම් වල කොලරය පිටුපස පරීක්ෂා කළේ - ඔහු පිරික්සුවේ ඇඳුම්වල ඇති ලේබල් . ඒ ඔහු වෙළඳ නාම (Brands) වලට තිබූ ලොකු ඇල්ම නිසා.

​ඔහු ලේබල් වලට දැක්වූයේ දැඩි ඇල්මක්. චොකලට් කොළ, බිස්කට් පැකට්, ඇඳුම්වල ටැග්, phones වැනි නමක් ගහලා තියෙන ඕනෑම දේකට ඔහු තදින්ම ඇලුම් කළා. ඔහුගේ සන්නිවේදන කුසලතාවයන් දියුණු කරගන්න සහාය වෙන්න, ඔහුගේ මේ ඇති කැමැත්ත උදව් වුණා. මම වෙළඳ නාමවල නම් කඩදාසිවල ලිව්වා. අපි ඒවා එකට කියෙව්වා. පස්සේ අපි ඒ වචන වලින් වාක්‍ය හැදුවා. සති කිහිපයකට පස්සේ ඔහු කතා කරනකොට ඒ වචන පාවිච්චි කරන්න පටන් ගත්තා.

ඔහු ලෝකයේ රටවල් ගැන, විවිධ මුදල් ඒකක ගැන, විවිධ රටවල කොඩි ගැන දැනගන්න, ඒවා බලන්න දැක්වූයේ විශාල උනන්දුවක්. ඇත්තටම කොඩියක් දුටු හැටියේ ඒ කොඩිය අදාල රට, ඒ රටේ අගනුවර, මුදල් ඒකකය ගැන කියන්න තරම් විශ්මිත හැකියාවක් මේ දරුවට තිබුණා. ඔහු ලෝක සිතියම් වලට තදින්ම ඇලුම් කළා. ලෝකයේ රටවල් ගැන මම බොහොමයක් කරුණු ඉගෙන ගත්තේ මේ දරුවාගෙන්. ඔහුට රටවල් ගැන තිබූ මේ තද ඇල්මත්, ඔහුගේ සන්නිවේදන කුසලතා දියුණු කරන්න උදව් උනා.

​සංගීතයත් අපේ මේ ගමනට ලොකු උදව්වක් වුණා. ඔහුගේ පවුලෙන් දැනගත් තොරතුරු අනුව ඔහු සංගීතයට තදින් ඇලුම් කරන බව මා දැන සිටියා. අපි චිකිත්සක මධ්‍යස්ථානය වටා ඇවිදින අතරතුර, ඔහු කැමති සින්දු කිව්වා. ඔහුට සතුටු හිතුණාම දෑත් සලමින් හිනාවුණා. ඔහුට සතුට දැනෙන සින්දු වල වචන කොලයක ලියා, මම ඒවා ඔහුත් සමඟ කියවන්න පටන් ගත්තා. ඊටත් පස්සේ අපි කැරෝකේ (Karaoke) සින්දු එකට කියන්න ගත්තා. සමහර දවසට ඒ සංගීතයේ රිද්මයට දෙපසට වැනෙමින්, අත්පුඩි ගසමින් පුංචි පුංචි චලනයන් කරන්නත් පටන් ගත්තා. මේ සංගීතය සහ චලනයන් නිසා ඔහු ගොඩාක් සතුටු වුනා වගේම එය ඔහුගේ emotions regulate කර ගැනීමට (මනස සන්සුන් කරගැනීමට) ලොකු උදව්වක් උනා.

ඔහු විවිධ කෑම වර්ග අත්හදා බලන්න දැක්වූයේ විශාල කැමැත්තක්. ඒ කොහොම වුණත් ඔහුටම ආවේණික ආහාර රටාවන් ටිකක් තිබුණා. සතියේ එක් එක් දිනවල තේ වෙලාවට ගත යුතු ආහාර ලැයිස්තුවක් ඔහුට තිබුණා. මේ රටාව වෙනස් වෙනවාට ඔහු කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒත් ඔහුගේ පවුලට මේ තත්ත්වය ලොකු අභියෝගයක් වුණා. කොළඹින් පිට ප්‍රදේශයකට යන අවස්ථාවලදී, ඒ ලැයිස්තුවේ තිබූ සමහර කෑම සපයා දීම අපහසු වූ විට දී, මේ දරුවා තදින් කලබල වුණා.

මේ චර්යා රටාව බලෙන් වෙනස් කරන්නට මට අවශ්‍ය වුණේ නැහැ. Predictability කියන්නේ ඔටිසම් දරුවන් සන්සුන් කරවන දෙයක්. දරුවාව වෙනස් කරනවා වෙනුවට තේ වේලාවල් වලදී, ඔහුගේ ලයිස්තුවේ තිබෙන කෑමට අමතරව, මම තේ කෝප්ප දෙකකුත්, බිස්කට් පිඟන් දෙකකුත් මේසය උඩින් තිබ්බා - එකක් මට, එකක් ඔහුට. කිසිම අවස්ථාවක "කන්න" හෝ "මේ ඔයාට", වගක් නොකියා, කිසිම ප්‍රතිචාරවල වෙනසක් බලාපොරොත්තු නොවී, මේ වැඩේ මම සති කිහිපයක්ම කරගෙන ගියා.

​දවස් කිහිපයක් ඔහු ඒ දිහා බැලුවෙවත් නැහැ. පස්සේ ඔහු බිස්කට් වල සුවඳ බලන්න පටන් ගත්තා. දවසක් ඔහු බිස්කට් එකෙ ගසා ඇති නම කියවන්න උත්සාහ කළා. ඊටත් පස්සෙ දවසක බිස්කට් එකෙන් කෑල්ලක් කෑවා. සති කිහිපයකට පස්සේ ඔහු තේ කෝප්පයම බීවා. කිසිම බලපෑමක් නැතිව ඔහු තනිවම අලුත් දේවල් අත්හදා බලන්න පටන් ගත්තා.

ඔහු පුදුමාකාර මතක ශක්තියක් තියෙන දරුවෙක්. විවිධ දින ගැන කතා කරමින් සිටි අවස්ථාවක, ඔහු ඔහුගේ පවුලේ සියලු දෙනාගේ උපන්දින කොළයක ලියන අතර, මම මගේ පවුලේ සියලු දෙනාගේ උපන්දින කොළයක ලියන්නට වුණා. මගේ අම්මගේ උපන්දිනය ඒ ආසන්න දවසකටයි යෙදිලා තිබුනේ. හරියටම ඇයගේ උපන්දිනය දවසේ ඔහු කේක් එකක් රැගෙන ඔහුගේ සහෝදරිය සමඟ පැමිණ මගේ මවට උපන් දින සුභපැතුම් එක්කලා. ඔහුට ඒ දිනය මතක තිබුණා පමණක් නොවෙයි, ඒ වෙනුවෙන් යමක් කිරීමේ අවශ්‍යතාවයත් දැනී තිබුණා.

​ඔටිසම් දරුවන් කියන්නේ හරිම සංවේදී, ආදරණීය පිරිසක්. ලෝකයේ ඇතැම් අය ඔවුන්ව වෙනස් කොට දැක්කත්, ඇත්තටම ඔවුන් අපිට දෙන ආදරය හරිම පිවිතුරුයි.

මේ කාලය පුරාවටම විවිධ වයස් වලදී මතුවෙන විවිධාකාර අභියෝගයන් වලට මේ දරුවාත්, ඔහුගේ පවුලත්, චිකිත්සකවරුන් ලෙස අපිත් මුහුණ දුන්නත්, ඒ සෑම අවස්ථාවකම අපි හැම කෙනෙක්ම අනුගමනය කළ එක් philosophy එකක් තිබුණා.

"දරුවාගේ මේ අපි දකින හැසිරීම පිටුපස තිබෙන අවශ්‍යතාවය මොකක්ද?".

අපි හැම මොහොතේම ඒ ගැන අවධානය යොමු කළා. අපිට ඕන විදිහට දරුවාව වෙනස් කරන්න හෝ, දරුවට බලකර දේවල් කරවා ගැනීම වෙනුවට, හෙමින් සීරුවේ දරුවාව තේරුම් ගනිමින්, ඒ අභියෝගයට මුහුණ දෙන්න ක්‍රම හොයා ගැනීමට අපිට ඒ නිසා පුළුවන් වුණා.

​අදටත් ඔහු සතියට වතාවක් එනවා. ජීවිතයේ දෙවැනි දශකයේ අවසාන භාගයේ සිටින මේ තරුණයා, දැන් දුරකථනය භාවිතා කරන්න, ටයිප් කරන්න, මුදල් භාවිතා කරන්න, ගෙදර පුංචි පුංචි වැඩ කරමින් මුදල් උපයන්න, ඒ මුදලින් තමන්ට අවශ්‍ය දේවල් ගන්න, වගේ බොහෝ දේවල් දන්නවා . ඔහු සමඟ අදටත් අපි එකට තේ බොනවා, සින්දු කියනවා, ඇවිදිනවා. හැමෝම ඔහු ඉන්න විදිහටම ඔහුට ආදරය කරනවා. ​ඔහු මගේ වෘත්තීය ජීවිතයේදී, මට හමුවුණු හොඳම ගුරුවරයෙක්.

ඔටිසම් දරුවෙක් හමුවෙන හැම වෙලාවකම මම මටම මෙහෙම කියා ගන්න පුරුදු වෙලා ඉන්නවා:

"සෑම හැසිරීමක් පිටුපසම, තේරුම් ගත යුතු ලස්සන කතාවක් තියෙනවා."

​ඇත්තම සහයෝගය කියන්නේ කෙනෙක්ව බලෙන් වෙනස් කරන එක නෙවෙයි, ඔවුන්ට සවන් දෙන එක, ඔවුන්ව තේරුම් ගන්න එක සහ ඔවුන්ට ගරු කරන එක. මා සැමවිටම විශ්වාස කරන්නේ, දරුවෙකුගේ ලෝකය දෙස ඔවුන්ගේම ඇසින් බලා ඔවුන්ගේ අවශ්‍යතාවයන්, හැකියාවන් සහ අභියෝගයන් තේරුම් ගනිමින් ඒ අනුව ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දිය යුතු බවයි.

අනිත් වැදගත්ම කාරණාව නම්, එකම ගහක උනත් මල්, එකම වෙලාවේ පිපෙන්නේ නැහැ. ඉතින් හැම දරුවෙක්ම දෙයක් ඉගෙන ගන්න ගත කරන වෙලාවල් වෙනස්. ඒ අය අභියෝගයන්ට මුහුණ දෙන ආකාර වෙනස්. හැම දරුවෙක්ටම ඒ අයට ආවේණික රටාවක්, පැහැයක් තියෙනවා. අපි කරන්න ඕනේ මලේ පැහැය වෙනස් කරන එක නෙවෙයි, මලට නිසි ලෙස පිපෙන්න සුදුසු වටපිටාවක් සකසා දෙන එකයි.

අපගේ සේවාවන් ඔටිසම්, ADHD, ඉගෙනුම් අපහසුතා ඇති කුඩා සහ වැඩිහිටි දරුවන් සඳහා, ක්‍රියාකාරකම් මූලික, ▪️චර්යාත්මක චිකිත්සාවන...
10/03/2026

අපගේ සේවාවන්
ඔටිසම්, ADHD, ඉගෙනුම් අපහසුතා ඇති කුඩා සහ වැඩිහිටි දරුවන් සඳහා, ක්‍රියාකාරකම් මූලික,
▪️චර්යාත්මක චිකිත්සාවන්
▪️අධ්‍යාපන චිකිත්සාවන්
▪️ජීවන සහ සමාජ කුසලතා සංවර්ධනය
▪️මෘදු කුසලතාවයන් සහ වෘත්තීය කුසලතා සංවර්ධනය
▪️මනෝ උපදේශනය
▪️දෙමව්පිය සහාය

ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ඇමතීම් 072 10 94 505

Child Psychology Practical Training(ළමා මනෝවිද්‍යා ප්‍රායෝගික පුහුණුව)Are you looking to gain hands-on experience in chi...
23/02/2026

Child Psychology Practical Training
(ළමා මනෝවිද්‍යා ප්‍රායෝගික පුහුණුව)

Are you looking to gain hands-on experience in child psychology? Our practical training program is designed to equip students and professionals with essential skills to work with children facing developmental and psychological challenges.

Key Details | වැදගත් තොරතුරු:

*March intake- 05th March 2026
මාර්තු මස කණ්ඩායම ආරම්භය- මාර්තු 5,2026

* Our center is open Monday to Friday, 9:30 AM - 5:00 PM.
(සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9:30 සිට ප.ව. 5:00 දක්වා අප ආයතනය විවෘතව ඇත.)

* Fee | ගාස්තුව: SLRs. 20,000/= for 100 Hours
(අවශ්‍යතාවය අනුව කාලය දීර්ඝ කරගත හැකිය)

What You'll Learn | අන්තර්ගතය:

This comprehensive program covers vital aspects of child psychology, including:

* Introduction to Childhood Psychological Disorders (ළමා මානසික රෝග හඳුන්වාදීම)

* Identifying Developmental Disabilities (Autism, Down Syndrome, ADHD/ADD, Learning Disabilities, ID) (සංවර්ධනයේ වෙනස්කම් හඳුනා ගැනීම- ඔටිසම්, ඩවුන් සින්ඩ්‍රෝම්, ADHD/ADD, අධ්‍යාපනික දුබලතා, ID)

* Developing Skills to Work Effectively with Children with Developmental Disabilities (සංවර්ධනීය දුර්වලතාවයන් ඇති දරුවන් සමඟ වැඩ වැඩිකිරීමටත්, ඵලදායි සේවාවක් සැපයීමටත් අවශ්‍ය කුසලතා සංවර්ධනය)

* Introduction to Therapeutic Methods for Developmental Disabilities (සංවර්ධනීය දුර්වලතාවයන් ඇති දරුවන් සඳහා තිබෙන චිකිත්සක ක්‍රම ශිල්ප හඳුන්වාදීම)

* Behaviour Modelling & Educational Therapies: Introduction & Practical Training (හැසිරීම් සැකසීමේ චිකිත්සාවන් සහ අධ්‍යාපන චිකිත්සාවන් හඳුන්වාදීම සහ ඉගැන්වීමේ ක්‍රම ශිල්ප- ප්‍රායෝගික පුහුණුව)

* Therapy Planning & Designing Therapeutic Activities: Practical Training (චිකිත්සාව සැලසුම් කිරීම සහ චිකිත්සාවන් සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් සැකසීම- ප්‍රායෝගික පුහුණුව)

* Conducting Supervised Therapies for Children with Developmental Disabilities & Special Needs (සංවර්ධනීය දුර්වලතාවයන් ඇති සහ විශේෂ අවශ්‍යතාවයන් ඇති දරුවන් සමග අධීක්ෂණය යටතේ චිකිත්සාවන් වලට සහභාගීවීම)

* Teaching & Practicing a few Psychometric Tests (මනෝමිතික ඇගයුම් ක්‍රම කිහිපයක් හඳුන්වාදීම සහ සේවා දායකයකු සමඟ එම ඇගයුම් ක්‍රම භාවිතා කරන ආකාරයද, ඇගයීම් වාර්තාව සකසන ආකාරය පුහුණු කිරීම)

* Art Therapy Activities for Children & Adolescents (දරුවන් සඳහා යොදාගත හැකි කලා ක්‍රියාකාරකම්)

* Counselling and Psychotherapy for Children & Adolescents (කුඩා හා නව යොවුන් දරුවන් සඳහා මනෝ උපදේශනය සහ මනෝචිකිත්සාව යොදා ගැනීම)

* Community Projects ( ප්‍රජා ව්‍යාපෘති සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව)

* Assignment (ඇගයීම් පරීක්ෂණය)

Upon successful completion, students will receive a detailed letter and a certificate in English Medium.

(Important Note | විශේෂ දැනුම්දීම:

This is a clinical practical training program, NOT a certificate or diploma course. It is designed for students of Psychology, Counselling, Early Childhood Development, and Special Education, or those who have completed studies in these fields, to gain practical entry-level experience in a clinical setting.
මෙය සහතික පත්‍ර පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් නොවන අතර මෙය සායනික පුහුණුවක් පමණි. මෙය මනෝ විද්‍යාව, මනෝ උපදේශනය, පූර්ව ළමාවිය සංවර්ධනය, විශේෂ අධ්‍යාපනය හදාරන සහ එම අංශයන්ගෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මෙම ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව යි.)

We are a government-registered institution providing psycho-counseling and psychosocial rehabilitation services to children and adults with developmental disabilities.

Pre-registration is required!
කලින් ලියාපදිච්චි වීම අවශ්‍ය වේ.

For Registration, call or WhatsApp: 0721094505

Link for the WhatsApp group

https://chat.whatsapp.com/CRDlCgLWObkKCKWezrkH0J?mode=gi_t

දරුවන් දවස ආරම්භ කරන්නේ ඒ ඒ දරුවාට ආවේණික ශක්තින් ප්‍රමාණයක් සමඟයි.දවස පුරා දරුවා කරන කියන දේවල් එක්ක, මේ ශක්තිය ටිකෙන් ...
19/02/2026

දරුවන් දවස ආරම්භ කරන්නේ ඒ ඒ දරුවාට ආවේණික ශක්තින් ප්‍රමාණයක් සමඟයි.
දවස පුරා දරුවා කරන කියන දේවල් එක්ක, මේ ශක්තිය ටිකෙන් ටික වැය වෙලා යනවා. දවස අන්තිම වෙනකොට, දරුවට ඉතුරු වෙලා තියෙන්නේ බොහොම අඩු ශක්ති ප්‍රමාණයක් වෙන්න පුළුවන්.

මෙතැනදී ශක්තිය කියලා හඳුන්වන්නේ, දරුවට තියෙන දරාගැනීමේ හැකියාව, ආවේග පාලනය, සන්සුන් බව, ක්‍රියාශීලී බව වගේ කාරණාවන්.

දරුවාගේ තියෙන හැසිරීමෙන් සහ ආවේග පාලනය කිරීමේ හැකියාවෙන්, දරුවෝ අපිට කියන්නේ දවස පුරා ඒ අය ගාව තියෙන ශක්තිය ගැන පුංචි පාඩමක්.

Check out Sound Minds Academy’s video.

23/01/2026

Ready to bridge the gap between theory and practice in Child Psychology?

​We are thrilled to announce that the February 2026 intake for our Child Psychology Internship Program at Sound Minds Academy is now open!

​This 360-degree clinical experience is designed for aspiring psychologists who want to gain real-world skills in:

▪️​Behavioral. Educational & Art Therapies
▪️​CBT & Counseling
▪️​Psychosocial Rehabilitation
▪️​Psychometric Testing

​Whether you're working with developmental delays or leading community projects, this internship provides the tools to make a lasting impact while fostering your own professional growth.

​📅 Start Date: February 2nd, 2026

📍 Location: Sound Minds Academy, Rajagiriya

📞 Register Now: 072 10 94 505

​Don't just study psychology—live it. Apply today!

18/01/2026

Project Bloom Hopes- වනවාසල ව්‍යාපෘතිය

අපි හැමෝටම හීන තියෙනවා. මේ හීන සහ බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ, අපේ ජීවිත ඉස්සරහට ගෙනියන්නේ, ජීවිතයට අරමුණු එකතු කරන්නේ. හීන දකින්න බලාපොරොත්තු ඇති කරගන්න ලොකු පොඩි කාටත් පුළුවන්, ඒකට වයස, පලාත, අපේ පසුබිම වගේ දේවල් අදාල නැහැ. හැබැයි අපිට කොච්චර හීන තිබුණත් ඒවා යථාර්ථයක් වෙන්න නම්, අපි ළඟ තියෙන්න ඕනේ පැහැදිලි දැක්මක්, සැලසුමක් අරමුණු ටිකක්. අපි ළඟ තියෙන කුසලතාවයන් හැකියාවන් හරියට අඳුන ගත්තොත්, අපේ ගාව තියෙන දුර්වලතා අවබෝධ කරගත්තොත්, ආත්ම විශ්වාසය ගොඩනගා ගත්තොත් සහ පසුබහින්නැති උත්සාහය මේ ගොඩටම එකතු කරගත්තොත් ඕන හීනයක් ජයගන්න අපිට පුළුවන්.
සමහර වෙලාවට අපිට තියෙන බාහිර අභියෝගයක් එක්ක, අපේ හීන අමතක වෙලා යන්න පුළුවන්. ඒව මහා බර වැඩි දේවල් විදිහට දැනෙන්න පටන් ගන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ඕන වෙන්නෙ, හීනෙට යන පාර පැහැදිලි කරගන්න පොඩි උදව්වක්, තල්ලුවක්. තමුන්ට නොපෙනී තියෙන හැකියාවන් දක්ෂතාවයන් කොච්චරක්ද කියලා මතක් කරලා දෙන්න පුළුවන් විදියේ තල්ලුවක්. මේ තල්ලුව ඕන වෙන්නේ අපේ දරුවන්ට විතරක් නෙවෙයි, ජීවිතය එක්ක හැල්මේ දුවන, මූණ දෙන එක එක විදියේ අභියෝග, ප්‍රශ්න නිසා හීන මග ඇරුණු අපේ ආදරණීය දෙමව්පියන්ටත් මේ තල්ලුව ඕනි වෙනවා. එතකොට තමයි අපේ දෙමව්පියන්ට පුළුවන් වෙන්නේ තමන්ගේ හීන වගේම දරුවන්ගේ හීන යථාර්ථයක් කරගන්න උදව් වෙන්න.

Sound Minds Academy හරහා ක්‍රියාත්මක වෙන Blooms Hopes ව්‍යාපෘති මාලාව යටතේ සිද්ධ වෙන්නේ, අපිට අමතක වුණු, මග ඇරුණු, අමාරුයි කියලා පැත්තකට දාපු, හීන, බලාපොරොත්තු යථාර්ථයක් කරගන්න අවශ්‍ය මගපෙන්වීම ලබාදීමයි.

පසුගිය ජනවාරි 15 වෙනිදා, වනවාසල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී, ලොකු කුඩා දරුවන් සහ දෙමව්පියන් 200 කට ආසන්න පිරිසකට තමන්ගේ හීන කරා යන ගමනට අවශ්‍ය මනෝ සමාජයීය සහාය ලබාදෙන්න අපේ කණ්ඩායමට පුළුවන් වුණා.

ලොකු කුඩා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන, ළමා මනෝවිද්‍යාඥ බීනුකා වික්‍රමතුංග මහත්මියගේ මූලිකත්වයෙන්, අපේ Sound Minds කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබුවා.

දෙමව්පියන් සඳහා වූ වැඩසටහන, සමාජ ක්‍රියාකාරිනී, EMDR චිකිත්සක, SRILNAC සාමාජිකා දිලිනි පෙරේරා මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

අපේ දරුවන්ට, දෙමව්පියන්ට කොච්චර හීන තියෙනවද කියල මේ වැඩසටහන තුළදී අපි අත්දැක්කා. ඒ වගේම අපි එදිනෙදා මුහුණ දෙන අභියෝගයන් එක්ක හීන කොච්චර හැංගිලා යන්න පුලුවන්ද, පොඩි තල්ලුවකින් පුංචි හෝ වෙනසක් කරන්න පුලුවන් නේද කියන කාරණාවත් අපිට අත්දකින්න පුළුවන් වුණා.

මේ වැඩසටහන සංවිධානය කරන්න මහන්සි වුණු මහේෂ්වරී මහත්මියටත්, සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති සුමන ස්වාමීන් වහන්සේටත්, වනවාසල ගමේ ආදරණීය දෙමව්පියන් සහ දරු දැරියන්ටත් අපිට දුන්නු ආදරේට බොහොම ස්තූතියි.

මේ සියලුම වැඩසටහන්, ව්‍යාපෘතීන්, සාර්ථක කරගන්න උදව් වෙන අපේ ආදරණීය Sound Minds කණ්ඩායම තමයි අපේ ශක්තිය! බොහොම ස්තූතියි 🙏❤️

Welcoming the New Year with our wonderful team ❤️Thank you, our dear team, for your hard work, dedication, and unwaverin...
02/01/2026

Welcoming the New Year with our wonderful team ❤️

Thank you, our dear team, for your hard work, dedication, and unwavering commitment.

Thank you to all our lovely kids and beloved parents for the trust you placed in us, and to our amazing interns for your support and energy.

You all made 2025 a meaningful and successful year for us.

Let’s continue to grow, create change, and make an even bigger difference in 2026.

Together, we can do so much more.

Happy New Year To All ♥️

Damitha Amarasena Udeshi Tharuka Fernando Suvini Perera Isuru Maduranga

Address

Kalapaluwawa Road, Aggona
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 14:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94721094505

Website

Alerts

Be the first to know and let us send you an email when Sound Minds Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sound Minds Academy:

Share