14/08/2026
එක් කාන්තාවකගේ උත්සාහයකින් ඇරඹි ව්‍යාපාරයක් අද වර්ධනය වෙමින් පවතින සන්නාමයක් බවට පත්ව තිබේ. කාන්තා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කරගැනීමට අවශ්‍ය අවස්ථා, සම්පත් සහ සහයෝගය ලැබෙන විට කළ හැකි දේ Shani Apparels අපට පෙන්වා දෙයි.
මොනරාගල ප්‍රදේශයේ ශානිකා ප්‍රශාන්තිකා විසින් ආරම්භ කළ Shani Apparels, “bro” සහ “sis” ඇඟලුම් වටා සුවිශේෂී සන්නාමයක් ගොඩනගාගෙන ඇති අතර, අද වන විට පළාත් කිහිපයක පාරිභෝගිකයන් වෙත ළඟා වී තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේ අපේක්ෂාවක්ද සමඟින්, සිය ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරමින් නව අවස්ථා නිර්මාණය කිරීමටත්, ප්‍රාදේශීය ආර්ථික වර්ධනයට දායක වීමටත් ශානිකා නව මංපෙත් සොයමින් සිටී.
කාන්තාවන්ට තම ව්‍යාපාර ගොඩනගා ගැනීමට සහ වර්ධනය කර ගැනීමට සමාන අවස්ථා ලැබෙන විට, ඔවුන් සාර්ථක ව්‍යාපාර පමණක් ගොඩනගන්නේ නැත. ඔවුන් අනෙක් අයටද අවස්ථා විවෘත කරමින්, ප්‍රාදේශීය ආර්ථිකයන් ශක්තිමත් කරමින්, වඩාත් සියලු දෙනා ඇතුළත් සමාජයක් ගොඩනැගීමට දායක වෙති.
Enterprise ව්‍යාපෘතිය යටතේ (2017-2020), ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ අරමුදල් සහිතව සහය ලැබූ Shani Apparels ව්‍යාපාරයේ ශානිකාගේ කතාව මෙසේ නැවත සිහිපත් කරමු.
From one woman's initiative to a growing brand, Shani Apparels shows what becomes possible when women entrepreneurs have the opportunity, resources and support to unlock their potential.
Founded by Shanika Prashantika in Monaragala, Shani Apparels has built a distinctive brand around its “bro” and “sis” garments, now reaching customers across a number of provinces. With ambitions to enter international markets, Shanika is envisioning new ways to strengthen her business, create opportunities and contribute to local economic growth.
When women have equal opportunities to build and grow their businesses, they don’t just create successful enterprises. They open doors for others, strengthen local economies and help build more inclusive communities.
A throwback to her Shanika's story through her brand Shani Apparels, a grantee of the Project, funded by the European Union Delegation to Sri Lanka and the Maldives.