18/12/2024
වීදි වලින් ඔබ්බට අවධානමේ සිට ඔරෙත්තු දීමේ හැකියාව දක්වා යන ගමනට ආරම්භයක් එක් කරමින් කාන්තා නායිකාවන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහනක් 2024 12.12 සහ 2024.12.13 වන දෙදින තුල අනුරාධපුර සිල්ව ක්‍රවුන් හෝටලයේ දී පවත්වන ලදි.
මෙම වැඩ සටහන නීලම් තිරුචෙල්වම් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනය මගින් ක්‍රියාවට නන්වන ලදි.
මේ සඳහා සම්පත් දායකත්වය,
• මානව හිමිකම් කොමිසන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ ඩබ්.කේ ශිරෝමි ප්‍රියංගි මහත්මිය.
• අනුරාධපුර කොට්ඨාධ ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති කාන්තා ප්‍රඨානා පොලිස් පරීක්ෂක එච්.එම්.අයි නිෂානි සෙනවිරත්න මහත්මිය.
• අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ නිලධාරි ආර්.එම් සුමිත් රත්නායක මහතා.
• ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි එම්.එම් මහේන්ද්‍ර දසනායක මහතා.
• විශාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩබ්.කේ ජයන්ත මහතා.
• ආයුර්වේද වෛද්‍ය ඩබ් පේෂල සඳුන් පීරිස් මහතා සහය දැක් වූ අතර,
මෙම වැඩසටහන සඳහා නීලම් තිරුචෙල්වම් ආයතනයේ කළමණාකාර - වැඩසටහන් ප්‍රධානී කෞශල්‍ය ආරියරත්න මෙනවිය, එම ආයතනයේ වැඩසටහන් නිලධාරි නිලන්ත අතපත්තු මහතා, මුදල් නිලධාරි කේ. ප්‍රියදර්ශනී මහත්මිය සහ ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනයේ විධායක අධ්‍යක්ෂක එච්.එම් නිමල් පද්මසිරි, එම ආයතනයේම මුල්‍ය කළමණාකරු සංජීවනි නදීකා සුරංජි, ක්‍ෂෙත්‍ර නිලධාරින් වන විරාජ් යහම්පත් හා ක්‍රිෂාන්ති කුමුදුනි යන අය සහභාගී විය