Fedaration Of Youth Clubs NPE

Fedaration Of Youth Clubs NPE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fedaration Of Youth Clubs NPE, Nonprofit Organization, NYSC Anuradhapura, Anuradhapura.

25/05/2026
21/05/2026

ජාතික යෞවන නාට්‍ය තරගාවලිය 2026
අයදුම්පත් සහ නාට්‍ය පිටපත් භාරගන්නා දිනය
ජුනි 10 දක්වා...

අදම ඔබේ අයදුම්පත යොමු කරන්න.

https://nysc.lk/dramacomp/

21/05/2026
21/05/2026

ජාතික තරුණ දිනය 2026
"රටම එකට" ජාතික මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනට සමගාමීව ජාතික තරුණ සේවා සභාව හා යෞවණ සමාජ ජාතික සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන දැනුවත් කිරිමේ අනුරාධපුර දිස්ත්‍රික් රැලිය හා පාගමන 2026.06.23 පෙ.ව 9.00 ට යොවුන් නිකේතනය අසළින් ආරම්භ වේ. ඒ සදහා YOUTH CLUBS ඇතුලු අනුරාධපුර තාරුණ්‍යයේ ඔබ සැමට ආරාධනා .....!!!!

15/05/2026

මිලියනයක ස්වේච්ඡා තරුණ බලකායට ඔබත් එකතු වන්න....!

ජාතික තරුණ සේවා සභාව විසින් මිලියනයක තරුණ ස්වේච්ඡා බලකායක් ගොඩනැගීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු ස්වේච්ඡා වැඩසටහන ලෙස ආපදාවට ලක් වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීම උදෙසා සහන සේවා කඳවුර සඳහා ස්වේච්ඡා සේවකයින් ලියාපදිංචි කර ගැනීම අදින් ඇරඹේ....!

ඒ සඳහා අයදුම් පත්‍රය පහත දැක්වේ.

https://url-shortener.me/1NZB

ඔබත් එක්වන්න ....!

ஒரு மில்லியன் தன்னார்வ இளைஞர் படையில் இணைய உங்களுக்கும் ஒரு சந்தர்ப்பம்....!

​தேசிய இளைஞர் சேவைகள் மன்றம் (National Youth Services Council - NYSC) ஒரு மில்லியன் இளைஞர் தன்னார்வப் படையை உருவாக்கத் திட்டமிட்டுள்ளது. அதன் முதல் தன்னார்வத் திட்டமாக, அனர்த்தங்களால் பாதிக்கப்பட்டவர்களின் இயல்பு வாழ்க்கையை மீட்டெடுப்பதற்கான நிவாரண சேவைகள் முகாமிற்கு தன்னார்வலர்களைப் பதிவு செய்யும் பணி இன்று ஆரம்பமாகிறது....!

​அதற்கான விண்ணப்பப் படிவம் கீழே கொடுக்கப்பட்டுள்ளது:

https://url-shortener.me/1NZB

​நீங்களும் எங்களுடன் இணையுங்கள்....!

An Opportunity for You to Join the Million Volunteer Youth Corps....!

​The National Youth Services Council (NYSC) is planning to build a Million Youth Volunteer Corps, and registration for volunteers for the relief services camp—the first volunteer program aimed at normalizing the lives of those affected by disasters—begins today....!

​The application form for this is provided below:

https://url-shortener.me/1NZB

​You too can join us....!

14/05/2026

සිහිනයට පියාපත් - 2026

නවක තරුණ ලේඛකයන්ගේ ප්‍රථම සාහිත්‍ය නිර්මාණ මුද්‍රණයට අමාත්‍යාංශයෙන් පූර්ණ අනුග්‍රහය

ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ නිර්මාණශීලී සාහිත්‍යමය කුසලතා දිරිමත් කරමින්, ඔවුන්ගේ කුලුදුල් ස්වතන්ත්‍ර නිර්මාණය මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීම සඳහා පවතින මූල්‍යමය බාධක ඉවත් කිරීම අරමුණු කරගනිමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් " සිහිනයට පියාපත් - 2026 " සුවිශේෂී ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

තම නව අදහස් හා සංකල්ප අකුරු කරන්නට පෙම් බඳින, එහෙත් මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තම ප්‍රථම පොත මුද්‍රණය කර ගැනීමට නොහැකිව ලතැවෙන දක්ෂ තරුණ ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.

භාෂා ද්විත්වයෙන්ම සම අවස්ථා

මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ සිංහල සහ දෙමළ භාෂා මාධ්‍යයන්ගෙන් වෙන් වෙන් වශයෙන් එක් එක් අංශය යටතේ විශිෂ්ටතම කෘති 05 බැගින් (මුළු කෘති 30ක්) තෝරාගෙන, ඒවා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම යි.

වෘත්තීය මට්ටමේ විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරාගනු ලබන හොඳම කෘති සඳහා පහත පරිදි අනුග්‍රහය හිමි වේ.

නවකතා (සිංහල 05 / දෙමළ 05): තෝරාගන්නා එක් කෘතියකින් පිටපත් 500 බැගින් මුද්‍රණය කෙරේ.

කෙටිකතා සංග්‍රහ (සිංහල 05 / දෙමළ 05): තෝරාගන්නා එක් කෘතියකින් පිටපත් 250 බැගින් මුද්‍රණය කෙරේ.

කාව්‍ය සංග්‍රහ (සිංහල 05 / දෙමළ 05): තෝරාගන්නා එක් කෘතියකින් පිටපත් 250 බැගින් මුද්‍රණය කෙරේ.

මූලික සුදුසුකම් සහ නීති රිති :

1. වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 15 - 35 අතර ශ්‍රී ලාංකික තරුණයන් විය යුතුය.

2. ආධුනිකත්වය: මීට පෙර කිසිදු සාහිත්‍ය කෘතියක් / පොතක් ප්‍රකාශයට පත් නොකළ නවක ලේඛකයින් විය යුතුය.

3. ස්වතන්ත්‍ර භාවය: නිර්මාණ තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු අතර, පරිවර්තන, පිටපත් කිරීම් හෝ පරිගණක (AI) මඟින් උත්පාදනය කරන ලද නිර්මාණ නොවිය යුතුය.

4. පිටු සීමාවන් (A5 ප්‍රමාණයෙන්):

a. නවකතා: පිටු 120 - 300

b. කෙටිකතා සංග්‍රහ : පිටු 80 - 200

c. පද්‍ය සංග්‍රහ : පිටු 50 - 120
කෘති ප්‍රකාශනයට පත් කළ දින සිට වසර 03ක කාලයක් අමාත්‍යාංශය සහ ලේඛකයා අතර සම කතෘ අයිතිය පවතින අතර, වසර 03 කට පසු එහි සම්පූර්ණ අයිතිය සහ පෞද්ගලිකව නැවත මුද්‍රණය කිරීමේ අයිතිය ලේඛකයාට හිමි වේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීම:

නියමිත අයදුම්පත අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් හෝ අදාළ QR කේතය මඟින් බාගත කරගත හැක. සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ නිර්මාණයේ දෘඩ පිටපත් (Hard Copies) 03ක් (අත් අකුරින් ලියන ලද හෝ පරිගණක අකුරු සැකසුමෙන් යුත් ) 2026 ජූලි මස 31 වැනි දිනට හෝ ඊට පෙර පහතලි පිනයට තැපැල් මඟින් හෝ ගෙනැවිත් භාර දිය යුතුය.

ලිපිනය:

ලේකම්.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය (තරුණ කටයුතු අංශය),

නො. 09, පිලිප් ගුණවර්ධන මාවත,

කොළඹ 07.

වැඩිදුර මාධ්‍ය වීමසීම් සඳහා:

දුරකථන අංක: 011 2 422 233 / 011 2 441 570 (රාජකාරි වේලාවන්හිදී)

විද්‍යුත් තැපෑල: [email protected]

වෙබ් අඩවිය: www.moys.gov.lk

අන්තර් යෞවන සමාජ කැරම් ක්‍රීඩා තරග නැ.නු.ප 2026/05/10
14/05/2026

අන්තර් යෞවන සමාජ කැරම් ක්‍රීඩා තරග නැ.නු.ප
2026/05/10



අන්තර් යෞවන සමාජ ක්‍රිකට් ක්‍රීඩා තරග නැ.නු.ප 2026/05/10
13/05/2026

අන්තර් යෞවන සමාජ ක්‍රිකට් ක්‍රීඩා තරග නැ.නු.ප
2026/05/10



අන්තර් යෞවන සමාජ ක්‍රීඩා තරග නැ.නු.පඅවුරුදු 15 - 29 අතර (කාන්තා/පිරිමි)
13/05/2026

අන්තර් යෞවන සමාජ ක්‍රීඩා තරග නැ.නු.ප
අවුරුදු 15 - 29 අතර (කාන්තා/පිරිමි)



වොලිබෝල්2026.05.17උදෑසන 8.00 සිටඅනුරාධපුර සිරිමෙවන් ක්‍රීඩාංගනයේදීවයස් සීමාව 15 - 29 අතර කාන්තා/පිරිමි
13/05/2026

වොලිබෝල්
2026.05.17
උදෑසන 8.00 සිට
අනුරාධපුර සිරිමෙවන් ක්‍රීඩාංගනයේදී

වයස් සීමාව 15 - 29 අතර කාන්තා/පිරිමි

Address

NYSC Anuradhapura
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Fedaration Of Youth Clubs NPE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share