Nalanda Campus Foundation- නාලන්දා පදනම

Nalanda Campus Foundation- නාලන්දා පදනම Up Skilling Srilankan Youth To Meet Industry Needs

13/04/2026

"ලොවම සුවපත් කරන්නට පිපෙනා - සුවඳ මල් මෙලොව ඇත.." 🌼

​පරාර්ථයේ ගුණ සුවඳ පතුරමින්, අප සංවිධානය වෙනුවෙන් අපමණ කැප කිරීම් කරන ආදරණීය මුදිතා පුස්සැල්ල මහත්මියට අදට යෙදෙන උපන්දිනය වෙනුවෙන් සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු!
​ඔබේ නිහඬ මෙහෙවර මේ පෘථිවිය තවත් ලස්සන කරනු ඇත. 🌍✨

13/04/2026

"ලොවම සුවපත් කරන්නට පිපෙනා - සුවඳ මල් මෙලොව ඇත.." 🌼

​පරාර්ථයේ ගුණ සුවඳ පතුරමින්, අප සංවිධානය වෙනුවෙන් අපමණ කැප කිරීම් කරන ආදරණීය මුදිතා පුස්සැල්ල මහත්මියට අදට යෙදෙන උපන්දිනය වෙනුවෙන් සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු!

​ඔබේ නිහඬ මෙහෙවර මේ පෘථිවිය තවත් ලස්සන කරනු ඇත. 🌍✨

09/04/2026

These days, we are conducting our new membership registration process, and we are excited to have you join our growing community.

To get started, please register through our new membership system:

🔗 Register here: https://member.planetprotectorslk.org/register

💳 Membership Fees:

Student Membership – LKR 250

General Membership – LKR 500

Corporate Membership – LKR 25,000 (Please contact us to register. Our team will create your account.)

Life Membership – LKR 5,000

Foreign Membership – USD 10

🏦 Bank Details:
Account Name: NALANDA CAMPUS FOUNDATION
Account Number: 027 010 418 258
Bank: HNB – Nugegoda Branch

👉 What to do:

Complete your registration

Make the relevant payment

Upload your payment receipt when prompted

Explore the system and report any issues

🌍 About the system:

Manage your membership verification

Track your attendance and activities

Earn points for your contributions

Get featured as a top member on our official website

Once registered, our admin team will review and approve your application. You will receive an email notification after approval, and then you can log in and use the system.

Your support helps us improve the platform and grow our community 🙌

Thank you and welcome to Planet Protectors! 💚

05/04/2026

අලුත් අවුරුද්දේ අලුත් ඇඳුම් වගේම - මිහිතලයටත් අලුත් හුස්මක් දෙමු! 🌸🌳

සිංහල හා හිංදු අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයයි. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න, කෑම බීම හදන්න අපි දහස් ගණනින් මුදල් වියදම් කරනවා. ඒ සතුට මැද්දේ, මේ ලෝකයට ජීවිත කාලයටම ඉතිරි වන වටිනා "ජීව දායාදයක්" එකතු කරන්න ඔබත් කැමතිද?

Planet Protectors අපි මේ දිනවල දැවැන්ත උත්සාහයක නිරත වෙන්නේ, අපේ මිහිතලයෙන් වඳවී යන දුර්ලභ ශාක නැවත රෝපණය කරලා, අනාගත පරපුර වෙනුවෙන් සුවපත් ලෝකයක් නිර්මාණය කරන්නයි.

ඔබට අප හා එක්විය හැකි ආකාරය:

📍 රුපියල් 1000 කින් ගසක්:
එක් දුර්ලභ ශාක පැළයක් රෝපණය කර, එය වසර දෙකක් යනතුරු රැකබලා ගැනීමට අප වැය කරන්නේ රුපියල් 1000 ක් වැනි සුළු මුදලක් පමණයි.

ඔබේම නමින් ගසක්: ඔබ ලබාදෙන දායකත්වයට උපහාරයක් ලෙස එම ගස ඔබේ නමින් නම් කිරීමට අපි කටයුතු කරනවා.

One Planet App පහසුකම: අපේ Web App එක හරහා ලෝකයේ ඕනෑම තැනක සිට ඔබ සිටුවූ ගස තිබෙන ස්ථානය (Location) පරීක්ෂා කිරීමටත්, එහි වර්ධනය දැකබලා ගැනීමටත් ඔබට පුළුවන්.

📍 මාසික දායකත්වය (රුපියල් 300):
අපේ මෙම හරිත මෙහෙයුම අඛණ්ඩව කරගෙන යාමට රුපියල් 300 ක වැනි සුළු මාසික දායකත්වයකින් අපව ශක්තිමත් කරන්නත් ඔබට අවස්ථාව තිබෙනවා.

වැඩ රාජකාරි නිසා සොබාදහම වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න වෙලාවක් නැති ඔබට, විනිවිදභාවයකින් යුතුව එම වගකීම ඉටු කරන්න අපි සූදානම්. මෙය ව්‍යාපාරයක් නොව, හෙට දවසේ ජීවය වෙනුවෙන් කරන ආයෝජනයකි.

ඔබේ දායකත්වය පහත ගිණුම් අංකය ඔස්සේ ලබාදිය හැකියි:

🏦 BANK DETAILS:

Account Name: NALANDA CAMPUS FOUNDATION
Account No: 027 010 418 258
Bank: HNB - Nugegoda Branch (Branch Code: 83)

වැඩි විස්තර සඳහා දැන්ම අපට වට්සැප් (WhatsApp) පණිවිඩයක් යොමු කරන්න:
📲 +94 741 811 633
📲 +94 776 752 816
📲 +94 740 659 792

අපි එක්වෙමු! මේ මිහිතලය අනාගතය වෙනුවෙන් රැකගනිමු. 🌏💚

28/03/2026
22/03/2026

පුංචි මිනිසුන්ගෙ මහා පණිවිඩය

අප ජීවත් වෙන මේ සුන්දර ලෝකය අපේම මිනිසුන් කොටසක් විසින් විනාශ කරමින් තම ආශාවන් පසු පස ලුහුබැඳ යන්නේ බොහෝ දෙනාට විනාශය කැඳවමිනි. තවත් කොටසක් තම ආශාවන් පාලනය කරගනිමින් මිහිකත වෙත තම ආදරය පරිත්‍යාග කර සුවපත් කරන්නේ බොහෝ දෙනාට ජීවත් විය හැකි යහපත් පරිසරයක් සකස් කරමිනි. හැමදාම මෙම කණ්ඩායම් දෙක ලෝකයේ විනාශය හා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි.
මනුෂ්‍යයන්ගෙ සිතුවිලි හා ආශාවන් සියළු දෙනාගෙ යහපත උදෙසාම යෙදවිය හැකි නම් බොහෝ සතුන්ටත් මනුෂ්‍ය සත්වයාටත් බොහෝ යහපත පිණිසම හේතු වනු ඇත. මහ පොළොව, මහ සාගරය, මහ ගංඟා සියල්ලටම පණ තිබේ. ඔවුන් උපත ලබා ස්වභාවිකව තරුණ වෙමින් වයසට යමින් ස්වභාවික මරණයක් කරා ගමන් කරයි. එකී පරිණාමයේදී මේ දැවැන්තයින්(මිනිසුන්,සතුන්,ගහකොළ ) සියල්ලන්ගේ ජීවය පිණිස බොහෝ උපකාර කරයි.

මහ පොළොව ද මිනිසා ද නිර්මාණය වී ඇත්තෙ ඝන ස්වභාවය, ද්‍රව ස්වභාවය, වායු ස්වභාවය සහ උණුසුම් සීතල ස්වභාවය යන කොටස් හතරක එකතුවකිනි. මහ පොළව සහ මිනිසා අතර ඇති සමානාත්මතාවය මේ මත ගොඩනැගේ. මිනිස් භෞතික ශරීරයේ පැවැත්ම සඳහා ඉහත කී කොටස් හතර පෝෂණය කරන්නේ ආහාර මගිනි. ඒ ආහාර සැදෙන්නේ ද ඉහත ස්වභාවයන් තුළින්ම ගොඩනැගී පවතින මහ පොළොව, ජලය, වාතය සහ උෂ්ණත්වය මගින්ම නොවේද? ඔබ දන්නවාද?

භෞතිකව මේවායේ උපකාරයෙන් සකස් වූ මේ ශරීරය හා බැඳුණු මනස තුළ නිර්මාණය වූ අන්ධකාරය නිසා (නොදැනුවත්කම, මුලාව) තමන් යැයි ඇති කරගත් වැරදි හැඟීම 'මම' ප්‍රධාන කරගනිමින් අපේ ජීවිත තුළ 'මම' පිනවන්න ගන්නා වූ ආශාවන්හි පොදු ගුණාකාරය මේ මහ පොළොව, මහා සාගරය, වාතය සහ උෂ්ණත්වය ස්වභාවිකව මියදෙන්න පෙර ඝාතනය කරමින් සිටින බව?.
සාගර විද්‍යාඥයෙක්ගෙන් අහන්න, මිනිස් ක්‍රියාකාරකම් නිසා සාගරය මිනිසුන් විසින් ඝාතනය කරමින් සිටින විදිය ඔවුන් පවසාව්. පොළොව පිළිබඳව විද්‍යාඥයෙක් ක්ගෙන් අහන්න, මිනිසා විසින් පොළොවට කළ විනාශය හා එකී විනාශය නිසා මිනිසා හා අනිකුත් සතුන් විඳින්නා වූ දුක් විපාක මොනවද කියලා. වායුගෝලය පිළිබඳව දන්නා කෙනෙකුගෙන් අහන්න මේ වායුගෝලය විනාශ කිරීම නිසා දැනටමත් මිනිසුන් හා සතුන් බොහෝ දුක් විපාක විඳවන ස්වභාවය.

ඒ නිසා මිනිසුන් කුඩා ප්‍රමාණයකගේ අනවබෝධය හා ආශාව බොහෝ සතුන්ට අයහපත, අවසානය ඉතා ඉක්මනින් ළඟා කරමින් සිටියි. මිහිකත මාතාව මහා විශාලය. ඊට වඩා අනවබෝධයෙන් පිරුණු මිනිසුන්ගෙ ආශාවන් විශාලය.
තුන්වන මිහිකත සමුළුව මහ පොළොව සුවපත් කිරීම සඳහා අප විසින් සංවිධානය කරනු ලැබුවේ අපගේ දරුවන්, වැඩිහිටියන්, සතුන් සහ ස්වභාව දහමේ යහපත වෙනුවෙනි. මිනිස් මනසේ නොදන්නාකම පහකර, මිනිස් ආශාවන් මේ සමස්ථ පරිසර පද්ධතියට ආදරය කිරීම සඳහා යොමු කරවීම වෙනුවෙනි.
මිනිසාගේ ආශාවන් පරිසරයේ ආරක්ෂාව බවට පරිවර්තනය කිරීම වෙනුවෙනි. අප සැම කුඩා මිනිසුන් වෙමු. එනමුදු අපගේ පණිවිඩය ඉතා විශාලය. එය සමස්ථ සත්ව ප්‍රජාව පමණක් නොව අප ඇවිද යන්නා වූ, ජීවත් කරවන්නා වූ දරා සිටින්නා වූ මිහිකත් මව සුවපත් කිරීම උදෙසාමය.

18/03/2026

රටම එකට පස වෙනුවෙන් එක්වන දවස අදයි! 🌍🌱

අපේ මාතෘභූමියේ පණ ගැහෙන පස සුරැකීමේ ජාතික මෙහෙයුම - "පෘථිවි සමුළුව 2026" (Earth Summit) අද මධ්‍යහ්න 2:00 සිට සජීවීව!

අද දවසේ කෝට්ටේ රැම්පාට් තෙත්බිම් උද්‍යානයට මුළු රටේම අවධානය යොමු වන්නේ මියයන මහපොළොවට නැවත පණ දෙන මහා විද්වත් කතිකාව නිසාවෙනි. පස යනු හුදෙක් අපේ දෙපයට පෑගෙන පස් ගොඩක් නොව, මුළු රටක ආහාර සුරක්ෂිතතාව සහ හෙට දවසේ පැවැත්ම තීරණය කරන මහා ජීව පද්ධතියයි. 🛡️✨

🎓 මෙරට ඉහළම විද්වත් හඬ එකම වේදිකාවකදී:
අද දින මෙම ඓතිහාසික කතිකාවට නායකත්වය දෙන්නේ:

සම්මානිත මහාචාර්ය සරත් කොටගම

මහාචාර්ය තිලක් හේවාවසම්

මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර

ආචාර්ය ලයනල් වීරකෝන්..ඇතුළු ආචාර්ය, මහාචාර්යවරුන් රැසකගේ සෘජු විද්වත් දායකත්වයෙනි.

පස රැකගැනීමේ ජාතික මෙහෙයුම වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම විද්වතුන් පෙළගැසෙන මෙම සුවිශේෂී අවස්ථාව හරිත ටීවී (Haritha TV) නාලිකාව ඔස්සේ සහ Planet Protectors නිල ෆේස්බුක් පිටුව සහ අපේ රටේ ජනප්‍රියම ෆේස්බුක් පිටු රැසක් හරහා සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 🛡️🌱

🔹දිනය: 2026 මාර්තු 18 වන දින
🔹වේලාව: පස්වරු 2:00 සිට

📺 රූපවාහිනී විකාශනය:
✅ හරිත ටීවී (Haritha TV)

🌐 ෆේස්බුක් සජීවී විකාශනය (Facebook Live):

▪️ Planet Protectors (නිල ෆේස්බුක් පිටුව)
▪️ Kassa (නිල ෆේස්බුක් පිටුව)
▪️ Gamma (නිල ෆේස්බුක් පිටුව)
▪️ Api Colombo (නිල ෆේස්බුක් පිටුව)
▪️ Kandy Memes (නිල ෆේස්බුක් පිටුව)
▪️ The Sri Gags (නිල ෆේස්බුක් පිටුව)

ඔබ ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක සිටියත්, අනාගත පරපුරට ජීවමාන මහපොළොවක් ඉතිරි කිරීමේ මෙම ජාතික වගකීමට අද සජීවීව සම්බන්ධ වන්න.

අපේ මහපොළොව රැකගන්න රටම එකමුතුව පෙළගැසෙමු! 🤝🇱🇰

15/03/2026

පරිසර පද්ධතියේ පදනම වන "පස" සුරැකීම වෙනුවෙන් පෙළගැසෙන දැවැන්තම ජාතික පාරිසරික සමුළුවට ඔබත් සූදානම්ද?

Planet Protectors සංවිධානය ශ්‍රී ලංකා රජය හා එක්ව තෙවන වරටත් සංවිධානය කරනු ලබන "පෘථිවි සමුළුව 2026" මෙවර විශේෂයෙන්ම පාංශු සංරක්ෂණය සහ එහි ඇති දැඩි අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරයි.

📍 ස්ථානය: රැම්පාර්ට් තෙත්බිම් උද්‍යානය, කෝට්ටේ
📅 දිනය: 2026 මාර්තු 18
මෙවර සමුළුවේ විශේෂතා:

🔹පාංශු සංරක්ෂණය: දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික විපත් නිසා සිදු වූ නායයෑම් සහ පාංශු ඛාදනයට විසඳුම් සෙවීම.
🔹පූර්ව පාසල් තරගය: සිසුන් වෙනුවෙන් "දේශීය පරිසර පද්ධතිය සහ පාංශු සංරක්ෂණය" තේමාව යටතේ වීඩියෝ නිර්මාණ තරගයක්.
🔹විද්වත් දායකත්වය: අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ පරිසර විශේෂඥයින්ගේ සහභාගීත්වය.
🔸අධ්‍යාපනික ප්‍රදර්ශන: ජෛව විවිධත්වය, පාංශු සෞඛ්‍යය සහ දේශගුණික තිරසාරත්වය පිළිබඳ දැනුම බෙදාගැනීම.
අනාගත පරපුර වෙනුවෙන් ජීවයේ අත්තිවාරම සුරක්ෂිත කරන්නට අපි සැවොම එක්වෙමු! 🤝🌍

වැඩි විස්තර සඳහා:
🌐 වෙබ් අඩවිය: www.planetprotectorslk.org
📞 දුරකථන: 0112 756 967 / 0776 740 593
📧 විද්‍යුත් තැපෑල: [email protected]

07/03/2026

ඔබ ජීවත්වන මේ ලෝකය ලස්සන කරන්න එන්න අප හා එක් වන්න.
අපේ හුස්ම බෙදන මහා පිංකමට ඔබත් දායක වන්න.
0776752816 watsp

23/02/2026

Address

Hawpekanda
Ahangama
80650

Alerts

Be the first to know and let us send you an email when Nalanda Campus Foundation- නාලන්දා පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share