Anduren Eliyata - Darkness to Light Incorporated

Website Contact the organization

Anduren Eliyata - Darkness to Light Incorporated SOLAR POWER PROGRAM TO PROVIDE SOLAR POWERED
LIGHTS TO ECONOMICALLY HANDICAPPED FAMILIES
IN SRI LANKA

CHARITY FUND RAISING NO: CFN/23278

It is with great sadness that we share the passing of Chandra Fernando, the founder of Anduren Eliyata – Darkness to Lig...
28/10/2025

It is with great sadness that we share the passing of Chandra Fernando, the founder of Anduren Eliyata – Darkness to Light.
Chandra has left behind a remarkable legacy of compassion and service, which we will proudly continue. Many have reached out asking how they can donate in his memory.
As a tribute to Chandra, we will be carrying out the largest solar distribution project within the next three months to honour his vision.
Donations can be made to the following bank account:
Anduren Eliyata
BSB: 062 185
Account: 1073 9835
Please note that the website www.andureneliyata.com.au has not been updated recently, but it will soon include information on the latest projects.
Chandra’s light will continue to shine through every life he touched. 🌟

WELCOME TO OUR FAMILY ANDUREN ELIYATA DARKNESS TO LIGHT INCORPORATED With pleasure, we would like to welcome you to the official Anduren Eliyata Website. Here you can explore who we are, what we do, and how you can be the light in the darkness for many disadvantaged families in Sri Lanka. Warm & Inv...

Visit the memorial for Chandra at
24/10/2025

Visit the memorial for Chandra at

Tribute, Livestream and Funeral Information for Chandrasiri Fernando

28/08/2023

Message from Rajika Harshani an actress from the play:
"සද් ගුණවත් හොරු" අඳුරට එළිය ගෙන ආ වගයි.
================================
මේ වනවිට "සත් ගුණවත් හොරු" වේදිකා නාට්ටිය මෙල්බර්න් පුරවරයේ සහ ඇඩිලේඩ් නුවර සාර්ථකව අට වතාවක් වේදිකාගත කෙරිලා තියෙනවා. එතෙක් මෙතෙක් කාලයක් පුරාවට මෙල්බර්න් නුවර ලාංකිකයන්ට රසවිඳින්න ලැබුනෙ ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙන්වූ වේදිකා නාට්‍යයන් වුනත්, මෙල්බර්න්හි පදිංචි ලාංකිකයන් සම්බන්ධවුනු මේ නුවරින්ම නිෂ්පාදනය වූ නාට්‍යයක් දර්ශන වාර 8 ක් සම්පූර්ණ කළේ ප්‍රථම වතාවටයි. මුල්ම දර්ශන වාරය ඇරුණුකොට, අනෙකුත් දර්ශන වාර 7දි සියලුම ටිකට්පත් විකිණී තිබීමත් විශේෂයක් කියල අපි කල්පනා කරනවා.
මෙහි අවසාන දර්ශන වාර කිහිපය වේදිකාගත කෙරුණෙ "අඳුරෙන් එළියට" කියන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ලාංකිකයන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරන fundraiser වැඩසටහන වෙනුවෙනුයි. මේ වැඩසටහනෙ අරමුණ වෙන්නෙ, ලංකාවෙ විදුලිබලය නැති පලාත්වල දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සඳහා කුප්පිලාම්පු භාවිතය අවම කිරීම සඳහා, ඒ වෙනුවට සූර්‍ය බලයෙන් ක්‍රියාත්මකවෙන විදුලි බල්බ ලබාදීමයි. කුප්පිලාම්පු භාවිතය නිසා සිදුවන හදිසි අනතුරුවලින් දරුවන්ට සිදුවෙන හානියෙ බරපතලබව දැකල තමයි වැඩසටහනේ නිර්මාතෘවරයා මේ වැඩපිළිවෙළ ආරම්භකරල තියෙන්නෙ. වසර කිහිපයක් පුරා ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙළ හරහා දැනටමත් ලංකාවේ දරුවන් 3000 ක් පමණ දෙනාට කුප්පිලාම්පු අනතුරෙන් ඉවත්වෙලා අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න අවස්ථාව සහ වාසනාව ලැබිලා තියෙනවා.
අපේ නාට්ටිය මේ fundraiser project එක වෙනුවෙන් ඉදිරිපත් කරන්න කැමැතිද කියල zoom meeting එකක් තියල සාකච්ඡා කළ වෙලාවෙ කණ්ඩායමේ හැමදෙනාම එක පයින්ම මේ යෝජනාවට කැමැති වුනු හැටි මට අද වගේ මතකයි. එහෙම කැමැතිවුනා වගෙම බොහොම මහන්සියෙන් කැපවෙලා පුහුණුවීම් කරල හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්නත් අපට පුලුවන් වුනා කියල අපි විශ්වාස කරනවා.
ඒ දර්ශන වාර සියල්ලම සාර්ථක වුන නිසා, fundraiser එක සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉක්මනින්ම එක්‍ රැස් කරගන්න ඒ කණ්ඩායමට පුලුවන් වුනා. මේ සද් කාර්‍යය සඳහා නාට්‍යයෙ අපි හැමදෙනාම කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක බලාපොරොත්තුවක් නැතුව සහයෝගය ලබාදුන් නිසාම, මේ ව්‍යාපෘතිය සඳහා ලංකාවෙ අපට කැමැති ප්‍රදේශයක් තෝරාගැනීමේ වරණය අපට ලැබුණා.
මොණරාගල රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරණ කාලෙදි, දෙමාපියන්ට තියෙන ආර්ථික අපහසුතා නිසාම අධ්‍යාපනය අතහරින දූදරුවන් මං දැකලා තිබුණා. විදුලිබල අවශ්‍යතාවය සඳහා සුදුසුම දරුවන් ඒ පලාතෙ ඉන්න බව මං තදින්ම විශ්වාස කළ නිසා හැකියාවක් තියෙනවානම්, මේ සඳහා මොණරාගල දිස්ත්‍රික්කයටත් අවස්ථාවක් දෙන ලෙස මං ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම බොහොම කැමැත්තෙන් පිලිගත්ත "අඳුරෙන් එළියට" කණ්ඩායම මේ කාර්‍යය සම්බන්ධීකරණය කරන්න මොණරාගලින් සුදුසු අයෙක් සොයාදෙන ලෙස මගෙන් ඉල්ලාසිටියා. ඒ අනුව මං මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී මීගස්දෙනිය සහෝදරීව සම්බන්ධ කරගත්තා. අවශ්‍ය සියලුම දේ සම්පාදනය කරගත්තට පස්සෙ, පහුගිය සිකුරාදා දවසෙදි මොණරාගල අධ්‍යාපන කලාපයේ විදුලිබලය නොමැතිවීම නිසා අධ්‍යාපන කටයුතු කරගන්න අපහසු දරුවන් 103 දෙනෙකුට සූර්‍යබලයෙන් ක්‍රියාත්මක වන විදුලිබල කට්ටලය බැගින් ලැබුණා.
හර්ෂණී නංගි වගේම, මාව නියෝජනය කරමින් මේ වැඩසටහනට සහභාගි වුණු ප්‍රගීත් අයියාත් එවපු පින්තූර දැක්කම මගෙ ඇස් දෙකට කඳුළු ආවා.
අපේ නාට්ටිය මේ fundraiser එක සඳහා තෝරාගැනීම වෙනුවෙන් "අඳුරෙන් එළියට" කණ්ඩායමටත්, මේ සඳහා නොමසුරුව දායකත්වය දැක්වූ කුසුම්සිරි අයියා, යශෝ අක්කා ඇතුළු "සද් ගුණවත් හොරු" කණ්ඩායමටත්, නාට්‍ය රසවිඳින්න පැමිණි ප්‍රේක්ෂක පිරිසටත්, මේ කටයුතු සම්බන්ධීකරණය කළ මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා Harshani Meegasdeniya නංගීටත්, අවසාන මොහොතෙ කල කෙටි දැනුම්දීමකින් වුනත් මේ වැඩසටහනට මාව නියෝජනය කරමින් සම්බන්ධ වුනු Prageeth Kumara අයියාටත්, ඒ අයියාව සම්බන්ධ කරදුන් මගේ අයියා Erandha Harshapriya ටත්, නමක් ගමක් නොදන්නා නමුත් මේ වෙනුවෙන් සහයෝගය දුන් හැමදෙනාටමත් අප්‍රමාණ පින්.
හර්ෂණී නංගි කියන විදියට මේ උදව් උපකාර ලැබිය යුතුම දරු පිරිසක් එදා වැඩසටහනට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. ඒනිසාම එයාලගෙ විදුලිබල අවශ්‍යතාවලට අමතරව තවත් අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයකටම අනුග්‍රහයත් ලැබිලා තියෙනවා. එදා ඒ වෙලාවෙම ස්තුතිය ප්‍රකාශ කරන්න අවශ්‍යබව දන්වපු දරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද කතාව මං මේ එක්ක අමුණලා තියෙනවා. නිකමට වගෙ අහලා බලන්නකො.
මට රඟපෑමට මුලින්ම ආසාවක් ආවෙ මං මොණරාගල රාජකීයෙ කුඩා දැරියකව ඉගෙනගනිද්දි ජේෂ්ඨ අයියලා, අක්කලා කරන නාට්‍ය පුහුණුවීම් දැකලයි. ඒවගෙම ඒ රාජකීය විද්‍යාලයෙදිම "කුඩාමිතුරිය"ක් විදියට මගෙ මුල්ම වේදිකා රංඟනය ඉදිරිපත් කරන්නත් මට පුලුවන් වුණා. වැඩිහිටියෙක් වුනාමත් වේදිකා නාට්‍යවලට දායකවෙන්න මට ලොකු ආසාවක් තිබුනට, ලංකාවෙ නාට්‍ය කලාවටම ආවේනික නමක් වුනු "ස‍රත්චන්ද්‍ර" කියන නම ගෑවිලා තියෙන කෙනෙක් එක්කවත් නාට්ටියක් කරන්න අවස්ථාවක් ලැබෙයි කියල මගෙ හීනෙකවත් බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. ඒ වගෙම තමයි, එහෙම වේදිකාවක රඟපාල මං ඉගෙනගත්‍ත පලාතෙ දරුවන්ගෙ හීන හැබෑකරන්න අවස්ථාවක් ඒවි කියල හීන මාත්‍රයක්වත් මගෙ හිතේ තිබුනෙ නෑ. ඒත් එදා රාජකීය විද්‍යාලයෙන් වේදිකාවට ගොඩවුණු මට අද මෙල්බර්න්වලදි සරත්චන්ද්‍ර ගුරුතුමාගේ දියණියකගේ ආභාෂය රැඳුණු නාට්ටියකට සම්බන්ධවෙලා, අපේ කලාපයේ, අපේ දරුවන්ට ආලෝකයක් ලබාදෙන්න අවස්ථාවත්, වාසනාවත් ලැබුණා. 😊
මේ අතීත සිදුවීම් ජාල ගැටගහනකොට මං නිතර කල්පනා කරන දෙයක් තමයි, "ජීවිතේ විවිධ සිදුවීම් ගැලපෙන හැටි හරිම පුදුමයි. සමහර සිදුවීම් බොහොම සංවේදී වගෙම ආදරණීයයි. වෙලාවකට විශ්වාස කරන්න බැරිතරම් විශ්මයජනකයි"
PS. ආයෙමත් මේ විදියටම ලංකාවෙ දරුවන් "අඳුරෙන් එළියට" එක්කගෙන එන්න සද්ගුණවත් හොරු කැලේ අපට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් දැනටමත් සිඩ්නි නුවර සංචාරයක් සූදානම් වෙමින් පවතිනවා. ඒ සඳහා සිඩ්නි නුවර ඉන්න අපේ හිතවතුන්ගේ අනුග්‍රහය අපට නොඅඩුව ලැබෙයි කියල අපි විශ්වාස වෙනවා. My Sydney friends, Stay tuned for further information. 😉

Distributed 50 Solar kits on 25/08/2023 at Jaffna School
26/08/2023

Distributed 50 Solar kits on 25/08/2023 at Jaffna School

26/08/2023
Anuradhapura District, 23 Schools, August 2023 – 49 units49 Solar kits were distributed on the 24/08/2023 to 23 schools ...
26/08/2023

Anuradhapura District, 23 Schools, August 2023 – 49 units
49 Solar kits were distributed on the 24/08/2023 to 23 schools children.
Children are studying in the following schools:
1. HADAGALA V KEBITHIGOLLEWA
2. KALU EBE V KEKIRAWA
3. KALPE RALAPANAWA V HOROWPOTHANA
4. SARANANDA V GALENBINDUNUWEWA
5. SARANANDA V GALENBINDUNUWEWA
6. WELLARAGAMA MIHINTHALE
7. WAHAGAHAPUWEWA KAHATAGASDIGILIYA
8. YAKAWEWAV KEBITHIGOLLEWA
9. KEDENEKUTUNUWEWA KAHATAGASDIGILIYA
10. KEDENEKUTUNUWEWA KAHATAGASDIGILIYA
11. MATABUWA PALUGOLLEWA GALENBINDUNUWEWA
12. SIDDARTHA V PEMADUWA
13. WERUPPANKULAMA MIHINTHALE
14. PAHALA RATHMALGAHAWEWA
15. UDDIYANKULAMA NIKAWEWA
16. VIRALMURIPPUWA
17. SUHANDAGAMA HOROWPOTHANA
18. RATHMALWETIYA V GALENBINDUNUWEWA
19. NELUMPATHGAMA THAMBUTTEGAMA
20. PALLANKULAMA
21. MEEGAHADIGILIYA
22. KATUWARAGALEWA V
23. THIBIRIWEWA V

full article on https://lankatruth.com/si/?p=150571ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමන්ත විද්‍යාරත්න ඇතුළු...
23/08/2023

full article on https://lankatruth.com/si/?p=150571

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමන්ත විද්‍යාරත්න ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරකයින් “අඳුරෙන් එලියට” නමින් ක්‍රියාත්මක කළ දුප්පත් පවුල්වලට සූර්ය විදුලි පැනල් ලබා දීමත් සමඟ බෙහෙවින් කලබලයට පත් වූ ආණ්ඩුව අඩු ආදායම්ලාභී නිවාස 25,000කට සූර්ය විදුලිය නොමිලේ ලබා දෙන බව ප්‍රචාරය කරනු ලැබීය.
ආණ්ඩුවේ දිනමිණ පුවත්පත 15 වෙනිදා තම ප්‍රධාන සිරස්තලයෙන් දක්වා තිබුණේ “අඩු ආදායම් නිවාස 25000කට සූර්ය විදුලිය නොමිලේ – අඩක් නිම කළ නිවාස 11,000 දැනටමත් තෝරාගෙන” යනුවෙනි. අඳරෙන් එලියට වැඩ සටහන යටතේ දිළිඳු පවුල් 200කට සූර්ය විදුලි කට්ටල ලබාදීම අගෝස්තු 13 වෙනි දින සිදුකර තිබිණි. ඉන් පසුව ආණ්ඩුව තමන්ගේ ප්‍රචාරය සඳහා දිනමිණ පුවත්පතේ පළකර තිබූ ප්‍රවෘතියෙන් වැදගත් කරුණු කීපයක් අනාවරණය වේ.
එයින් ප්‍රධානම වන්නේ ආණ්ඩුව කියන පරිදි සූර්ය විදුලිය ලබාදීමට සුදුසුකම් ලැබූ පිරිස් 2015 – 2019 අතර කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 15ක් ආශ්‍රිතව තේරා ගන්නා ලද බව ය. එහිදී පවුල් 11,000ක් තෝරා ගෙන ඇති අතර මේ දක්වා ඔවුන්ට සූර්ය විදුලිය ලබා දී නැත. එසේ තිබියදී පවුල් 14,000ක් තෝරා ගෙන මෙසේ සූර්ය විදුලි කට්ටල ලබා දෙන බව ප්‍රචාරය කර තිබේ.
අඳුරෙන් එලියට සූර්ය ආලෝක කට්ටල ලබාදීම පිළිබඳව සමන්ත විද්‍යාරත්න ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබිණි.
පවුල් 200 ක කුප්පි ලාම්පු ඉවතට – සූර්ය බලයෙන් පවුල් 200 කට ආලෝකය.
බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාව 214,900 කි. ඉන් පවුල් 28,899 ක් තවමත් ආලෝකය ලබා ගනු ලබන්නේ කුප්පි ලාම්පු එළියෙන් බව 2021 බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ සංඛ්‍යා දත්ත වාර්තාවෙන් පෙන්වා දෙනු ලැබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපනය හදාරන දරුවන් සිටින පවුල් 200ක් තෝරා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා කුඩා සූර්ය පැනලයක් ,බල්බයක් සහිතය උපාංග කට්ටලයක් පළමු කණ්ඩායම් සඳහා අප අගෝස්තු 13 දින රිදීමාලියද්ද නේත්‍රා පරිගණක පාසලේදී බෙදා දෙනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සුදත් අල්මේදා මහතාද ඇතුළු ශ්‍රී ලාංකීය හිතවතුන් ක්‍රියාත්මක කරන “අඳුරෙන් එළියට” වැඩසටහන මඟින් මේ සඳහා සුවිශේෂ දායකත්වය ලබාදුන් අතර , මෙහි සංවිධාන දායකත්වය නේත්‍රා පරිගණක පාසැල හා විමුක්ති සංසදය විසින් සිදු කරනු ලැබීය.

Its less than 5 days to go and we are organising the seating arrangements for the stage play for the Sunday 27/8/2023. A...
22/08/2023

Its less than 5 days to go and we are organising the seating arrangements for the stage play for the Sunday 27/8/2023. Actors are from the Sri Lankan Theatre Group - Melbourne.
The tickets are $50 per person and anyone younger than 18 gets in free. Children will be looked after in another room if needed.
There has been some generous donors who has purchased the tickets and donated back to us, as they are unable to make it for the event. We wish to give these tickets free for anyone who are unable to purchase the tickets.
All seniors/pensioners can view this stage drama free of charge.
There is a 2.30pm and a 6.30pm show. The play runs for approximately 1.5 hours.
Kindly let us know at your earliest to reserve your tickets.

I AM GRATEFUL FOR ANY PUBLICITY GIVEN TO THIS MESSAGE, PLEASE. GREETINGS FROM MACQUARIE FIELDS!Dear FriendsI pray and ho...
19/02/2023

I AM GRATEFUL FOR ANY PUBLICITY GIVEN TO THIS MESSAGE, PLEASE.
GREETINGS FROM MACQUARIE FIELDS!

Dear Friends
I pray and hope that this message finds you in Good Health!
Mr Gratien Alahakoon of Sathis Food at Adelaide is supporting Anduren Eliyata Solar Donation Program by staging ‘Sath Gunawath Horu’ at Star Theatre on 25th March to raise funds to provide with Solar Powered Lights to Advanced Level (HSC) students in Sri Lanka.
You may be aware of the power cuts experienced by HSC students in January 2023. We are trying to minimise this to best of our financial ability.
Next week, God Willing we will be clearing 72 - 50Watt Lights and 72 - 100 Watt Lighting Units.
This week we ordered 256 Lighting Units.
By end of this month , we are placing an order for further 300 units, thanks to a family in Melbourne.
From the funds raised at Adelaide, and with your donations, we hope to order further 500 units.
Our grateful thanks to Mr Kusumsiri & Yasodhara Sarathchandra for offering this Drama at cost to benefit students in Sri Lanka.
Our Account Details are:
Anduren Eliyata CBA Account No: 062 185 1073 9835 Ingleburn Branch. All Donations are issued with a Tax Deductible Receipt in Australia.
Your patronage and support for this Drama would greatly help the children of Sri Lanka.
I appeal to your generosity at this time of need, as all funds raised are going to the Project, and we are non-paid volunteers. In 2023 we complete nine years of service. You are kindly invited to visit our Website: www.andureneliyata.com.au for further details.
I Wish All A Happy Week!

Address

Myee Road
Macquarie Fields, NSW
2564

Alerts

Be the first to know and let us send you an email when Anduren Eliyata - Darkness to Light Incorporated posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Anduren Eliyata - Darkness to Light Incorporated:

Shortcuts

Share